





(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය ප්‍රාදේශීය සභා බළ ප්‍රදේශයේ සියලු නගර හා ජනතාව බහුලව ගැවසෙන පොදු ස්ථාන විෂබීජහරණයට ලක් කිරීම අද (23) කල්පිටිය ප්‍රාදේශීය සහාව විසින් සිදුකෙරිණි.
නොරොච්චෝල ලක් විජය ගල් අගුරු බළාගාරයේ ජල විදින යන්ත්‍රයක් මේ සදහා භාවිතා කර තිබිණි.
හෙට දින ඇදිරි නීතීය ඉවත් කිරීමත් සමගම එක් රැස්වන ජනතාව පිළිබදව සිතා මේ ක්‍රියාමාර්ගයන් ගත් බව කල්පිටිය ප්‍රාදේශීය සභා ලේකම් මංගල රාමනායක මහතා පැවසීය.
කල්පිටිය ප්‍රාදේශීය සභා ලේකම් මංගල රාමනායක,උප සභාපති විජිත ප්‍රනාන්දු,කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක ඇතුළු රාජ්‍ය නිළධාරීන් මේ අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd