(සමන් විජය බංඩාර)
මැතිවරණ නිතී කඩමින් ත‍්‍රිරෝද රථයක් උපයෝගි කරගනිමින් පළාත් පාලන මැතිවරණ අපෙක්ෂකයෙකුගේ පොස්ටර් ඇලවු පුද්ගලයකු පොස්ටර් තොගයක් සමග ඊයේ (8 ) රාත‍්‍රී 11ට පමණ හෙම්මාතගම ඕලාන ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගැනිමට හෙම්මාතගම පොලිසිය කටයුතු කර තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ පොස්ටර් රැගෙන ඒවා අලවමින් සිටි හෙම්මාතගම ප‍්‍රාදේශයේ පදිංචි සැකකරුවෙකි. අත්අඩංගුවට පත් වන අවස්ථාවේ ත‍්‍රීරෝද රථයේ ඔහු පමණක් සිට ඇති අතර පොස්ටර් තොගය සහ පොස්ටර් ඇලවිමට භාවිතා කරන ඇලවුම් ගම් වර්ගද එහි තිබී පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත. එම ප‍්‍රදේශයේ පොස්ටර් ඇලවු ස්ථාන කිහිපයක තිබු පොස්ටර් රාත‍්‍රීයේම පොලිසිය විසින් ගලවා ඉවත් කර එම ත‍්‍රිරෝද රථයද සැකකරු සමග අත්අඩංගුවට ගැනිමට කටයුතු කළ බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම පක්ෂයකින්ම අල්ලන්න. පාරේ තියනවා දැක්කොත්, නීතියෙන් ක්‍රියාත්මක කරලා නැතිනම් පොලිසියට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න.මොකද පොලිසියට හරියට උපදෙස් දීල තියෙනවනේ.
හෝමාගම දියගම විශාල කටවුට් සවිකර ඇතත් දැන්වීමි ගලවා නම් නැත
ලහිපිට දැන්වීමක් පළ කරන්නේ කෙසේද?