(රංජන් කස්තුරි)
මෝටර් රථ සඳහා අයකරන කාබන් බද්ද අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ.
කාබන් බද්ද අහෝසි කිරීමේ යෝජනාව ලබන බදාදා (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද මුදල් ඇමැති මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යාංශයේ අද (17) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලබාදී ඇති පොරොන්දුවක් ඉටුකිරීමක් ලෙස එම පියවර ගන්නා බවද මංගල සමරවීර මහතා කීය.
මෝටර් රථවල ඉන්ධන දහනය සැලකිල්ලට ගෙන හා අයවැය යෝජනාවකට අනුව ඉකුත් ජනවාරි මාසයේ සිට කාබන් බද්දක් හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබිණි.
කාබන් බද්ද වසර 5 ට අඩු , වසර 5 – 10 දක්වා සහ වසර 10 ට වැඩියෙන් භාවිත කළ වාහන සඳහා කාණ්ඩ තුනක් යටතේ කාබන් බද්ද පැනවිණ.
COMMENTS
එතකොට ගිය මාසේ අපි කාබන් බද්ද ගෙව්වා. එය ආපසු දෙනවද? මොකක්ද මේ අයගේ හතර බීරි වැඩ?
ගොවි මහතුනී ඔන්න කාබන් බද්ද අයින් කලාලු. වයි ෆයි ලැබුණා.. රත්තරන් චේන්, බ්‍රේස්ලට් ලැබුණා.. කට්ටිය දැන් වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ වැඩ...
ඒක නම් ලොකු දෙයක්. මිනිස්සුන්ට වදයක් වෙන්නේ නැතුව බදු සහ දඩ ගන්න ක්‍රම හදාගන්න. මොන ආණ්ඩුත් කටයුතු කරන්න ඕනෑ. මොකද අද ලෝකයේ තාක්ෂණය දියුණුයි. මෙහෙත් තාක්ෂණය ගොඩක් දුරට තියෙනවා. ඒවා පාවිච්චි කරලා මිනිස්සුන්ගේ කාලය ඉතුරු කරන්න ඕනෑ.
යකෝ මෙන්න ගුලි දෙනවා හෝ ගාලා..., ඒ කියන්නේ කාබන් බද්ද අහෝසි කරනවා කියන්නේ මේක අනවශ්‍ය දෙයක්..., එහෙම නම් අපෙන් ගත්ත කාබන් බදුමුදල් අාපහු දීපල්ලා..
ඡන්දයක්ම එන්න ඕනේ මොවුන්ට ජන දුක දැනෙන්න.
තවත් ඡන්ද ප්‍රතිඵලයක්...
අැත්තටම ලංකාවේ මිනිසුන්ව මෙහෙම බාල්දු කරන්නේ අැයි..? හිතන් ඉන්නේ ලංකාවේ මිනිසුන් ගොන්නු කියලද..? මේවා කලින් කළා නම් කොච්චර වටිනවද ...? දැන් කරන්නේ අැයි කියලා ජනතාව දන්නවා... සජිත්ගේ නිරුවත දැන් පෙනවා
ඔය සෙල්ලම් ඔක්කොම දාන්නේ ආණ්ඩුව දන්නවා ප්‍රතිඵලේ මොකක්ද කියලා. බලන්න මොවුන් විසින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සමග සෙල්ලම් කරන ආකාරය. ඡන්ද ගුණ්ඩුවලට කලින් එක එක බදු ගහනවා. නැතිනම් මිල වැඩි කරනවා. ජනාධිපතිවරණය ළඟ ළඟම ඒ වැඩිකරපු බදු අයින් කරනවා.. බඩුවල මිල පහත දානවා. මෙහෙව් ඡන්ද අල්ලස් දෙමින් මංගල සමරවීර ඔවුන්ගේ අපේක්‍ෂකයාට ජන්ද හිඟාකනවා. මෙවර දැවැන්ත වෙනසක් වෙනවා. පිටරටවලින් අසාමාන්‍ය විදිහට විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ මව් රටට එනවා ගෝඨා දිනවීමට. ඒ නිසා අර යාපනේ ගුවන්තොටුපලක් හදලා ඒ ඡන්ද ටික ගන්න දැඟලුවට සිංහල ඡන්ද බහුතරයකින් ගෝඨා දිනන බව හැමෝම දන්නවා...
මේක ඡන්දෙට අල්ලස් දීමක්... අපේක්ෂකයා දිනන්නත් කලින් කොහොමද පොරොන්දු ඉටු කරන්නේ? මේක කරලා තියෙන්නේ වත්මන් ජනාධිපතිවරයා සහ රජය යටතේ... මුදල් අමාත්‍යවරයා ප්‍රකාශය නිවැරැදි කළයුතුයි.
ඡන්ද ගුණ්ඩු... මිනිස්සු මෝඩයන් කියලද දන්නේ නැ හිතන් ඉන්නේ...
මෙවැනි දේවලුත් මැතිවරණ නීති උල්ලංඝනය කිිරීම් නොවද, ඒ දවස්වල කීව සිල් රෙදි බෙදුව කියල දැන්.....................
ඡන්ද ගුන්ඩුවක් හරි මොනවා හරි කමක් නැ මෙම බදු ඉවත් කරලා මහජනතාවට සහනයක් ලැබෙනවානම්. මෙ සහනය ලැබෙන්නෙ එජාප අයට පමනක් නොවේ. රටෙ සියලු වාහන හිමියන්ටයි කැමති කෙනෙක්ට ඡන්දය දෙන්න. විරුද්දව කොමෙන්ට් දාන්නෙ ඇයි
වාහනයක බලපත්‍රය ලබා ගැනීමට නම් දුම් සතියක ලබාගත යුතු වෙනවා. වාහනය පරික්ෂාවකට බාජනය කර කර එය ලබා ගත්තාට පසුවත් තවත් කාබන් බද්දක් ගහන එක මොනතරම් අපරාධයක්ද. වාහනවල බදු අහස ඉහලට ඉස්සුවා. සාමාන්‍ය ජනතාවට වාහනයක් ගන්න එක හීනයක් පමණක් වුනා. හයිබ්‍රිඩ් වාහන නිසා තෙල්වලට පිට රටට යන මුදල් අඩු කරගන්න පිළිවන් වෙන නිසාවත් ඒවා මිලදී ගන්න ජනතාව උනන්දු කලේ නැහැ ඒවාටත් අහස උඩට බදු ගහලා. ඒ නිසාම ජනතාව පරණ වාහනයම කෙසේ හෝ අමාරුවෙන් හදාගෙන පාවිච්චි කරනකොට ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ කාබන් බද්දකුත් ගහන්න පටන් ගත්තා. මෙහෙම හරි මේ අපරාද නතර කරන එක ජනතාවට යහපතක් වෙනවා.
ඡන්දයක් එන්නම ඕනේ මේ අයගේ ඇස් ඇරෙන්න. අනික සජිත්ගේ ජනාධිපතිවරණ පොරොන්දුවක් දැන්ම කොහොමද ඉටු කරන්නේ?
ඒ වුනාට කාබන් පෑනෙන් අත්සන් කරපු කෙනාට බිලියන ගානක දේපලකට අනුමැතිය දුන්නා.
මගේ ඡන්දෙත් සජිත්ට තමයි.
දැන් එතකොට මොටෝර් රථ වලින් පරිසරයට කාබන් මුදාහැරීම 23 පස්සේ නැති වෙනවද. ආණ්ඩුවට ආදායම් ගන්න මෙවැනි අතාර්කික බදු පනවන්නේ මොකද. දැනට බදු ගෙවපු අයට බද්ද ආපසු දෙනවද?ආණ්ඩුවට බදු ප්‍රතිපත්තියක් නැද්ද?අරය මෙයාගේ ඉල්ලීම්වලට බදු පැනවීම හෝ ඉවත් කිරීම මගින් පෙන්වන්නේ ආණ්ඩුව කිසිම සැලසුමක් නැතිව කරන්නන් වාලේ හිතෙන හිතෙන හිතෙන වෙලාවට ජනතාවගේ පොකට්ටුවට විදින බවයි.
අපි ගෙවපු 2800 ආපහු දෙනවද එහෙම උනාම ඔක්කොම දැන් ඡන්දෙ ලං වෙනකොට මේ සැරේ ලක්ෂ හතලිහක් ගත්තොත් ලොකු දෙයක් මේ ආණ්ඩුව
මේ අයම කාබන් බද්ද දාලා මොවුන්ම බද්ද අයින්කරගෙන අපෙන් බද්ද අයින්කලාට ඡන්දෙ ඉල්ලනවා.
පුලුවන්නම් ගුරුකන්දේ විහාරේ ප්‍රශ්නේ විසදන්න.
මැතිවරන කොමිසම මේක කොභොම නිර්වචනය කරයිද දන්නෙ නැහැ. මොකද මෙය එක් ජනාධිපති අපේක්ෂකයෙකුගෙ ඡන්ද පොරොන්දුවක්නෙ.
රජයේ දෛනික ආදායම බිලියන 200යි. වියදම බිලියන 400යි. බිලියන 200ක් හිඟයි, අවුරුද්දට බිලියන 73000ක් ණය වෙනවා, එත් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ සල්ලිත් අපිම තමයි ගෙවන්නේ කියලා, අරක මේක දෙන්න කියල ඉල්ලනවා, ඡන්දේ බලාගෙන දේශපාලකයන් පොරොන්දු දෙනවා, 3.50 පාන් ගන්නත් ඡන්දේ දීපු මිනිස්සු, හොයල බැලුවොත් ඒ 3.50 පාන් වලට තාම ණය ගෙවල ඉවර නැතිව ඇති, එක කාලයක එක ආණ්ඩුවක් තිබ්බ පටි තද කරගන්න කියල අවංකවම කියපු, ඒ ආණ්ඩුව මිනිස්සුන්ට රස්සා දුන්නේ නැ, පඩි වැඩි කලේ නැහැ, එත් මිනිස්සු තේරුම් ගත්තේ නැහැ ඒ අමාරු දුෂ්කර පිළිවෙල තමා රට හදන විදිහ කියල, විරුද්ධ පක්ෂේ උදවිය කිව්වා අපි ආපු ගමන් 40,000 උපාධිධාරීන්ට රස්සා දෙනවා කියල, ඒ අයට බලය ලැබුනා, ආපහු සුපුරුදු පරිදි කෙළවරක් නැති වියදම්, අර අවංකව ඇත්ත කියපු නායකයට පක්ෂේ අයත් විරුද්ධ වුනා, දැන් ඔහුටත් මිනිස්සු කියන දෙයට විරුද්ධ වෙන්න බැහැ, රටේ අවාසනාව.
