IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඉන්දීය බුද්ධි අංශයෙන් අනතුරු ඇඟවීම් තුනක්

  • ප‍්‍රහාරයට පෙර ඉන්දියාව තුන් වතාවක් අනතුරු ඇගෙව්වා
  • අන්තිම අනතුරු ඇඟවීම පැය කිහිපයකට කලින්


“ඉන්දියාව අපට තොරතුරු දුන්නා. ඒත් ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කළ ආකාරයේ කිසියම් අඩුවක් තිබුණා. ඒ බුද්ධි තොරතුරු නියමිත ආකාරයෙන් ඉහළට යවා තිබුණේ නෑ” 

- අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එන්.ඩී.ටී.වී. රූපවාහිනී සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

(හින්දුස්තාන් ටයිම්ස් අනුග‍්‍රහයෙනි)


පාස්කු ඉරිදා දිනයේදී ශී‍්‍ර ලංකාවේ සිදුවූ බෝම්බ පිපිරීම් මාලාව සම්බන්ධයෙන් ඉන්දීය ඔත්තු සේවා නිලධාරීන් තුන් වතාවක්ම ශී‍්‍ර ලංකාවට අනතුරු ඇඟවූ බව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. ඉරිදා දිනයේදී සිදුවූ ප‍්‍රහාර මාලාව හේතුවෙන් 359 දෙනකු මියගොස් 500 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 

(ඡායාරූප - චතුර එස්.කොඩිකාර)

තමන් කවුරුන්ද යන්න හෙළි නොකිරීමේ කොන්දේසිය මත මෙම බුද්ධි නිලධාරියා තවත් තොරතුරු රැසක්ම හෙළිදරව් කළේය.

ඉන්දීය බුද්ධි අංශ නිලධාරීන්, අපේ‍්‍රල් 4 වැනිදා ඒ සම්බන්ධයෙන් පළමු අනතුරු ඇඟවීම කර තිබේ. 

එම තොරතුරු හෙළිදරව් වී ඇත්තේ පසුගිය (2018) දෙසැම්බර් මාසයේදී ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් කරන ලද පරීක්‍ෂණයකින් අනතුරුවය. ඉස්ලාමීය රාජ්‍යයේ කොයිම්බතුර් ඒකකය සම්බන්ධයෙන් ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායක මව්ලව් සහරාන් බින් හසිම් පිළිබඳව වීඩියෝ විමර්ශනය කිරීමේදී මෙම තොරතුරු හෙළිදරව් වී තිබේ. 

පළමුවැනි අනතුරු ඇඟවීමේදී ඉන්දීය ඔත්තුසේවා නිලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ කතෝලික දේවස්ථාන වලට අමතරව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද ඉලක්කයක් විය හැකි බවයි. එහෙත් දෙවැනි අනතුරු ඇඟවීම එවා ඇත්තේ ප‍්‍රහාරයට පෙර දිනයේදී වන අතර එහි තොරතුරු රැසක් අන්තර්ගතව තිබී ඇති බවත් ඉලක්ක විය හැක්කේ කුමන ස්ථානද යන්න සඳහන් වී ඇති බවත් එම නිලධාරියා පැවසීය. 

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

තුන්වැනි අනතුරු ඇඟවීම කර ඇත්තේ දේවස්ථාන තුනක් සහ තරු 5 සංචාරක හෝටල තුන ඉලක්ක වූ ප‍්‍රහාරයට පැය කිහිපයකට කලිනි. 

“මේ ප‍්‍රහාර සම්බන්ධ තොරතුරු හොයාගත්තේ තාක්‍ෂණිකව සහ මානව වශයෙන් ලබාගත් තොරතුරු සංකීර්ණව විශ්ලේශනය කිරීමෙන් පස්සේ” යයි තවත් නිලධාරියෙක් පැවසීය. 

මෙම තොරතුරු ඉන්දියාව විසින් එවන ලද බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද පිළිගත්තේය. 

