IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘ඇල්පිටිය ඡන්දෙන් සමස්ත ජනමතය පිළිඹිබු වෙන්නේ නෑ‘‘

(රංජන් කස්තුරි)

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දයෙන් සමස්ත ශ්‍රී ලංකාවේම ජනමතය කිසිසේත් පිළිඹිබු නොවන අතර එය ඉතා සුළු ප්‍රදේශයක ජනතාවගේ මතයක් පමණකැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂය ඉතා ඉහළ ජයග්‍රහණයක් ලැබූ මැතිවරණවලදී පවා බෙන්තර ඇල්පිටිය ආසන්නයෙන් එජාපයට හිමිවුයේ අඩු ඡන්ද ප්‍රතිශතයකැයිද ඇමැතිවරයා කීය.

එක්සත් ජාතික පක්ෂයට මැද කොළඹ,උතුරු කොළඹ සේම පොහොට්ටුවට බෙන්තර ඇල්පිටිය වැනි ආසන වල වැඩි බරක් තිබෙන බවද එය එම පක්ෂයේ විශේෂ ජයග්‍රහණයක් නොවන බවද ඔහු පැවසීය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන් ලංකාදිපයට කළ විමසුමකට පිළිතුරු දෙමින් මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද කීය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂය ලොකු බරක් වෙහෙසක් දැම්මේ නෑඅපට වැදගත් ජනාධිපතිවරණය ගාලුමුවදොර ඇතුළු කොළඹින් භායක්ම සෙනග පුරවලා අපි අපේ මංගල ජන රැලිය පැවැත්වුවා.

පොහොට්ටුවේ මංගල ජනරැලියට එතරම් සෙනගක් හිටියේ නැහැ.



අදහස් (70)

‘‘ඇල්පිටිය ඡන්දෙන් සමස්ත ජනමතය පිළිඹිබු වෙන්නේ නෑ‘‘

amith Friday, 11 October 2019 05:53 PM

එහනම් අපි 2018 සමස්ත ඡන්ද ප්‍රතිපලේ බොරුකියලා හිතා ගන්නද? UPFA , SLPP ,SLFP එකතුව 52% කියල ඔබ තුමා පිළිගන්නේ නැද්ද?

:       0       38

ධම්ම Friday, 11 October 2019 05:55 PM

පරාජය නිහතමානීව පිළිගන්න බැරි මිනිස්සු.

:       0       49

sapna Friday, 11 October 2019 05:56 PM

මැතිවරණ ඉතිහාසයේ ඇල්පිටියෙන් යුඑන්පි ය ලබාගත් අඩුම ඡන්ද ප්‍රතිශතය නේද මේ 24%. කොහොම බැලුවද රටේ ප්‍රතිඵලය සිතා ගත හැක.

:       0       32

Namal Friday, 11 October 2019 05:57 PM

පැරදුනාම වෙන මොනවා කියන්නද?

:       0       36

shiranlk Friday, 11 October 2019 06:03 PM

සිත නිවන කතා.

:       0       47

Thilina Friday, 11 October 2019 06:03 PM

ලැජ්ජයි මහත්තයෝ . මුළු ආණ්ඩුවේ යාන්ත්‍රණය වැඩ කලේ මේ ජන්දය ජය ගන්න. පැරදුණානම් කොන්ද ඇතුව ඒක පිළිගන්න. ආණ්ඩු කරලත් ප්‍රාදේශීය සභාවක් දිනාගන්න බැරුව තව පම්පෝරි ගහනවා

:       0       34

Chandi Friday, 11 October 2019 06:07 PM

16 වෙනිදාට අපි බලමු මේ අය මොනවද කියන්නේ කියලා...?

:       647       1543

ජහපාල Saturday, 12 October 2019 01:46 AM

සජිත් දිනන්නේ කොහොමද ? තම පක්ෂේ නායකයා නියෝජ්‍ය නායකයා ලේකම් කතානායක පවා එළියෙන් පෙන්නුවට ඇතුලෙන් සජිත්ට කපලා පරාද කරලා සදහටම දේශපාලනයෙන් ඉවත් කරන්න සැලසුම් කරද්දී. දැන් කරන්නේ 'කපන්න බැරි අත සිබිම" කරන්නේ ලෝකයට පෙනෙන්න විතරයි. ජනාධිපතිවරණය පැරදුනාට පසු සියලු දෙනා සජිත්ට එරෙහිව එනවා. මේක තමයි දේශපාලනය.

