IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘‘නෙළුම් කුලුන හදන්න දුන්න කෝටි 200 ක් ආගිය අතක් නෑ‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා 2012 වසරේ දී ලබාදුන් රුපියල් කෝටි 200 ක අත්තිකාරම් මුදල්වලට ආගිය අතක් නැති බවත් කුලුනේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවට අත්සන් තබන ලද එක් පාර්ශ්වයක් වන ඇලිට් (ඒ.එල්.අයි.ටී.) සමාගම පිළිබඳ කිසිදු තොරතුරක් නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) ප්‍රකාශ කළේය.

දකුණු ආසියාවේ ඉහළම කුලුන වන ‘නෙළුම් කුලුන’ විවෘතකිරීමේ උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව පැවැසීය.

නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා 2012 වසරේදී ශ්‍රී ලංකා රජය, චීනයේ සී.ඊ.අයි.ඊ.සී සහ ඇලිට් (ඒ.එල්.අයි.ටී) යන සමාගම් අතර ත්‍රෛපාර්ශවීය ගිවිසුමකට අත්සන් තැබූ බව ද ජනාධිපතිවරයා කීවේය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදුලි සංදේශ කොමිසම ගිවිසුමට අත්සන් තැබූ බව ද හෙතෙම කීය.

ඒ අනුව කුලුන ඉදිකිරීම සඳහා අත්තිකාරම් මුදල් වශයෙන් ශ්‍රී ලංකා රජය 2012 වසරේදී ඇලිට් (ඒ.එල්.අයි.ටී.) සමාගමට රුපියල් කෝටි 200ක මුදලක් ගෙවා ඇති බවත් පසුව කරන සොයාබැලීම්වලදී එවැනි සමාගමක් නැති බවට තොරතුරු අනාවරණය වූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය

නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුව මුලදී රුපියල් බිලියන 16ක මුදලක් දුන් බව බව කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් සහ සමාගම පිළිබඳ තොරතුරු නොමැති නිසා එක්සිම් බැංකුව ණය මුදල රුපියල් බිලියන 12කට සීමා කළ බව ද පැවැසීය.

ඇලිට් (ඒ.එල්.අයි.ටී.) සමාගමේ ලිපිනය චීනයේ බීජිං නුවර බවට තොරතුරු ලැබුණු බවත් චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ චීන රජයේ සහාය ලබාගනිමින් එවැනි සමාගමක් පිළිබඳ තොරතුරු චීනය තුළ ඉන් බැහැර රටකින් සොයාගැනීමට නොහැකි වූ බවත් ජනාධිපතිවරයා කීවේය.

නෙළුම් කුලුනේ ඉදිරි කටයුතු සඳහා රුපියල් කෝටි 300ක මුදල් අවශ්‍ය බවත් ඒ සඳහා මුදල් යොදවන්නේ මෙරට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහ සංවර්ධනයට යෙදවීමට තිබෙන මුදල් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා ලබාගත් ණය මුදලේ වාරිකය ලෙස වසරකට රුපියල් කෝටි 240ක මුදලක් ගෙවීමට තිබෙන බවත් පසුගිය වසරේදී කෝටි 240ක් ගෙවූ බවත් ජනාධිපතිවරයා පැවසීය.

මේ වසරේදී ණය වාරිකයට අදාළව රුපියල් කෝටි 120ක් දැනටමත් ගෙවා ඇති බවත් මේ ආකාරයෙන් වසර 10ක් යන තුරු රුපියල් කෝටි 240 බැගින් ගෙවිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (107)

‘‘නෙළුම් කුලුන හදන්න දුන්න කෝටි 200 ක් ආගිය අතක් නෑ‘‘

රජින්ද Monday, 16 September 2019 06:53 PM

මෙයාට බලයේ ඉන්න උදව් කරනකොට ඕවා කිසිදෙයක් ගැන හොයන්නේ බලන්නේ නැතුව ඒ පැත්තට හෝයියා කියනවා.ආයෙත් ඒ කට්ටිය පස්ස හැරෙව්වම මේ පැත්තේ ඉදන් ඒ පැත්තට මඩ ගහනව. බැරිවෙලාවත් ඒ පැත්තේ කට්ටිය මෙයාට ජනපතිකම හරි අගමැතිකම හරි දුන්නානම්, ඔය මොකවත් නැහැ. මේ වගේ කට්ටියක් එක්ක ජීවත් වෙන ලංකාවේ අය මිනිස්සුනම් වෙන්න බැහැ අනිවාර්යයෙන්ම එකටම දෙවිවරු වෙන්න ඕන.

:       0       0

Upula Monday, 16 September 2019 06:54 PM

2012 දී මොහු හිටියේ මොන රජයෙද? ගමෙ චක්ගුඩු ගහලා ඇවිත් දැන් රෙද්ද පල්ලෙන් බේරෙන අවංකකම පෙනෙන්න බෝල පාස් කර කර ගැලරියට කතා පවත්වනවා. ලැජ්ජයි.

:       0       0

සේන Monday, 16 September 2019 08:00 PM

කොහොමද බාල්දු කිරීම ?

:       0       0

asela Monday, 16 September 2019 08:01 PM

යලි මහින්ද පත් කරමු!! එතකොට එයා මේ 200 ආපහු දෙවි අපිට !!!!!

:       0       0

chandima Monday, 16 September 2019 08:10 PM

අන්න ඒ කොටි 200න් තමයි රටේම ඉන්න අයට එන්න කියලා අර මගුල ගන්න යන්නේ...

:       0       0

Prabha Monday, 16 September 2019 08:37 PM

පොහොට්ටුවෙන් අගමැතිකම දෙනවා කිව්වොත්....

:       0       0

Chanak los angeles Monday, 16 September 2019 09:04 PM

අනේ මිනිසුනේ හොඳට ඇස් ඇරලා බලත්වා දේසපාලකයෝ රටේ මතු ඉපදෙන දරුවන් පවා චීනට ණය කරවලා තිබෙන ආකාරය මේවා අස අසා ඇයි ඔබලා මේ හොර නඩවලට වශී වෙන්නේ ? පේනවා නේද අත්තිකාරම් මුදල් වලට වෙලා තිබෙන හදිය .. දැන් කියනවා එහෙම සමාගමකුත් නැතිලු සල්ලි වලට වුන දෙයකුත් නැතිලු . මේවා මේ විධියට අහන්නද මහජනයා විසින් දේසපාලකයන්ව තම නියෝජිතයන් ලෙස රටේ බලයට පත්කර යවන්නේ ? අපි ඉතා ඕනෑකමින් කියනවා දෑස හොඳට පෙනීම තිබියදී අන්ධයන් වගේ වැඩ නොකර හොරුන්ව නීතිය ඉදිරියට ගෙන්වා හොරාකාල තිබෙන සතේ පවා ගන්නට හොරකමින් අරගෙන ඇති දේපොළ රාජසන්තක කරවා රොත්ත පිටින්ම ජම්පරයට බස්සවන්න ක්‍රියාකළ යුතුයි කියා .

