IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘ෆේස්බුක් සාද පාලනය කිරීමේ වගකීම ආරක්ෂක අංශ සතුයි‘‘

(මනෝජ් හර්ෂික)

දකුණු පළාත් සංචාරක කලාපවල ෆේස්බුක් සාද පැවැත්වීමට අවසර ලබා දීමේදී කිසිදු පාලනයකට යටත් නොවී ඒවා පාලනය කිරීමේ සම්පුර්ණ වගකීම ආරක්ෂක අංශ සතුයැයි දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා අද (22) සඳහන් කළේය.

දකුණු පළාත් ආරක්ෂක කමිටු රැස්වීමේදී ආරක්ෂක අංශයන් දැනුවත් කරමින් ආණ්ඩුකාරවරයා මේ බව කීය.

ෆෙස්බුක් සාද මුවාවෙන් සිදු කරන මත්ද්‍රව්‍ය භාවිත සැණකෙළි නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගන්නා ලෙසද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙසේ ද කීය.

       “ෆේස්බුක් සාද සඳහා අවසර ලබා දෙන විට කිසිදු බලපෑමකට යටත් වන්න එපා.මේවා පාලනය කිරීමේ සම්පුර්ණ වගකීම ආරක්ෂක අංශයන් සතුයි.මම මේ පළාතේ ඉන්නකම් මත් කුඩු ජාවාරම්කරුවන්ට කිසිදු සමාවක් නැහැ.ආරක්ෂක අංශයන් එකතුවෙලා මේ උවදුර මැඩලිය යුතු යැයි ගුණසේකර මහතා එහිදී“ පැවැසීය.



අදහස් (5)

‘‘ෆේස්බුක් සාද පාලනය කිරීමේ වගකීම ආරක්ෂක අංශ සතුයි‘‘

Amila Thursday, 22 August 2019 05:49 PM

හැම එකම අල්ලගන්නේ වැරදි තැනින්. ෆේස්බුක් කියන්නේ තවත් එක් මාධ්‍යක් විතරයි. අවශ්‍ය වෙන්නේ සාද සංවිධානය කිරීම සහ ඒවා පැවැත්වෙන තැන් නියාමනය කිරීම හෝ ක්ෂනික පරීක්ශා වලට ලක්කිරීම.

:       5       119

sachithFriday, 23 August 2019 05:32 AM

අනේද කියන්නේ. මේවා දකින සමහර මිනිස්සු හිතන්නේ ෆේස් බුක් තියෙන්නේ මේවා කරන්න විතරමයි කියල.

:       1       14

දිමුත්Friday, 23 August 2019 06:57 AM

ඔව් ඔබ හරි.

:       0       1

ලුම්බිණි Friday, 23 August 2019 12:30 AM

ෆේස්බුක් සාද පාලනය කිරීම වැරදියි. කළ යුත්තේ මෙවැනි සාදවල නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය කිරීම පාලනය කිරීමයි. තරුපහේ හෝටල්වල සාද තියෙන එක හොඳද? මේ රට සෞදි අරාබියාවක් විය යුතුද?

:       0       15

jayath Friday, 23 August 2019 02:59 AM

මෙතන කව්රුවත් කියල නැහැ , මම හිතන්නේ නැහැ කියාවි ය කියලත් වත පොත -නැත්නම් මුහුණු පොටහ හොඳ නැහැ කියල ප්‍රශ්නේ තියෙන්නේ එකෙත් අල්ල ගන්නේ " වැරදි තැනින් " පහුගිය දිනවල මීගමුව පැත්ත ගිනි තිව්වෙත් ඕකේ හිටිය හාදයෙක් තමයි . මේක භාවිතා කරලා මත්කුඩු සාදා වගේ දේවල් කරන එකයි වැරදි . ක්‍රියාත්මක වෙයිද නැත්ද දන්නේ නැහැ නමුත් මේ කතාව හුන්ගකාලෙකට පස්සේ දේශපාලකයකුගෙන් අහන්න ලැබුන හොඳ කතාවක්

:       7       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 69 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 564 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 532 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 283 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 517 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2630 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site