:       6       282

සමන් - ඕමානයSaturday, 12 October 2019 04:57 AM

අපි නම් දන්නවා මොනවද වෙන්නේ කියලා. රටේ තත්වය පෙන්නන්න ඇල්පිටිය හොඳ නියැදියක්. ජනාධිපතිවරණයේදී එන ප්‍රතිඵල මෙන්න: ගෝඨාභය 65% යි (ජයවේවා!), සජිත් 30% (අනේ පව්. ඊළඟ පාර එන්න හිතාගෙන ගෙදරට වෙලා හිටියා නම් හොඳයි) අනුර කුමාර 4% (කයිය තිබුණාට හොම්බෙන් යනවා. ඇපේත් කැන්සල්), අනිකුත් රොඩු බොඩු ඔක්කොටම 1% යි (රොත්ත බුරුත්ත පිටින්ම හැඳි ගැවිලා යනවා).

:       160       764

ගල්කටස් Friday, 11 October 2019 06:08 PM

හා ඔයත් හිත හදාගන්න සජිත් දිනුම් කියලා. එ් වුණාට ඔයාලා හිත යටින් සතුටු වෙනවානේ සජිත් පරදිනවා දැකලා. හිත රවටාගන්න එපා මහත්මයා... අපි බලමු ජනාධිපතිවරණය දාට ඔයාලා කම්මුතුයි මහත්මයා...

:       231       1005

Rasika Saturday, 12 October 2019 10:52 AM

ඇත්තෙන්ම නියම ජන මතය පෙන්නේ නැහැ . ජනාධිපතිවරණයෙන් සජිත්ට ලැබෙන්නේ මීටත් වඩා පරාජයක්.

:       0       130

sirimal Friday, 11 October 2019 06:09 PM

කිතුල් ගහට නැග්ග මිනිහගේ කතාව වගේ තමා ඒකත්. ජනාධිපතිවරණයේදී වෙන කොහේ නැතත් දකුණු පළාතේ සියලුම තැන්වලින් ලැබෙන ප්‍රතිඵලය නම් ඕකම තමයි මහත්තයෝ. ඔහෙලගේ අපේක්ෂකතුමා හම්බන්තොටටයි, තිස්සමහාරාමයටයි වෙලා ගෙවල් හද හදා හිටියා මිස වෙනත් පළාත්වල පක්ෂයේ කිසිම ප්‍රවර්ධන කටයුත්තකට සහභාගී වුනේ නැහැ නේද? දැන් ඉතින් ඒවගේ ප්‍රතිඵල වලට මුහුණ දෙන්න සුදානම් වෙන්න. පක්ෂයේ නායකයෝ එතුමා දැම්මේ පරද්දවන්න හිතාගෙනමද කියලත් සැකයක් ඇතිවෙනවා මේ වෙන වැඩ දිහා බලනකොට...

:       315       1534

Don S Friday, 11 October 2019 06:29 PM

සජිත් ප්‍රේමදාස මහතා මෙරට මීළඟ ජනාධිපතිවරයා විට බස්නාහිර දිශාවෙන්හිරු පායන්නා සේ විශ්වාස බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. පියාණන්ගේ බලයෙන් වියරු වැටී කළ කී දේ පිළිබඳව නුදුටු අයගේ පහන් සංවේගය උදෙසා නැවත උපුටා දක්වන්නට විය. ක්‍රිස්තියානි අපි ගෝඨාව ජනතා ඡන්දයෙන් ජනාධිපති කරමු... දෙවිපිහිටයි !

:       831       1550

Wasantha Friday, 11 October 2019 06:32 PM

මෙයාලා කියන දේවල් අහන්න පිළිගන්න මිනිස්සුත් ලංකාවේ ඉන්නවා කියලා දකිද්දීත් ලංකාව ගැන කලකිරෙනවා. අපේ අවාසනාවට මේ වගේ අය පාලනයට ඇවිත් තියෙන්නේ...

:       91       881

උපුල Friday, 11 October 2019 06:33 PM

ඔයා පව් පව් පව්...!!!

:       171       506

chinthaka Friday, 11 October 2019 06:48 PM

දුක්වෙන්න එපා, ඔබතුමාලා මිනිස්සුන්ට සලකපු විදියට මිනිස්සුත් සලකලා තියනවා. ඔබතුමාලගේ වන්දිභට්ටයන් ඔබතුමන්ලාගේ හැම වරදක්ම වහගෙන රට සුඛිත මුදිත වෙලා කියලා හුරේ දැම්මට ඇත්තටම රට පත්වෙලා තිබුණු තැන දන්නේ අපි වගේ පොළවේ පයගහලා ඉන්න මිනිස්සු. ඒ වගේම ඔබතුමන්ලා "සාෆි" "බදුර්දීන්" වගේ අන්තවාදින්ව වේදිකාවලට නග්ගද්දී අත්පුඩි ගැහැව්ව ඔබතුමන්ලාගේ හෙන්චයියෝ ඔබතුමන්ලාට සැබෑ ජනතා හද ගැස්ම ඇහෙන්න දුන්නේ නැහැ. මේ ප්‍රතිඵලයේ ඉතුරු ටික අපි 16 වෙනිදාට පෙන්නනම්... ඔබතුමන්ලාට දැන්වත් තියෙන්නේ අපේ හද ගැස්මට සංවේදී වෙලා ඉදිරි මැතිවරණයකටවත් ප්‍රතිසංවිධානය වෙන එක විතරයි.

:       0       109

Sribiris Friday, 11 October 2019 06:48 PM

අනේ ඔව්. වෙන මොනවා කියන්නද?

:       0       74

Ariyathilaka Friday, 11 October 2019 06:48 PM

යම් රෝගියකුගෙන් ලේ පරීක්ෂාව සඳහා රුධිර සාම්පලයක් ගෙන පරීක්ෂාවට ලක් කළ රසායනාගාර පරීක්ෂණ වාර්තාව.., වෛද්‍යවරයෙක් විසින් බලා "මේ වාර්තාවෙන් සමස්ථ ශරීරයේ රුධිරය පිළිබිඹු වන්නේ නැහැ" යනුවෙන් කරන ප්‍රකාශය පිළිගත හැකිද?

:       54       135

Sujeewa Silva Friday, 11 October 2019 07:02 PM

මහත්තයෝ, සල්ලි, මත්පැන්රැ, බත් පැකට් දීලා, රැස්වීම්ස් වලට සෙනග නෙවි ඕනා කරන්නේ. මතිවරනයදී චන්දයී ඕනා කොරන්නේ. ඔච්චර ලොකු පක්ෂයක මහා ලේකම් කියන කතාද මේ.

:       0       2

Kasthuri Friday, 11 October 2019 07:04 PM

නරිය කිව්වලු මිදිත් තිත්තයි කියල කඩා ගන්න බැරි උනාම

:       0       1

Rasika Friday, 11 October 2019 07:28 PM

අන්තවාදීන් එක්ක එකතුවීමේ ප්‍රතිඵලය තමා මේ. හාමුදුරුවරු හිරේ දැම්මා.රණවිරුවෝ හිරේ දැම්මා.මුලතිව් පන්සලකට යන්න බැහැ බෞද්ධයෙකුට.නැගෙනහිර පන්සල් විනාශ කළා. කැලේ කැපුවා.මහබැංකුව කැඩුවා.ඔන්න ප්‍රතිඵල ලැබෙනවා.

:       1       5

sujeewa Friday, 11 October 2019 07:33 PM

නායකතුමා වටේ ඉන්න සමහරු නිසා තමා අපි පරදින්නේ. හැම දිස්ත්‍රික්කෙටම ඒ වගේ කෙනෙක් ඉන්නවා. ඒ ගොල්ල බලන් ඉන්නේ මහින්ද 90% ක් ඇල්පිටියෙන් ගන්නකන්. එතකොට අපේ පක්ෂය සුලු ජාතික පක්ෂයක්ද?

