IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


’කතානායකගේ හැසීරිම අගය කළ යුතුයි ’


 
(නිමල කොඩිතුවක්කු)       

   
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ නොමනා හැසිරීම මැද කතානායක පක්ෂග‍්‍රාහී නොවී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ ව්‍යවස්ථාවට ගරු කරමින් කාටත් ආදර්ශයක් වෙමින් කටයුතු කිරීම පිළිබඳ මහා සංඝරත්නය ලෙස ඒ ගැන අපි ආඩම්බර වන බව අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මකුරුප්පේ ශ්‍රී රතනපාල රතනජෝති හිමියෝ කොළඹදී අද (19) පැවසූහ.


පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දිගින් දිගටම මේ ආකාරයෙන් නොමනා ලෙස හැසිරීමෙන් රටත්, ජාතියත් ආගමත් සම්බුද්ධ ශාසනයත්  විනාශ වන බවද උන්වහන්සේ සඳහන් කළේය.


සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ භික්ෂු  සංසදය  රාජගිරියේ පිහිටි එම කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ  මේ බව පැවැසූහ.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මකුරුප්පේ ශ්‍රී රතනපාල රතනජෝති හිමියෝ මෙසේද කීහ.


පොදු අපේක්ෂකයා විදියට පත්වුණු මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරමින් රට ගොඩනගාවි කියලා අපි කවුරුත් බලාපොරොත්තු වුණා. අද ඒ බලාපොරොත්තු බිඳවැටෙමින් තිබෙනවා.


පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීමත්  එක්ක බලපුවහම රට කොහාට යනවද කියලා අපිටම  හිතා ගන්න බැහැ. මහින්ද රාජපක්ෂ මහතාට  ඇයි මේක සාකච්ඡා කරලා විසඳ ගන්න බැරි.  


මේ අය සාකච්ඡාව සම්මුතිය  පැත්තකට දාලා ගැටුම්කාරී විලාසයක්  අනුගමනය කරමින් තමයි මේ ගමන යන්න හදන්නේ. රටත්, ජාතියත් ආගමත් සම්බුද්ධ ශාසනයත්  නැත්තට නැති කරන්නයි මේ අය කටයුතු කරන්නේ.



අදහස් (11)

’කතානායකගේ හැසීරිම අගය කළ යුතුයි ’

Cisco Monday, 19 November 2018 09:52 AM

කතානායකවරයා පක්ෂග්‍රාහී නොවී....????? මේ කියන්නේ කලින් හිටපු කෙනෙක් ගැන වෙන්ට.

:       1140       705

දිමුත් Monday, 19 November 2018 09:56 AM

මේ හාමුදුරුවොත් 'ඡන්දයෙන්' අගතියට ගිහින්...

:       278       817

සරදිඅල් Monday, 19 November 2018 10:31 AM

මාදුළුවාවේ සොබිත හාමුදුරුවෝ නැතිවූ පාඩුව. මල්වතු ඉහළම හාමුදුරුවෝ ස්වාධීනව ජනපතිට විසඳන ලෙස උපදෙස් දුන් සේක. මම මෙතෙක් හිතුවේ අස්ගිරි පාර්ශවය රාජපක්ෂවාදය කරන්නේ කියලා. මෙම ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මකුරුප්පේ ශ්‍රී රතනපාල රතනජෝති හිමියන්ට බලවත් ස්තුතිය. අපි ලක්ෂ 62 අය. ලක්ෂ 58 ගත් රාජපක්ෂට විරුද්ධව 2015 ජනවාරි 8 ජනපති අප සමග ගිවිසුම (වසර 5-6 ගිවිසුම) කඩකර ලක්ෂ 58 සමග සිටීම නිසා අපගේ සිවිල් අයිතිවාසිකම් කඩකර තිබේ. මෙයට කිසි කෙනෙක් (නීතිය දන්නා අය) නඩු නොදමන්නේ ඇයි? නිල වශයෙන් නොවූවත් මාධ්‍ය කැඳවා, ඔප්පු කරන සාධකයක් ලෙස පාර්ලිමේන්තුවේ වෙනත් කාමරයක 113 වැඩි දෙනා එකතුවී නමින් ඡන්දයක් ගෙන මුළු ලොවටම නොපෙන්වන්නේ ඇයි?

