(මුදිතා දයානන්ද)
දෙමළ බෙදුම්වාදීන් යුද සමයේ ආයෝජනය කළ ව්‍යාපාරවලින් තවමත් ලාභ ලැබෙනවා. ඒවා යොදවා ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ දේශපාලඥයින් මිලදී ගන්නවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් ඇතැම් රටවල් හැසිරෙන්නේ ඒ බලපෑම් අනුව යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (25) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහිදී ඔහු මෙසේද පැවසීය.
‘‘අපි බෝලය දැම්මා පහර දෙන ආකාරය ඔවුන් තීරණය කරන්න ඕන. මේ කතා දෙමළ බෙදුම්වාදීන් ප්‍රචාරය කළ දේවල්. විදේශීය සඟරාව සඳහන් වෙනවා දෙමළ බෙදුම්වාදීන් ආයෝජනය කළ විවිධ ව්‍යාපාරවලින් ඔවුන්ට මුදල් ලැබෙන ආකාරය. යුද්ධය නැවතුනත් මේ ආදායම් මාර්ග නැවතිලා නැහැ. ඒවා යොදවා ඔවුන් දේශපාලනඥයින් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මිලදී ගන්නවා. එහෙම තමයි මේවා කරන්නේ. දැන් මේ රටවල් හැසිරෙන ප්‍රතිචාර දක්වන ආකාරය අනුව බලන්න පුලුවන් දෙමළ බෙදුම්වාදීන්ගෙන් ඔවුන්ට ඇතිව තිබෙන බලපෑම කෙබඳුද කියලා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට 2015 දී ඉදිරිපත් කළ යුද සමයේදී ලංකාවේ මානව හිමිකම් කඩ කර ඇති බවට වන චෝදනා ඇතුළත් යෝජනාවලියට ලංකාව සම අනුග්‍රහකත්වය දැක්වූවා. එයින් අපට ඉදිරිපත් කළ චෝදනා සියල්ල පිළිගත්තා හා සමාන වෙනවා.
එහි සඳහන් කරුණු ඉටුකරන ලෙස හා එම ක්‍රියාවලියේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් කොමිසමේ 46 වන සැසියට ඉදිරිපත් කරන ලෙස වන යෝජනාවටද ලංකාව සම අනුග්‍රාහකත්වය දක්වා තිබෙනවා. අපි දැන් ඉවත්වන්න යෝජනා කර තිබෙන්නේ එම දෙවන යෝජනාවෙනුයි. එයට තාක්ෂණික ගැටලු සේම හරයාත්මක සාධකද ඉදිරිපත් කරන්න අපිට පුලුවන්.
අපේ හමුදා යුද අපරාධ නොකළ බවට යුද සමයේ සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ නිත්‍ය නියෝජිත හා එක්සත් රාජධානියේ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක නිලධාරී සැකසු වාර්තාවලින් පැහැදිලි වෙනවා.
හතලිස් දහසක් මැරුණ බව කියනවා. නමුත් නාම ලේඛනයක් නැහැ. එක්කෝ ඒ අයගේ මිනි හමුවෙන්න ඕන. නැත්නම් වළදාපු තැනක් තියෙන්න ඕන. ඒ කිසිම සාක්ෂියත් නැහැ. ඒ නිසා මේක හිතලුවක් පමණයි. අතරුදන් බව කියන ඇතැමුන් සරණාගතයින් ලෙස විදේශ රටවලට ගිහින් තිබෙනවා.
ජීනිවා යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් මේ රටේ ජාතික සමගිය බිඳ වැටුණා. සංහිඳියාව නැතිව ගියා. ඒ බව පසුගිය ජනාධිපතිවරණයෙනුත් පෙන්නුම් කෙරෙනවා. සිංහල ජනතාවගෙන් සියයට හැත්තෑවක් අපේ අපේක්ෂකයා තෝරා ගන්නා විට දෙමළ ජනතාවගෙන් සියයට අසූපහක් ප්‍රතිවාදි අපේක්ෂකයා තෝරාගෙන.
මේ විනාශකාරි වැඩපිළිවෙල දිගට ගෙනියන්න ඉඩ දෙන්න බැහැ. ඒ නිසයි මේ යෝජනාවෙන් ඉවත් වෙන්න තීරණය කළේ.යැයි ඒ මහතා පැවසීය.
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්
අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ
යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘‘බෙදුම්වාදීන් මුදල් යොදවා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් - දේශපාලඥයින් මිලදී ගන්නවා‘‘