IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘පක්ෂ නායකත්වය ඉල්ලීම් කළොත් යළි ඇමැති ධූර බාරගන්නවා’

(නිමල කොඩිතුවක්කු)

 

අමාත්‍යධුර වලින් ඉල්ලා අස්වූ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මුස්ලිම් මන්ත‍්‍රීවරුන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් යළි අමාත්‍යධූර බාර ගන්නා බව තැපැල් සේවා  මුස්ලිම් ආගමික කටයුතු හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් යළි අමාත්‍යධුර බාර ගැනීම සම්බන්ධයෙන් වෙනත් පක්ෂ නියෝජනය කරන මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගේ  එකඟතාවය හිමි වී ඇති  බවත් ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව නියෝජනය කරන සියලූම මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවද හලීම් මහතා පැවැසීය.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රිෂාද් බදියුදීන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවද ඔහු සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් දැනට කෙරෙන පරීක්ෂණ සඳහා සහාය පළකරන බව පවසමින් ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් නව දෙනෙකු  පසුගිය තුන්වනදා  සිය ධුර වලින් ඉල්ලා අස්වනු ලැබීය.



අදහස් (6)

‘පක්ෂ නායකත්වය ඉල්ලීම් කළොත් යළි ඇමැති ධූර බාරගන්නවා’

jayath Wednesday, 19 June 2019 02:35 AM

හි !හි ! අන්තිමටම ඔහොම තමයි " බදුර්දීන් නාටකය "අවසාන වෙන්නේ ශේක්ෂ්පියර් එහෙම හිටියනම් මේකේ අවසානය කොහොම වර්ග කරාවිද මන්ද අපට නම් හිතෙන්නේ මෙහෙමයි " නටපු ඩාන්ස් එකකුත් නැත ඩ්‍රම් එකේ සයිඩ් එකකුත් නැත " කියලයි !

:       0       10

shan Wednesday, 19 June 2019 04:30 AM

නෑ දැන් මෙයාල ඇමතිවරු නොවුනා කියලා රටට අයහපතක් වෙලා නැහැනේ ආයේ කොහොමත් එන්න ඕනේ නැහැ රනිල් දුන්නොත් මේ රනිල්ගේ හා යු එන් පී එකේ අවසාන ආණ්ඩුව යලි ජී වී පී එකේ ආණ්ඩුවක් රටේ පිහිටුවත් යු එන් පී රටේ බලයට එන්න ඉඩ තියන් නැහැ.

:       0       4

saman Wednesday, 19 June 2019 05:36 AM

එන්න ඕන නෑ ඔහොමම ගෙදර යන්න ලෑස්ති වෙන්න

:       0       1

Mahee Wednesday, 19 June 2019 06:00 AM

අපි අස්වෙන්න කිව්වේ ඔතන ඉන්න එක් කෙනෙකුට පමණයි. නවදෙනෙකුට නෙමෙයි, හැබැයි නමයම ගියා. අපි ආපහු ආවට කමක් නෑ කිව්වේ අට දෙනෙකුට පමණයි, නව දෙනෙකුට නෙමෙයි. අපි කිව්ව දේ තේරෙන්න නැතුව ඇති නේද?

:       0       0

de silva Wednesday, 19 June 2019 06:51 AM

පක්ෂ නායකත්වය දැන් රටේ ඡන්ද දායකයාට නයාට අඳුකොළ මෙනි. ඔබතුමාලත් දැන් එම තත්වයටම වැටි ඇත

:       0       0

de silva Wednesday, 19 June 2019 08:26 AM

අන්තවාදීන්ට අනුග්‍රහය දැක්වුවා කියලා චෝදනා එල්ල වුනේ එක මුස්ලිම් ඇමතිවරයෙකුට සහ ආණ්ඩුකාරවරු 2දෙනෙකුට පමණි. නමුත් ඉතුරු ඇමතිවරු 8දෙනාම චෝදනාවට ලක්වුණා. ඇමතිවරයාට සහයෝගය දක්වන්න ඉදිරිපත් වෙන ගමන් කිව්ව මුස්ලිම් ජනතාව අනාරක්ෂිත නිසා ඉල්ලා අස්වෙනවා කියලා.. එ්කෙන් වුනේ මුස්ලිම් සහ ලංකාවේ අනෙකුත් ජනකොටස් සමග බෙදීම තවදුරටත් වැඩිවීම පමණි. දැන් කියනවා අපි අපහු එන්නම්ලු නායකයා කියනවා නම්, ඕන නාඩගමක් නටාගන්න නමුත් ලබන පාර එජාපෙන් ඡන්දෙ ඉල්ලුවොත් ඔබලාට සහ එජාප නායකයාට එජාපෙට ඡන්දේ දෙන බෞද්ධ සහ ක්‍රිස්තියානි මිනිස්සු මනාපේ නොගහන බව කරුණාවෙන් සලකන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 274 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 223 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 175 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 475 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 965 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 149 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1555 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site