IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඥානසාර හිමියෝ ආගමික වතාවත්වල නියැලෙති

(ලහිරු හර්ෂණ)


ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඇප ලබා හෝමාගම අධිකරණයෙන් පිටතට පැමිණ අධිකරණය ආසන්නයේ පිහිටි විහාරස්ථානයකට ගොස් ආගමික වතාවත්හි නිරත වුහ.


උන්වහන්සේ පිළිගැනීමට එම ස්ථානයට පැමිණ සිටි බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස  විසින් පාවඩ එලා හේවිසි හඬ මධ්‍යයේ ඥානසාර හිමියෝ  විහාරස්ථානයට කැඳවාගෙන යනු ලැබුහ.



අදහස් (67)

ඥානසාර හිමියෝ ආගමික වතාවත්වල නියැලෙති

sirimal Friday, 22 June 2018 11:51 AM

දැන් අපේ ස්වාමීන් වහන්සේලාට ජංගම දුරකථන භාවිතය ත්‍රිපිටකය භාවිතයට වැඩිය අත්‍යාවශ්‍ය වෙලා වගෙයි පෙනෙන්නේ. සංඝයා වහන්සේ අතර විනය සහ ගුණාත්මක භාවය මහපාරේ බීමත්ව වාහන එලවන තැනට වැටි ඇති තරමට අඩුවීම ඇතුළු මේ වින්නැහි සේරටම ඕකත් එක හේතුවක්.

:       11102       1591

samFriday, 22 June 2018 10:11 PM

සිරිමල්, ඔබ හරි... බීමතින්, රියදුරු බලපත්‍රයක් නැතිව, වාහනයක් පදවා, පදිකයෙකුට බරපතල තුවාල සිදුකර, එම චෝදනාවන් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර (සියලු නඩු තීන්දු ලබා දෙන්නේ එහෙමයි) දඬුවම් ලබපු හාමුදුරු කෙනෙකුට එම නිකාය කරවන මහානායක හෝ අධිකරණ සංඝ නායක හිමිවරුන් දුන් දඬුවම මොකක්ද? දඬුවමක් නොදීමෙන් කියවෙන්නේ ඉහත වැරදි විනය පිටකයට අනුකූල බවද? බුදු දහමට හා ශාසනයට වෙනත් ආගමිකයින් කරන හානිවලට වඩා විශාල හානියක් කරන්නේ කව්ද කියා... මේ අනුව තේරුම් ගන්න පුළුවන් නේද?

:       0       59

Ronny DiasSunday, 24 June 2018 01:17 PM

මෙහි කොමෙන්ට් කරන හැමෝගෙන්ම කරන ඉල්ලීමක්. ලී ක්වාන් යූ විසින් ලියන ලද From Third World to First: The Singapore Story: 1965-2000 පොත හොයාගෙන කියවන්න. ඔය මෙගා වලට නිව්ස් වල දේශපාලන වල්පල් වලට යොදවන කාලය යොදවා මේ පොත කියවන්න. බොහෝ දේ ඉගෙන ගත හැක. (මෙය සිංහල බසට පරිවර්තනය වී ඇද්ද කියා නොදනිමි) අපේ මිනිස්සු මෙගා ටෙලි වලට වහල්වෙලා, ස්ටාර් ෂෝ වලට වහල්වෙලා, 7.30 නිවුස්, 12.30 නිව්ස් , 8.30 නිව්ස් වලට වහල් වෙලා.ජාතික මමත්වයෙන් උන්මන්තක වෙලා. ලංකාවේ ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ කියල අමතක වෙලා, ජාති ලෙස බෙදිලා, ආගම් ලෙස බෙදිලා, පක්ෂ ලෙස බෙදිලා. මෙනිසා තමයි ලංකාව තාමත් එක තැන පල්වෙන රටක් වෙලා තියෙන්නෙ. ලෝකේ Global Passport Power Rank 2018 වලට අනුව සිංගප්පුරුව තියෙන්නේ පළමු තැනට. දෙවන,තෙවන තැන් ජර්මනිය, ස්වීඩනය, ප්‍රන්සය, ජපානය වගේ රටවල්. හතරවෙනි කාන්ඩේ ඇමෙරිකාව,කැනඩාව, මලයසියාව වගේ රටවල්. ශ්‍රී ලංකාව 87 වෙනි තැන. මාලදිවයින 52 කාන්ඩේ. බලන්න අපේ රට මොනතරම් පහලද, එදා අපටත් පහලින් තිබුණ සිංගප්පුරුව අද අමෙරිකාවත් පසුකර ඉදිරියෙන්. දැන්වත් අපි බුද්ධිමත්ව හිතමු. පටු අදහස් දුරලමු.

