IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


පොලිස්පති - හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහි නඩුව කල්යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  )
 
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් එම ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා අහිමිවූ පියෙකු ගොනු කළ පෙත්සම සහ සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයකු විසින් ගොනු කළ පෙත්සම සලකා බැලීම ලබන 31 වැනිදා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 21) තීන්දු කළේය.

ප්‍රහාරයෙන් දරු දෙදෙනා අහිමි වු පියෙකු ගොනු කළ පෙත්සම අද දින මෙම පෙත්සම කැඳවු අවස්ථාවේදී  අදාළව  වගඋත්තරකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පති වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න සහ ජනාධිපති නීතීඥ කිෂ්මාල් වර්ණසූරිය යන මහත්වරුන් පෞද්ගලිකව පෙනී සිටියේය.

මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවිණි.

පෙත්සම කැදවූ අවස්ථාවේදී වගඋත්තරකාර හිටපු ආරක්ෂක ලේකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා කියා සිටියේ තමන්ට නොතීසි නොලැබුණු බවත් පුවත්පත් හී පළවූ ප්‍රවෘත්තිය දැක තම සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටි බවයි.

එම කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකරුවන්ට නොතීසි දන්වා යළි බාර දෙන ලෙසට පෙත්සම්කරුගේ නීතීඥවරයාට දැනුම් දුන්නේය.

ඒ අනුව ලබන 31 වනදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීන්දු කළේය.
 
 



අදහස් (3)

පොලිස්පති - හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහි නඩුව කල්යයි

Raveendra Tuesday, 21 May 2019 09:59 AM

" සදා " "කල් " යන හුටපටයක් වගේ

:       0       0

KAMAL Tuesday, 21 May 2019 05:16 PM

මේ වැඩේ කාගේ හරි කොන්ත්‍රාත්තුවක් වගෙයි

:       0       0

tharindi Tuesday, 21 May 2019 06:09 PM

නොදැන කරන වැරදි මේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලයිට් බිල අඩු කරන යෝජනා අනිද්දට කලින් දෙන්න
2024 මැයි මස 08 161 0

විදුලි බිල අඩු කිරීමේ යෝජනා අනිද්දාට (10)පෙර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා ඇත.


පරිසරය-දේශගුණික විපර්යාසවලට පොදු නීතියක්
2024 මැයි මස 08 92 0

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජ‌බෙටත් වැඩ වරදීද?
2024 මැයි මස 08 3018 6

පුරවැසි භාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා


’’කබ්රාල්ට ස්ථීරවම රට යන්න දෙන්න බෑ’’
2024 මැයි මස 08 1227 2

අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන නිසියාකරව සිදු කරන්නේ නම් කවර මොහොතක හෝ අජිත් නිවාඩ් කබ්රාල් සැකකරුවෙකු විය හැකි බැවින් ඔහුට පනවා තිබෙන විදේශ



පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 35 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2022 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site