”ඉන්දියාව අපට තොරතුරු දුන්නා. ඒත් ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කළ ආකාරයේ කිසියම් අඩුවක් තිබුණා. ඒ බුද්ධි තොරතුරු නියමිත ආකාරයෙන් ඉහළට යවා තිබුණේ නෑ” යයි එන්.ඞී.ටී.වී. රූපවාහිනී සේවය සමග පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡුාවකදී රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය. 

තොරතුරු ලබාගැනීම සඳහා හින්දුස්තාන් ටයිම්ස් පුවත් පත ඉන්දීය මධ්‍යම තොරතුරු ඒජන්සියේ නිලධාරීන් කිහිප දෙනකුම ඇමතීය.  

ශී‍්‍ර ලංකාවේත්, තමිල්නාඩුවේ සහ කේරළයේත් ඉස්ලාමීය පාලනයක් ඇතිකිරීම සම්බන්ධයෙන් තරුණයන් ධෛර්යවත් කරමින් හසිම් ඔවුන්ට අනුශාසනා කළ බව එම වීඩියෝ පටවල සටහන් වී ඇතැයි මෙම නිලධාරියා ප‍්‍රකාශ කළේය. මෙම තොරතුරු පසුව ඉන්දියාවේ බාහිර ඔත්තු සේවය වන ‘රෝ’(ගවේෂණ සහ විශ්ලේණෂය කිරීමේ ඒකකය) ඔත්තු සේවය විසින් ඉතා සංකීර්ණ ලෙස විශ්ලේෂණය කරන ලදි. 

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

සාක්කුවේ ගෙන යා හැකි කුඩා පරිමාණයේ දත්ත ගබඩා (පෙන් ඩ‍්‍රයිව්), මතක කාඩ්පත් (මෙමරි කාඞ්), ජංගම දුරකතන, සී. සහ ඩී.වි.ඩී. තැටිවල මෙම වීඩියෝ දර්ශන ගබඩාකර තිබී ඇත. පසුගිය වසරේ දෙසැම්බර් 19 වැනිදා, ඉන්දයාවේ කුනියම්තුර්, උක්කාදම්, ඔටෙරි, චෙන්නායි, තින්දිවන්නම්, විල්ලූපුරම් සහ කොයිම්බතුර් ප‍්‍රදේශ වල කළ සෝදිසි මෙහෙයුමකදී මෙම භාණ්ඩ හමුවී තිබේ. 

අයිසිස් සාමාජිකයක් යයි සැකකෙරෙන මොහොමඞ් ආශික්, ඉස්මයිල් එස්, සම්සුදීන්, මොහොමඞ් සලාවුද්දීන්, ජෆාර් ෂාදික් අලි සහ ෂාහුල් හමීඞ් යන අය මෙම ස්ථානයේ සිට අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් 1 වැනිදාය. ඒ කොයිම්බතුර්හිදී හින්දු නායකයන් සහ කි‍්‍රයාකාරීන් ඉලක්ක කරමින් ප‍්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කිරීම හේතුවෙනි. 

මෙම කොයිම්බතුර් ඒකකයේ සාමාජිකයන් නිරන්තරයෙන් හසිම්ගේ දේශන වලට සවන්දුන් අය බව බුද්ධි නිලධාරීහු කියති. ඔවුන් හය දෙනාටම එරෙහිව මේ වන විට ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් චෝදනා ගොනුකරනු ලැබ ඇත. 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

“අවසන් වරට නිකුත් කරන ලද හසිම්ගේ වීඩියෝවේදී ඔහු තරමක් ආවේගශීලී වුණා. ඔහු දිගින් දිගටම අවධාරණය කළේ ‘ෂාරියා’ අනුගමනය නොකරන්නන්ට පාඩමක් ඉගැන්වීම සඳහා ඉතාමත් ඉක්මනින් විශාල යමක් කරන බවයි” යයි එම බුද්ධි නිලධාරියා පැවසීය. 

