IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘සැප පුටු ගනුදෙනුවට පත්කළ කමිටුවත් වැරදි තොරතුරු සැපයුවා’

මුදිතා දයානන්ද

           

බස්නාහිර පළාත් සභාවේ සැප පුටු ගනුදෙනුව සෙවීමට තමන්ගේ නියෝගයෙන් ප‍්‍රධාන ලේකම්වරයා පත් කළ කමිටුවත් වැරදි තොරතුරු සපයා තමන් නොමග යැවීමට කටයුතු කර ඇතැයිද එය තේරුම් ගත් පසු තමා වෙනම ස්වාධීන නිලධාරී කණ්ඩායමක් සමඟ කළ පරීක්ෂාවේදි නියම තොරතුරු හෙළි වූ බවද බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා අද (13) පැවසීය.

තමන්ට වැරදි තොරතුරු ලබාදුන් නිලධාරින් සම්බන්ධයෙන් ඉදිරියේදි තීන්දුවක් ගන්නා බවද නානායක්කාර මහතා පැවසීය.

නානායක්කාර මහතා මෙසේ පැවසූයේ රාජගිරිය, ජනජය සිටි හි පවතින ආණ්ඩුකාරවරයාගේ නිල කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම පුටු මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා පළමු පුවත්පත් දැන්වීම පළ කළේ කවදා දැයි මාධ්‍යවේදීයකු නැගූ ප‍්‍රශ්නයට නානායක්කාර මහතා ලබාදුන් පිළිතුරු අනුව පාර්ලිමේන්තුවේ බදු පුටුවක් මිලදී ගැනිමට තීන්දු කළ බව කියන සභා කටයුතු කාරක සභාව පැවති 2018 පෙබරවාරි 21 වැනි දාට පෙර, එනම් 2017 දෙසැම්බර් 21 වැනි දා බවද බවද හෙළි විය.   

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා මෙසේද පැවසීය.

බස්නාහිර පළාත් සභාවේ සභා ගර්භයට මන්ත‍්‍රීවරුන් සඳහා මිලදී ගන්නා පුටු එක පුටුවක් ලක්ෂ හයහමාරකට මිලදී ගන්න යන බවට ලක්ෂ්මන් නිපුණආරච්චි මන්ත‍්‍රීවරයා කළ පැමිණිල්ලට අනුව මේ ගනුදෙනුව අත්හිටුවන ලෙස මා ආණ්ඩුකාර ලේකම් මගින් පළාත් ප‍්‍රධාන ලේකම්ට දැනුම් දුන්නා.  පළාත් ප‍්‍රධාන ලේකම්වරයා මගින් මේ ගැන සෙවීමට පළාත් නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් පිරිස් හා පුහුණු සිරිසෝම ලොකුවිතාන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කළා. එම කමිටුවේ වාර්තාව අනුව මෙම ගනුදෙනුව නිසි ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියක් අනුව සිදුව ඇති බවත් පුටුව ඇණවුම් කිරිමට පෙර සාම්පල් පුටුවක් ගෙන්වා ගත් බවත් ආදී ලෙස තොරතුරු වාර්තා කර තිබෙනවා.

එහෙත් මා කළ සොයා බැලීමේදි ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය නිසි පරිදි සිදුකර නැහැ. ඒ වගේම සාම්පල් පුටුක් මේ දක්වා ගෙන්වාගෙන නැහැ. මෙහේ නිෂ්පාදිත වෙනත් පුටුවක් ගෙන්වා සභාවේ සභාපති ඇතුළු මන්ත‍්‍රීවරුන් කීප දෙනෙකු වාඩි කරවා පෙන්වලා ඔවුන්වත් නොමග යවලා. ඇණවුමට අත්සන් කළ යුත්තේ පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි හෝ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි හෝ ලේකම් වුවත් එවැනි කටයුත්තකට කිසිම බලයක් නැති පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති තමයි මෙයට අත්සන් තබා තිබෙන්නේ.  



අදහස් (6)

‘සැප පුටු ගනුදෙනුවට පත්කළ කමිටුවත් වැරදි තොරතුරු සැපයුවා’

Mahee Thursday, 13 September 2018 09:34 AM

මහ බොරුකාරයෝ මහ බොරුවලින්ම දුවන රටේ, මේවා පුංචි බොරු.

:       0       18

රවින් Thursday, 13 September 2018 10:04 AM

නියමෙට ගොනාට අන්දවන්න හදලා තියනවා ඔක්කොල්ලම . පෝලිමම අල්ලස් කොමිසමට හා එෆ් සි අයි ඩී එකට භාර දෙන්න . රොත්ත පිටින් පඩි නැතිව වැඩ තහනම් කලාම ගෙදර ඉන්න අඹු දරුවෝ කියලා දෙයි හරියට වැඩ කරන හැටි. අට පාස් නැති එවුන් හොර මැරකම් හා ගැහිල්ලටනම් අචාර්ය උපාධි 10 කටත් වැඩිය අරගෙන තියනවා වගේ. හොර මොලේ තියන්නනම් ඔය පුටුවත් මදි.

:       0       106

BamunuarachchiSunday, 16 September 2018 05:05 AM

තවත් මොනවද අන්දන්න තිබෙන්නේ ආයුබෝවන්

:       0       0

dhamneth Thursday, 13 September 2018 10:58 AM

දැන් ඔය ලක්ෂ හය හමාරේ පුටුවල වාඩිවෙන්න හදන සමහරුන්ගේ ගෙවල්වල තිබුණ ඔක්කොම භාණ්ඩවල වටිනාකමත් ලක්ෂ හය හමාරට අඩුයි පළාත් සභාවට එන්න පෙර තිබුණ.

:       0       21

parakkrama Thursday, 13 September 2018 11:28 AM

ලොකු තැන පටන් පොඩි තැන දක්වා කලින් හිටපු අයත් එම අඩිපාරේ ගිය එහෙය්යියනුත් කරපු සෙල්ලම් " ජම්මෙට වැඩිය ලොකුයි පුරුද්ද " කියන්නාක් මෙන් දිගටම කරගෙන යන බව දැන් බහුතරයක් ජනතාවට අවබෝධ වී ඇත.

:       0       0

Bamunuarachchi Sunday, 16 September 2018 05:07 AM

"ගෙවල්වල තිබුණ ඔක්කොම භාණ්ඩවල වටිනාකමත් ලක්ෂ හය හමාරට අඩුයි පළාත් සභාවට එන්න පෙර තිබුණ." හැබැයි මෙතනට ආවයි කියලා උන්ගේ වටිනාකමත් වැඩි උනේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 170 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 71 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1165 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 2046 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2299 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1154 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 346 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site