සජිත් ආවම, ගෝඨා ආවම අනුර ආවම හිස්බුල්ලා ආවම රට වෙනස් වෙනවා කියල හිතාගෙන ඉන්න අහිංසක මෝඩයොත් ඉන්නවා, ඒත් ඇත්ත තමයි මිනිස්සුයි වෙනස් වෙන්න ඕන, එතකම් මේ රට හැදිල්ල බොරු, නොමේරුණු පොඩි ළමයි වගේ මනසක් තියෙන උදවිය හිතනවා ගෝඨා ආවම ඉස්කෝලේ සැර පරුෂ විනය භාර සර් වගේ රට හදාවි කියලා, එත් ඒ උදවියට මතක නැහැ ඒ සර් ට අපි කොයි තරම් වෛර කලාද කියලා. කරුණාකරලා මේ පාරවත් තියෙන ඇබිති මොලේ පාවිච්චි කරන්න.
දැන් එතකොට කාබන් බද්ද ගැහැව්වේ අපිද ?
ඔය කවුරු ආවත් අපි වැඩ කරලා හම්බ කලොත් බඩ කට පිරේවි. කවුරුවත් අපිට නිකම් මුදල් දෙන්නේ නැහැ ජීවත් වෙන්න. අපි ගෙවන බදු තමයි ඔය සහනාධාර කියා කියා බෙදන්නේ
ඡන්ද කාලෙට වාහන වලින් පිටවෙන් දුම මිනිස් සිරුරට අහිත කර නැහැ . එකී කාබන් බද්ද අයින කලේ . මේවා චන්ද ගුණ්ඩු කියල හිතන්න එපා හරිද .
හුරෙ.... සජිත්ට ජය වේවා
සජිත්ට ජය වේවා....!!!
පොරොන්දු දේශපාලකයින්ට තිත තියන්න ඕන කාලය ඇවිත්. මේ රටේ මිනිස්සු ගොන්නු කියලද මහජන නියෝගිතයෝ හිතන්නේ.
පරණ වාහන වලට කාබන් බද්ද හෝ වෙනත් බදු අවශ්‍ය නැහැ. දුම් පරීක්ෂණයෙන් හොයලා බලා වාහනය නිවැරදි තත්වයට ගෙනාවම ඒ ඇති. කාබන් බද්ද කියන්නේ මෝඩ තීරණයක්. මෝඩයෝ රටක පාලනයට පත්උනාම මේ වගේ මෝඩ දේවල් කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ තීරණ වෙනුවෙන් තප්පුලනවා මේ තීරණය කාබන් බද්ද වෙනුවෙන් කතා පවත්තපු උගත් අයට දැන් මොනවද කියන්න තියෙන්නේ
සනත් වීරකෝන් හරිම සන්තෝසයි. මේ අය දැන් කරන්නෙත් ඔය වගේ මෝඩ මිනිස්සුන්ට කැරට් අල බෙදන එක තමයි...!!! උඹලා වගේ මෝඩයින් නිසා තමයි අපිට දැන් කෙලවෙලා තියෙන්නෙත්...!!!
ලංකාවේ නීති හදන්නේ ගොන් රැලක්... මේ ගොන්නු අලුත් වාහනයටත් කාබන් බද්ද ගහනවා. ඇමරිකාවේ නම් අවුරුදු 10ට වැඩි වාහන පමණයි දුම් පරීක්ෂණයට බඳුන් කරන්නේ... ලංකාවේ අලුත් වාහනයක් මාස 12 ට පසු දුම්පරීක්ෂා සහතිකයක් ගන්න ඕනෑ. ඊටත් වැඩියෙන් කාබන් බද්දකුත් ගැහැව්වා. දුම් පරීක්ෂණයට කොකා පෙන්නා දුම් දමදමා යන පැරණි වාහන ඕනි තරම් තිබෙනවා. අල්ලන්නේ නැහැ. විශේෂයෙන්ම බස් රථ... පොලීසියේ හා දේශපාලකයින්ගේ දුම් දමන බස් ඕනෑතරම් පාරේ යනවා. නීතිය ඔවුන්ට අන්ධයි.
මෙවැනි ගොන් බදු පැනවූ දේශපාලන පක්ෂයකට නැවත ඡන්දය දෙන්න එපා.