(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 13 වැනි පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම්පොකුණ රඟහලේදී අද (13) පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් මෙන්ම ඉන්දියාව, චීනය, බංගලාදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව, මාලදිවයින, නේපාලය, ඕමානය, පකිස්ථානය, රුවන්ඩාව, සවුදි අරාබිය, සුඩානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල විදේශ නිලධාරීහු 157 දෙනෙක් ද උපාධිය ලබාගත්හ.
මෙහිදී පිරිනැමුණු ‘සේනා විධායක ගෞරව සම්මානය’ මේජර් රෝහණ ඒකනායක, කමාන්ඩර් ප්‍රශාන්ත් මිස්රා (ඉන්දියාව) සහ බලඝණ නායක ප්‍රණීත් කොඩිකාර යන නිලධාරීන් ද, ගෝල්ඩන් පෙන් සම්මානය මේජර් හරිත පාගොඩආරච්චි විසින් ද ගෝල්ඩන් අවුල් සම්මානය මේජර් රෝහණ ඒකනායක, ලුතිතන් කමාන්ඩර් රංගන අතුකෝරල සහ ස්කොඩ්රන් ලීඩර් ප්‍රණීත් කොඩිකාර විසින් ද දිනා ගන්නා ලදී.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) කමල් ගුණරත්න සහ ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනා විධායක මේජර් ජෙනරාල් ඩී. එන්. පී. එන්. දෙමටන්පිටිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය