IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එජාප ජනපති අපේක්ෂකයා ගැන තීරණය පුළුල් සන්ධානයක් පිහිටවීමෙන් අනතුරුව

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව තීරණය ගැනීම සියලු පක්‍ෂ වලින් සමන්විතව පිහිටවන ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ වල එකඟතාවයෙන් ගැනීමට අද  (22) රැස්වූ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළේය.

ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි තීරණය කළ යුත්තේ සියලු පක්‍ෂ වලින් සමන්විත පුළුල් සන්ධානය පිහිටවීමෙන් අනතුරුව බවද මන්ත්‍රී කණ්ඩායමේ තීරණය විය.

එහෙත් අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සිය පෞද්ගලික අදහස ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ ජනාධිපතිවරණය ජය ගැනීමටනම් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවයි.එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් , අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහත්වරුන්ද එම අදහස අනුමත කරමින් අදහස් පළ කර තිබේ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමේ බහුතර මතය වී ඇත්තේ වැඩිකල් නොගොස් ජනාධිපතිවරණ අපේක්ෂකයා කව්දැයි තීරණයක් ගතයුතු බවයි.

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් නොකර ඇති පසුබිමක අපේක්ෂකයෙකු නම් කිරීම පලක් නැති කාර්යක් ලෙසද තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

සියලු කරුණු වලට ඇහුම්කන් දුන් එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ සුදුසු මොහොතේ සුදුසු නායකයා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානය තීරණයක් ගනු ඇති බවයි.

එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරුන් සිය පෞද්ගලික අදහස් ඉදිරිපත් කලද පක්ෂයක් ලෙස ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් නොගත් බවයි.

එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්විණි.



අදහස් (13)

එජාප ජනපති අපේක්ෂකයා ගැන තීරණය පුළුල් සන්ධානයක් පිහිටවීමෙන් අනතුරුව

mahroof Monday, 22 July 2019 03:33 PM

සජිත් හොඳයි.

:       163       752

පුරවැසියා Monday, 22 July 2019 08:01 PM

එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා වියයුත්හේ උස් මිටිකම් අනුව ජනතාවගේ අනාගතය තීරණය කරන කෙනෙකු නොව බුද්දිමත් ජනතාවගේ දැනුමට ගරුකරන, දැනුමට කතා කළහැකි ප්‍රජාතන්ටවාදී පුද්ගලයෙකි. නොඑසේනම් එක්සත් ජාතික පක්‍ෂයෙ අනාගතයත් රටේ අනාගතයත් ශ්‍රීලංකා නිහා පක්ෂයට වූ ඉරණම ඇත වනවාට සැක නැත. 1992 සිට එක්සත් ජාතික පක්‍ෂය බලයට ගෙන ඒමට නොහැකිවූයේ ජනප්‍රිය උවත් අදුර දර්ශි නායකයන් පක්ෂයේ නායකයන් වූ නිසා නොවේද ? නුගත් නයකයන්වටා එකතුවන්නේ නුගතුන් මිස උගතුන් නොවේ.

:       0       0

sirimal Monday, 22 July 2019 05:15 PM

තවම නාම යෝජනා දෙන්න තීන්දු කරල නැති උනාට සමහරු දැනටම ජනාධිපති වෙලා වගේනේ කතා කරන්නේ. "මගේ ඉදිරි දේශපාලන ගමනට බුදු දහමවත්, සම්බුද්ධ ශාසනයවත් පාලමක් බවට පත් කරගන්නේ නැහැ " කියන ගමන්ම මහ නායක ස්වාමින් වහන්සේලා මුණ ගැහිලා " මැතිවරණයක් ගැන හිතන්න කලින් මට චෛත්‍ය එක්දහස් එකසිය විසිපහක් හදන්න තිබෙනවා" කියල ඒක මාධ්‍ය මඟින් ප්‍රචාරය කර ගන්නවා. අනිච්චේ දුක්ඛේ සංසාරේ.

:       0       0

asanka Monday, 22 July 2019 06:01 PM

ඔයගොලන්ට දිනන්න ඕනෙනම් ජනතාව ඉල්ලන පක්ෂයේ ජනප්‍රියම පුද්ගලයා වන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්න. එක්සත් ජාතික පක්ෂයේ ඇතුලෙම ඉන්න ජනතාව ප්‍රතික්ෂේප කරන ඇමතිලා කියන නම් දැම්මොත් පරාජය නියතයි. එවිට අපේ චන්දෙත් අනිත් පැත්තට.

:       0       0

Nandalal DE SILVA - FRANCE Monday, 22 July 2019 10:17 PM

සජිත්ට වඩා දේශපාලනය ගැන මනා දැනුමක් මෙන්ම වෙනත් කටයුතුවලදී විශාල පලපුරුද්දක් තිබෙන කතානායක කරු ජයසූරිය මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කළොත් එය ඉතා වාසිදායක වෙනවා ඇත..!!! මතකද රනිල් අගමැති තනතුරෙන් ඉවත්කර මහින්ද එතැනට සිරිසේන විසින් උස්සා තැබූ වෙලාවේදී කරුගේ නුවණ නිසා සිරිසේන පල්වුණු හැටි. ඒක කරු නොහිතන සිරිසේන රාජපක්ෂ තවමත් දීගකමින් පෙම් සුව විඳිනවා ඇත.

:       0       0

Nuwan Monday, 22 July 2019 10:27 PM

කවුරු දැම්මත්... ජනතාවට එපාවෙලා ඉන්නේ..

:       0       0

[email protected] Tuesday, 23 July 2019 04:35 AM

කොහොම ආවත් එජාපෙට මේ පාර අන්ත පරාජයක් ලැබෙන බව නම් වලක්වන්න බෑ

:       472       26

priyal Tuesday, 23 July 2019 04:45 AM

සජිත් ජාතික නායකත්වයකට කිසිම සුදුසු කමක් නැත. එජාප ගමේ බහුතරයක් සජිත්ට කැමති විය හැක. අද JR යුගයට වඩා දේශපාලන වාතාවරණය වෙනස්වී ඇත. එම ගමේ එජාප ඡන්ද වලින් පමණක් ඡන්ද දිනිය හැකි යි කල්පනා කරන්නේ නම් එය මුලාවකි. ලංකාව මුහුණදී ඇති සංකීර්ණ ප්‍රශ්න විසදීමට පරිනත දර්ශනයක් ඇති නායකයෙක් අවශ්‍ය වන අතර ගැලරි නායකයෙකුට එය කල නොහැක. ලංකාවේ ගමේ ඡන්ද පදනම පමණක් සලකා බලන්නේ නම් මහින්ද ඉදිරියෙන් සිටින බව නිසැකය. ජනාධිපති වරණයෙන් ජය ගත හැක්කේ සුළු ජාතික ඡන්ද විශේෂයෙන් උතුර ඡන්ද ලබා ගැනීමට සමත් වුවහොත් පමණි.

:       35       5

සේනක Tuesday, 23 July 2019 05:04 AM

තමුන්නාන්සේලා කොහොම අපේක්ෂකයා තෝරා ගත්තත් ජනාධිපතිවරණය ජය ගැනීම හීනයක් විතරයි. කොහොම ජනතාව අන්දන්න ආවත් ඇද ගන්න වෙන්නෙ තමුන්නාන්සේලාටම තමයි.

:       370       333

thushara Tuesday, 23 July 2019 05:12 AM

රවී තමයි හොද. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ටයෙක් වගේම අත්දැකීම් බහුල පරිනත බුද්ධිමතෙක්. රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක්. තවත් මොන සුදුසුකම්ද ?

:       147       137

Bandula. Tuesday, 23 July 2019 06:07 AM

ඔය කාව පත්කර ගත්තත් ඔය 225න් කී දෙනෙක්ට මෙදා ගෙදර යවන්නද කියලා රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ, ඒ නිසා වැඩි හීන දකින්න එපා.

:       0       0

sirimal Tuesday, 23 July 2019 08:28 AM

පුළුල් සන්ධානයක් පිහිටවීමෙන් පස්සේ තීරණ ගන්නවා කීවට සමහරු දැන්මම කටයුතු කරන්නේ ජනාධිපති වෙලා වගෙයි කියලයි අපටනම් පෙනෙන්නේ. සුළු ජාතීන් සම්බන්ධයෙන් මිට පෙර සංවේදී නොවූ එම පුද්ගලයින් දැන් වෙනස්වී ඇති ආකාරය සම්බන්ධයෙන් ඇතැමෙකු විමතියෙන් ඉන්නා බවත් ඒ කට්ටිය එලෙස කටයුතු කරන්නට පටන් අරගෙන ඇත්තේ වෙනත් බලවේගයක් නිසා බවත් සමහරු කියනවා නේද?

:       0       0

Kithta Tuesday, 23 July 2019 10:19 AM

ඇයි මහා බැංකුවේ විභාගෙත් පාස්...

:       0       12

ඔබේ අදහස් එවන්න

දියත

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 6 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 94 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 180 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 435 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 604 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 244 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site