( තිළිණි ද සිල්වා )
ඇමෙරිකා එක්සත් ජනපදය එරට වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී වඩාත් සැළකිලිමත් වන්නැයි දැනුම් දෙමින් සංචාරක උපදේශනයක් නිකුත් කර ඇත.
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පෙරේදා සිට (22) ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති මෙම සංචාරක උපදේශනයේ සදහන් කර ඇත්තේ වර්තමානයේ ලංකාවේ මතුව ඇති තත්ත්වය පිළිබඳව තමන් දැඩි අවධානයෙන් පසුවන බවයි.
ශ්‍රී ලංකාවේ සංචාර කරන්නේ නම්, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල නොරැදෙන ලෙසද ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට පුරවැසියන්ට දැනුම් දී තිබේ.
එමෙන්ම, ශ්‍රී ලංකා බලධාරින් හා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ලබාදෙන උපදෙස් නිසි අයුරින් පිළිපදිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නැයි සියලු ඇමෙරිකානුවන්ට උපදෙස් ලබාදෙන බව අදාළ සංචාරක උපදේශනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd