IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හිමිවරු 100 නමක් ලේ දන්දෙති

(ප්‍රදීප් කුමාර)

යාපනය මහ රෝහලේ පවතින රුධීර හිඟයට පිළියමක් වශයෙන් කොළඹ සිට වැඩම කළ භික්ෂුන් වහන්සේලා සියක් නමක්   යාපනය දිස්ත්‍රික්කයේ දමිළ ජනතාව වෙනුවෙන් රුධීරය පරිත්‍යග කිරීම අද යාපනය ශික්ෂණ රෝහලේදී පැවැත්විණි.
 
මෙම වැඩසටහන මැදගොඩ අභය තිස්ස ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු විය.

කොළඹ සිට බස් රථවලින් යාපනය රෝහලට වැඩම කළ භික්ෂූන් වහන්සේලා මෙසේ ලේ දන් දුන්හ. භික්ෂූන් වහන්සේ පිරිසක් පැමිණ මෙසේ ලේ දන්දීම රුධිර අවශ්‍යතාවයෙන් පෙළෙන රෝගීනට විශාල අස්වැසිල්ලක් බව  යාපනය රෝහලේ ප්‍රකාශයෙක් පැවැසීය.


මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැදගොඩ අභයතිස්ස හිමියෝ ලේ දන්දීමෙන් පසු මෙසේ කීහ.


“යාපනය රෝහලේ රෝගීන්ට ලේ හිඟයක් නිසා යුද හමුදා සාමාජිකයින් ලේ දන්දෙනවා අප මාධ්‍යයෙන් දැක්කා.  භික්ෂූන් වහන්සේලා හැටියට අපත් කල්පනා කරා මේ අහිංසක රෝගීන්ට පිහිට වෙන්න“


“රටක් හැටියට අපි හැමෝම එකයි. උතුරේ සිට රට පුරා සිටින සෑම කෙනෙක් ගැනම අපි සොයා බලනව. ඔවුන්ගේ දුකේදී අපි පෙනී සිටිනවා. සංහිඳියාව කියන්නේ තවත් ජාතියක් පාගාගෙන තවත් ජාතික් ඉදිරියට ඒම නොවේ. මෙයයි සැබෑ සංහිඳියාව. අපි හැමෝම හදවතින් සමීපයි. කෙයි කාගෙත් දුකේදී ඔවුනට පිහිට වීම භීක්ෂූන් වහන්සේ හැටියට අපේ වගකීමක්. මෙහිදී අපි නියොජනය කළේ මුළු සිංහල ජාතිමයි“ යයිද අභයතිස්ස හිමියෝ පැවසූහ.

 


 



අදහස් (19)

හිමිවරු 100 නමක් ලේ දන්දෙති

adiri Sunday, 25 June 2017 11:35 AM

ලේ ඔච්චර හිග වෙන්නේ ඇයි හාමුදුරුවනේ‍?

:       6       20

dinesh Sunday, 25 June 2017 11:40 AM

හොඳයි.දෙමළ ජනතාවත් අපේම අයනේ... ඒත් ඉතින් මෙහෙම ගිහින් මොකටද දෙන්නේ?

:       230       16

janatha anura Sunday, 25 June 2017 08:22 PM

කෙනෙකුට තේ කෝප්පයක් දෙන්න අකමැති මසුරන් සිටින රටක හාමුදුරුවෝ ලේ දැන් දීම අගය කල යුතු වෙනවා ජාති බේදයක් එතන නැහැ

:       0       52

කපිල වසන්ත කුමාර Sunday, 25 June 2017 12:29 PM

හැම දේකටම ඉදිරිපත් වෙන්නේ හාමුදුරුවරුයි, ත්‍රිවිධ හමුදාවයි විතරයි. ඒත් කරන තරමක් හිරිහැර මේ දෙවර්ගයටම තමයි..

:       4       199

දිලාන් Tuesday, 27 June 2017 03:09 AM

කුල භේදය නිසා අසරණ රෝගියෙකුට ලේ ටිකක් නොදෙන්න තරම් පහත් තත්වයට වැටිලා ඉන්න මේ මිනිස්සු එක්ක සංහිඳියාව වගේ දේවල් වලට යාම මෝඩකමක්.

:       1       87

dewa Sunday, 25 June 2017 12:32 PM

කොයිකාටත් කල්ගිහිල්ලා හරි තේරුම් යාම බොහොම හොඳ දෙයක්...

:       72       192

ධම්ම Sunday, 25 June 2017 02:36 PM

ලෙයට ලෙය කකියනවා. අප කවුරුත් එකයි....

:       1       47

Ajantha. Sunday, 25 June 2017 03:52 PM

ඊ ළඟ කැබිනට් අනුමැතිය අනුව සිංහ ලේ, දෙම ලේ, මුස්ලිම් ලේ කියලා වෙන් කරන්නද?

:       105       33

Mewan Sunday, 25 June 2017 05:54 PM

හොඳ දේට හොඳයි කියන්නවත් හැදියාවක් අපේ සමහරක් අයට හැදියාවක් නෑ, මෙහෙම කළාම තමයි සිංහළ, දෙමළ, මුස්ලිම් හා අනෙකුත් සියලුම ශ්‍රී ලාංකිකයන් සියල්ලන්ම එකම රටක එක මවගේ දරුවන් වශයෙන් සහයෝගයෙන් ජීවත්වෙන්න හැකියාව ලැබෙන්නේ, මෙය හැමෝටම හොඳ උතුම් ආදර්ශයක්! තෙරුවන් සරණයි!!

:       0       29

janatha anura Sunday, 25 June 2017 08:20 PM

ද්‍රවිඩ ජනය හමුදාවට හෝ හාමුදුරුවන්ට නින්දා නොකරනවා ඇත කරන්නේ දෙසපලකයන් පමණි දත් දොස්තරවරු , නිරුපන කරුවන්න් නපුන්සකයන් ආගමට පරිබව කරනවා මේවා අනුමත කරන්නේ පාරම්පරික දේසපාලනය කරන අය පමණි ඔඋන්ගේ ආගම දේසපාලනය. නිසි පිළිතුරු චන්දයකදී අපෙන්

:       0       63

ranga Sunday, 25 June 2017 08:54 PM

සාදු සාදු සාදු....!!!

:       0       21

susantha Sunday, 25 June 2017 09:33 PM

යාපනයට වඩා බොහොම තදට කුල ක්‍රමය තිබුණු, කුල හිනයින් තලා පෙලපු සමාජයකට තමයි බුදු රජාණන් වහන්සේ වෙනස් මගක් පෙන්වා දුන්නේ. ඉතින් අද ඉන්න බුද්ධ පුත්‍රයන් වහන්සේලා කරන්නෙත් ඒකමයි! කුල ක්‍රමය නිසා ලේ නොදී ඉන්න යාපනේ ජනතාවට ඔන්න බුද්ධ පුත්‍රයන් වහන්සේලාගෙන් පාඩමක්.. උතුරු නැගෙනහිර අනතවාදීන්ට බුදු දහමින් උගත හැකි පාඩම් බොහොමයි!

:       0       114

vijitha Monday, 26 June 2017 12:50 AM

හාමුදුරුවරු ලේ පරිත්‍යාග කලේ, කුල භේදය නිසා උතරේ ජනතාව ලේ පරිත්‍යාග නොකිරීමෙන් රෝහල් වල ලේ හිඟයක් ඇති උන නිසයි . උන්වහන්සේලාට මගේ නමස්කාරය වේවා !

:       0       105

nuwan Monday, 26 June 2017 03:22 AM

ඉතාමත් ආදර්ශවත් කටයුත්තක්. මේ පිං ඔබ වහන්සේලා මතු නිවනට හේතුවේවා!!!

:       0       46

uddika Monday, 26 June 2017 03:32 AM

යාපනයේ උග්‍ර කුල බේදයක් තියෙන බව කවුරුත් දන්නා කරුණක්. ඉතින්, මෙවැනි ක්‍රියා ඉතාමත් හොදයි. නමුත්, යාපනයේ ජාතිවාදය වපුරන පත්තර සහ ටී එන ඒ එක මෙය කොහොම බාර ගනීද කියා ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔවුන් වපුරන ජාතිවාදය සහ අන්තවාදය උතුරේ සමහරක් ද්‍රවිඩ ජනතාව ප්‍රතික්ෂේප කලත්, බහුතරයක් (නව පරපුර ) ඉන්නේ ටී එන ඒ එකත් එක්ක. ඉතින්, අපට පුලුවන්නම් දකුණේ ජනතාව ම්ලේච්චයන් නොව සහෝදර ජනතාව කියා, මොකා මොනා කීවත් ඔවුනුත් අපට ආදරය කරයි.

:       0       41

රූපසිංහ Monday, 26 June 2017 09:30 AM

ටී.එන්.ඒ. එක මේ පිළිබද මොන විධියේ ප්‍රතිචාරයක් පල කරාවිද කියල බලන් සිටිමු. නිහඬව සිටිනවා කියන්නේ.... ඵල ප්‍රයෝජන ලබන පිරිසක් පමණයි කියන එකනේ....

:       0       22

shyamali Monday, 26 June 2017 04:37 AM

අපේ ලංකාවේ මේ ඇති වෙලා තියන ප්‍රශ්න හොඳටම ඇති. දැන්වත් අනුන් පාගාගෙන නැගිටින්නේ නැතුව අපි හැමෝම සමගියෙන් සාමයෙන් එකා වගේ නැගිටිමු. යාපනේ අපේම සහෝදරයිනි දැන්වත් වර්ග වාදය නවත්වා සිංහල, දමිල, මුස්ලිම්, ක්‍රිස්තියානි අපි හැමෝම එකට එකතු වී මේ ප්‍රශ්න වලට මුහුණ දෙමු. ස්වාමින් වහන්ස, ඔබ වහන්සේලා මේ කල සද් ක්‍රියාව අපි මහත් සේ අගය කොට සලකනවා. ඔබ වහන්සේලාටත් වීරෝදාර රණවිරුවන්ටත් මුළු මහත් ශ්‍රී ලංකා වාසී අප සැමගේ ප්‍රණාමය... !!! තෙරුවන් සරණයි.

:       0       11

rohinie Monday, 26 June 2017 08:29 AM

හාමුදුරුවෝ 100 ක් යාපනේ යන්න ඕනෑද ලේ දෙන්න​. ඕක කොළඹ දී ලේ දීල ඒවා එකතු කරලා යවන ක්‍රමයක් හදන්න​ කටයුතු කලොත් හොඳ දෙයක් ... ඒකත් සෝභන වැඩ වශයෙන් කිරීමයි දුක​. මාස 4 කට වරක් ඔය දේ කරන්න පුලුවන් නේ. ඒක ඒ හාමුදුරුවන් වහන්සේලාගේ සෞඛ්‍යයටත් ඉතා හොඳයි. ඔය දේ මහ රෝහලේ කළ හැකියි නේද​? පිට රටින් ලේ ගෙනෙන එක පවා අඩු කල හැකි ඉතා හොඳ ක්‍රියාවක්....

:       945       136

SamanTuesday, 27 June 2017 02:09 AM

මතක තියා ගන්න උග්‍ර ලේ හිඟයක් තිබුනේ. කොළඹින් අනන් මනන් කර කර ඉන්න වෙලාවක් තිබුනේ නෑ. ඒකයි වුනේ. ඒ නිසා මැතිනියණි, මීට පස්සේ උම්බෑ කියන්න කලින් පොඩ්ඩක් හිතන්න.

:       1       70

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site