වර්ජන හා ගර්ජන සමාන්තරව නොයෙදෙන වචන දෙකක් වුවද වර්ජනයේ නිවුන් සොයුරා බවට ගර්ජනය පත්ව තිබේ. වර්ජනය වෘත්තීය අයිතියකි. වර්ජනය හරහා ආරක්‍ෂවට තර්ජනයක් එල්ල වෙන බව පවසමින් ගර්ජනය එයට ආදේශ වෙයි. එදා සිදුවූයෙත් අද සිදුවන්නේත් එයයි. ක‍්‍රමය පවතින තුරා වර්ජනය එනු ඇත. ගර්ජනද එනු ඇත. කොලොන්නාව තෙල් සංස්ථාවේ ඉකුත් දා ඇතිවූ වර්ජනය දා ගත් සේයාරුව එයට නිහඬ සාක්‍ෂියකි.

 

සේයාරුව : ගයාන් අමරසේකර
පරිගණක පිටු සැකසුම : විරාජ් ඩිල්ෂාන්