:       0       46

AsankaMonday, 25 June 2018 05:49 AM

ඔය සුද්දන්ගේ දර්ශක වල අපිට ලැබෙන්නේ පහලම අගය තමයි , කළු සුද්දන්ට ඕවා ලොකු වුනාට අපි 2500 වසරක සාඩම්බර ඉතිහාසයක් තියන කාටවත් යටත් නොවුන ජාතියක් , වැවයි දාගැබයි ගමයි පන්සලයි සංකල්ප වලින් පෝෂණය වුන, අපිව පාරධින කරන්න කළු සුද්දන් තමයි උත්සහ කරන්නේ.

:       151       26

dumindaMonday, 25 June 2018 12:26 PM

අවුරුදු 2500 ගැන පුරාජේරුකම් කියකියා තව 2500 - 3000ක් වත් මෙහෙම ඉන්නයි තියෙන්නේ... ඔහොම යං

:       0       91

dhamneth Friday, 22 June 2018 11:56 AM

ආගමික කටයුතුවල යෙදී විනයධර භික්ෂුන්වහන්සේ නමක් ලෙස හිටියා නම් ඔය ප්‍රශ්න මොකුත් ඇතිවන්නේ නැහැ. පැරැණි කතාවක් තියෙනවානේ... බල්ලගේ වැඩේ බුරුවා කරන්න ගිහින් අත්කරගත්ත ප්‍රතිඵල ගැන....

:       11623       2223

BamunuarachchiFriday, 22 June 2018 10:31 PM

දැන් ජාතිය ආගම වෙනුවෙන් කලයුතු වැඩේ කලයුතු අය ඒවැඩේ නොකර, කරන්න හදන අයට බුරන බවයි මෙතන පෙනෙන්න තිබෙන්නේ. එමනිසා "බල්ලා පිදුරු කනගොනාට දෙන්නෙත් නැහැ" කියන කියමන මතක්කර දීමට සිදුවෙනවාය. "ඌරන් කැකුණ තලනවිට හබන් කුකුලන්ට රජ මගුල්" කීවාසේ සිංහල බවුද්ද කියා ගන්නා සම හරක් බෞද්ධ භික්ෂුවකට බැනීම සිංහල බෞද්ධයාට විනකරන ජාතීන්ට නම් සතුටට කරුණකි.

:       0       1

සමන්ත Monday, 25 June 2018 01:14 PM

මෙවැනි සිදුවීම් උපයෝගී කොටගෙන වීරයන් බිහිකිරීමට උත්සාහ දරන, නීතිය පහළට දැමීමෙන් බුදු දහමත්, ජාතියත් නගා සිටුවිය හැකි යයි සිතන අයට තමන්ගේ අවශ්‍යතාවය ඉටුකර ගෙන ඉක්මනට නිවන් දැකීමට ලැබේවා!!! ඒ යනවිටත් අවුරුදු 2500 රැගෙන යාමට ලැබේවා.

:       0       2

jayasekaraSaturday, 23 June 2018 06:44 AM

රට, ජාතිය අනතුරක වැටෙන වෙලාවක විනයධර භික්ෂූන් වහන්සේ කෙනෙක් ලෙස කට පියාගෙන හිටියොත් හොඳට හිටියි... මේ රටේ පාලකයෝ ජාතියට සම්බුද්ද ශාසනයට වින කටිනකොට " බල්ලාගේ වැඩේ බුරුවාට කරන්නම වෙනවා" ...ධම්නෙත් ... ලංකා ශාසන ඉතිහාසය .... මහාවංශය... කන්ද උඩරට ඉතිහාසය පොත් ටික බලන්න.....එතකොට කව්ද බල්ලන් කව්ද බුරුවන් කියලා තේරේවි ..

