IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තිස්සමහාරාමේදී මියගිය දරුවාගේ මරණයට හේතුව රාජිත කියයි

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
 
තිස්සමහාරාම මැදිගම්විල ප්‍රදේශයේදී මියගිය දරුවාගේ මරණයට හේතුව මන්ද පෝෂණ තත්ත්වයට එහාගිය සමාජ හා ආර්ථික ගැටළු රාශියක් යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය.
 
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.



අදහස් (18)

තිස්සමහාරාමේදී මියගිය දරුවාගේ මරණයට හේතුව රාජිත කියයි

chandima Friday, 21 June 2019 02:22 PM

රටේ ජනතාව හාමතින් මියයද්දී අරලියගහ මන්දිරයේ බාල්නටා මගුල් කෑ ඇමතියෙක් මෙසේ කියයි.

:       2204       4090

MaheeSaturday, 22 June 2019 08:43 AM

ඒක නම් ඇත්ත චන්දිම. වාහන 18ක් පව්විච්චි කරමින් සකල හැත්ත බුරුත්තටම ප්‍රවාහන පහසුකම් සපයනකොටයි, පින් සභාපතිකම සමරන්න රජයේ සංස්ථාවලින් දේපල කෝටිගණන් ගසාකනකොට ඔය මන්ද පෝෂනේ ගැන මේ හාදයට මතක් වෙන්න නැතුව ඇති.

:       121       325

Rasika Friday, 21 June 2019 03:37 PM

ඉතින් ඔය ගැටළු විසදන්න තමයි මිනිස්සු ඔබතුමාලාව පත් කළේ... නැතුව වාහන 3 ලැබෙන අමාත්‍යතුමා වාහන 18 ක් භාවිතා කරමින් මොනවද කලේ..? තවත් බැරිබව කියන්න දෙයක් නැහැ. ඔබතුමා ඇතුළු මුළු ආණ්ඩුවම බැරිබව පෙන්නුවා..

:       9       940

සිරිමල්Saturday, 22 June 2019 01:07 AM

ඇමතිට මන්ත්‍රීට ගෙයක් ගානේ ළදරුවෙක් ගානේ සොයන්න වෙලාවක් නැහැ. ඒවාට තමා ගම් මට්ටමෙන් ග්‍රාම නිළධාරි, සමෘද්ධි නිළධාරි, සංවර්ධන නිළධාරි, ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරි, පූර්ව ළමාවිය සංවර්ධන නිළධාරි, සමාජසේවා නිළධාරි, ආපදා කළමණාකරන නිළධාරි, බොද්ධ කටයුතු නිළධාරි, ග්‍රාමසංවර්ධණ නිළධාරි, පවුල් සෞඛ්‍ය සේවා නිළධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, ප්‍රජා සෞඛ්‍ය නිළධාරි, කෘෂිකර්ම සංවර්ධන නිළධාරි ආදී 10 දෙනෙකුට වැඩි ක්ෂේත්‍ර නිළධාරීන් පත්කර සිටින්නේ. ඒවාට අමතරව දේශපාලකයින්ගෙන් හා නිළධාරි කමිටු තියෙන්නේ. වාහන තිබුනා කියල නිළධාරීන් ඔහුන්ගේ වගකීම් හරියාකාරව ඉටු කරන්නෙ නැත්නම් තමයි මේවා සිදුවන්නේ. අනෙක තමයි තමුන්වැනි හරි වැරැද්ද නොබලා දේශපාලුවන්ට කඩේ යන්නන් සිටීම

:       1       0

sirimalWednesday, 26 June 2019 08:50 AM

කඩේ යන්නේ ඔබද, මමද? ඔයාගේ වැඩක් බලාගන්න. අහුවෙන්න එපා..

:       0       1

sisira Friday, 21 June 2019 10:57 PM

එතකොට අර කුරුණෑගල අපේ සිංහල ස්ත්‍රීන් වන්ද්‍යකරණයට ලක්වීම ගැන හේතු කියන්නේ නැද්ද?

:       0       0

gamage Friday, 21 June 2019 11:37 PM

රාජිත ඉදිරිපත් කරපු වාර්තාව ඇත්තක් නම් මේ ළමයාගේ දෙමව්පියන් විශේෂයෙන්ම පියා නුගත්, සමාජ දැනුමක් නැති ඒකාධිපති ස්වරුපයෙන් කටයතු කරන අයෙකු බව පෙනේ. මෙවන් චරිත අප සමාජය තුල දැකගත හැක. එම නිසා මෙහි යථාර්තය, සහ සත්‍ය සොයා ඉන් පසුව විවේචනය කිරීම සුසුදු වන බවයි මාගේ පුද්ගලික හැගීම

:       0       1

රවින් Saturday, 22 June 2019 12:12 AM

පිළිගන්න, පිළිගන්න. කියන ඔක්කොම පිළිගන්න. අර කිතුල් ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුනලු නේද? මහජනයා තීරණය කරලා ඉවරයි 225 ගැන ඊළඟට ගතයුතු පියවර. වකවානුව තමා පොඩි ප්‍රශ්නේකට තියෙන්නේ .

