(මනෝප‍්‍රිය ගුණසේකර)
ඉඩම් ආරවුලක් මත අසල්වැසියකුට 13 පළකට පිහියෙන් ඇන මරාදැමීමේ චෝදනාවට වරදකරුවන් වු පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (14) මරණ දඬුවම් නියම කළේය.
මීට වසර 09 කට පෙර කැලණිය වරාගොඩවත්තේ සිය නිවසේ රාත‍්‍රී ආහාර ගනිමින් සිටි අසල්වාසියාගේ නිවසට ගොස් ඔහුට පහරදී ඔහුගේ නිවස ඉදිරිපිටදීම පිහියෙන් ඇන මරාදැමු බවට විත්තිකරුවන්ට එරෙහි චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් බව විනිසුරුවරයා තීන්දු කර තිබිණි.
චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කැලණිය වරාගොඩ වරාගොඩවත්තේ පදිංචිකරුවන් වන සුදේශ් රංජිත් ප‍්‍රියදර්ශන (55) සහ ධර්මසිරි විජේරත්න හෙවත් සිරිල් හෙවත් අප්පච්චි (63) නමැත්තන්ටය.
2009 අගොස්තු මස 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කැලණිය වරාගොඩදී නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් ඩබ්ලිව්.ජේ. ධර්මසිරි ජයසිංහ නමැත්තා ඝාතනය කරන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණි.
වසර 9 කට පෙර සිදුවු මෙම සිද්ධිය සම්බන්ධයෙන් ධර්මසිරි විජේරත්න හෙවත් සිරිල් හෙවත් අප්පච්චි නමැති විත්තිකරුගේ බිරිඳ දරුවන් සහ ඥාතීන් ඇතුළු අටදෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබු අතර නඩු විභාගය අවසානයේදී විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කළ විනිසුරුවරයා එම විත්තිකරුවන් හයදෙනා සියළුම චෝදනාවලින් නිදොස් කර නිදහස් කළේය.
දීර්ඝ නඩු විභාගයෙන් පසුව මෙම විත්තිකරුවන් දෙදෙනොට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එම චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් බව තීරණය කළ විනිසුරුවරයා ඔවුන් දෙදෙනොටම මරණීය දඬුවම් නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතීඥ ඉන්දිකා නෙළුම්මිණි මහත්මිය සහ ඇන්ජලෝ වැන්හොව් මහතා සමඟ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ශමින්ද වික‍්‍රම මහතා පෙනී සිටියේය.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අසල්වැසියාට පිහියෙන් ඇණ මරා දැමූ දෙදෙනෙක්ට මරණ දඬුවම