IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එස්.බී ගේ ආරක්ෂකයන් කළ වෙඩිතැබීමකින් දෙදෙනෙක් රෝහලේ

(තරිඳු ජයවර්ධන,ජයන්ත සමරකෝන්,බිගුන් මේනක ගමගේ, නිමල කොඩිතුවක්කු සහ  රංජිත් රාජපක්ෂ)

හිටපු අමාත්‍ය ඒස්.බී දිසානායක මහතාගේ ආරක්ෂකයන් කළ ‌වෙඩි තැබීමකින් තුවාල ලැබූ ‌දෙදෙනෙකු අද (06) කරවනැල්ල රෝහලට ඇතුළත් කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

වෙඩි තැබීමකින් ගිනිගත්හේන, පොල්පිටිය ප‍්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම වෙඩි තැබීම අද රාත්‍රී 8.30 ට පමණ සිදුවී ඇති බවත් තුවාල ලැබූවන් කරවනැල්ල හා කිතුල්ගල තැලිගම යන රෝහල්වලට  ඇතුළත් කර ඇති බවත් ගුණසේකර මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි. දිසානායක මහතා අද රාත්‍රීයේ දේශපාලන රැස්වීමකට සහභාගී වීම සඳහා  ගමන් කරමින් සිටියදී මෙම  අවහිර කිරීම සිදුව ඇති බවත් එහිදී ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පසු  මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත්  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවැසීය.

ගැටුමට මැදිවූ මෙම පිරිස විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වී පැමිණෙමින් සිටියදී මෙම ගැටුම සිදුව ඇති බවත් වාර්තා වේ.

වෙඩි තැබීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි. දිසානායක මහතා රැගත් රථ පෙළ එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කරවනැල්ල මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දිනුක චන්ද්‍රසේන මහතා පැවසුවේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් රෝගියෙකු එම රෝහලට ඇතුලත් කළ බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත්ය.

ඔහුගේ කකුලේ වලලුකර ප‍්‍රදේශයට වෙඩි තැබීමෙන් තුවාල සිදු වී ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ඩී.ජී එස් කරුණාදාස මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (30)

එස්.බී ගේ ආරක්ෂකයන් කළ වෙඩිතැබීමකින් දෙදෙනෙක් රෝහලේ

Harsha Wednesday, 06 November 2019 05:08 PM

ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු වාචාල දේශපාලුව පාර්ලිමේන්තුවට අරගෙන ඇමැති කමකුත් දීලා මෛත්‍රීපාල ජනපති නොකියා කිව්වෙ මොකක්ද. ජනතාව ඡන්දෙ දුන්නත් නැතත් මට ඕන අය මම පාර්ලිමේන්තුවට ගන්නවා කියන එක නෙ.

:       0       319

සඳුන් Wednesday, 06 November 2019 06:40 PM

ඝෝඨාභය මහතා වටා කැරකැවෙන මෙවන් අඳුරු චරිතවල අනාගතය ගැන එතුමාගේ මුවින්ම ප්‍රකාශයක් කරනවා නම් හොඳයි.

:       2       257

sirimal Wednesday, 06 November 2019 07:02 PM

මෙවැනි සිදුවීමකින් අනතුරුව එම ස්ථානයෙන් පිටත්ව යාම වරදක් නොවේද ?

:       0       58

Kumar Wednesday, 06 November 2019 07:52 PM

දැන් මන්ත්‍රීලටත් ආරක්ෂක නිලධාරීන් ඉන්නවද. අපේ කොන්ග්‍රස් සබිකයා තමාගේ කාර්යාලයේ සිට කෝපි බොන්න තනිවම ඇවිදගෙන යනවා කිහිප වරක්ම දැකලා තිබෙනවා. ඒ අතින් බලන කොට ලංකාවේ ඉන්නේ නිවට දේශපාලුවෝ නේද? සිටිය උපජනධිපති සෙනෙට් සබිකයා කාලේ සැතපුම් 200ක් පමණ දුරින් පිහිටි තමාගේ නිවසට ගමන්කළේ දුම්රියෙන්. වෙඩි තැබූ නිලධාරියා අත් අඩංගුවට ගන්නේ නැද්ද. රාජකාරිය කරන අවස්ථාවක වෙඩි තැබූ අය අත් අඩංගුවට ගත්ත නේද.?

