මහේෂ් කිර්තිරත්න
බහුජාතික සමාගමකින් වැඩි මුදලකට මිලදී ගත් පිළිකා එන්නත් තොගය තහනම් කිරිමට පියවර ගත් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (25) මාතලේ දී පැවසිය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 42 වැනි ඔසුසල මාතලේ නගරයේ දී විවෘත කිරීමෙන් පසු පැවැති ජනහමුව අමතමින් ඇමැතිවරයා මෙසේ සඳහන් කළේය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් බහුජාතික සමාගමකින් මිලදී ගන්නා පියයුරු පිළිකා එන්නත් මිලදී ගැනීම නතර කරන ලෙසට තමන් උපදෙස් ලබා දුන් බවද අමාත්‍යවරයා පැවසීය.
ඉදිරියේ දී ඖෂධ නාමයෙන් පමණක් ඖෂධ ලිවීම අනිවාර්ය කිරීමේ නියෝගය ලබාදෙනවා. ඒ සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග සාකච්ඡා කර තිබෙනවා. ඖෂධ නාමයෙන් ඖෂධ ලිවීම විදේශීය රටවල සිදු කිරීමට හැකි නම් ලංකාවට ඇයි බැරි. මෙවැනි හොරකම් කමයි ඖෂධ වෙළෙදපොලේ තිබෙන්නේ. මෙම ඖෂධ ජාවාරම් මගින් මුදල් හම්බ කළ අයට විශාල පාඩුවක්. ඇතැම් වෛද්‍යවරුන්ට සමාගම් මුදල් ලබාදෙනවා.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමැති බන්දුල යාලේගම මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ හිටපු සංවිධායක උජිත් අනුරාධ මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා, කළමණාකාර අධ්‍යක්ෂක වෛද්‍ය විල්ෆඩ් කුමාරසිරි මහතා ඇතුළු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂකවරුන්, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘වැඩි මිලට ගත් පිළිකා එන්නත් තොගයක් තහනම් කළා’
sachith Monday, 25 March 2019 04:00 PM
තව ටික දවසකින් මේ තොගය තහනම් කරපු නිසා මිලදී ගත් මුදලට වඩා වැඩි මුදලක් ගෙවන්න වුණා කියලා ප්‍රවෘත්තියක් ආවේ නැත්නම් තමයි පුදුමේ.
mendis Monday, 25 March 2019 08:02 PM
ඖෂධ නාමයෙන් පමණක් ඖෂධ ලිවීම අනිවාර්ය කිරීම ඉතාමත් හොඳ වැඩ පිළිවෙලක්.
රවින් Monday, 25 March 2019 11:43 PM
කොමිස් පොඩ්ඩෝ ටික බෙදාගෙන වගේ. ලොක්කන්ට සුම්මා නේද?
Gunawardana Tuesday, 26 March 2019 04:11 AM
අසරණ රෝගීන් වෙනුවෙන් ජාවාරම් කරුවනට එරෙහිව ගෙනයන සටනට ස්තුති.
prasanka Tuesday, 26 March 2019 04:45 AM
දැන් බෙහෙත් නැ..
Mahesh Tuesday, 26 March 2019 05:23 AM
මේ වගේ කතා නම් පිළිගන්නෙ කොන්ඩෙ බැදපු චිනු වගේ එවුන් උනාට මොලයක් කියල දෙයක් තියෙන එකෙක් නම් මෙයාගෙ ටොම් පච ගැන හොඳට දන්නවා. කාලය ඉකුත් වෙච්ච බෙහෙත් තමන්ම වැඩි මිලට අරගෙන ඒව ගැන එළිදරව් වෙද්දී තමන්ම ඒ බෙහෙත් තහනම් කළා කියල පච හෙලන මේ වගේ අය පන්නන්න ඕනෙ.