:       0       0

mano Salvathura Saturday, 22 June 2019 02:23 AM

අපරාදේ. කලින් දැනගත්තා නම් සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ගිහින් වෛද්‍ය වරුන් සමග සාකච්ඡා කර කළයුත්ත දැනගෙන එන්න තිබුනා. දැන් ඉතින් මොනවා කරන්නද. මේ පවුලට ටැබ්ලට් පරිගණකයක් සහ ෆ්‍රී වයිෆයි ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එතකොට ගූගල් මගින් පෝෂ්‍යදායි ආහාර සොයා බලා පවුලේ අනිත් දරුවන්ට ලබා දියහැකියි.

:       0       1

දිලමු Saturday, 22 June 2019 02:57 AM

අරලියගහ මන්දිරයේ ජනතා සල්ලිවලින් බාල් නැටූ, තමන්ගේ හා තම සෑම අයගේම අවශ්‍යතා වෙනුවෙන් මහජන මුදලින් තෙල් ගසමින් නඩත්තු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන භාවිතා කරමින් පුංචි ලෙඩේටත් සිංගප්පුරුවේ මවුන් එලිසබෙත් රෝහලට දුවන කෙනෙක්... අපේ අහිංසක දරුවනුත් අද විඳවනවා. ඒ මදිවට තව කටමැද දොඩවනවා..

:       0       1

gamage Saturday, 22 June 2019 03:11 AM

ලංකාවෙ ඉන්න ටොම් පච කෙලින අංක එක...

:       0       1

janahitha 1 Saturday, 22 June 2019 03:24 AM

රටේ ජනතාව හාමතින්... හේතුව අසීමාන්තික බැංකු හොරකම දෙවරක් සිදු කිරීම, හමුදාව බුද්ධි අංශ අකර්මන්‍ය කර රට අනාරක්ෂිත වීම තුළින් රටේ ආර්ථිකය බිඳ වැටීම, සිදුවෙන සිදුවන්නට යන විපත් ගැන පසුගාමීව කටයුතු කිරීම, දේශපාලකයින්ට අනුග්‍රහය දැක්වීම...

:       0       727

Mark Saturday, 22 June 2019 04:28 AM

මේ පාලකයන්ගෙන් කිසිම දෙයක් පිළිවෙලට වෙයි කියල කිසිම බලපොරෝතුවක් තියන්න එපා ..... අඩුගානේ දැන්වත් මේ සිස්ටෙම් එක සම්පුර්ණයෙන්ම වෙනස් කරන විදියක් ගෙන හිතමු.

:       0       3

යාපා Saturday, 22 June 2019 05:57 AM

ආණ්ඩුව මිනිසුන් නොමග යැවීමට බොරු මවා පෙන්නීමට උත්සාහ කළද කොහොමත් මිනිස්සු දන්නවා ඒක...දෙක වසරේ ළමයෙක්ගෙන් ඇහුවත් කියයි සරලව එදා තිබුණු ආර්ථිකයයි, අදයි අතර වෙනස. මේ රට මේ වලට ඇද දැමූ ඔබලාට වැහි නැති හෙන ගහනවාමයි..

:       10       346

සිරිබිරිස්Sunday, 23 June 2019 01:07 AM

ප්‍රබාකරන් කිව්වා සිංහලයන්ට යම් දෙයක් මතක හිටින්නේ දින හතයි කියල.යාපාගේ කථාවෙනුත් එය තහවුරු වෙනවා.රටේ සංවර්ධනයක් නොපෙනුනත් (අපේ දිස්ත්‍රික්කයේ නම් 2015 ට පස්සේ කිසිම සංවර්ධනයක් දැක්කේම නැහැ) අද ආර්ථිකය එදාටවඩා යහපත් කියල පෙන්වා.

:       0       0

saliya Saturday, 22 June 2019 09:34 AM

කොහොමටත් මේ ආණ්ඩුව තියෙනේ ඡන්දෙ තියනකල් විතරයි. ඔබතුමාට තියන්නේ මේක (ළමය මියගිය එක ) පාවිච්චි කරලා අනිත් පක්ෂෙට ගිහින් ආයෙත් බලයට එන්න රටට හෙන ගැහුවම මොකෝ ඕනේ කොමිස්නේ.

:       0       6

Sakura Saturday, 22 June 2019 09:44 AM

මේ අය ඉන්නකන් තව කි දෙනෙක් මැරෙයිද?

:       0       10

Bamunuarachchi Monday, 24 June 2019 12:28 AM

මෙයා දැන් මරණපරීක්ෂක වැඩෙත් බාර අරගෙන වගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නොමිලේ දුන්න හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 0 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 107 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 341 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 788 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 177 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 225 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1718 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site