:       0       0

chandima Monday, 16 September 2019 10:45 PM

බයිලා පාරක් ගහල එකත් විකුනන්න වගේ යන්නේ?

:       0       0

mahinda Monday, 16 September 2019 11:15 PM

තව කෝටි ප්‍රකෝටි ගණන් වලට වුනු දේ හොයන්න අපු අයත් ඒ පාරේම ගිය එකනේ වැඩේ .දැන් මේ 200 ක ලඟද?

:       0       0

beau Tuesday, 17 September 2019 12:26 AM

ඔයාලා මහජනයාගේ මුදල් බදු මහජනයාගේම කරට දාන්න.

:       0       2

රසික Wednesday, 18 September 2019 02:14 AM

ජනාධිපති කියලා කෙනෙක් ඉන්න බව අමතක වුනාම මොකක් හරි කතාවක් කියල මතක් කරලා දෙනවා රටේ ජනාධිපති කොහොම කෙනෙක්ද කියලා .

:       0       2

Sudesh Tuesday, 17 September 2019 12:27 AM

මේගොල්ලොන්ට ඔබගේ වටිනා මනාපය දෙන්න .

:       87       150

ලසන්තTuesday, 17 September 2019 11:33 AM

එකෝමත් එක කාලෙක, කොහෙදෝ දූපතක මිග් යානා ගනුදෙනුවකදීත් රජ පවුලක කෙනෙක් සම්බන්ධ වෙලා ඔය විදියටම නමට විතරක් තිබුණු කොම්පැනියකට සල්ලි යවලා තිබුණා කියලා, ලාවට වගේ මතකයි..!

:       0       0

Raveendra Tuesday, 17 September 2019 12:36 AM

මෙයා ආපහු හීනෙන් නැගිටලා දොඩෝනවා නේද ? බලයට ආපු දවස්වලත් කෑමොර දුන්නා නමුත් කෝ සද්දේ විතරයිනේ වැඩ නැහැනේ ?

:       7       323

Sumaithipala Tuesday, 17 September 2019 12:37 AM

අර කට්ටියගෙන්ම අහලා බලන්න.

:       3       266

ලුම්බිණි Tuesday, 17 September 2019 12:59 AM

මේක සිදුවෙන කාලයේ ඔබතුමා එම ආණ්ඩුව එක්ක උන්න බව අමතක වෙන්න ඇති.

:       0       113

තිලක් Tuesday, 17 September 2019 01:15 AM

ඇයි මේ වගේ දෙයක් මෙපමණ කල් වහගෙන හිටියේ..? කමිටුවක් පත්කර විමර්ශනය කිරීම කාගේ වගකීමක්ද ?

:       2       196

Sarath r Tuesday, 17 September 2019 01:20 AM

මා විසින් ලියන ලද පෙර සටහනට වැඩිමනත් වශයෙනි.මේ සම්බන්ධයෙන් ඉදිරි සංදේශ නියාම කොමිසන් සභාවේ වගකිවයුතු නිළධාරීන් කීප දෙනෙකුගෙන් වාචිකව විමසීම් කළෙමි. 2012 වර්ෂයේ මුල් අත්තිකාරම කැබිනට් අනුමැතිය සහ කොමිෂන් සභාවේ එකඟත්වය අනුව CEIEC සමාගමේ ගිණුම් අංකයට බිලියන 2 ක මුදල ගෙවීම් කර ඇත. 2012 වර්ෂයේ සිට මේ දක්වා එනම් 2019 වර්ෂය දක්වා නෙළුම් කුළුණ ඉදි කිරීම සම්බන්ධයෙන් කොන්ත්‍රාත්කරුවාට ගෙවීම් සිදුකර ඇත්තේ ද CEIEC සමාගමේ එකම බැංකු ගිණුමකට සහ එකම ගිණුම් අංකයකටය. මුදල් ගෙවීමට පෙර මහ බැංකුවේ හා මුදල් මණ්ඩලයේ අනුමැතියද ලබාගෙන ඇත.මෙහිදී කිසිදු මුදල් වංචාවක් හෝ අවභාවිතාවක් සිදුනොවූ බව අදාළ නිලධාරීන් මා වෙත තහවුරු කළේය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මට පැවසිය හැක්කේ අතිගරු ජනාධිපතිතුමාට වැරදි තොරතුරු ලබාදුන් නිලධාරීන් දැන්වත් ඉදිරියට පැමිණ මෙය නිවැරදි කළ යුතුය. චීන තානාපතිවරයා ඉදිරියේ චීනයට සිදු වූ අවමානය ගැන මට ඇත්තේ බලවත් කණගාටුවකි. අනුෂ පැල්පිට.

:       862       798

MaheeTuesday, 17 September 2019 07:30 AM

අනුෂ පැල්පිට මහතා නොදැන ඉන්න විදිහක් නැහැ උසස් නිලධාරීන්ට දේශපාලන බලවතුන්ගෙන් එන බලපෑම් ගැන, විශේෂයෙන්, දැනටමත් එවැනි බලපෑම්වල විපාක විඳින නිසා. කොහොමත් ඔය ගනුදෙනුවේ නිවරදිභාවය ගැන නියාමනයේ අය කතා කරන්නේ නැත්නම් කවුරු කතාකරන්නද? ඔබ චීනය ගැන කනගාටු වෙන එක හොඳයි, අපට පුළුවන් අපේ බදු මුදල් චීනයේ නමින් අපේ රට තුලම ඉන්නා උදවියගේ සාක්කුවලට වැටීම ගැන කණගාටු වෙන්න.

:       326       425

sirimalTuesday, 17 September 2019 09:00 AM

අනූෂ පැල්පිට මහතා එහෙම නොකියා වෙන කොහොම කියන්නද?

:       0       0

AriyathilakaWednesday, 18 September 2019 12:37 PM

අන්තර්ජාලය මගින් විමසා බැලීමේදී අදාල සමාගමේ ලිපිනය සහිත වෙබ් පිටු ඇති මුත් සත්‍ය ලෙසම එහි දක්වන ලිපිනයන් තුළ මෙකී ගනුදෙනුවට අදාල සමාගම එහි තිබේද යන්න වගකීමෙන් තහවුරු කළ යුතුය. අප කිසිවෙකුට හෝ මාධ්‍ය තුළින් හෝ එය කළ නොහැක. ඒ සඳහා තානාපති සේවය මගින් එකී සමාගම සහ එකී සමාගම පවතින ලිපිනය නීත්‍යානුකූලව තහවුරු වීමට වගවිය යුතුය. එතෙක් කවුරු කුමක් කීවද පිළිගත නොහැක. ඊට පසු ගනුදෙනුව පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රිකව විමසා ඒ පිළිබඳව විමර්ශනය කිරීමෙන් ගනුදෙනුව පිළිබඳ සැබෑ තත්ත්වය එළිකර ගත හැකි වනවා ඇත.

