(නිමන්ති රණසිංහ)
ප‍්‍රසව හා නාරි වෛද්‍ය මෙහොමඩ් ෂාෆි මහතාගේ සිද්ධියට අදාළව කුරුණෑගල මහේස්ත‍්‍රාත්වරයාගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් ජූලි මස 27 වැනිදා පිටු 210 කින් සමන්විත වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී නඩුවේ පාර්ශ්වකරුවකු නොවන එමෙන්ම, ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයකු නොවන කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂකවරයාගෙන් කරුණු විමසා පැලෝපීය නාල පරීක්ෂාව නොහොත් එච්.එස්.ජී (H S G) පරීක්ෂණය නවතා දැමීමට නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට එම දෙපාර්තමේන්තුව කොමිසමෙන් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එන්නේ එළියට..
කෝ ඉතින් ඔය චෝදනා කරන එකම ගැහැණු කෙනෙක්වත් පරික්ෂාවට ලක්කිරීමට පැමිණියේ නැති වග ඇත්තද. ඔය ස්ත්‍රීන් පරික්ෂා කරනකොට එම අයගේ සැමියනුත් පරික්ෂා කරන්න ඕනෙ. රජයෙන් වන්දි ලබාගන්න තමන්ට සිදුවුන දෙය ඔප්පුකරන්න සුදානම වෙන්න ඕනෙ. කෙනක් වරදක් කලානම් ඒ කෙනාට දඩුවම් දෙන්න ඕනෙ, එම කාර්ය ඉටු කරන්න සාක්ෂි නැතුව උසාවියට යන්නේ කොහොමද.
රෝහල් අධ්‍යක්ෂක දීලා තියෙන්නේ මේ සිද්ධිය ගැන රෝහලේ අභ්‍යන්තර පරීක්ෂන වාර්ථාවෙ කොටසක්. ඒක රෝහල් අධ්‍යක්ශක තනියෙන් කරපු පරීක්ශනයක් නෙමේ. දැන් එතකොට මේ පරීක්ෂන කරන්න සීඅයිඩී එකේ ඉන්නෙ දොස්තරලද? නාරි හා ප්‍රසව වෛද්‍යවරුද?
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහත්තුරු චූදිතයා වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වෙලා.
ඔයාට තේරෙන්නැද්ද එහෙම පරීක්ශනේකට ඉදිරිපත් වීම වලක්වලා අධිකරණ නියෝගය දීලා තියෙන්නෙ කියලා.
නඩුව අහපු කුරුණෑගල මහේස්ත්‍රාත්ගෙ බිරිඳත්, කුරුණෑගල රෝහලේම වෛද්‍යවරියක්ලු. හරිනම් ඒ නඩුකාරයා මේ නඩුව අහන එකෙන් ඉවත් වෙන්න ඕනෙ.. ඔතන ලබැඳියාව පිලිබඳ ප්‍රශ්ණයක් ...
රටේ පුරවසියෙක්ව අත් අඩංගුවට ගත් පසු නඩු දමන්න සාක්කි හොයන රටක් සමන්ත
දැන් එතකොට සී අයි ඩි එකෙ ඉන්නේ වී ඕ ජි ලද?