:       528       27062

DarshanaSunday, 24 June 2018 10:04 AM

ජයසේකර ඔබ හරියට හරි...

:       111       51

banda Friday, 22 June 2018 11:59 AM

මෙම නූගත් ජාතියක් ලෝකේ කොහෙවත් නැත. ජපානයත් බෞද්ධ රටක්... එහෙ භික්ෂූන් වහන්සේලා මෙලෙස හැසිරෙන්නේ නැත.

:       4120       1366

roshan prananduFriday, 22 June 2018 02:31 PM

ලංකාවේ මිනිස්සු දුක්විදින්නේ මෝඩකම නිසයි.

:       901       191

erdiSaturday, 23 June 2018 08:20 AM

අනේ අනිච්චං රුපියල් දාහක දඩේ ගෙවාගන්න බැරි එකාට ඇපත් නැහැ නඩුත් නැහැ අවුරුදු දෙක තුන හිරේ.

:       426       146

arkunSaturday, 23 June 2018 02:08 PM

ලංකාවේ වගේ බුද්ධාගමට තර්ජන ජපානයේ නැත. හේතුව, සංඛ්‍යා ලේඛන අනුව ජපානයේ බෞද්ධයන්ගේ ගණන 35% අඩුවීමයි. බුද්ධාගම එහි නැගී එන ආගමකි. 52%ක් ශින්ටෝ ආගමයි. ජපානයේ තිබෙන මහායාන බුද්ධාගමද අපේ ථෙරවාද බුදු දහමට වඩා වෙනස්.

:       34       466

banda Saturday, 23 June 2018 06:50 PM

අනේ විකාර මහතයෝ එදා වෙල කන්න නැතුව මිනිස්සු ඉන්නවා මේ මොන විකාරද තව අවුරුදු 100 යක් ගියත් ලංකා ව ඔතනම තමයි

:       653       253

ප්‍රියාන් Friday, 22 June 2018 12:15 PM

පුවත දැකලා හරිම දුකක් දැනුණා. නමුත් එතන හිටපු සොච්චම් මිනිස්සු ප්‍රමාණය දැකලා සතුටක් දැනුණා.

:       902       868

අසාර් Friday, 22 June 2018 02:02 PM

පුවත දැකල සතුටු හිතුනා. පිරිස දැකලා උපේක්ෂාවක් ඇතිවුණා. අපි එතනට නැවට හදවතින් එකතු වුණා.

:       241       629

PA - RA Friday, 22 June 2018 02:48 PM

රටේ ශක්තිය, බලය,

:       198       452

nimal perera Friday, 22 June 2018 02:55 PM

අනේ මම දන්නේ නැහැ මොන ලංකා නීතියද කියලා !!!

:       610       338

hieunikaka Friday, 22 June 2018 03:41 PM

මේ යහපාලන ආණ්ඩුවේ වැරදි කරුවන්ට දඬුවම් දෙනවා කියලා බලයට අාවා ... කෝ ඒ පොරොන්දුව.

:       413       323

Chanak Los angelesSaturday, 23 June 2018 01:45 AM

ඉතින් මේ දුන්නේ.... අවුරුද්දේ දවස් දෙකක් ගෙවිලා යන්නේ...

:       0       1

Chanak Los angelesSaturday, 23 June 2018 01:45 AM

ඉතින් මේ දුන්නේ අවුරුද්ද දවස් දෙකෙන් ගෙවිලා යන්න.

:       0       1

kamal Friday, 22 June 2018 03:42 PM

අපොයි මෙහෙම රටක්ද ශ්‍රී ලංකාව...?

:       442       207

janaka Friday, 22 June 2018 03:44 PM

අබුද්ධස්ස කාලේ යහපාලනේද මේ...?

:       472       143

නිර්මල Friday, 22 June 2018 03:56 PM

"මහණෙනි යොදුනක් දුරට හොඳින් හඬ පැතිරෙන මහානර්ඝ බෙරයක් ඇත. මෙය වාදනය කරනවුන් බෙරයේ හඬෙන් මත්වෙයි. හොඳින් හඬ නැගෙන බෙරයේ අයිතිය තමන්ට ලබාගැනීමට තමන්ගේ නම යෙදු ඇණ බෙරයේ හමෙහි ගසයි. ඇණ ගසන ගසන වාරයක් පාසා බෙරයේ හඬ බාල වේ. අවසානයේ මුල් බෙරයේ හඬ ඇසීමට නොලැබේ. මහණෙනි මෙලෙසින්ම අනාගතයේ මාගේ ශාසනයේ පහළ වන භික්ෂූන් ධර්මය ලෙස අධර්මයක් පතුරවයි. ධර්මය සඟවා තමන්ගේ මතය දක්වයි. මෙලෙස කාලය ගතවී ලෝසතුන් හට ධර්මය ශ්‍රවණය කිරීමේ අවස්ථාව නොලැබී යයි. "... බුදුන් වහන්සේ

:       686       806

කුමාර් (ගල්ෆ්) Friday, 22 June 2018 04:01 PM

කොතලාවල මහත්තයා කීවා, "මම බැඳපු අය බණ්ඩාරනායක නිදහස් කරාකියාලා" අන්තිමට ඒ අය තමා බණ්ඩාරනායක මහත්තයාට රට කරන්න නොදී වදදුන්නේ....

:       830       1108

upali Friday, 22 June 2018 04:09 PM

බෞද්ධ දර්ශනය මේ රටෙන් ඈත් කරන්නේ සංඝයා වහන්සේලා විසින්මයි. වෙනත් ආගම විසින් නොවෙයි.

:       501       303

V.warnakulasuriyaSaturday, 23 June 2018 09:56 AM

ඔබේ අදහස නිවැරදියි. භික්ෂූන් වහන්සේලා, භික්ෂූත්වය ආරක්ෂා කරන්නේ නම් ධර්මය රැකෙනු ඇත. ඥානසාර හිමියන්ගේ ක්‍රියාකලාපය බොහෝ බෞද්ධයින්ගේ පවා පිළිකුලට ලක්වී ඇත. එය එසේ නම් අපි ලෝකවාසී ජනතාව දිනා ගන්නේ කෙසේද? අද රෝමානු වතිකානුව කරුණාව කියන සාධකය ගෙනයමින් ලෝකවාසී ජනතාව සුවපත් කරමින් සිටී. බුදුන්ගේ ධර්මය ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයින් සඳහා පමණක්ද? ලෝකවාසී ජනතාව ඉදිරියේ අපේ ධර්මය ගැන කියන්න අපට මේ භික්ෂුන්වහන්සේලා ඉඩ තබා නැති බව කියන්නේ ඉතා කණගාටුවෙනි. කෙනෙකුට බුදුන්ගේ ධර්මය ආරක්ෂා කරන්න අවශ්‍ය නම් එය කළයුත්තේ ධර්මයෙනි. වෙනත් ක්‍රමයකින් එය කළ යුතුවන්නේ නම් චීවරයෙන් බැහැරව නිදහස ඇත.

:       361       28

kaanthi Friday, 22 June 2018 04:40 PM

මෙහෙම රටක්.

:       438       65

jerami Friday, 22 June 2018 06:57 PM

ලැජ්ජාවේ පණ යනවා මේවා දක්කම්. වෙන මොනවා කියන්නද?

:       0       18

Mahee Friday, 22 June 2018 07:26 PM

ඉඳහිට හෝ බුද්ධාගම මතක් වෙන්න ඉතින් මෙහෙම අැබැද්දියක්ම වෙන්න ඇති...

