IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඥානසාර හිමි ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කළ පෙත්සම සලකා බැලීම කල්යයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

අධිකරණ නියෝග නොතකමින් ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ දේහය විහාරභූමියේදී ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහි පෙත්සම ලබන වසරේ පෙබරවාරී මස 17 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (08) තීරණය කළේය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්තිනී ස්කන්ධරාජා මහත්මිය විසින්  පවරා ඇති මෙම නඩුවේ වගඋත්තරකරුවන්ට සිතාසි නිකුත් කරන්නේද? යන්න තීරණය කිරීම සඳහා මෙම පෙත්සම සලකා බැලීමට අවශ්‍ය බව දැනුම් දෙමින් එලෙස තීරණය කළ අභියාචනාධිකරණය එදින මෙම පෙත්සම කැඳවනු ලබන අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නීතීපතිවරයාට නොතිසි නිකුත් කරන ලෙස අධිකරණ ලේඛාධිකාරීවරයාට නියම කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබු  අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විනිසුරු මඩුල්ල එලෙස නියම කළහ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්තිනී ස්කන්ධරාජා මහත්මිය විසින්  පවරා ඇති මෙම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ල මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා නම් කර ඇත.

අපවත්වූ ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය එම විහාර භුමියේ නොපවත්වන ලෙස දැනුම් දෙමින් මුලතිව් අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබු බවත් එම නියෝගය උල්ලංඝනය කරමින් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය එම විහාර භුමියේ  පැවැත්වීමට කටයුතු කිරීම මඟින් වගඋත්තරකාර හිමියන් සහ පොලිස් නිලධාරීන් අධිකරණයට අපහාසයක් කොට ඇතැයි පෙත්සම්කාරිය සිය පෙත්සමේ සඳහන් කර ඇත.

මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කොට සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්. මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා  අධිකරණයේ පෙනී සිටියහ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇති පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් නීතීපතිවරයා පෙනී නොසිටින බව දැනුම් දී ඇති හෙයින් පෞද්ගලික වියදමින් නීතීඥවරුන් සපයා ගන්නා ලෙස අධිකරණය මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දුන්නේය.

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු ඉදිරිපත් කරමින් අධිකරණ නියෝග නොතකා කටයුතු කිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට පවරා ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට සිතාසි නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතු අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙහි වගඋත්තරකරුවන්ට සිතාසි නිකුත් කරන්නේද? නැද්ද? යන්න තීරණය කිරීම සඳහා මෙම පෙත්සම සලකා බැලීමට අවශ්‍ය බව දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම පෙත්සම ලබන වසරේ පෙබරවාරී මස 17 වැනිදා සලකා බැලීමට තීරණය කළ අභියාචනාධිකරණය එදින අධිකරණයේ පෙනී සිටින ලෙස වගඋත්තරකරුවන්ට නියම කළේය.



අදහස් (1)

ඥානසාර හිමි ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කළ පෙත්සම සලකා බැලීම කල්යයි

නොකවුට් Friday, 08 November 2019 04:23 PM

ඥාණසාර හිමිගේ නඩු නම් ඉක්මනට අහනවා. විජයගේ නඩු අහන පාටක් වත් නෑ...

:       37       41

ඔබේ අදහස් එවන්න

දියත

ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 2 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 75 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 25 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 590 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 551 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 284 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site