(විනීතා එම් ගමගේ)
ආසියාතික රටවල සංචාරකයන් මෙරටට පැමිණීමෙන් පසු වීසා ලබා ගැනීමේ පහසුකම් සලසාදීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇතැයි ක්‍රිස්තියානි කටයුතු වනජීවී හා සංචාරක කර්මාන්ත පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.
වීසා ලබා ගැනීමේ පහසුකම පළමුව තායිලන්ත වැසියන්ට ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ස්වභාවය අනුව අනෙකුත් ආසියාතික රටවල් පිළිබඳව ද සලකා බලා කටයුතු කරන බවත් අමරතුංග මහතා කීවේය.
ආසියානු රටවල සංචාරකයන් ගෙන්වා ගැනීමේ අරමුණින් මේ යෝජනාව ගෙන ආ බව කී අමාත්‍යවරයා සංචාරකයන් ගුවන් තොටුපලේ රස්තියාදු වීම අවම කිරීමත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් වැඩිකිරීමත් මෙහිදී සිදුවන බව ද කියා සිටියේය.
තමන් මෑත දිනක දී තායිලන්තයේ සංචාරය කළ බව කී අමාත්‍යවරයා තායිලන්තයට බුදු දහම ගෙන ගියේ ශ්‍රී ලංකාවෙන් වුවත් එහි වැසියන් ශ්‍රී ලංකාව ඇති ස්ථානයවත් දන්නේ නැතැයි ද පැවැසීය.
තායිලන්ත වැසියන්ගෙන් 90%ක් බෞද්ධයන් වන නිසා ඔවුන්ව ඉතා පහසුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ගෙන්වා ගත හැකි නමුත් අදාළ අංශ මේ පිළිබඳව උනන්දු වී නැතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ රාමඩා හෝටලයේ අද (14) පැවති ශ්‍රී ලංකා හෝටල් සංගමය හා ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමේ සංගමය විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
හොඳ වැඩක්, නමුත් ඉන්දියාව, පකිස්ථානය වගේ රටවල් වලට දෙන්න එපා.
එනකොට චපාතිත් අරගෙන එන්න දෙනවද?
තායිලන්ත වැසියන් ශ්‍රී ලංකාව ඇති ස්ථානයවත් දන්නේ නැතැයි ඇමතිතුමා පවසා ඇත. මේ ඇමතිතුමා කතා කරන්නේ තායිලන්තය ගැනද, නැත්නම් වෙන රටක් ගැනද? අප දන්නා පරිදි සියම් රටේ (තායිලන්තයේ) ජනයාට ශ්‍රී ලංකාව ගැන ඉතා හොඳ අවබෝධයක් හා ගෞරවයක් තිබේ. හේතුව ඔවුන්ට බුදුදහම ලැබුනේ ලංකාවෙන් බැවිනි.
ආසියාතික රටවල සංචාරකයන් මෙරටට පැමිණීමෙන් පසු වීසා ලබා ගැනීමේ පහසුකම් සලසාදීම පිළිබඳව රජයේ අවධානය එතුමාගේ අවධානය මිට පෙරත් යොමුවී තිබිණි. මෙරටට පැමිණීමෙන් පසු වීසා ලබා දීම සහ ලංකාවට පැමිණීමට පෙර විසා ලබාදීම සංචාරකයාට තරමක් පහසුවන්නට පුළුවන. එසේ උවහොත් විසා නැතිව ලංකාවට පැමිණෙන සෑම ආසියාතික රටවල සංචාරකයකුට විසා නිකුත්කිරීමට සිදුවනු ඇත. එයට හේතුව සංචාරකයා දැනටමත් මුදල් වියදම් කර ගුවන් ටිකට් ලබා ගෙන ලංකාවට පැමිණ ඇති නිසා ඔවුනට විසා දීමට සිදුවේ. ආසියාතික රටවල සංචාරකයන් මෙරටට පැමිණීමට පෙර විසා ලබාදීම කලයුතුමය . ආවිට ඔවුන් පිළිබද සොයා බැලීමක් කිරීමට හැකියාව ඇත. ඒ අනුව විසා දෙනවද නැද්ද යන්න තීරණය කල හැක. තායිලන්ත වැසියන්ගෙන් 90%ක් බෞද්ධයන් වන නිසා ඔවුන්ව ඉතා පහසුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ගෙන්වා ගත හැකි නමුත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා මාෆියා කණ්ඩායම් සහ වෙනත් මිනීමරුවන් ද මේඅතර සිටිනබව ඇමතිවරුන්ට දවනු කැමත්හෙමි .
අපිටත් ඔය රටවල් වලට, මේ විදිහටම යන්න ඉල්ලීමක් කරන්න. ලංකාවේ පාස්පෝර්ට් එක ලෝකේ දැනට තියෙන අඩුම සැලකිලි ලබන පාස්පෝර්ට් එකක් බවට පත් වෙලයි තියෙන්නේ.
එතකොට යුරෝපෙන් එන සංචාරකයන් එපාද? ආසියාව විතරද ඕන.