:       0       0

ROHAN DAYADARA PARIS Friday, 11 October 2019 07:47 PM

දුප්පතාගේ හිතවතා සජිත් ප්‍රේමදාස මැතිතුමා දිනවමු.සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, පූජක, නළු, මාධ්‍ය, නීති, සිසු, මේ දස මහ බලවේගය අපේ මව්බිම පැරකුම් යුගයක් නැවතත් අරඹව් ජය භූමිකරේ ලංකා ...!!!

:       102       0

KAMAL Friday, 11 October 2019 07:50 PM

එක්සත් ජාතික පක්ෂය ඉතා ඉහළ ජයග්‍රහණයක්. 1977 මැතිවරණවලදී පවා බෙන්තර ඇල්පිටිය ආසන්නයෙන් එජාපයට හිමිවුයේ අඩු ඡන්ද ප්‍රතිශතයක් වේ.

:       71       0

මෝ Friday, 11 October 2019 07:51 PM

මෙයා කියන කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ.ඇල්පිටියෙ ප්‍රතිඵලවලින් උතුරු නැගෙනහිර ඡන්ද කොට්ටාස වල ප්‍රතිඵල නං පිලිඹිබු වෙන්නෙ නෑ.

:       0       0

Ruhunu Friday, 11 October 2019 08:22 PM

ඔහොම කිව්වට පපුව ඩිග් ඩ්ග් ගානවා ඇති නේද?

:       0       0

perera Friday, 11 October 2019 08:28 PM

මෙයාලා දිනුවානම් බලන්න තිබුන කියන කතා.මේ ඔක්කොම එකයි. කවුරු ඡන්දෙන් දින්නත් හැමදාම ජනතාවයි පරාද. ඉදිරියටත් එහෙමයි.

:       0       0

Chandi Friday, 11 October 2019 09:37 PM

මුන් හිතාගෙන ඉන්නේ අපි බූරුවෝ කියල වෙන්න ඇති.

:       0       167

Mahee Friday, 11 October 2019 09:44 PM

"ඇල්පිටිය කියන්නේ ඉතා සුළු ප්‍රදේශයක්". අම්මප මෙහෙමත් සොයා ගැනීමක්. අපට තේරෙනවා ඔහේගේ දුක. හොටුත් පෙරෙනවා. මට දුක රටට හරි හමන් විකල්ප පක්ෂයක් නැති එක ගැනයි. ලී කුවාන් යු, මහතීර් මොහමඩ් වගේ නායකයෙක් නැති එක ගැනයි. ඒ හින්ද මිනිස්සුන්ට සිද්ද වෙලා තියෙනවා එක එක රැවටිලිකාරයින් පස්සේ යන්න.

:       0       120

hetaderana Friday, 11 October 2019 11:00 PM

හරි මල්ලි ඔයා හරිමය් කියල හිතාගෙන ඉන්න

:       1       70

Nandalal DE SILVA - France Friday, 11 October 2019 11:29 PM

මහින්ද, ගෝඨා සහෝදර සංස්ථාවට පොඩ්ඩක් වැරදිලා වගෙයි ! මේ යුගල හිතුවලු මේ චුටි චන්දෙන් පොහොට්ටුවේ මලයා ශ්‍රී ලංකාවේ ජනාධිපති හැටියට තේරී පත් උනා කියලා. හීනෙන්ද දන්නෙත් නැහැ. වතුර ටිකක් බීල ආයෙත් පොඩ්ඩක් නිදාගන්න යන්නකෝ..... පව් අනේ.

:       1433       2

Sarath R Friday, 11 October 2019 11:50 PM

සජිත් කොහොමද රනිල්ට වඩා විෂ්මකර්මයෙක් වන්නේ. මිනිස්සු දන්නවා සජිත් තවම නොමෙරූ, බොළඳ බබෙක් කියල. ආණ්ඩුවෙන් දීපු මුදල් වලින් පෙට්ටි ගෙවල් හදාදීල හිතනවානම් රට අල්ලන්න ඒවා බොරු. අඩුමගානේ ඔහුට ජ්‍යාතන්තර මට්ටමේ පිළිගැනීමක් රනිල්ට මෙන් තිබේද? ලංකාවේ ජනයා දැන් මෝඩ නැත. ඔවුන් බලන්නේ එන පුද්ගලයාගේ දේශීය හා විදේශීය මුහුකුරා ගිය දැනුමත්, පිලිගැනීමත් , උගත් බවත්ය. ඒ අතින් රනිල් සජිත්ට වඩා පියවර ගණනාවකින් ඉදිරියේ සිටී.

:       89       119

Raveendra Saturday, 12 October 2019 12:18 AM

නොදකින් උගත් බුද්ධිමත් තවත් එක් මෝඩයකුගේ කතාව. මේ අපේ රටේ මහජන නියෝජිතයන් වැඩ්පුර කාලය ගත කරන්නේ රටට සේවයක් කිරීමට නොවේ තමන්ගේ පක්ෂේ බලය තබා ගැනීමට නිකන් ද මිනිසුන් මේ 225 ක් වූ හැතිකරයට හැලිවදුරන් කියන්නේ.

:       2       126

Raveendra Saturday, 12 October 2019 12:24 AM

පැරදීම දිනුම වැදගත් කමක් මිනිසුන්ට නැත..// පැරදීම නිවටයන්ට නම් බොක්කට වැදී ඇත..// ආවේ මහජන සේවයට බව තොට අමතකද ..// බලාපිය හරක්මදුවක් ලෙස තිබු ඒ පාසැල දෙසට..///

:       7       94

saliya Saturday, 12 October 2019 12:45 AM

සජිත් පිටු පස ඉන්න පතාක යෝධයෝ .. ගයන්ත, සුජීව, අජිත් පී , මද්දුම බණ්ඩාර, හර්ෂ, චන්ද්‍රානි ..., ඔක්කොම කරන්නේ බොරුව...,කට විතරයි.. තමන් ගේ ආසන වල සීයට විසි පහක් වත් චන්ද ගන්න බැරි උන්... ගොඩ ඉඳන් නැව් පෙරලන උන්.. මුන් ට කියන්න පොළොවේ පය ගහලා මිනිස්සු ලඟට යන්න.., වැඩ කරන්න කියලා . ඔයාටත් කියන්න තියෙන්නේ එච්චරයි.

:       0       195

mp Saturday, 12 October 2019 12:51 AM

බැරි වුනහම මිදි තිත්තයි මහත්තයෝ

:       0       104

මුණසිංහ Saturday, 12 October 2019 01:11 AM

ඊළගට කියයි ජනාධිපතිවරණ ප්‍රතිඵලෙන් මහ මැතිවරණ ප්‍රතිඵල මනින්න බැහැ කියලා. මෙයාලා කියන බණ අහන්න යූඇන්පී කාරයොවත් නෑකියල තමයි අපිට නම් කියන්න තියෙන්නෙ.

:       0       114

nimal Saturday, 12 October 2019 01:38 AM

ඇත්තටම මේක හොඳ උදාහරණයක් පොහොට්ටුවේ මේ අවස්තාවේ තිබෙන ඡන්ද බලය මනින්න.. ඔවුන් පසුගිය පළාත් පාලන මැතිවරනේය්දී ලැබූ ජනප්‍රියතාවය එසේම තිබෙනවා හෝ වැඩිවෙලා කියන ප්‍රවනතාවයයි මේ සාම්පලයක් මගින් පෙන්වන්නේ. අකිලට අධ්‍යාපන ඇමති හැටියට සංඛ්‍යා දත්ත පිලිබඳ දැනුමක් ඇත්තටම තිබෙනවානම් එය තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනා. ඒ මිසක් බෙන්තර ඇල්පිටියේ හිටපු රූපා කරුණාතිලක මහතාට අපහාස වෙන විදිහට ඇල්පිටියේ පරණ චන්දත් අඩු බව පෙන්නලා කතාව මග හැරීම ලොකු දෙයක් නෙවෙයි.

:       0       334

nimal Saturday, 12 October 2019 01:43 AM

අකිල ලොකු දෙයක් පෙන්නලා තිබෙනවා යුඑන්පී එකට උතුරු කොළඹ සහ මැද කොළඹ වගේය පොහොට්ටුවට ඇල්පිටිය කියලා. උතුරු කොළඹ සහ මැද කොලඹ සුළු ජාතික චන්ද වැඩියි නේද. ඒ කියන්නේ යුඑන්පී එක දිනන්නේ සුළු ජාතික චන්ද වැඩි දිහාවලින් කියන එකයි. ඒක නිසාද බෙන්තර ඇල්පිටිය වගේ දිහාවලට වැඩි බරක් නොදමන්නේ. ඒ පැතිවල ඉන්න චන්දදායකයන්ට වැඩි සැලකිල්ලක් දෙන්න ඕන නැහැ කියන එකද මේ කියන්නේ.

:       0       57

මුණසිංහ Saturday, 12 October 2019 01:44 AM

2015 දී රනිල් ගේ මෙහෙයවීමෙන් ඇල්පිටිය 41%ක් ඡන්ද යූඇන්පීයට ලැබුනා. සජිත් නාමයෝජනා දුන් ගමන් රවුමක්ම ඇවිදගෙන ගියා..රනිල් ආවෙම නැහැ. සජිත්ට ලැබිලා තියන්නේ 24%ක් විතරයි. ඇයි ඒ?...... පැහැදිලියි... සජිත්ට පක්ෂයේ අයම උදවු කරන්නේ නැහැ..........කකුලෙන් අදිනවා.

:       0       37

AmilaSaturday, 12 October 2019 04:45 AM

ගිය අවුරුද්දේ තිබුණු ප්‍රාදේශීය සභා ඡන්දවලත්, යූඑන්පී එකට ගාලු දිස්ත්‍රික්කයේ බොහෝමයක් ග්‍රාමීය ආසනවල 25% 26% වගේ තමයි ලැබිලා තියෙන්නේ. මහඡන්දේ යූඑන්පී එක 40% වගේ ගත්තේ ජනාධිපතිවරණය පවත්වා මාස කීපයකින් පැවැත්වූ නිසයි. මේක පැහැදිලිව රනිල්ගේ අන්ත පරාජයක්... ඔහුයි පක්ෂ නායක සහ රටේ අගැමති...

:       0       20

Amila Saturday, 12 October 2019 02:21 AM

රනිල්ට අත්වූ තවත් අන්තපරාජයක් ! 40% වගේ චන්ද පදනමක් එක්ක 1994 ගත්තු පක්ශය 25% විතර ලස්සනට බැස්සුවා. තව 10ක් ඔහොමම අල්ලන්න හිටියන් අර ශ්‍රිලනිපයට වුන දේම කරන්න පුලුවන් වෙනවා..

:       0       27

Pradeep Kumara Saturday, 12 October 2019 02:43 AM

පලවෙනියෝ අන්තිමයෝ වනු එත ශුද්ද වූ බයිබලය

:       0       8

badra Saturday, 12 October 2019 02:45 AM

මේ විදියට සිංහල මිනිස්සුන්ට අපිව පෙන්නන්න බැරි වුනේ අපේම වැරදිවලින්... බදුර්දීන්ගේ ඡන්ද 35000 ගන්න ගිහින් අපිට නැතිවුනේ ලක්ෂ 30ක ඡන්ද... අපේ නායකයන් වෙනස් වෙන්නේ නැත්නම් අපිට ගෙදරින් එළියට එන්න බැරිවෙයි. ගමේ මිනිස්සුන්ට මුහුණ දෙන්නේ කොහොමද?

:       0       59

නදුන් Saturday, 12 October 2019 02:49 AM

එතකොට ඔබගෙ පක්ශය ජයගත්තා නම්...ඔබගේ මුකයෙන් එලියට එන්නේ ඔය වචනමද?

:       0       12

suddaSaturday, 12 October 2019 04:39 AM

නිකම් මුඛය කියන්න එපා...

:       0       19

Bandula. Saturday, 12 October 2019 03:11 AM

හිතේ දුකට එතකොට කවි කියවෙනවා... ඔහොම යමු පොක්ස්වගන් හදපුවගේ ඒවත් ඔහොම තමා.

:       0       31

suranga Saturday, 12 October 2019 03:16 AM

මෙයා සිංහල චන්ද අමතක කරපු නිසා අද වෙනකොට පෙරමුණේ තීන්දු ගන්නේ එජාපය නොවෙයි අනිත් පක්ෂ. අද සජිත් මහත්තයට අපේක්ෂක කම දුන්නේ පසුපෙලේ බලයට නොවෙයි, හකීම්ගේ බලයට. පෙරමුණේ සුළු පක්ෂ මධ්‍යස්තව ඉන්න වෙලාවේ හකීම් තමයි සජිත් ඕන කියල අරගල කලේ . අන්තිමට ඔහු ජයගත්තා

:       0       22

nimal Saturday, 12 October 2019 03:21 AM

අනේ අකිල මහත්තය කණගාටු ඇති නේද . නිකන් කයවරු කියවන්නේ නැතුව ඉන්ඩ. බලන් ඉන්ඩ නියමෙට හෙදෙන්නේ ජනාධිපති වරනේදී . එතකොටත් ඔහේ ලජ්ජාවට බක බක ගීතය කියයි . අපට සතුටේ බැරුව යයි. ඔහෙලා වේදිකාවල මොරදෙන්නේ දැන් ලංකාව සුරපුරක් කරනවා කියල . එතකොට මෙච්චර කල් පොල් ගෑවද. ජනාධිපති වරනේ දාට ගල් අරක්කු බාගයක් ගහල නිදාගන්ඩ

:       0       24

Rohana Saturday, 12 October 2019 03:24 AM

කවුරු මොනවා කිව්වත් පොහොට්ටුව ජනපතිවරණය ජය ගන්නවා. දෙපක්ෂයේ ප්‍රචාරක වැඩ සටහන් අනුව ලබා ගන්න ප්‍රතිශතය දැනට තිබෙන මට්ටමට වඩා අඩු වැඩි විය හැකිය.

:       0       64

saman Saturday, 12 October 2019 03:31 AM

පොහොට්ටුවට චන්දෙ දුන්න අයට ස්තුති කරන්න ඕන ඔවුන් මෙහෙම චන්ද දුන්නේ නිකන් බෙදුව බඩු පොඩි අරගෙන නිසයි . කොටින්ම ඇල්පිටියේ අයට ගාල්ල කිට්ටුව ඉඩම් පවා දුන්න

:       1       25

samSaturday, 12 October 2019 05:50 AM

ඇයි ඉතින් ඡන්ද දූෂණ කියලා පැමිණිලි කරේ නැත්තේ? අර අනුරාධපුර වන්දනාවේ ගෙනිච්ච කේස් එක පැමිණිලි කරා වගේ. දැන් පැරදුණාට පස්සේ මෙතන කෑගහලා වැඩක් නැහැනේ අවශ්‍ය වෙලාවේ වැඩේ කරන්නේ නැතිව ඉඳලා...

:       23       38

seela Saturday, 12 October 2019 03:52 AM

මොවුන් ජීවත් වන්නේ මෝඩයාගේ පාරාදීසයක වගේ

:       5       23

Sana Saturday, 12 October 2019 04:01 AM

කවරේ වෙනස් කලාට ඇතුලේ එකමයි කියලා මිනිස්සු දන්නවා.

:       0       0

Sunil Saturday, 12 October 2019 04:10 AM

ඇත්ත තමයි. සමස්ත ජනමතය ඔයාටත් වඩා බොහොම නරකයි එජාපයට... දැන් මොනවා කරන්නද? බැංකු කොල්ල කාලා යටිමඩි ගහලා එනවා ඡන්දෙ ඉල්ලන්න.

:       0       11

mangala Saturday, 12 October 2019 04:13 AM

බම්බුව තමයි. ඔයාලා හැමෝම කරන්නේ ජනප්‍රිය දේශපාලනය. රැලි වල ඔළුගෙඩි වලින් ඡන්දේ දිනන්න බැහැ. එහෙම නම් මහින්ද තාම ජනාධිපති. මතකයිනේ කාදිනල්තුමා කිව්ව බොරුවට යටිගිරියෙන් රැස්වීම්වල කතාකරලා වැඩක් නැහැ. මිනිස්සු දැනටමත් තීරණය කරලා ඉවරයි කාටද ඡන්දේ දෙන්න ඕනෑ කියලා...

:       0       5

sarath Saturday, 12 October 2019 04:26 AM

ප්‍රධාන පක්ෂ දෙකම උෟරු තණකොළ වවනවා... 16 වැනිදට ඡන්දෙ දාන්න යන බයියන්ට මලවලා දෙන්න.

:       8       0

Adam Saturday, 12 October 2019 05:12 AM

මෙයා ඉන්න ගෙවල් දොරවල් පවා රනිල් අරන් දීපුවා... පක්ෂයේ සල්ලිවලින්.... රනිල්ගෙන් තොර ජීවිතයක් මෙයාට නැහැ.

:       0       60

ranjith Saturday, 12 October 2019 05:29 AM

නොවැම්බර් 17, ඔහොම්ම කියමු. අනේ රට කාපු බබාලා..

:       0       57

සේනක Saturday, 12 October 2019 05:49 AM

දැන් ඉතින් එහෙමවත් හිතලා හිත සතුටු කරගනිල්ලා.

:       0       48

Prabha Saturday, 12 October 2019 09:20 AM

කෝ මේ චතුර

:       0       21

සේන Saturday, 12 October 2019 10:07 AM

අඟල්වලින් අඩිය මනින්න බෑ කීවම අසන්නා දැනගත යුතුයි.

:       0       29

jayanath Saturday, 12 October 2019 12:11 PM

සහතික ඇත්ත අකිල. රට පුරාම ඔබලා වගේ හරක් ඉන්නවා. ඇල්පිටිය වාගේ නෙවෙයි!

:       0       57

vipula Saturday, 12 October 2019 02:52 PM

එකනේ කියන්නේ ඔයාල ඉන්නේ ජනතාව එක්ක නෙමෙයි කියල. මේ පාර දෙමල හා මුස්ලිම් අයගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ගොටභයට ජන්දේ දෙනවා . එදාට කියන්න සමස්ත මැතිවරණ ප්‍රතිපලය මත ජනතාවගේ කැමැත්ත තීරණය කරන්න බැහැ කියල

:       0       1

Sumith Saturday, 12 October 2019 03:27 PM

නොවැම්බර් 16 ඔය වගේ ප්‍රතිඵලයක් වත් අනික් පක්ෂ ඒද කියන එක සැකයි

:       0       0

banda Saturday, 12 October 2019 03:52 PM

මහත්තයෝ , රනිල් අගමැති කරන්න කවුද හංසයාට ඡන්දෙ දෙන්නේ . ලංකාවේ බත් කන හරක් තමා රනිල් අගමැති කරන්න හදන්නේ . පව් සජිත් .

:       0       1

Deepal Nirosh Saturday, 12 October 2019 04:00 PM

ඔව්, මේ ප්‍ර‍තිඵලය ඇල්පිටියට විතරයී,බය වෙන්න දෙයක් නැහැ. උතුරු නැගෙනහිරින් එන්නෙ මීට වඩා තනිකර වෙනස් ප්‍ර‍තිඵලයක්,

:       0       0

Soma dubayi Saturday, 12 October 2019 05:58 PM

රටම සජිත් සමඟයි.

:       14       0

Bandara Sunday, 13 October 2019 01:55 AM

රට කන එජාපය ගෙදර යන එක නියතයි.

:       0       4

ruwan Wednesday, 16 October 2019 09:49 AM

කිතුල් ගහට නැග්ග මිනිහටත් තිබ්බනේ මොනවා හරි කියන්න. මොවුන් නායකයෝද? හිතෙන්නේ නැද්ද ඉරිසියාව වපුරන නිවට මිනිස්සු ඉන්නේ කොතැනද කියලා... හරියට බැලුවොත් පේන්න, ඇහෙන්න තියෙනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 47 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 18 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 434 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 430 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 261 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 476 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1552 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site