(බිඟුන් මේනක ගමගේ)
2019 අයවැය තීරණයක් අනුව රජයේ සේවකයන් හට ලබා දෙන බව කී රුපියල් දෙදහස් පන්සීයක අන්තර් දීමනා මුදල ශ්‍රී ලංකා ගමනාගමන සේවකයන්ට ලබාදීමට මෙතෙක් කටයුතු කර නැතැයි ද ඒ සම්බන්ධයෙන් රජය පියවරක් නොගන්නේ නම් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන්නේ යැයි ද කියමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ප්‍රවාහන ඇමැති අර්ජුන රණතුංග ඇමැතිවරයාට ලිපියක් යොමු කර ඇත.
මෙම වසරේ ජුලි මාසයේ සිට ගෙවීමට තීරණය කෙරුණු අදාළ අන්තර් දීමනා මුදල අනෙකුත් රජයේ සේවකයන්ට ලබාදෙන බවට චක්‍රලේඛයක් පවා නිකුත් කර ඇතැයි ද දැනටමත් එය දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ සේවකයන්ගේ වැටුපට එකතු කර ඇති බවට අනාවරණය වී ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ.
පැවති සෑම ආණ්ඩුවක් ම අසීරුතාවයට පත්වූ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංගම සේවකයින් ඔවුන්ගේ උපරිම කැපකිරීම් කළත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නොගෙන කිසිදු අයිතියක් ලබාගැනීමට ශ්‍රී ලංගම සේවකයින්හට හැකිවී නැතැයි ද එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා පවසයි.
අදාළ අන්තර් දීමනා මුදල ශ්‍රී ලංගම සේවකයින්හට ලබා නොදීමට සැළසුම් නිර්මාණය කරන බව 2019.06.17 වන දින කළමනාකාර සේවා දෙපාර්තමේතුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට යොමුකරන ලද ලිපියක් මගින් හෙළි වී ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ.
එනිසා මෙම තත්ත්වය ගැන සොයා බලා සාධාරණය ඉටු කරන්නැයි ප්‍රවාහන ඇමැතිවරයාට ඉල්ලා සිටින්නේ යැයි ද එසේ නොවුණහොත් ශ්‍රී ලංගම සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ වී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අනිවාර්යයෙන්ම ගන්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අන්තර් දීමනා මුදල ලබා නොදුන්නොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට
ajith Thursday, 18 July 2019 12:14 PM
ඔය ගන්න දැඩි ක්‍රියා මාර්ග දැන්ම ගන්න.