:       0       74

විකුම් රංගන Wednesday, 06 November 2019 09:55 PM

ෂුවර් එකටම පාරේ වාහනය අයින් කරගෙන (කාණුවට බැස) ඉඩ දෙන්න නැතිව ඇති? දැම්මම පරණ සෙල්ලම් පටන් අරගෙන වගෙයි.

:       2       223

mahinda Wednesday, 06 November 2019 11:11 PM

මොහුට ආරක්ෂාව දෙන්න මොහු කවුද ?

:       0       136

කළු බණ්ඩා Thursday, 07 November 2019 12:15 AM

මෙම මන්ත්‍රීගේ පක්ෂයට විපක්ෂ නායක බලතල පමණක් ඇතිව තිබියදී මගුල් ගෙදරක ගිය අයටත් මෙහෙම කරනවානම් ජනාධිපති බලතලත් ලැබුනොත් කෙහොම හිටීද?

:       2       249

ලුම්බිණි Thursday, 07 November 2019 12:45 AM

හිටපු ඇමතිලට මොකද තවමත් ආරක්ෂාව දෙන්නේ? මොන රටකවත් නැති දේවල් තමයි අපේ රටේ තියෙන්නේ.

:       0       172

ගල්කටස් Thursday, 07 November 2019 01:04 AM

වාහාම අත්අඩංගුවට අරගත යුතුයි එස්.බී, රාජිත මෙන්ම තවත් කිහිපදෙනෙක් ලාංකීය දේශපාලනයට අනවශ්‍යයි.

:       1       45

චමින්දThursday, 07 November 2019 10:42 AM

මේක මහ පුදුම නීතියක්නේ. මගුල් ගෙදර ගිය අයගේ වාහනය හප්පාගෙන ගියේ එස්.බී. අත්අඩංගුවට ගන්න කියන්නේ රාජිත.

:       1       155

Missaka Thursday, 07 November 2019 01:37 AM

ඇයි මේ ආරක්ෂකයන්ට අහසට වෙඩි තියල ගැටුම් පාලනය කරන්ට බැරි!. අනික ලංකාවේ ඉන්න මැති/ඇමති ආරක්ෂකයින්ට ආයුධ ලබා නොදිය යුතුයි.

:       0       128

rana Thursday, 07 November 2019 02:17 AM

එදත් ඔහොමයි, අදත් ඔහොමයි, දිනුවොත් කොහොම තියේද ?

:       131       279

Gamarala Thursday, 07 November 2019 02:24 AM

ඒ අයට ඕන මොහොකට හරි අපිව පටලව ගන්නයි. අපි මේ ටික දිනට ප්‍රවේසම් විය යුතුයි.

:       195       36

mohan Thursday, 07 November 2019 02:39 AM

ඔන්න ඡන්ද ප්‍රතිපල. දිනන්න පෙර ඔහොමනම්?

:       27       208

ජනක Thursday, 07 November 2019 02:44 AM

ධාමරිකයෝ නායකයො වූවාම වෙන දේ පේනවානේ.

:       44       98

lalithm Thursday, 07 November 2019 02:48 AM

දැන්මම මෙහෙමද? තාම මැතිවරණය ඉවර වුනෙත් නැහැ.

:       36       238

Thiw Thursday, 07 November 2019 02:53 AM

වෙඩි වැදිලා නෙවෙයි. වෙඩි සද්දෙට බයවෙලා ඉස්පිරිතාලෙට ගෙනත් තියෙන්නේ.