:       408       474

marudiyalTuesday, 20 November 2018 02:21 AM

අපිත් ඔය ලක්ෂ 62 කේ හිටිය, හැබැයි අපි ඡන්දෙ දුන්නේ හරි දේවල් කරන්ට, යහපාලනේ ඇති කරලා රටේ තිබ්බ දුෂණය නවත්තලා රට රාජපක්ෂ යුගයට වඩා 3 ගුණයකින් සංවර්ධනය ඉස්සරහට ගෙනියන්න. අන්තිමට මොකද උනේ, තිබ්බට වැඩිය හොරකම් කරලා, දුෂණය 3 ගුණයක් කරලා, රටේ තියෙන මරමස්ථාන, විකුනන්න හදනවා. වහාම ඡන්දයක් තියලා මේ අය එලවන්න ජනතාවට අවස්තාවක් දිය යුතුයි.

:       0       0

Bandula. Monday, 19 November 2018 11:23 AM

කතානායක පක්ෂයකට අදාල වැඩකරන එක හරි කියලද ඔය කියන්න හදන්නේ, නැත්නම් පටලුනාවත්ද? ඔබවහන්සේටත් ඡන්දය අගතියට යන එක නොපනිවගේ කතාකරන්නේ...... ඩොලර් වත්ද?

:       222       412

samank Monday, 19 November 2018 11:28 AM

සිවුර පඬුපොවලා තියෙන්නේ කොළපාටින් වගේ...

:       789       1060

Ratne Monday, 19 November 2018 01:57 PM

පොදු අපේක්‍ෂක ලෙස සිදුකරන ලද පොරොන්දුවලින්, තම වාසියට ඇති ඒවා (අගමැති තනතුර ලබාගැනීම, ජනපති බලතල අඩු කිරීම, විරුද්ධවාදීන්ට සත්‍ය හෝ අසත්‍ය චෝදනා එල්ල කිරීම..) ඉතා සතුටින් බුක්ති විඳි වික්‍රමසිංහ මැතිතුමා, රට සහ ජාතියේ අනාගතය වෙනුවෙන් සිදුකරන ලද පොරොන්දු අමු අමුවේ බිඳ දමන ලදී (සොරකම්, වංචා සිදුවීම හා වැළැක්වීමට කටයුතු හිතා මතා මගහැරීම, ණය ගෙවීමට යැයි කියමින් දිගින් දිගටම සම්පත් විකිණීම, දීර්ඝ කාලයකට බදු දීම, රණවිරුවන්ට එල්ල කරන ලද චෝදනා වග විභාගයකින් තොරවම පිළි ගැනීම, රටේ ජනතාව වෙනුවට විදෙස් සංවිධානවල අවශ්‍යතා ගැන පමණක් සිතා කටයුතු කිරීම). එහිදී ජනපති ලෙස තවදුරටත් බලා සිටීමට නොහැකිවීමෙන් අගමැති තනතුරට එජාපයේම සිටින සජීත්, කරු වැනි අයට අවස්ථාවක් ලබා දුන්නට පක්‍ෂය තුළ ඒකාධිපති ලෙස කටයුතු කරන වික්‍රමසිංහ මහතාට ඇති බිය නිසා එයද සිදු නොවීය. එහිදී පැවති එකම විකල්පය ලෙස මහින්ද මහතා ජනපති විසින් තෝරා ගන්නා ලදී. අනතුරුව සාධාරණභාවය උරගා බැලීමට ජනපතිතුමන් ජනතාව අතරට යෑමට තීරණය කළ නමුත්, හිටපු අගමැති හා කථානායකතුමන් විසින් විදෙස් තානාපතිවරුන්, රාජ්‍ය නොවන සංවිධාන ආදියේ උපදෙස් මත කරන්න.

:       6       168

Rane Monday, 19 November 2018 02:26 PM

දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ !!!

:       1       39

wasantha Monday, 19 November 2018 03:31 PM

මගේ ප්‍රණාමය.

:       208       204

disa Tuesday, 20 November 2018 12:22 AM

මෙතුමා උගත් බුද්ධිමත් වගේම වංචා දුෂණයෙන් තොර මහත්මයෙක්

:       0       0

[email protected] Tuesday, 20 November 2018 10:12 AM

මොන රටේ කතානායක ගැනද කියන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 2 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 94 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 177 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 434 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 603 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 243 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site