:       0       3

Bamunuarachchi Friday, 22 June 2018 10:07 PM

අපේ හාමුදුරුවනේ, කෙලෙහිගුණ නොදන්නා ගුණමකු සිංහලයෝ කවදත් අපි අතර සිටියා. ඒත් බෞද්ධ ජාති හිතෛෂී ජනතාව ඔබ සමග බව පෙනුණා නේද? 2020 වෙනතුරු හැල්මෙන් යමු.

:       32       26

Bamunuarachchi Friday, 22 June 2018 10:43 PM

ඒක අපි 2015 දීත් කලා.

:       5       0

Bamunuarachchi Friday, 22 June 2018 11:09 PM

නිර්මල ඔබට පෙනෙනවාට වඩා බොහෝ ඈත මේ භික්ෂූන්ට පෙනේ අපිටත් පෙනේ. අපේ හාමුදුරුවනේ නිවට සිංහලයින්ට අනුකම්පා කොරන්න. හන්දියක් හන්දියක් ගානේ මස්කඩ ඉල්ලන ආගමිකයින්ගේ ආගමික වතාවත් කිරීමට පන්සල් භූමිය දෙන චීවර දාරීන් ඉන්න රටක ඔබ වැන්නවුන් ජාතියට ආගමට ශක්තියකි.

:       4       33

සමන්ත Saturday, 23 June 2018 12:31 AM

යහපත් මිනිසුන්ට යන එන මන් නැතිවෙයිද?

:       0       1

Chanak Los angeles Saturday, 23 June 2018 01:38 AM

හිංසාවට, ජාතිවාදයට නිර්මල බුදුදහම උපයෝගී කරගන්නා ආකාරයයි..

:       26       1

lalithsjm Saturday, 23 June 2018 03:42 AM

රට ජාතිය විනාශ වෙන කොට පෙරමුණ ගත්තේ රජ කාලේ පටන් බික්ෂුවම තමා. මුන්නාන්සේගේ වැරදි තිබ්බත් මුන්නාන්සේ ඒ වගකීම නිවරදිව කලා. ඒක ඉවසගන්න බැරි බෞද්ධ විරෝදීන් මඩ ව්‍යාපාරයක් මුන්නාන්සේට විරුද්දව කරනවා. මතක තිය ගන්න බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ කියලා.

:       1       30

Palitha Saturday, 23 June 2018 03:52 AM

අඥාණ මිනිසුන් ගේ හඞ බල්ලන් ගේ උඩබුරැලැමට වඩා අපුලය.

:       4       1

lalithsjm Saturday, 23 June 2018 04:48 AM

තමන්ගේ ජාතිය, ආගම වෙනුවෙන් හඬ නගන බෞද්ධ නොවන අනිත් ඕනෑම ජාතිකයෙක් වීරයන්ය. ඒ ජාතිය ඔහුට හෝ ඇයට එසේ සලකන බව කුරිරු ඝාතක ප්‍රභාකරන් හොඳම නිදසුනයි.

:       74       542

Saman Saturday, 23 June 2018 04:50 AM

පාවාඩයේ මල් කවුරුවත් දැම්මද? එයාම දා ගත්තද ?

:       535       50

Shan Saturday, 23 June 2018 06:36 AM

දැන්වත් බුදුදහමට නිගා කරන්නේ නැතුව සිල්වත්ව ඉන්න මොලේ පාවිච්චි කලොත් හොඳයි.

:       1       3

Perumal Saturday, 23 June 2018 07:09 AM

මට වමනෙට එනවා. පස්සේ කමෙන්ට් කරන්නම්...

:       3371       704

කරුණාපාල Saturday, 23 June 2018 09:20 AM

වමනේ ගොඩට ලංකාවේ මිනිස්සු දක්වන රුචිය දැකලා මටත් බඩේ අමාරුව හැදුණා පෙරුමාල් මහත්තයෝ... අසුචි ගොඩවල්වලට නිල මැස්සෝ පොරකකා වහනවා අපි මීට පෙරත් දැකලා තියනවා මහත්තයෝ...

