IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘ලංකාවේ පුරවැසිභාවය ඉල්ලා උතුරේ පුරවැසියන් 443 අයදුම්පත් යොමු කරලා‘

( තිළිණි ද සිල්වා)

ජූලි මාසයේ සිට මේ දක්වා ගත වූ මාස එකහමාරකට ආසන්න කාලය තුළදී මෙරට පුරවැසිභාවය ඉල්ලා උතුරේ වැසියන් 443 දෙනෙකු අයදුම්පත් බාර දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

යුද ගැටුම් පැවති කාලවලදී සරණාගතභාවය ඉල්ලා විදෙස් රටවලට ගොස් , ගැටුම් නිමවු පසුව යළි මෙරටට පැමිණි පුද්ගලයින් පිරිසක් මෙලෙස අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය හරහා මෙම පුරවැසිභාවය ලබා ගැනීම සඳහා වූ අයඳුම්පත් යොමු කර ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කර සිටී.

ඒ අනුව කිළිනොච්චි ප‍්‍රදේශයේ පුද්ගලයින් 201 සහ මන්නාරම ප‍්‍රදේශයේ පුද්ගලයින් 242 දෙනෙකු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා වූ අයදුම්පත් බාර දී ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සම්බන්ධීකරණය කළ ජංගම කොන්සියුලර් සේවාවාවන් දෙකක් මාස එකහමාරක කාලය තුළ පැවැත්වූ අතර එහි පළමු ජංගම කොන්සියුලර් සේවාව ඉකුත් ජූලි 01සහ 02 දක්වා කිලිනොච්චි නගරයේදී පැවත්විණි. දෙවැනි ජංගම සේවාව විදේශ කටයුතු අමාත්යන තිලක් මාරපන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත්  12 සහ  13 යන දෙදින තුළ මන්නාරම නගර ශාලාවේදී පැවැත්විණි.

යුද ගැටුම්  පැවැති  කාලසීමාවේදී  විදෙස්  රටවල  සරණාගතභාවය  සොයා ගොස්  ගැටුම් නිමවූ  පසු  යළි ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන්ගේ කොන්සියුලර් සේවා අවශ්‍යතාවන් ඉටුකිරීම වෙනුවෙන් මෙම ජංගම කොන්සියුලර් සේවාවේ අරමුණ විය.

කිලිනොච්චි නගරයේ පැවති ජංලම කොන්සියුලර් සේවාවේදී පුරවැසිභාවය ලබාගැනීම සඳහා වූ  අයැදුම්පත් වලට අමතරව කොන්සියුලර් උප්පැන්න සහතික 61 ක්  නිකුත් කර තිබේ.මන්නාරම පැවති ජංගම කොන්සියුලර් සේවාවේදී කොන්සියුලර් උප්පැන්න සහතික 59 ක් නිකුත් කරනු ලැබූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

ඊට අමතරව පුරවැසිභාවය සහ උප්පැන්න සහතික පිළිබඳ උපදෙස් හා මාර්ගෝපදේශ අවශයවූවන්ට ඒ සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීමක්ද සිදු කෙරිණි.විදේශ කටයුතු අමාත්‍යාංශය, රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසිභාවය පිළිබඳ අංශය යන ආයතනවල නිලධාරීන් විසින් මෙම ජංගම කොන්සියුලර් සේවා වැඩසටහන මෙහෙයවීමට සහයෝගය ලබා දී ඇත.



අදහස් (2)

‘ලංකාවේ පුරවැසිභාවය ඉල්ලා උතුරේ පුරවැසියන් 443 අයදුම්පත් යොමු කරලා‘

Bamunuarachchi Thursday, 16 August 2018 10:42 PM

දෙන්න නම් එපා... අපි බලන්නේ මේ ගොල්ලෝ නැතිකර ගන්නයි. දැන් මේ ආණ්ඩුවට ඡන්දය දෙන්න ඉන්නේ මේ ගොල්ලෝ විතරක් නිසා පුරවැසිකම දේවිද දන්නේ නැත.

:       0       7

hari maga Friday, 17 August 2018 05:18 AM

රෝහින්ග්‍යා කට්ටියද දන්නේ නෑ...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 647 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1197 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1407 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 778 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 739 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 240 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site