තවදුරටත් කළ පරීක්‍ෂණ වලදී හෙළිදරව් වූයේ කොයිම්බතුර් ඒකකයේ සාමාජිකයන් ශී‍්‍ර ලාංකිකයන් සමග සම්බන්ධ සිටි බවත්, ශී‍්‍ර ලාංකිකයන් පවා හසිම් අනුගමනය කළ බවත්ය. 

“මේ දෙපාර්ශ්වයේම (ඉන්දියාවේ මෙන්ම ශී‍්‍ර ලංකාවේත්) තරුණයන් ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් විප්ලවවාදීන් කිරීම සඳහා බින් හසිම් විශාල දෙයක් කළා” යයි කී දෙවැනි නිලධාරියා එසේ වුවත් ශී‍්‍ර ලංකාවේදී සිදුවන්නේ කුමක්ද යන්න ඉන්දියානුවන් නොදැන සිටි බවද පැවසීය. 

කෙසේ වෙතත් පසුව හසිම්ගේ ජංගම දුරකතන අංකය සොයාගත් ඉන්දීය විමර්ශන ඒජන්සිය ඔහු බංග්ලාදේශයේ අයිසිස් සාමාජිකයන් සමගද සම්බන්ධ වී සිටි බව සොයාගෙන ඇත. ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසූයේ බංග්ලාදේශයද පරෙස්සම් විය යුතු බවයි. 

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

මෙම විශ්ලේෂණය කිරීම අනුව සොයාගත් තවත් තොරතුරු රැසක්ම ඉන්දීය බුද්ධි සේවා විසින් ශී‍්‍ර ලංකාවට එවනු ලැබ ඇත. එහෙත් ඉතාම පැහැදිළිව පෙනෙන්නට තිබෙන ආකාරයට ශී‍්‍ර ලංකාවේ බලධාරීන් මෙම තොරතුරු ඉතා සැහැල්ලූවෙන් බාරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කර ඇත්තේ අපේ‍්‍රල් 11 වැනිදාය. 

ශී‍්‍ර ලංකාවේ මූලික පරීක්‍ෂණ වලින් හෙළිදරව් වී ඇත්තේ කොළඹ ෂැංගි‍්‍ර ලා හෝටලයේදී බෝම්බය පුපුරුවාගෙන මියගියේ හසිම් බවයි.



අදහස් (24)

ඉන්දීය බුද්ධි අංශයෙන් අනතුරු ඇඟවීම් තුනක්

JESON BOWEN Wednesday, 24 April 2019 01:54 PM

ඔය තොරතුරු සැහැල්ලුවට ගත්තේ ඇයි?

:       0       114

Sam Wednesday, 24 April 2019 01:56 PM

සුනාමිය එනකොටත් සැහැල්ලු වුණා. දැනුත් සැහැල්ලු වුණා. ත්‍රස්තවාදීන් ගැන කිසි අවබෝධයක් නැහැ.

:       0       130

බජාජ් Wednesday, 24 April 2019 02:14 PM

ඉන්දියන් දේවල් එපා කියල උබල අඩන දොඩන නිසා මේකත් ඕනේ නැහැ කියල හිතෙන්න ඇති......

:       0       0

Histhan Wednesday, 24 April 2019 02:38 PM

අපේ රටේ අපේ පවට උපන් ඇමෙරිකන් NGO කාරයෙන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

:       200       406

Nuwan Wednesday, 24 April 2019 02:42 PM

හිතනවද නැවතත් ලොව කිසිම රහස් ඒජන්සියක් අපට උදව් කරයි කියලා.. ඒවා හීන, නැවත ලොව රටවල් අපට මේ සඳහා තොරතුරු දෙන්නේ නැහැ. දැන් අපටම මහන්සිවෙලා මේවා හොයන්න වෙනවා මේ 225ක් වූ අම්බරුවොත් එක්ක...