:       0       1

almeida Tuesday, 17 September 2019 01:21 AM

මැදමුලන තියෙනවා .

:       1072       978

ajithTuesday, 17 September 2019 06:21 AM

ගිවිසුම් වල තියනදේ කියවල තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නෙමේනේ ....

:       120       131

Vijitha Tuesday, 17 September 2019 01:24 AM

මීට වඩා1000 ගුණයක් හොරකම් කරපු මුළු සංස්කෘතියම කා දමාපු හොර තක්කඩි රැලකට නේ ඔබ රට භාර දුන්නේ....

:       665       575

දකුණේ බුද්දීමතා Tuesday, 17 September 2019 01:57 AM

නෙලුම් කුලුන කොලඹ හැදීම නොකළ යුතුව තිබුන දෙයක් . නෙලුම් කුලුන , මොනෝ රේල් , අධිවේගී මාර්ග හදන්න සුදුසුම තැන හම්බන්තොට.

:       223       332

ThilinaTuesday, 17 September 2019 06:13 AM

මේ සියලුම කරුණු අසත්‍ය බවත් මේ සමාගම අදටත් චීනයේ තිබෙන සමාගමක් බවත් විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවේ හිටපු සභාපති ප්‍රකාශ කලා. ඒ වගේම මේ සමාගමට කිසිඳු මුදලක් ගෙවා නොමැති බවත් සියලු ගෙවීම් කර ඇත්තේ මෙයට සම්බන්ධ වුනු අනෙකුත් සමාගමට බවත් තහවුරු කලා. බොරුවෙන්ම රජ වෙලා බොරුවෙන්ම ගෙදර යන්න තමයි ලැස්ති වෙන්නේ.

:       519       538

gunarathna Tuesday, 17 September 2019 01:58 AM

ඔබතුමා ඕකට මුල්ගල් තියෙනකොට හිටියේ සියඹලාණ්ඩුවේද? ඔබතුමා ඔය විවෘත කිරීමේදී සල්ලි නැතිවුණ කතා නොකියා සාමාන්‍ය කතාවකින් ඉවර කලානම් කොපමණ වටිනවාද ?ඔබතුමා වටේ ඉන්න කේවට්ටයෝ ඔබට දෙන උපදෙස් නිසා ඔබතුමා දවස ගානේ විහිලුකාරයෙක් බවට පත්වෙනවා. ඔබතුමාට හිතෙන්නේ නැතිද මේක ඔබතුමා අපහසුවට පත්කරන කුමන්ත්‍රණයක් කියලා ? ඔබතුමාගේ කතාවෙන් මහින්ද රාජපක්ෂ කොපමණ අපහසුතාවයකට පත් වෙන්ට ඇතිද? කවදා හෝ ඔබතුමාගේ ආරක්ෂාවට ඉන්නේ රාජපක්ෂවරු නේද කියලා ඔබතුමාට තේරෙන්නේ නැතිද? ඔබතුමා ළඟ ඉන්න මහින්ද විරෝදීන්ගේ උපදෙස් වලට ඔබතුමා යොදාගෙන මේ කරන වැඩ වලින් ඔබට අයහපතක් මිස යහපතක් නැතිබව සිතට ගන්න. යූ.එන්.පී. රජයකින් ඔබට කිසිදු ගැලවීමක් බලාපොරොත්තු නොවන්න.රාජපක්ෂ පවුලකින් පවතින රජයකින් ඔබට මනා ආරක්ෂාවක් ලැබෙනු ඇත. තීරණය ඔබ සතුය.

:       672       540

VajiraTuesday, 17 September 2019 06:22 AM

ඔබට වැදගත් ජනාධිපතිවරයාගේ අනාගතයද? රටේ අනාගතයද? කලින් පාලනයේ හොරකම් වංචා දුෂණ වලට දඩුවම් දෙන්න තමා ජනතාව සිරිසේන ජනාධිපතිවරයා පත් කර ගත්තේ. ඒක තමයි සමහරු කියන්නේ මෙයාලා හරි යාලුයි මෙයාලා කවදාවත් හොරුන්ට දඩුවම් කරන්නේ නැහැ කියලා. හොරකම වගේම හොරුන් ආරක්ෂා කිරීමත් අපරාධයක්. මේ රටේ ජනතාව දැන් මේ ඔක්කොගෙම තරම හොදට තේරුම් අරන් ඉන්නේ. ආයෙත්නම් රැවටෙන්නේ නැහැ. මෙදා සැරේ රට ගොඩනගන්න පුළුවන් විකල්ප වැඩපිළිවෙලක් තියෙන, උගතුන්, බුද්ධිමතුන්ගේ එකමුතුවෙන් ගොඩනැගුනු ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් කර ගැනීමට පෙළ ගැසෙමින් සිටිනවා.

:       263       456

senaTuesday, 17 September 2019 06:48 PM

කුහකයෙක් බව විවෘත කිරීමේ උත්සවයේදී කළ කතාවෙන් තේරුණා. ඉදිරි ඡන්ද වලට එන්න ඇපේ ගහලා යන හැටි බලාගන්න පුළුවන් බොරු සෝබන කරන අයට.

:       0       0

koba Tuesday, 17 September 2019 02:11 AM

අපේ ගමේ පරණ හොරෙක් මතක් උනා. ඒ හාදයාත් මේ වගේම වැඩක් කරලා නඩු වැටුණු එක්කෙනෙක්. ප්ලේන් ගන්න ගිහින්ලු .කෝකටත් අහල බැලුවොත් හොඳයි.

:       27       111

suddaTuesday, 17 September 2019 07:17 AM

ඇයි අර නැවු ගිලලා එප්.සී.අයි.ඩී යන්න බැහැ කියන එක්කෙනාවත් මතක් වෙනවා. එතකොට අර කාගෙන්ද මිලියන් ගණන් අරන් ෆුට් නෝට්ස්ද මොකක්ද ගැහුවා කියන අය? එතකොට ඒ ගත්ත ඒවා ආපහු ඉල්ලුවොත් දෙන්නම් කියා කිව්ව කට්ටිය ?

:       109       172

සමන් Tuesday, 17 September 2019 02:22 AM

ඡන්දයක් එනකල්ම හිටියද ඒක කියන්නත්? කාටද කඩේ යන්නෙ?

:       257       271

Anurudda Tuesday, 17 September 2019 02:29 AM

ඇයි මේ තරම් ණය වෙලා ඕක හැදුවේ ? තමන්ගේ කොමිස් එක හදාගන්න කරන වැඩ.