:       287       135

KumarThursday, 07 November 2019 04:29 PM

ඔය කතාව ඇත්ත වෙන්න ඇති. රෝහලට ගෙනියන්න ඇත්තෙ වෙඩි ශබ්දයට කන්අඩි පැලිලා ලේ ගලනකොට වෙන්න ඇති.

:       0       0

upul Thursday, 07 November 2019 02:57 AM

වැඩ පටන් අරන් වගේ ආපහු. රට වැටිච්ච තැනක්. 2015 දී පැරදුන අය මළමිනී උඩින් බලේ ගන්න දගලනවා.

:       20       512

nimal Thursday, 07 November 2019 02:59 AM

සමෘද්ධි කොමසාරිස් වේලාසනින්ම රට පැනලා.

:       21       44

Hemantha Thursday, 07 November 2019 03:11 AM

එන්න කලින් මෙහෙමනම් ආවොත් කොහොමද ?

:       24       217

Kumara Thursday, 07 November 2019 03:16 AM

කමෙන්ට් නැත්තේ ඇයි? කට්ටිය දැන්ම බයවෙලා වගේ.

:       2       185

SuranimalaThursday, 07 November 2019 06:07 AM

ඇත්ත තමයි... අනික බලය ලැබෙන්න ඉස්සෙල්ල මෙහෙම වෙඩි තියා ගන්නවා නම්... ආණ්ඩු කරන්න ගත්තොත් කොහොම හිටීද? මේ අයට ඡන්දෙ නම් දීලා... දැන් තියෙන නිදහස නම් නැති කරගන්න එපා....

:       0       370

sachith Thursday, 07 November 2019 03:33 AM

කොයි එක්කෙනා ජනාධිපති උනත් මෙයාලා ඒ ආණ්ඩුවේ ඇමතිලා. ඇමතිලා වෙලා කරන්නේ මේවා. මෙහෙම අය‍ගෙන් වෙඩි කකා ඒ අයටම ඡන්දේ දෙන්න ලංකාවේ මිනිස්සු සාමන්‍ය මිනිස්සු වෙන්න බෑ.

:       0       18

රොශාන් Thursday, 07 November 2019 03:58 AM

එස් බී ටයි කට්ටියටයි මහ බැංකුවෙන් කඩපු සල්ලි ටිකක් වත් හම්බ උනාද දන්නෙ නෑ.

:       12       50

sharm warn Thursday, 07 November 2019 04:33 AM

ඔය කීවට තමන් ම වෙඩි තියා ගත්තද දන්නේ නැහැ නේ.

:       364       1

Rasika Pradeep Thursday, 07 November 2019 04:37 AM

මේ දේශපාලන අනාථයෙක් විතරයි. ඒ හින්ද එච්චර කලබල වෙන්න ඕනේ නැහැ. මේක පිටිපස්සේ තියෙන කතාව ඉක්මනටම එලියට එයි. අනික ලබන ඡන්දෙදි මිනිස්සු එස්.බී ව ගෙදර යවනවා.

:       28       113

SAMPATH Thursday, 07 November 2019 04:56 AM

යහපාලන රජයෙන් වෙඩි තියලා අහිංසක මිනිස්සුන්ට.... පොලිසිය අයිති රජයට.....

:       140       0

Chana Thursday, 07 November 2019 11:28 AM

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ මූලස්ථාන පරිශ්‍රයේ සිදුවු වෙඩි තැබීමෙන් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ තිදෙනාගෙන් එක් අයෙකු මියගොස් තිබේ. අර්ජුණ රණතුංග මන්ත්‍රීවරයා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මූලස්ථාන පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී..

:       60       0

KumarMonday, 11 November 2019 04:04 PM

වීඩියෝ එක දකින්න නැතිව ඇති නේද? එසේත් නැතිනම් ඒක පෙන්වෙනකොට ඇස් වහගෙන ඉන්න ඇති. සමහර අය ඔහොම තමා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 881 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 169 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1049 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1089 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1381 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1230 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site