:       8       248

Athula Wednesday, 24 April 2019 03:48 PM

මේවා කියවනකොට තේරෙනවා රටේ මිනිස්සු ගහ මරාගෙන පත්කර ගන්න ඔවුන්ගේ ස්වෙභාවය ගොඩක් හේතු අවශ්‍යද? සරත් ෆොන්සේකා යනු අපට සිටින රටේ ආරක්ෂාවට සිටින ජාතික වස්තුවක්... එතුමාට දීලා තියෙන්නේ මොන වගකීමකින්ද? මුන් දෙගොල්ලන්ම බයයි. ඔහු කාටවත් කොන්ද නොනමන නිසා ඔවුන්ට ඕන විදිහට ඉන්න අය තමයි රටේ ආරක්ෂාව වගකියන්න දුන්නේ ඔවුන්ට අපි බදුගෙවන්නේ මොකටද කියලවත් රටේ බත් කන හරක් නොසිතනකම් මොවුන් මෙහෙම තමයි..

:       9       211

sampath Wednesday, 24 April 2019 02:47 PM

හැමදාම ඕක තමයි කළේ... පශ්චාත් පරීක්ෂණ පමණයි. තමන්ගේ ආරක්ෂාව තමන් සපයාගත යුතුයි කී ශ්‍රේෂ්ට නායකයෝ හිටපු රටක්...

:       1       163

Sakalajana Wednesday, 24 April 2019 02:48 PM

කරුණාකර නැගෙනහිර ඉදිකරන ෂරියා විශ්වවිද්‍යාලය අහෝසි කරන්න. 30 වසරක යුද්දෙන් බැටකාපු අපිට අනවශ්‍ය ප්‍රශ්න ඕනෙම නෑ.

:       1       848

Bamunuarachchi Wednesday, 24 April 2019 02:54 PM

බමුණුආරච්චි මුස්ලිම් කාරයෝ බලයට එන්න හදනබව කීවේ බොහොම කලින් බව දන්නවා ඇති. බමුණුආරච්චි ජාතික ආරක්ෂාව පිළිබඳව කියුදේවලුත් පාවිච්චිකළ "බම්බුව" වැනි වචනත් අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඒ විදිහටම පවිච්චිකළබව දන්නවා ඇති...

:       0       0

rasika Wednesday, 24 April 2019 02:59 PM

දේශපාලන අවාසි වේවි කියලා මුස්ලිම් අන්තවාදයට විරුද්ධව ක්‍රියා කලේ නැහැ.. මෙය ඉතාම පැහැදිලියි. ක්‍රියාත්මක වීමට තීරණ ගන්න ඕනේ දේශපාලන අධිකාරිය මිසක් පොලිසිය හෝ හමුදාව නොවේ. ඕකද ඒ වෙනවිට ලංකාවේ හදිසි නීතිය ක්‍රියාත්මක නැහැ.. මෙහි වගකීම මුළුමනින්ම දේශපාලන අධිකාරිය බාරගන්න ඕනේ.. මුළු ආණ්ඩුවම... මෙච්චර පැහැදිලිව කියලා තියෙද්දී අැයි පොලිසියට හෝ හමුදාවට නියෝග නොකළේ...? මුස්ලිම් අන්තවාදය සහ දෙමළ අන්තවාදය පෝෂණය කිරීමේ බරපතල විපාක අප විඳිමින් පවතිනවා..

:       0       0

dias Wednesday, 24 April 2019 02:59 PM

මම හිතන්නේ අපේ අයට අලුත් අවුරුද්දට නිවාඩු ගන්න එක ලොකු වුණා... රටේ ආරක්ෂාවට වඩා.

:       0       137

KrissWednesday, 24 April 2019 06:11 PM

දැනුයි ඒක මගේ ඔලුවට ආවේ. ඒක තමා වෙලා තියෙන්නේ .

:       0       0

ෂෙහාන් යාපා Wednesday, 24 April 2019 03:17 PM

අපේ බුද්ධි අංශ ඔක්කොම විනාශම කළා මේ ආණ්ඩුව. මේ හැම තොරතුරක්ම අපේ බුද්ධි අංශ සොයාගත් කරුණු නොව සහෝදර රටවල් වලින් දැනුවත් කළ දේවල්. අනිත් රටවල්වල අය අපේ රට ගැන තොරතුරු කියද්දි අපේ බුද්ධි අංශ කිසිම දෙයක් හොයාගත්තේ නෑ. ඒ අපේ නිලධාරීන්ගේ වරදක් නම් නෙමෙයි. ඇත්තටම ලංකාවේ බුද්ධි අංශ ලෝකේ හොඳම තත්වයේ පැවතුණු බව මුළුලොවම දන්නා කරුණක්. ඒ සියල්ල විනාශ කරේ මේ ජාතිද්‍රෝහී ආණ්ඩුව. අවසානයේදි වන්දි ගෙව්වේ අහිංසක මනුස්සයින්. ඇත්තටම ඒ පවුල්වල සාමාජිකයන්ට තරම්ම අනිත් අයට නොදැනෙනවා වෙන්නත් පුලුවන් ඒ වේදනාව... ඒත් ඒ හැම කඳුළු බිංදුවක් ගානෙම මේ වගකීම් විරහිත ආණ්ඩුවට සාප වෙනවා.

:       28       513

Hafeel Wednesday, 24 April 2019 03:38 PM

මම නම් විශ්වාස කරන්න නැහැ... අදටත් ත්‍රස්තවාදී නායක හෂීම් මියගිය බව... මොකද්ද ත්‍රස්තවාදී නායකයෙක් මුලදීම මැරෙන්න යන්නේ නැහැ. අදටත් තැනින් තැන බෝම්බ, පුපුරන ද්‍රව්‍ය අහුවෙනවා. කොහේ හරි ඉඳන් ක්‍රියාත්මක වෙනවා වගේ... ඒ නිසා වහාම ඔහු ගැන සොයායුතුයි.

:       1       259

JayasooriyaWednesday, 24 April 2019 04:05 PM

ඔබ නිවැරදියි. මේ රටේ පාලකයන් නැවත නැවතත් මහජනයා නොමග යැවිමට කටයුතු කරනවා. මිය ගිය හෂිම් නැමැති ඉස්ලාම් තස්ත්‍රවාදියා මෙම පහාර මාලාවේ නායකයා මිස මෙම සංවිධානයේ නායකයා නොවෙයි. ඉස්ලාම් අන්තවාදය මේ වන විට රට පුරා ඔඩු දුවලා හමාරයි. ඉස්ලාම් තස්ත්‍රවාදියා එන්නනේ බැටලු හම පොරවාගන බැවින් මෝඩයො ඉක්මනින් මුලා වෙති. අවස්ථාවාදින් ඔවුන්ගේ ගමනට අවකාශය ලබා දෙති

:       0       0

Christ Wednesday, 24 April 2019 04:18 PM

මේ තොරතුරු දැනගෙන ඉඳලත් මේ සිදු වූ විපත වළක්වන්න බැරි වූ මේ ආණ්ඩුවට වැහි නැති හෙන වදීවි..!!

:       0       197

chandima Wednesday, 24 April 2019 04:26 PM

ලෝකේ වෙන මොන රටේද මෙවැන්නෙක් අගමැති කරලා ඉන්නේ? තමන්ට බලය ගන්න අවුරුදු 30ක් යුද්දේ ඇදෙන්න ගියා. ඉන්පස්සේ තනතුර ගහලා යන බව තේරුණාම තව අවුරුදු 30ක යුද්දෙකට ඇදලා දැම්මා.