:       350       543

රවින් Tuesday, 17 September 2019 02:29 AM

මොන ගිණුමෙන්ද ඔය කියන මුදල ගෙව්වේ? ගෙවන ලද ක්‍රමවේදය? මුදල් ? චෙක්පත් ? බැංකු අණකර ? ගෙවීම් අනුමත කල අයවලුන්? අත්සන් කල නිළදාරීන් ? ලියකියවිලි ? වැදගත්ම ප්‍රශ්නයනම් ඇයි මෙතෙක් දවස් ඔය ගැන මහජනයා දැනුවත් නොකළේ ? කොටස්කාරයෙක්වත්ද ?

:       1       140

Dasa Tuesday, 17 September 2019 02:34 AM

ඔය සමාගමට කියන්නේ සහෝදර සමාගම කියලා.

:       415       710

DD Tuesday, 17 September 2019 02:35 AM

ඔබත් ඔය කාලේ ඇමතිවරයෙක් නේ....

:       0       242

නිමල් පතිරණ Tuesday, 17 September 2019 02:37 AM

මෙහෙම ණය වෙලා මේවා හැදුවේ කාගේ සාක්කු පුරවාගන්නද කියලා පැහැදිලි. දැන් ණය ගෙවන්න ගමේ අය ලෑස්ති වෙන්න.

:       166       318

sachithra Tuesday, 17 September 2019 05:34 AM

රුපියල් වලින් ණය කිව්වේ අපිව අන්දන්න. වැඩිපුර පේන විදියට . ඩොලර් එක වැඩි වුනේ ඔයාගේ කාලේනේ .

:       236       100

Akila Tuesday, 17 September 2019 02:38 AM

අර හිටපු අයගේ ගෙදර කට්ටියගේ පිටරට බැංකු ගිණුම් වල බලන්න ඕක හොයා ගන්න එච්චර අමාරු වෙන එකක් නැහැ .

:       425       844

Pravi Tuesday, 17 September 2019 02:40 AM

නෙළුම් කුලුණ හැදීමේදි බිලියන දෙකක වංචාවක් වී ඇති බව සාක්ෂි ඇත්නම් ජනාධිපතිවරයා කළ යුත්තෙ විවෘත කරන උත්සවයෙදි ඒ ගැන කතා පැවැත්වීම නොව තමා යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුවට නඩු පැවරීමට උපදෙස් දීම. එසේ නොකරන්නේනම් ඔහු අපරාධයක් දැන දැන වසන් කිරීමේ වරදකරුවෙක් වෙනවා. එසේත් නැත්තං ඔහේ කටට එක එකක් කියන බොරුකාරයෙක් වෙනවා. ඔහුගේ අතීත කල්කිරියාව සහ එළඹෙන ජනාධිපතිවරණය අනුව මෙතැනදීනම් දෙවැන්නා වෙන්න තමා ඉඩ වැඩි. කෙසේ වෙතත් ඇමෙරිකාවේ බකිංහැම් මාලිගාවෙ අශ්වයන් ගැන විශ්වාස කරපු උගත් බුද්ධිමත් ජනතාව මෙතැනදීනම් ජනාධිපතිවරයාගේ වචන එකහෙළා පිළිගැනීමෙන් අවුරුදු හතරක් තිස්සෙ ඔවුන්ගේ උගත් බුද්ධිමත් බව අඩුවීමක් වී නැති බව පෙනේ.

:       780       860

Bamunuarachchi Tuesday, 17 September 2019 02:41 AM

දැන්ද නින්දෙන් ඇහැරුනේ ? කුලුනේ වැඩට සල්ලි දෙන ගමන් ඇසුවේ නැහැ නේද කෝ මීට කලින් දීපු අත්තිකාරම් ඒ සල්ලිවලට මොකද උනේ කියලා ? කුලුනේ මුදල් විගණනයට භාජනය වෙන්නේ නැද්ද? ඔබත් මේවට වග කියන්න ඕනේ.

:       28       234

Bamunuarachchi Tuesday, 17 September 2019 02:43 AM

" ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදුලි සංදේශ කොමිසම ගිවිසුමට අත්සන් තැබූ බව ද හෙතෙම කීය." එහෙමනම් දැන් තිබෙන ජනාධිපති කොමිසමට ඒ කාලේ විදුලි සංදේශ කොමිසමේ හිටපු අය ගෙන්වලා අහන්න මොකද උනේ කියලා.

:       156       78

Amila Tuesday, 17 September 2019 02:53 AM

එහෙම දැන දැනත් අර මුදල් හොරාකම් කරපු අයට තනතුරු දුන්නානේ. ඡන්දේ ලංවෙනකොට විතරක් මතක්වෙන අපූරු රසකතා. ඒත් තවමත් පරක්කු නෑ. ඡන්දෙට ඉස්සෙල්ලා ඕක හොරා කාපු අයයි , නඩු අහන්න එපා කියන අයයි අල්ලලා ඇතුලට දැම්මා නම් ඔබ තමා ජනතා වීරයා. තව එකක් ඇල්පිටිය ඡන්දේ හොදින් හරි නරකින් හරි දිනාගන්න.රැල්ල හැදුනාට පස්සේ ඉතින් අපේ මෝඩයෝ ඒ පැත්තටම තමා කාලයක් යනකන් කතිරේ ගහන්නේ.

:       21       369

senaTuesday, 17 September 2019 05:02 AM

මටනම් හිතෙන්නේ පොහොට්ටුවත් එක්ක සාකච්ඡාව හබක් වෙලා වගේ .

:       0       249

perera Tuesday, 17 September 2019 03:06 AM

ජනතාවට ඔය කියන කතා අහන් ඉන්න විතරයි පුළුවන්. ඔබට බලය තියෙනවා හොරාකන් කරපු අයට දඩුවම් දෙන්න .

:       17       451

soma Tuesday, 17 September 2019 03:08 AM

ඇයි අපිට කියන්නේ ? ඔහුනේ ඒවාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන. කොමිසමකුත් තියෙන්නේ. ඇයි පැමිණිලි නොකළේ ?

:       0       129

Sanka Tuesday, 17 September 2019 03:09 AM

ජනාධිපතිතුමනි ඔබතුමාගේ කතාවට කටේ මසුරන් දාන්න ඕන. 2012 නෙළුම් කුලුන හදන්න අත්තිවාරම් දාන්නත් ඉස්සෙල්ල තමයි මේ කෝටි 200 හොරාකාලා තියෙන්නේ. පහුගිය රෙජීමය කොහොම කැමක්ද කාල තියෙන්නේ. මේ මහජන මුදල් ඒගොල්ලන්ට නම් සිල්ලර සල්ලි.

:       765       748

shanikaTuesday, 17 September 2019 04:24 AM

ඔය සමාගම අදටත් තියෙන සමාගමක් . බලලා තියෙන්නේ පත්තරෙන්ද කොහෙද? . ගුගල් ගැහුවනම් ලිපිනය සොයාගන්න පුළුවන් .

:       66       308

samTuesday, 17 September 2019 05:02 AM

නෙලුම් කුලුනේ වැඩ ගැන හොයන ගමන් කලින් ඕස්ට්‍රේලියාවේ ස්නොවී හයිඩ්‍රෝ කොම්පැනියෙන් ලංකාවේ ඇමති කෙනෙකුට ගෙව්වා කියලා ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවටයි ලෝක බැංකුවටයි අහුවුණු කොමිස් වැඩේ ගැනත් හොයලා එ්ක ගත්තා කියන පුද්ගලයන්ට දඬුවම් දෙන්න. ලෝක බැංකුවෙන් ස්නොවී හයිඩ්‍රෝ කොම්පැනිය බ්ලැක්ලිස්ට් කරා ලංකාවටයි කොන්ගෝවටයි පගාව දුන්නට. දැන් ඒක ගත්තු කෙනෙකුත් නැහැ වගේ.

:       1       75

sunil Tuesday, 17 September 2019 03:10 AM

ආ එ්කෙන් තමයි රත්තරන් අශ්වයෝ ගත්තේ. උන්ට දුවන්න බැරි නිසා ආපහු ඇමරිකාවේ බකිම් හැම් මාළිගාවට දුන්නා.

:       101       472

basura Tuesday, 17 September 2019 03:14 AM

මේ වගේම බිලියන 2 බොරුවක්. කලින් කිව්වා නිල්වලා ගඟ ඇඹිලිපිටියට හරවන ව්‍යාපෘතිය ගැන. අන්තිමට වංචාව වෙලා තියෙන්නේ දුමින්දගේ කාලේ . කතාව එතැනින්ම ඉවරයි . කොහොම හරි සාගලගේ ඉඩම් බේරගන්න ව්‍යාපෘතියත් එතැනින්ම නතර කළා.

:       218       369

maya Tuesday, 17 September 2019 03:17 AM

සමාගම බොරුවක් කලානම් බොන්ඩ් එක සීස් කරන්න තිබුනනේ . චිනේ තියෙන්නේ රාජ්‍ය සමාගම් හා රාජ්‍ය බැංකු . ඒක නිසා බොරු කියන්නේ බලාගෙන .

:       284       348

jana handa Tuesday, 17 September 2019 03:19 AM

අපටද කියන්නේ නඩුව ‍? විධායක බලය ඇති ජනපති කෙනෙක්ට අපි ඡන්දය දුන්නේ මේවා ගැන සොයා බලන්න මිසක් නඩු ඇසීමට නොවේ. නමුත් අපි දුන්න විධායක බලය ඔබතුමා ජනතාවගෙන් අහන්නේ නැතිව වෙනත් පිරිසකට දුන්නා. ඉන්පසුව ඔබතුමාට නොකියා කෝටි ගානක් හම්බ කර ගත්ත බව අපි දනිමු. දැන් අපිට කීමෙන් වැඩක් නැහැ. පසුගිය අත්තිකාරම් ගෙවන කොට ඔබත් කැබිනට් ඇමති වරයෙක් නිසා වග කිව යුතු වෙනවා ජනතා අධිකරණයට .

:       0       230

ගල්කටස් Tuesday, 17 September 2019 03:25 AM

බලාගෙන ගියහම මහින්ද රාජපක්ෂ හොරකම් විතරයි කරලා තියෙන්නේ. මෙතුමා තමා ලංකාවෙ හිටපු ඉන්න අංගසම්පූර්ණ පිරිසිදු නායකයා. එහෙම හොරකම් කරලා තිබුණා නම් අල්ලන්න තමා 2015 වෙන කෙනෙක් ජනාධිපති කලේ. එත් ඔයාලට කිසිදෙයක් හොයාගන්න බැරිවුනා. නැත්නම් කෞතුකාගාරයටයි බට වලටයි දාපු නඩු හැටියට මේ වගෙ ලොකු එකක් අත හරීද . ඔබතුමා කාටවත් අාණ්ඩු කරන්න දෙන්නෙත් නැහැ ඔබතුමා හරියට කරන්නෙත් නැහැ. ඔබතුමා කියන එවා දැන් ළමයෙක්වත් පිළිගන්නෙ නැහැ . ජනතාවගෙන් කොටසක් ගොඨාභය මහත්තයාව ඉල්ලනවා තව කොටසක් සජිත් හෝ කරූ ජයසුරිය මහත්වරු ඉල්ලනවා එයාලට ඉඩ දීලා යන්න තමා දැන් තියෙන්නෙ. මහින්ද මහත්මයාට ජනතාව කෘත ගුණ සලකන අාකාරයේ සැළකිල්ලක් ඔබට ලැබෙවිදැයි අනාගතයෙදී දැක ගත හැකිය.

:       153       351

Sanath KandyTuesday, 17 September 2019 04:05 AM

ඒ හොරකම් අල්ලලා හොරුන්ට දඩුවම් කරන්න තමා අපි ඔබව පත් කරගත්තේ. අන්තිමේදී ආපහු ඒ හොර නඩයම බලයට ගේන්න උත්සහ කරනවා. ඔය දෙගොල්ලම එකයි කියලා දැන් අපිට හොදට තේරිලා තියෙන්නේ. මේ රටේ මිනිස්සු ආයෙත් රැවටෙන්නේ නැහැ. මේ සැරේ අපේ රට අලුත් මාවතකට ගෙනියන්න පුළුවන් වැඩ පිළිවෙලක් තියෙන ජාතික ජන බලවේගයේ අපේක්ෂක ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක වටා රටට ආදරේ කරන මිනිස්සු පෙළ ගැසෙමින් ඉන්නේ.

:       853       3529

prasanna Tuesday, 17 September 2019 03:27 AM

අවුරුදු 5 ක් ගියා. ඕක දැන්ද කියන්නේ ?

:       0       170

Susantha de mel Tuesday, 17 September 2019 03:44 AM

තව ඡන්දේ දෙන්න රාජක්ෂලාට.....

:       1116       1154

jayath Tuesday, 17 September 2019 03:44 AM

මේ රටේ ඉන්න මිනිස්සු යතාර්ථය තේරුම් ගන්නකම් ඔක්කොම හොරු .මේ කවුරුවත් කවදාවත් අනික් අයගේ හොරකම් අල්ලන්නේ නැහැ .

:       3       294

gamimi Tuesday, 17 September 2019 03:47 AM

මේවට කොමිෂන් නැද්ද ?

:       0       211

kapila Tuesday, 17 September 2019 04:01 AM

එහෙනම් මේක හොයන්න ඔබතුමාගේ පක්ෂෙන් කවුරු හරි ජනාධිපති කරමු . ( බිලියන දෙකක වංචාවක් හොයන්න බිලියන 7ක් වියදම් කරලා ජනාධිපති පත් කරගනිමු )

:       0       9

SUMITH Tuesday, 17 September 2019 04:06 AM

එහෙම හොරකන් කරපු පහුගිය නායකයන්ට තනතුරු දීලා ලැජ්ජා උනා නේද ?

:       28       254

sam Tuesday, 17 September 2019 04:07 AM

2012 දී ඔබතුමා මොන ආණ්ඩුවේද හිටියේ ? නිකන් බොරු කියා කියා ඉන්නවා . අන්තිමට අනික් මිනිස්සු කරපුවා තමාගේ වගේ විවෘත කරලා.

:       211       83

jagath Tuesday, 17 September 2019 04:09 AM

අනේ කරුණාකරලා දැන් ගෙදර යන්න. කරපු දෙයක් කියන්නේ නෑනේ ඔබ කවදාවත්. කාට හරි වැරැද්ද පටවලා හැමදාම ඇඟ බේරගන්නවා. තියෙන ඡන්ද ටිකත් නැතිවෙනවා කතා කළොත්.

:       106       97

amila Tuesday, 17 September 2019 04:26 AM

රජෙක් වගේ වැඩ කරන්න පුළුවන් වෙන විදියට ජන්ද අරන් ජනාධිපති පුටුවේ වාඩි උන මනුස්සයෙක් කියන කතාවක්ද මේ ? දැන් ඉතින් ඔබතුමා ඕවා කතා කරලා වැඩක් නෑ. විශ්‍රාම දිවිය හොදින් ගත කරන්න පුළුවන් වෙන වැඩ පිළිවෙලක්වත් හදාගන්න බලන්න.

:       81       97

max Tuesday, 17 September 2019 04:26 AM

නම්බුව පොඩ්ඩක් හරි තිය ගන්න ඕන නම් කරුණාකරලා ගෙදර යන්න.

:       107       114

sam Tuesday, 17 September 2019 04:57 AM

"නෙළුම් කුලුනේ ඉදිරි කටයුතු සඳහා රුපියල් කෝටි 300ක මුදල් අවශ්‍ය බවත් ඒ සඳහා මුදල් යොදවන්නේ මෙරට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහ සංවර්ධනයට යෙදවීමට තිබෙන මුදල් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය." එහෙම නම් මොකද පහුගිය අවුරුදු හතර හමාරක් ඕක හදන්න ඉඩ ඇරියේ?

:       13       30

chandra Tuesday, 17 September 2019 05:11 AM

කෝටි 200 නැති කරපු අය සමග ද සන්ධාන වෙලා ජනාධිපතිවරණයට එන්න හදන්නේ හොරකමේ රස දැනිලා ?

:       0       143

soma Tuesday, 17 September 2019 05:30 AM

එකක් පැහැදිලියි. මෙයා කවුරුහරි ලියලා දෙන එකක් කටපාඩම් කරගෙන කියනවා .

:       2715       128

hiwalhami Tuesday, 17 September 2019 05:33 AM

ඕක කියන්න විවෘත කරනකල්ම ඉන්න ඕනේ උනාද ? දැන ගත්තේ ඊයේ උදේද ?

:       1       89

aruna Tuesday, 17 September 2019 05:40 AM

ශ්‍රී ලංකා එකෙන් දාන අපේක්ෂකයාට කියන්න දෙයක් නැති නිසා කතාවක් හැදුවද ?

:       0       223

ranjith Tuesday, 17 September 2019 05:41 AM

සංචාරකයෝ මිලියන දෙකකට මේක පෙන්නුවානම් අවුරුදු දෙකෙන් වියදම හොයාගන්න තිබුණා.

:       27       25

sumithTuesday, 17 September 2019 06:59 AM

කියන තරම් කොහෙන්ද මිලියන ගණන් අපේ රටට සංචාරකයෝ එන්නේ ඕක පෙන්වන්න.

:       15       2

ලසන්තTuesday, 17 September 2019 11:43 AM

ලෝකේ කොහෙවත් මේවගේ උස තැන් නෑ. සංචාරකයෝ පොරකනවා බලන්න එන්න. තව අවුරුදු කිහිපයකටවත් බලන්න වෙන්නේ නෑ. මොකද දැනටමත් පෝලිම කිලෝමිටර 283 විතර දිගයිලු !

:       0       4

AnuruddaTuesday, 17 September 2019 03:36 PM

ඔවු ඔවු ලෝකෙ පෙරළගෙන සංචාරකයෝ එනවලු ... නෙළුම් කුළුණ බලන්න.

:       0       0

sisira Tuesday, 17 September 2019 05:52 AM

මුළු ලෝකයේම වැඩිම කාලක් නිදියගෙන රට කරවපු ජනාධිපති කෙනෙක් හැටියට මෙතුමාගේ නම ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු නොඅනුමානයි.

:       0       13

Rata Perata Tuesday, 17 September 2019 06:05 AM

මෙතන අදහස් ගොඩක් තියෙන්නේ දැන් කියන එක වැරදි කියල. ඒත් හොරාකාපු රජය ගැන කිසි කතාවක් නෑ. ඕක තමයි අපේ රටට හැමදාම වෙන්නේ. හෙට අනිද්දට ප්‍රභාකරන් කොච්චර හොඳද කියලත් කියයි. හිටපු සහෝදර සමාගම කොච්චර හොරුද කිව්වොත් එක්කෙනෙක් ඡන්දෙට පහුවෙනිදම නෝනවත් ඇදගෙන රටෙන් පැනල ගියේ .

:       36       3432

Chanak los angelesWednesday, 18 September 2019 10:04 PM

ඒ හොරෙන් හොරෙන් දුවනකොට කොයි වෙලෙත් දකින සාටකය කරේ නම් තිබුනේ නැහැ. දුවනකොට හැලුණද නැතිනම් විසිකරලා දැම්මද දන්නේ නැහැ...

:       0       0

vipula. Tuesday, 17 September 2019 06:40 AM

ඔබ ජනපති කලේ මේවා හොයාල නැවත මුදල් රජයට ලබා ගන්න මිසක් එක එක කතා කියන්න නෙමෙයිනේ . අාපු ගමන් කලේ බලතල අඩුකරගන්න එක . ඊට පස්සේ වැඩක් කරගන්න බැරි හේතු කියනවා . දැන් අපිද ජනාධිපති මේවා අපිට කියන්න හැට දෙලක්ෂයක මෝඩ ජනතාවගේ තීරණයක්. තව ටික දවසයි නේ .

:       0       15

ruwan Tuesday, 17 September 2019 06:43 AM

බෙදපු සිල් රෙදි වලට නඩු දැම්මනම් මේකටත් දාන්න තිබුනා නේ . දැන් මහ බැංකුවේ මංකොල්ලෙට මිස්වෙලා ඉන්නේ එක්කෙනයිනේ .ඉතුරු ටික ලංකාවේ ඉන්නවා නේද ?

:       0       53

lion Tuesday, 17 September 2019 06:58 AM

දැන් කොළඹ ට්‍රැෆික් වලට අහුවෙලා පැය ගණන් රස්තියාදුවෙන අපිට මල පනින්නේ නැතුව නෙලුම් කුලුනේ පාට පාට ලයිට් බලබලා ඉන්න පුලුවන් .

:       0       12

අනුර Tuesday, 17 September 2019 07:01 AM

කවුරුහරි ලියා දීපු පට්ටපල් කෙබරයක්. රටවල් දෙකක් අතර වෙච්ච ගනුදෙනුවක් හොයන්න බැරිකමට වගකියන්න ඕන මේ රටේ බදු ගෙවන අහිංසක ජනතාව ද?

:       0       9

upali Tuesday, 17 September 2019 07:14 AM

අපි කැමතියි ඔබතුමා නායකයෙකු විදිහට කතා කරනවානම්. නියම නායකයෙක් උත්සවයකදී ඔවැනි ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔබතුමා මේක නිර්මාණය කිරිමේදී , මියගිය තුවාල උණු අය සිහිකරානම් කොච්චර වටිනවද , එයාලට යම්කිසි උපහාරයක් කලානම් ඔබතුමා ගැන ජනතාව කොච්චර පැහැදෙයිද ? යම්කිසි වංචාවක් සිදුවෙලා තියෙනවනම් ඒවාට වෙනම පියවර ගන්න පුළුවන්. රටේ නීතියක් කියල දෙයක් තියෙන්නේ එ්කටයි . ඒවා මෙවැනි උත්සවයකදී ප්‍රකාශ කිරීම ජනාධිපතිවරයකුට සුදුසු නැතිබව මගේ හැගීමයි.

:       0       117

බද්රානි Tuesday, 17 September 2019 07:23 AM

ඇත්තටම ඒක එහෙම උනා නම්, මෙතුමා මෙච්චර කලක් මොනවද කරේ ? හොරා කාපු අය දැන දැනම හොරකම මෙතෙක් කලක් සඟවා සිටීම ගැන මොවුන්ට දඬුවම් කල යුතු නොවේද ?

:       0       9

sandy123 Tuesday, 17 September 2019 07:34 AM

මට නම් අපේ බදු මුදලින් යැපෙන මොහු සහ පාර්ලිමේන්තු හොරු රැළ කියන කිසි දෙයක් වටින්නේ නැහැ. අනික තමයි මොහු කියන කිසිම දෙයක් මම කියවන්නේ නැහැ. මොහුගේ කතාවට ඇති අදහස් පමණයි මම කියවන්නේ. කාලෙන් කාලෙට එක එක මාතෘකා ඇදගෙන ජනතාව නොමග යවනවා. ඔය 226ම හොරු. ඊට පසු පළාත් සභා, මහා නගර සභා, ප්‍රාදේශීය සභා, රාජ්‍ය සේවකයින් (විශේෂයෙන් ඉහල තනතුරු දරන පුද්ගලයින්) යන එකී මෙකී අය බොහොමයක් හොරු. සල්ලිවලට, බලයට සහ පුහු මහන්තත්වයට පෙරේත මල පෙරේතයන්ට මැරෙනකොට අයිති අඩි 6ක බිම් කැබැල්ලක් විතරමයි. සමහර අයට එ්කත් වැඩි වුනා බෝම්බ වලට පින් සිද්ධවෙන්න. ඒ යතාර්ථය තේරුම් ගන්න බැරි මේ නරුමයන් තමන්ගේ බල ප්‍රදේශයෙන් ඉතා ඉක්මනින් පන්නන්න ඕනේ.

:       0       9

Hafeel Tuesday, 17 September 2019 07:37 AM

ඔබ විසින් මේ චෝදනා කරන පිරිස එක්ක නේද ඔබ 2018 ඔක්තෝබර් හොර ආණ්ඩුවක් හැදුවේ. 2014 අවසානයේ ඉඳන් කියනවනේ රටේ සම්පත් හොරා කෑවා කියල. කෝ එකකට හෝ දඬුවම් දුන්නද? දැන් එල්ලුම් ගහට මොකද්ද වුණේ ?

:       0       4

Lion Tuesday, 17 September 2019 07:43 AM

රාජපක්ෂලා මේ රටේ අයිතිකාරයෝ වගේ කළ දේවල් අපමණයි . ඔය බිලියන 2 ගහපු එක පොඩි දෙයක් කරලා තියෙන වැඩ බලපුවම . අනුෂ පැල්පිට එ්ක බොරු කියල කියනවනම් පුවත්පත් සාකච්ඡාවක් තියලා ලිඛිතව කරුණු රටට හෙළිකරන්න .

:       54       40

රසික Wednesday, 18 September 2019 02:11 AM

ලිඛිතව දාලා තියනවා ලියුමක් . සියලු ගණුදෙනු සමග . ඒක කියවන්න .

:       1       0

Lion Tuesday, 17 September 2019 07:58 AM

මහින්ද දිනවන්න සිල් රෙදි බෙදලා නඩු වැටිච්ච කෙනෙක්.මහින්දගේ වහලෙක්.

:       0       0

Prasantha Tuesday, 17 September 2019 08:21 AM

ලක් වැසියනි මේ පාරත් තක්කඩි රැලකට හසුවෙන්න ලෑස්ති වෙලා ඉන්න.

:       0       0

සෙනෙවි Tuesday, 17 September 2019 08:58 AM

මේක නිකන් මොහු ඡන්ද වාසියක් තකා ප්‍රකාශ කරන වගකීම් විරහිත සම්ප්‍රප්පලාපයක් යැයි සිතිය හැක. මීට පෙර පොලිතීන් තහනම, ඇස්බස්ටස් තහනම, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළාද ? බොරු කීම මොහුගේ විනෝදාංශය බව පෙනේ.

:       0       0

Nimal Tuesday, 17 September 2019 09:06 AM

ඩුබායි වල යුක්රේන්වල සීෂෙල් වල බැලුවොත් හොයාගන්න පුලුවන් වේවි.

:       0       0

Nimal Tuesday, 17 September 2019 09:08 AM

පහුගිය අවුරුද්දේ අගමැති කෙනෙක් හදිස්සියේ පත් කළ වෙලාවෙවත් ඇහැව්වේ නැතිද මිලියන 200 ට මොකද උනේ කියලා?

