IMG-LOGO

නව බදු පනතට එරෙහිව ජනතාව දැනුම්වත් කෙරේ

(ඡායාරූප හා වීඩියෝ - රොමේෂ්  ධනුශ්ක සිල්වා )

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව බදු පනත මගින් මහජනතාව පීඩාවට ලක් වෙන බැවින් වහාම එය හකුලා ගන්නා ලෙස බල කරමින් හා එම පනත පිළිබඳ ජනතාව දැනුම්වත් කරමින්  ජනතා විමුක්ති පෙරමුණ අද(29) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදීය.

මෙම පනත මගින් ඕනෑම වෘත්තීයක නියැලෙන පුද්ගලයකු හෝ කුමන ක්‍රමයකින් මසකට රුපියල් 50,000කට  වඩා අදායම් ලබයි නම් රජයට බදු ගෙවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ මෙහිදී පැවසූහ.

මෙවන් අසාධාරණ බදු පනතට එරෙහි වන ලෙසත් ආණ්ඩුවට එය දැනෙන්නට සලස්වන ලෙසත් ඔවුහු මහජනතාවගෙන් ඉල්ලා සිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ .ඩී .ලාල්කාන්ත , බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල යන මහත්වරු ඇතුළු පක්ෂ සාමාජික සාමාජිකාවෝ පිරිසක් මේ අවස්ථාවට එක්වූහ . 

 



අදහස් (8)

නව බදු පනතට එරෙහිව ජනතාව දැනුම්වත් කෙරේ

naradha Tuesday, 29 August 2017 09:00 AM

ජනතා විමුක්ති පෙරමුනේ චින්තනයට අනුව ජනතාවට අවශ්‍ය රෝහල් සේවාව, රෝගීන්ට අවශ්‍ය බෙහෙත්, ප්‍රාථමික සිට විශ්ව විද්‍යාල දක්වා අධ්‍යාපන අවශ්‍යතා, සියලු යටිතල පහසුකම් නොමිලේ සැපයිය යුතුයි. බදු අය නොකර, ඔවුන් මේ සේවාවන් සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්නට යෝජනා කරන්නේ කෙසේද? ඔවුන් යෝජනා කරන්නේ මේ සේවාවන් සඳහා තව තවත් පිට රටින් ණය ගැනීමද?

:       128       251

HafeelTuesday, 29 August 2017 09:49 AM

නාරද, පිට රටින් ණය ගන්න ඕනත් නැහැ, මෙවැනි අසාධාරණ බදු බර ජනතාවට පටවන්නත් ඕන නැහැ, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ සහ ඔවුන්ගේ හිත මිතුරන්ගේ වියදම අධුකරමින්, ඔබ කිව්වා වගේ අර රෝහල්, අධ්‍යාපන, යටිතල පහසුකම් වැනි දේවල්ට ඕන තරම් සහන දෙන්න පුළුවන්. අපිට පේනවනේ පහුගිය රජයට දොස් කියමින් අද සිදුවෙන දේවල්.

:       214       181

bandara Tuesday, 29 August 2017 09:35 AM

මේකේ අසාධාරණයක් තිබෙනවා 100000.හෝ 11/2 පොඩි වාහනයක් එලවනි මිනිසෙක් ඉතාම මහන්සියෙන් උපාය ගන්න මුදලක් නිසාත් මෙතරම් ඇමති මණ්ඩලයක් නඩත්තුකිරීම දුප්පත් අයට කරන අසාධාරණයක්.

:       103       58

lal Tuesday, 29 August 2017 10:41 AM

ජනතා විමුක්ති පෙරමුණ වරද්දා ගත්ත, පනත කියවලද දන්නේ නැ ප්‍රසිද්ද විවාදයකට සුදානම් මේ පනත නිසා බදු අඩුවෙන බවටත් නොගෙවන පිරිස කොටුවෙන බවටත් .අනුර කුමාර හරි ඕන කෙනෙක් සමග

:       101       59

priyanka Tuesday, 29 August 2017 10:52 AM

ජනතා විමුක්ති පෙරමුණට එයාලගේ ගෝලයෝ ලනුවක් දීල ,ඔය වගේ බොරු කියන්න එපා .ජනතා විමුක්ති පෙරමුණ පිරිහෙනවා

:       111       207

chamara Tuesday, 29 August 2017 11:28 AM

ජවිපෙ එක හැමදේටම විරුද්ධ වෙනවා මිසක් කවදාවත් තර්කානුකුල සංඛ්‍යාත්මක ප්‍රතිපත්තියක් යෝජනාවක් ඉදිරිපත් කරගන්න බැරි පක්ෂයක්

:       2       21

nuwan Tuesday, 29 August 2017 12:11 PM

මට නම් හිනත් යනවා මෙයලම හොදයි කියනවා වෙලාවකට නරකයි කියනව අනේ මන්ද ජේ වී පී එක ගැන කිසිම විස්වාසයක් තියන්න බැ.

:       0       68

darshana Tuesday, 29 August 2017 12:40 PM

හැමදාම ඔය කොටුව දුම්රිය ස්ථානය ඉස්සරහනේ කොළ බෙදා බෙදා ඉන්නේ. පාසලක් ඉස්සරහ බෙදුව නම් ළමයි ටික ගෙදර ගිහින් සමාජ ජාල වල දල හොදට දැනුවත් කරයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site