IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ ප්‍රථම බාලදක්ෂ පාසල විවෘත කරයි

 

(එච්.චන්දන)
 
පෝතක, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ හා බාලදක්ෂිකාවන්, මානව බාලදක්ෂයින් පුහුණු කිරීම හා බාලදක්ෂ ව්‍යාපාරයේ සියලු ක්‍රියාකාරකම් එකම ස්ථානයකදී කිරීමේ අරමුණින්, හලාවත - මනක්කුලම ගිල්වෙල් උද්‍යානයේදී  දිවයිනේ ප්‍රථම බාලදක්ෂ පාසල විවෘත කර තිබේ.
 
 ලෝකයේ විවිධ රටවල ස්ථාපනය කර ඇති summer Camp අකාරයට මෙහි පුහුණු කිරීමට බලාපොරොත්තු වන බව මෙම බාලදක්ෂ පුහුණු පාසලේ නිර්මාර්තෘ හලාවත දිසාවේ හිටපු දිසා කොමසාරිස් අචාර්ය චම්පික රෝෂන් ලෝ මහතා සඳහන් කරයි.
 
 බාලදක්ෂ ව්‍යාපාරයට විශාල සේවාවක් කළ හලාවත දිසාවේ හිටපු කීර්තිමත් දිසා කොමසාරිස්වරයකු වූ දිවංගත ආචාර්ය එස්.රාජගුරු මහතා නමින් මෙම ස්ථානය නම් කර ඇත.
  
බාලදක්ෂ පාසලට පැමිණි සියලු දරුවන් හලාවත දිසා බාලදක්ෂ කොමසාරිස් නලින් රවීන්ද්‍ර මහතා ඇතුළු පිරිස විසින් පිළිගන්නා ලදී. බාලදක්ෂ පාසල ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මූලස්ථාන කොමසාරිස් හා නුවරඑළිය වැඩ බලන දිසා කොමසාරිස් දීපාල් ගුණවර්ධන හා  ජ්‍යෙෂ්ඨ පුහුණු නායක සනත් රෝහණ මහතා අතුළු පිරිස යෂ්ටි ආචාරයෙන් බාලදක්ෂියන් හා බාලදක්ෂිකාවන් විසින් පිළිගන්නා ලදී.
 
සමස්ත ලංකා මානව හිමිකම් සම්මේලනය මගින් මෙම ප්‍රඡා සත්කාරයක් ලෙස  බාලදක්ෂ පාසලේ කටයතු සදහා අනුග්‍රහය ලබා දෙයි.



අදහස් (3)

ශ්‍රී ලංකාවේ ප්‍රථම බාලදක්ෂ පාසල විවෘත කරයි

විජිත් Monday, 06 July 2020 11:03 AM

අගනා අදහසක් ක්‍රියාවට නැංවීමක්. මේ අප සිටින්නේ බාල දක්ෂ ක්‍රියාකාරකම් වෙනදාටත් වඩා බෙහෙවින් අවශ්‍යව ඇති යුගයකයි. ආරම්භයේදී පටන්ම බාලදක්ෂයා විනය ගරුක, ඒ වගේම ඕනෑම අවදානම් අවස්ථාවකදී ඊට මුහුණදීමට පෙරමුණ ගැනීමට පුහුණු කරනවා. පිහිටක් අවශ්‍ය කෙනෙකුට පිහිටක් වීම ඔහුගේ මුලික ඉගැන්වීමක්. එහිදී ජාති, ආගම් කුලමල වැනි නොවටිනා නිස්සාර "බමුණු මත " ඔහු බැහැර කරයි.. එදා මම චූටි කාලේ මම හොඳින්ම දන්නා බාල දක්ෂ මිතුරන් කිහිප දෙනෙක් ගැන අදටත් මට අසන්නට ලැබෙන්නේ ඉතාමත්ම සතුටුදායක පුවත්ය. මගේ මේ ආචාරය ඔවුන්ටයි. යම් ලෙසකින් පාසලේ සිසු සිසුවියන් සියලු දෙනාවම බාලදක්ෂයින් ලෙස හැඩගැස්සවීමට හැකිනම් අපේ රටේ අනාගතය ඉදිරියේදී ඉතාමත්ම සුබවාදී වේවි. බාලදක්ෂ ක්‍රියාකාරකම්වලදී.. සමාජයේදී අපට හමුවෙන සියලුම අභියෝගයන්ට මුහුණ දෙන අාකාරය ප්‍රායෝගිකවම පහදා දෙනවා. වරක් මහාචාර්ය රාජ් සෝමදේව මහතා කීවා " දැන් කාලේ තරුණයෙකුට හදිස්සියකදී ගසකට නගින්න දන්නේ නැහැ... ගැටයක් ගසාගන්න දන්නේ නැහැ..."කියලා. ඔවුන් බාලදක්ෂයන් වී සිටියානම් මේ සියලු දැනුම් සම්භාරයන්ගෙන් ඔවුන් පොහොසත් බව ප්‍රායෝගිකවම විදහා දැක්වීමට හැකියාව තිබුණා.

:       0       2

එන්.එන්.අබේසුන්දර Wednesday, 06 October 2021 11:44 PM

ඇත්තටම ඉතා ම වටිනා අදහසක්.....හොඳ ආරම්භයක්......නමුත් මම දකින විදියට බාලදක්ෂ කියන දේ බොහෝ දුරට ව්‍යාප්ත වෙලා තිබෙන්නෙ බොහෝ වශයෙන් නාගරික පාසල් වල.....නමුත් මම හිතනවා එය නගරෙට විතරක් සීමා නොවී ග්‍රාමීය මට්ටමෙනුත් ග්‍රාමීය පාසල් වලත් ආරම්භ කරලා ඒවායේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ටත් අත්දැකීම් ලබා දෙන්න කටයුතු කරනවානම් ගොඩාක් හොඳයි කියලා.....

:       0       0

chamod raveen Wednesday, 06 October 2021 11:54 PM

හොඳ වැඩක් .බාලදක්ෂ ළමයෙක්ගේ ලොකු විනයක් තියනවා .ඒගොල්ලොන්ගේ ආකල්ප ගොඩක් හදනවා මේ කඳවුරු ජීවිතය තුලින් .ලංකාවේ මිනිස්සුන්ගේ නැතිම දෙයක් .ලංකාවේ හැම පාසලක්ම වගේ මේකට ජොයින් කරගෙන කරන්න පුලුවන්නම් ලොකු දෙයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site