:       1009       552

BamunuarachchiSaturday, 23 June 2018 06:12 PM

එහෙම කියන්න එපා මහත්මයෝ පෙරුමාල විලිරුදාවද දන්නේ නැහැනේ

:       168       1003

padminiSunday, 24 June 2018 04:12 AM

මම දුටුව හොදම ප්‍රතිචාරය ......

:       426       3

amila Saturday, 23 June 2018 07:57 AM

හිරකාරයෝ ඔක්කොම එළියට දාන්න වෙයි.....................

:       424       18

ප්‍රීති Saturday, 23 June 2018 10:04 AM

දැන් ලංකාවේ ජීවත් වෙන්න සිදුවෙලා තියෙන්නේ... මුහුණු වහගෙනයි.

:       461       1

රොෂාන් Saturday, 23 June 2018 11:40 AM

බන්ධනාගාරය තුළ ජම්පරය අන්දවන්න නුසුදුසු අයට පැණි අමුඩය අන්දවන්න නීති සම්පාදනය කලැයි කියන කාරණය සත්‍යයක්ද?

:       458       144

banda Saturday, 23 June 2018 12:17 PM

දැන් එතකොට එක්නැලිගොඩ මහත්මියට සාධාරණය ඉටු වුනාද?

:       73       11

pjSunday, 24 June 2018 11:24 AM

එතුමියට සාධාරණය මේ වන තුරු ඉටුවී ඇත

:       0       36

කුමාර් (ගල්ෆ්) Saturday, 23 June 2018 03:56 PM

ආගමික වතාවත්හි නිරතවෙවී ඉන්නේ පල්ලි, දේවස්ථාන කඩන්න ගියානං ඉවරයිනේ !!!

:       747       1029

BamunuarachchiSaturday, 23 June 2018 06:09 PM

ඔව් එහෙම කරන්න වේවි ට්‍රම්ප් මහතා තවත් රටගැන හිතුවොත්.

:       164       466

Chanak Los angelesSunday, 24 June 2018 02:45 AM

ඔව් කියලා තිබුනේ පොඩි විවේකයක් ගත්තා කියල .. තව ටික කාලෙකින් සුපුරුදු හිංසා වැඩ වලට බහී .

:       253       520

BamunuarachchiSunday, 24 June 2018 05:30 AM

ට්‍රම්ප් මහතා වැඩ පටන් ගන්න අපි ඉවර කරන්නම්. එතකොට අපිට ඇඟිල්ල දික්කරන්න කෙනෙක් නැහැනේ.

:       110       143

lal Saturday, 23 June 2018 04:26 PM

ඔන්න බලාගන්න ගැහැණියකට උසාවියෙදී බැණ තර්ජනය කරලා උසාවියෙන් වැරදිකරු වූ පුද්ගලයෙකුට සලකන විදිය. මේවා අනික් අයටත් හොඳ පූර්වාදර්ශයක්!

:       424       64

ranjith Saturday, 23 June 2018 10:20 PM

එක හොද වැඩක් සිවුරේ ගෞරවය තියාගෙන ඉන්න එක ෙ

:       0       13

rocky Sunday, 24 June 2018 03:05 AM

ආගම ජාතිය ගැන කතා කර කර මෝඩ මිනිස්සුන් අවුස්සන මිනිස්සු තමයි අන්තිම හොරු. මොවුන් කරන්නේ දේශපාලන කොන්ත්‍රාත් එකක්!

:       416       17

BamunuarachchiSunday, 24 June 2018 05:05 AM

අපිට කමක් නැහැ අනිත් එවුන් ගැන අපට තිබෙන්නේ මෙරට විතරයි එමනිසා අපි එය පරිස්සම කරගෙන අපේ දරු මුණුබුරන්ට දිය යුතුයි.

:       149       420

pjSunday, 24 June 2018 06:37 AM

ආගම ජාතිය ගැන කතා කර කර මෝඩ මිනිස්සුන් අවුස්සන මිනිස්සු තමයි අන්තිම හොරු. මොවුන් කරන්නේ දේශපාලන කොන්ත්‍රාත් එකක්!

