IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගෝඨාභය රාජපක්ෂ කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය ජනගත වෙයි

(හර්ෂණ තුෂාර සිල්වා)

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත ‘ගෝඨාභය රාජපක්ෂ’ කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය සහ ‘පාතාලයෝ’ කෘතිය කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී අද (6) පස්වරුවේ එළිදැක්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙසත් සහභාගී වූහ.

කෘති ද්විත්වයේ මුල් පිටපත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනාහිමියන් ප්‍රමුඛ මහ සංඝරත්නයට පිරිනැමුණි.

එහි පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට පිළිගැන්වූයේ ඉන් අනතුරුව ය.

දිවංගත ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ බිරිඳ වන ලලී කොබ්බෑකඩුව මහත්මියට සහ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න මහතාගේ බිරිඳ වන මානෙල් විමලරත්න මහත්මියට ද ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතින් කෘති ද්විත්යේ පිටපත් පිළිගැන්විණි.

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට සහ කමල් ගුණරත්න මහතාගේ බිරිඳ වන චිත්‍රානී ගුණරත්න මහත්මියට ද කෘතියේ පිටපත් පිරිනැමුණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා මෙම උත්සවයේ මුඛ්‍ය දේශනය කළ අතර ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන විශ්ව රාජපක්ෂ මහතා, කමල් ගුණරත්න මහතා පිළිබඳ හැඳින්වීමක් කළේය.

මෙම අවස්ථාවට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජෙරී ද සිල්වා, විජිත යාපා ප්‍රකාශන සමාගමේ අධිපති විජිත යාපා සහ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්.එම්.කීර්තිරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

(ඡායාරූප  - ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (11)

ගෝඨාභය රාජපක්ෂ කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය ජනගත වෙයි

nishantha gamage Monday, 07 September 2020 12:09 AM

මේගොල්ලන්ගේ සංදර්ශන දැන් ඉතින් 69ලක්ෂෙට බලබලා ඉන්න තියෙන්නේ.

:       134       125

maxMonday, 07 September 2020 06:45 AM

69 ලක්ෂය වත් බලාපොරොත්තු නැති තරමට ගෝඨා මහතාගෙන් දේවල් බලාපොරොත්තු වෙනවා වගේ නිශාන්ත ගමගේ...

:       7       53

jayasiri hettige Monday, 07 September 2020 02:27 AM

විග්නේශ්වරන්ට හරි තොන්ඩමන්ගේ පුතාට හරි අලිසබ්රිට හරි කිව්වානම් ඕක දෙමල බසිනුත් එළිදක්වලා දෙයිනේ...

:       77       185

ana Monday, 07 September 2020 05:03 AM

පඬුරු...

:       57       123

Nuwan Monday, 07 September 2020 06:18 AM

මේවා තමයි හාමුදුරුවනේ දැන් අපේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ...

:       2       40

චමරි Monday, 07 September 2020 06:33 AM

හරි ෂෝක්. වෙනස සැපයි. දැන් ඉතින් පිටවල් කහගන්න දිහා බලාගෙන වහල්ලුන්ට සැනසෙන්න පුළුවන්.. සිංහරාජෙ කැපුවට ලේ රත් වෙන්නේ නෑ. විල්පත්තුවට විතරයි රිදෙන්නේ..

:       5       208

බද්රානි Monday, 07 September 2020 07:57 AM

පාලකයින්ට මුට්ටි අල්ලනවා නම් ඉතින් කොයි කාටත් යහතින් වැජඹෙන්න පුළුවන් නේද? අපිත් ඉතින් මේ නරි නාටක බලබලා ජොලියෙන් ජීවත් වෙනවා වෙන මොනා කරන්නද?

:       6       224

siri Monday, 07 September 2020 08:23 AM

ඔය පවුලේ අයට පමණයි ජනාධිපති වෙන්න පුළුවන් කියලා දැම්මා නම් සේරම සම්පූර්ණයි..

:       8       37

kamal Monday, 07 September 2020 11:07 AM

ප්‍රේමදාසත් ඒ කාලේ පොත් ලියවාගත්තා.. මම හිතන්නේ සිංදුත් ලියවාගත්තා වගේ මතකයි.

:       0       59

rohan mudannayake Monday, 07 September 2020 02:02 PM

මගෙන් උණුසුම් සුබපැතුම්...!!!

:       3       1

Champa Monday, 07 September 2020 07:08 PM

අනිත් හැමෝම ගැනම පොත් ලියවෙද්දී, ජාත්‍යන්තරයේ අනේකවිධ තර්ජන, ගර්ජන, බලපෑම් හමුවේ නොසැලී සිටිමින්, ජීවිත දහස් ගණනක් බිලිගෙන 34 අවුරුද්දක් පුරා තිබ්බ එල්ටීටී යුද්ධය ඉවර කරන්න නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන පොතක් නොලියවුනේ ඇයි කියලා මම 2015 ජනවාරි ඉඳන් තවම හිතනවා. කොන්දක් නොතිබිච්ච සිංහලයින්ට කොන්දක් දුන්නේ මහින්ද රාජපක්ෂ. යුද්ධය වෙනුවෙන් මහින්ද ජාතියට දුන් අභීත නායකත්වය ගැන ඇත්තටම පොතක් නෙමෙයි ලියැවෙන්න ඕනේ සංදේශ කාව්‍යයක්. "ගිරුවාපත්තුවේ සිට කිලිනොච්චියට" කියලා සංදේශ කාව්‍යයකුයි ලියැවෙන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site