:       0       0

විජිත් Tuesday, 17 September 2019 09:17 AM

පුලුවන්නම් අහන්න මහින්දගෙන් එහෙමත් නැතිනම් ගෝඨාගෙන්, ඒ අය මුලින් නම් "අපි දන්නේ නැහැ" කියාවි. පොලිසියට ගෙනිහිල්ලා, කකුල් දෙකෙන් බාල්කයේ එල්ලලා, ඔළුවට මිරිස් කුඩු බෑග් එකක් දාලා , 2*2 පොල්ලකින් ' බැස්ටිය ' දුන්නානම් ඔක්කොම වමාරයි. ආණ්ඩුවටවත්, උසවියටවත්, පොලිසියටවත් ඔය වැඩේ කරන්න බැහැ. මොකද ඒ ඔක්කොම හවුලේ බිස්නස් කරපු එහෙමත් නැතිනම් "රටම හොරා කාපු" කට්ටියනේ. හැබැයි,.. දවසක මහජනයාට ඔය කියන කට්ටිය අහුවුණොත් "සම්බෝල කරලා" තමයි වැඩේ අවසන් වන්නේ. මේ රටේ ජීවත්වන ' වහල් මානසිකත්වයක් නැති ' සියලු දෙනාගේම ඒකායන පැතුම එයයි...

:       0       0

Ananda Tuesday, 17 September 2019 09:56 AM

සමහරවිට කව්රුහරි ලනු ගෝනි ගණන් ගිල්ලවල .නැත්තන් ඒ කලේ මෙයා නිදාගෙනද හිටියේ .

:       0       0

Gamarala Tuesday, 17 September 2019 10:12 AM

ඇත්තටම මේ තොරතුර ඔබතුමාට දුන් අය හෙළි කරන්න පුළුවන්ද? ආයේ තවත් ලොක්කෙක් කොමිසමකට පවසලා තිබුණා “මම දන්නේ නෑ” පාට් එකෙන්...

:       0       0

Nimal Tuesday, 17 September 2019 01:17 PM

ඔක්කොම,හොරුනේද? කාට කියන්නද? අනේ මගේ කට...

:       0       0

tharindi Tuesday, 17 September 2019 03:09 PM

ගරු ජනාධිපතිතුමනි, කරුණාකරලා 2005 සිට 2015 දක්වා ඒ වගේ අතුරුදහන් වෙච්ච කොම්පැනි ටිකයි, මුදල් ටිකයි හොයලා කියන්න කෝ ඔබතුමාට විතරමයි එ්ක කරන්න පුළුවන්..

:       0       0

sena Tuesday, 17 September 2019 06:55 PM

නෙළුම් කුළුනේ වැඩ ගැන හොයන ගමන් කලින් ඕස්ට්‍රේලියාවේ ස්නෝවී හයිඩ්‍රෝ කොම්පැනියෙන් ලංකාවේ ඇමති කෙනෙකුට ගෙව්වා කියලා ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවටයි, ලෝක බැංකුවටයි අහුවුණු කොමිස් වැඩේ ගැණත් හොයලා එ්ක ගත්තා කියන පුද්ගලයින්ට දඬුවම් දෙන්න. ලෝක බැංකුවෙන් ස්නෝවි හයිඩ්‍රෝ කම්පැනිය බ්ලැක්ලිස්ට් කරා.. ලංකාවටයි, කොන්ගෝවටයි පගාව දුන්නට. දැන් ඒක ගත්තු කෙනෙකුත් නැහැ වගේ. එවකට ඇමති සිරිසේන මෙයට වගකියන්න ඕනෑ. රාජගිරියේ බිල්ඩිම කුලියට ගත්තේ දුමින්ද දිසානායක... සිරිසේන උතුමාට ඇයි මේවා ගැන හොයලා බලන්න බැරි.

:       0       0

vidya Tuesday, 17 September 2019 09:43 PM

2012හේ ඔය අත්සන් තියපු සෙට්එකේ ඉඳලා නේද පැන්නේ? කෝප් කමිටුවට ගිහින් උත්තර දුන්නා නම් හොඳයි නේද? චීනා ඔය කුළුණ උඩ මොනවා හයි කරලා ඇතිද දන්නේ නෑ. චීනා හොරෙන් හොරෙන් තොරතුරු හොයන ජාතියක්...

:       0       1

Ruwan Wednesday, 18 September 2019 12:17 AM

ඔය ඇද්දෙ තුරුම්පු. හංගන් ඉඳලා.. අපිව ගත්තේ නැත්තං මේවා එළියට දානවා. නොකියා කිව්වේ. මහින්ද ෆයිල් තියෙනවා කිව්ව එකේ අනික.. කාවද මේ 70 වසරක් රැවැට්ටුවේ...? හැබැයි කරත්ත රෝදේ වගේ කරුමෙ පස්සෙන් එනවා. අන්න එදාට ඔය මොන යන්තරේ දාගෙන හිටියත් බේරෙන්න බෑ.

:       0       1

Perera Wednesday, 18 September 2019 07:44 AM

ලංකාවේ දූෂණය අහස උසට කියල සංකේතවත් වන්නේ ඔය කුලුනෙන් වගේ.

:       0       5

isuru Wednesday, 18 September 2019 07:48 AM

ගරු ජනාධිපතිතුමනි මේ කෝටි 200 සොයන්න ජනාධිපති කොමිසමක් ගේන්න .

:       0       0

kamil Wednesday, 18 September 2019 07:51 AM

එදා ජනාධිපති කොමිසමකට බැදුම්කර වංචාව සොයන්න දුන්නා වගේ මේ කෝටි 200 යේ වංචාවත් සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න .

:       0       2

janith Wednesday, 18 September 2019 07:53 AM

මේ මහජන මුදල් කෝටි 200 ක්. ‍ කෝ මේක සොයන්න ජනාධිපති කොමිසමක් ?

:       0       2

thindi Wednesday, 18 September 2019 04:02 PM

හැකි ඉක්මනින්ම කෝප් කමිටුව විතරක් මදි ... ජනාධිපති විමර්ශන කමිටුවකුත් පත්කළ යුතුමයි. එතකොට කාටත් සාධාරණයක් වේවි...!!!

:       1       1

Nimal Wednesday, 18 September 2019 07:06 PM

රෙද්දක් ඇඳගෙනද කතා කරන්නේ ලැජ්ජාවක් නැතුව..?

:       0       1

kamal Thursday, 19 September 2019 10:18 AM

මේකට අත්සන් තබන්න ඇත්තේ ඉංග්‍රීසියෙන් ලියපු කොලේකට නේද? එහෙම නම් ඉතින් මේ උන්නැහේට එ්ක කියවාගන්න බැරිව හිරවෙලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 237 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 516 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 623 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 374 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 452 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 163 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site