හිරාන් ප්‍රියංකර ජයසිංහ
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ දිනවල පුත්තලම කලපුවේ අක්කර සිය ගණනක් සිඳී ගොස් තිබේ.
ධීවරයින් පවසන්නේ සෑම වසරකම අගොස්තු මාස වන විට පුත්තලම කලපුව ස්ථාන කිපයකදී අක්කර සිය ගණනක් සිඳී යාම දැක ගත හැකි නමුත් මෙවර තම රැකියාව කර ගෙන යාමට පවා නොහැකි වන ආකාරයට කලපුව සිඳී යාම බරපතලම තත්ත්වයක් බවයි.
කලපුවේ ජලය සිඳ යාම සති කිපයක සිට පැවතීම නිසා කලපුව තුළ වාසය කල ජලජ ජීවින් අතර කුඩා බෙල්ලන් ලක්ෂ ගණනින් මරණයට පත් ඇති ආකාරයත් කලපුවේ තැනින් තැන තිබු කඩොලාන ශාඛ ද දැඩි අව් රශ්මියත් ජලය නොමැති වීමත් සමග වියලී යමින් තිබේන ආකාරය දැක ගත හැකිය .
මේ තත්වය පුත්තලම කල්පිටි මාර්ගයේ පාලවිය පුංචි කලපුව සහ අනෙක් පසින් පිහිටි පුත්තලම කලපුවට ද තදින් බලපා තිබේ .
මේ පිළිබදව අදහස් දැක්වු ධීවරයකු වන එම් නිහාල් මාවතගේ මහතා මෙසේ පැවසීය.
“ මේ ආකාරයට පුත්තලම කලපුව කවදාවත් සිඳී ගිහින් නැහැ. දැනට අක්කර 400 ක් 500 කි විතර හිඳිලා ගිහින් තිබේනවා . අනික කලපුවට ජලය එන මර්ග සියල්ල වැසී ගිහින් තිබේනවා . හැමිල්ටන් ඇල මාර්ගය සම්පුර්ණයෙන් වසා දමා තිබේනවා . මේ ගැන කවුරුත් හොයා බලන්නේ නැහැ . කලපුව හිඳී යාමේන් පාඩුව තදින් බලපාන්නේ ධීවරයින් වන අපිට. මොකද මේ වන විට අපිට රස්සාවක් නැහැ. ඔරු ගාල් කරලා නිකන් ඉන්න තමා වෙලා තියෙන්නේ .‘‘
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වැසි නැතිව පුත්තලම කලපුවේ අක්කර සිය ගණනක් හිඳිලා
පුත්තලම නලින් හෙන්දුරුගොඩ Monday, 06 August 2018 05:07 AM
මේ වාරකන් කාලයට වඩදිය, බාදිය අවස්ථාවේ සාමාන්‍ය සිද්ධියක්. අපේ මාධ්‍ය මිත්‍රයා ආණමඩුවේ ජීවත් වෙන නිසා කලපුව ගැන අවබෝධ මදි ඇති... පුත්තලමේ අපි නම් මේ ගැන දන්නවා. මෙය ජලය නොමැතිකමක් නම් නෙමෙයි...