:       169       709

Saman Wednesday, 24 April 2019 06:13 PM

සිරිසේන වගකියන්න ඕන මේවට.. ඔක්තෝබර් විප්ලවයෙන් පස්සෙ අහමැතිට ආරක්ෂක කවුන්සිලයට එන්න දුන්නෙ නැතුව තිලංග, අමරවීර වගේ අය එකේ ඉන්දවගෙන මොනවද මෙයා කලේ.. ? එත්කොට 4 දා බුද්ධි අංශ දීපු ලියුම කොට්ටෙ යට තියල පවුලත් එක්ක තිරුපති ගියා.. අනේද කියන්නෙ...

:       0       0

Kriss Wednesday, 24 April 2019 06:16 PM

අන්තිම දුර්වල පාලනයක් . අපේ රටට දෙවියන්ගේම පිහිටයි.

:       0       0

anura Thursday, 25 April 2019 01:12 AM

ලැබුනු තොරතුරු නොසළකා හැරියේ හිතා මතා. මෙම අනතුරු පිළිබඳව එම පක්ෂයේ සියල්ලන්ම දැනුවත් සිටි බවට ඔවුන්ම පාපොච්චාරණය කරමින් දැන් සිටිනවා. එයින් පෙනෙන දෙයක් නම් මෙය හෙළි නොකිරීමට පොදු තීරණයක් ගෙන සිටි බවයි. එසේ කර ඇත්තේ ඉන්පසු රටේ හදිසි නීතිය පනවා, සාමාන්‍ය සිවිල් නිදහස අහෝසි කර පාලනය කිරීමට විය හැකිය. අඩුම ගණනේ පූජ්‍ය පක්ෂයේ කිහිප දෙනෙක් හෝ දැනුවත් කිරීමට තිබුණා. ආරක්ෂක ලේකම් කිවූ ආකාරයට එක් එක් ආයතන පුද්ගලිකව ආරක්ෂක හමුදා ඇති කරගත යුතු බවය. මා දන්නා ආකාරයටනම් හෝටල් වල ආරක්ෂාවට සිටින නිලධාරීන් අත කිසිම ගිනි අවියක් නැත. එසේ වී ඇත්තේ රටේ පාලකයන් ඔව්නට ආරක්ෂාව සළසාවී යයි තිබෙන විශ්වාසය මතය. ආරක්ෂක ලේකම් බලාපොරොත්තු වන්නේ ලිබියාවේ මෙන් පුද්ගලික හමුදා ස්ථාපිත කර ගැනීම ද?

:       0       0

shan Thursday, 25 April 2019 05:36 AM

ඉන්දීය බුද්ධි අංශයෙන් අනතුරු ඇඟවීම් තුනක්....

:       0       1

[email protected] Thursday, 25 April 2019 06:54 AM

සැහැල්ලුවට ගත්තේ නැත්තන් බැහැ නේ. දැන් කී දෙනෙක් හිරේ දැම්මද ඕව සංකීර්ණව අරන්. සහජීවනේ නිසා අපි හැමදේම සැහැල්ලුවට තම ගන්න ඕනේ. එකනේ වර්තමාන පාලන ත්‍රන්තයේ අපිට කියල තියෙන්නේ. කටවල් වහන් ඉඳපල්ලා කට ඇරියොත් හිරේ දානවා.

:       0       10

Sugandika weerasoooriya Thursday, 25 April 2019 02:14 PM

කරුණාකර නැගෙනහිර ඉදිකරන ෂරියා විශ්වවිද්‍යාලය අහෝසි කරන්න. 30 වසරක යුද්දෙන් බැටකාපු අපිට අනවශ්‍ය ප්‍රශ්න ඕනෙම නෑ.

:       0       0

wet otter Friday, 26 April 2019 06:10 AM

රහස් තොරතුරු කියන්නේ ජිග්සෝ ප්‍රෙහෙලිකාවක් වගේ එකක්. තියෙන කෑලි දිහා බලලා නියම රූපය තීරණය කරන්න ඕන. මේවා දන්න අය දැන් ඉන්නේ ඇතුලේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 270 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 589 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 702 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 404 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 474 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 168 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site