:       128       167

BamunuarachchiSunday, 24 June 2018 08:27 AM

ආගම, ජාතිය ගැන කතා කරකර මෝඩ මිනිසුන් අවුස්සන මිනිස්සු තමයි අන්තිම හොරු... අසුචි ගොඩේ ඉන්න පණුවාට එක සුරපුරයක්ලු එදා ආයුබෝවන්... ඔහෙටත් එහෙම දැනෙනවා ඇති නේද?

:       0       0

BamunuarachchiSunday, 24 June 2018 09:10 AM

සමහරක් පුරුදුවෙලා තිබෙන්නේ ඉන්නකන් දෙන දෙයක් කාල ඉඳලා මැරිලා යන්නනේ......... අපිට එහෙම බැහැ අපි අපේ දූ දරුවන්ටත් 2500 ආපු මේ සංස්කෘතිය ඉතිරිකරන්න ඕනේ. පාරම් පාරික ජාතින් හැමදෙනාම ලෝකේ එහෙම සිතනවා ඇමරිකාව කැනඩාවේ වගේ ඇසම්බල් කරපු ජාතීනට සංස්කෘති නැහැනේ.

:       148       324

kumar (galf) Sunday, 24 June 2018 10:19 AM

රටේ අවුරුදු 2500ට පෙර හිටපු මුල් අයිතිකරුවන්වූ වැදි ජනතාවට රට බාරදීලා බමුණුආරච්චි විජය පරපුරත් අරන් ආපහු ඉන්දියාවට යන්න.

:       110       666

Bamunuarachchi Sunday, 24 June 2018 08:24 AM

දන්නා දෙයක් කතා කරන්න... සර් ජෝන්ගේ කාලේ ඉපදිලාවත් හිටියද? ඒ කාලේ තිබුණු ආණ්ඩුවල හැටි දැනගෙන හිටියාද?

:       57       0

sudesh Monday, 25 June 2018 04:19 AM

ස්වාමීන් වහන්සේට රට ආරක්ෂාකර ගැනීමට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.!

:       82       0

Dalit Monday, 25 June 2018 10:37 AM

අපේ රටත් මුරුසිය හා ගුයානා වගේ වේවි. එහෙම පිටින්ම ඉන්දියානු කොලනියක්.

:       0       0

රවිඳු Monday, 25 June 2018 12:07 PM

මේ මාෆියා කල්ලිය, මේ රටින් වැනසෙන තාක්කල්, මේ රටට සාමයක්, සමාදානයක් කිසිදිනෙක ලැබෙන්නේ නැත.

:       0       5

DHAMNETH Tuesday, 26 June 2018 02:56 AM

අපේ මහා වංශය ලියා තිබෙන්නේ අතිසයෝක්තියෙන් හාමුදුරුවරු ලගින් ඇසුරුකල රජවරු ගැන ලොකු විස්තර ලියා තිබෙනවා. නමුත් රට එක්සත් කිරීමට බාධක මද මහත් වෙහෙසක් ගත් විජය බහු රජතුමා ගැන ඉතාම කෙටි විස්තරයක් තිබෙන්නේ. හාමුදුරුවරු ඉදිරියට ආවාට ලංකාවේ උපසම්පදාවවත් ආරක්ෂා කරගන්න බැරිවුණා අවස්ථාවක් තිබෙනවා. කොපමණ ආගමික සිද්දස්ථාන අභාවයට ගිහින් තිබෙනවද සතුරු කරදරවලින් නොවෙයි ඒවා සිදුවී තිබෙන්නේ. අපි කව්රුත් දන්නා 2009 අවසන්වු 30 අවුරුදු යුද්දයේදී පන්සලුත් හාමුදුරුවරුත් ආරක්ෂාකරමින් කටයුතු කලේ පොලිසිය ඇතුළු අපේ විරෝධාර හමුදා නොවෙයිද ? අදටත් යුද්දය පැවති පළාත්වල ආරක්ෂක හමුදා තමයි ඒ ඒ කාලයට හිටපු රාජ්‍ය නායකයාගේ උපදෙස් මත අදටත් අපේ ආරක්ෂක සේවා තමයි පන්සල් ගැන සොයා බලන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site