IMG-LOGO

කොරෝනාවෙන් බේරන්න ඖෂධ ගැල්වූ ඇඳුමක් පරීක්ෂණ මට්ටමේ

(එම්, සුසිල්  ප්‍රියන්ත)

කොරෝනා වයිරසය ආසාදනය නොවී බේරීම සිටීම සඳහා ,ඉතාමත්ම පැරණි දේශීය ආයුර්වේද ඖෂධ යොදාගනිමින් සකස් කළ  නව ඇදුමක්  නිර්මාණය කිරීමට අම්බලන්ගොඩ ප්‍රදේශයේ දේශීය ආයුර්වේද වෛද්‍ය හිමිනමක් සමත්ව සිටිති.
 
අම්බලන්ගොඩ තිලකපුර ශ්‍රි භද්දිය ආශ්‍රමාධිපති දේශීය වෛද්‍ය ලෙල්ලෝපිටියේ භද්දිය හිමියන් මේ නව සොයා ගැනීම සිදුකර ඇති හිමියෝය.

දැනට දශක කිහිපයක් තිස්සේ සිටම මෙරට ශාක පත්‍ර හා ශාක පොතු ,මුල් වර්ගවලින් තෙල් සිද රෝග ගනණාවකටම හෙළ ප්‍රතිකාර කරන භද්දිය හිමියන්  කොරෝනා ආසාදනයවීම වැළැක්වීම සදහා නිර්මාණය කර තිබෙන ඇඳුමට  ශාක පත්‍ර හා ශාක පොතු 75 වර්ගයක් පමණ භාවිතයට ගත් බව ඒ  හිමියෝ පැවසූහ.

අනතුරුව එය සිඳගෙන නව ඔසුවකින් සමන්විතවූ තෙලක් මේ සදහා භාවිතා කළ  බව හිමියෝ කීහ .
 
 සුදු කපු රෙද්දක්  නව ඔසු තෙලෙහි හොදින් ගිල්වා රෙද්දට තෙල හොදට උරා ගැනීමට සලැස්වීමෙන් පසු මේ රෙද්දෙන් කොරෝනා ආසාදනයවීම වැළැක්විය හැකි  පරිදි නව ඇදුම නිර්මානය කර තිබෙන බවත් මේ ඇදුම නිරෝධායනය සදහා යොමුකර ඇති අයට හා ඔවුන් සමඟ එකට සිටින අයට ඇන්දවීමෙන් මෙය අසාදනය වීම වළක්වා ගත හැකි වනු ඇති බවත්  භද්දිය හිමියන්ගේ විශ්වාසයයි.
 
මේ පිළිබඳව තමාට දැඩි විශ්වාසයක් පවතින බවද උන් වහන්සේ පැවසූහ.
 
මෙය අත්හදා බැලීමට ඕනෑම අයෙකුට හෝ ආයතනයකට මෙම ඇඳුම ලබාදීමට තමා කැමති බවද උන්වහන්සේ තව දුරටත් පැවසූහ .



අදහස් (4)

කොරෝනාවෙන් බේරන්න ඖෂධ ගැල්වූ ඇඳුමක් පරීක්ෂණ මට්ටමේ

vidya Thursday, 26 March 2020 03:02 AM

ස්වාමීන් වහන්ස.. මෙම ක්‍රමයටම නාසය සහ මුඛ ආවරණයක් සැදීමට පුලුවන්ද ?

:       0       9

lalithm Thursday, 26 March 2020 03:09 AM

මොනවා හරි කරන එක නොකරනවට වඩා හොඳයි. එහෙත් මේ ඇඳුමෙන් මුව නාසය ආවරණය වෙන්නේ නැහැනේ. ඒකත් හිතුව නම් හරි. ආරක්ෂාව ශරීරයට පමණක් සීමා කරන්න බැහැ නේද?

:       17       4

Siri Thursday, 26 March 2020 04:22 AM

මෙන්න නියම බුද්ධ පුත‍්‍රයෝ... මෙවැනි වටිනා දෙයක් කිරීම ගැන ගරුකළ යුතුයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි...

:       3       104

wimal Thursday, 26 March 2020 07:38 AM

අපේ හාමුදුරුවන්ගේ නිර්මාණය සහ සොයාගැනීම විශිෂ්ටයි. ඕා අපේ රටේ මිනිස්සුන්ට පයට පෑගෙන දුවිලි විතරවත් වටින්නේ නෑ. ඔබවහන්සේ ඕකට ටයි එකකුයි, සපත්තු කුට්ටමකුත් හදලා පෙට්ටියක දාා මේඩ් ඉන් ඉයුරෝප් කියලා ගහලා පෙන්වන්න එතකොට සමහරවිට බලාවී. අපේ මිනිස්සු මොනතරම් දේවල් සොයාගෙන ඉදීරිපත් කළාද ? ඒ මිනිස්සුන්ට මේ රටේ ඉන්න මැති ඇමතිලා සලකපු සැලකිල්ලට අද ඔවූන් ඉන්න තැන් සොයා ගන්නත් නෑ. ,අපි එතරම් ශ්‍රේෂ්ට ජාතියක්. ඔබ වහන්සේ උත්සාහයක යෙදෙන්න ඔය නව නිපයුම විදේශීය රටක මහත්මයෙකුට පෙන්වන්න මොකද ඔවුන් අපේ හෙළ වෙදකම ගැන දෑස යොමන් ඉන්නේ. අපිට ඉන්නේ සිංගප්රුවේ එළිසෙබෙත් එක ගැන දන්නා පිරිවරක්. අපේ හමුදුරුවන්ට මෙවැනි දෑ ඉදිරියටත් නිපදවීමට ශක්තිය,දිරිය, ලැබේවා ! අපේ ාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේා !

:       0       112

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 451 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 888 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site