IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘මාධ්‍ය නිදහසට බලපෑම් කරන්නේ නෑ’

(නාලක සංජීව දහනායක)

තම පාලන කාලය තුළදී රටේ මාධ්‍ය නිදහසට කිසිඳු බලපෑමක් එල්ල නොකර බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (12) පැවැසීය.

ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති අතරම රටට සහ රටේ කීර්තිනාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් රටට විය යුතු වගකීම් ඉටුකිරීමට සියලූම මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය ආයතන නිලධාරීන්ගේ කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවීම, දූෂණය පිටුදැකීම සහ ආර්ථික සංවර්ධනය වැනි තම අරමුණු ජයගැනීම සඳහා මාධ්‍යයේ සහයෝගය නොවඩුව තමන් වෙත ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවද ජනාධිපතිවරයා කීය.

එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් ආයෝජන හා ආර්ථික සබඳතා ගොඩනැගීමට රටේ ප‍්‍රතිරූපය ඉතාම වැදගත්වන බව කී ජනාධිපතිවරයා රටේ ප‍්‍රතිරූපය ගොඩනැගීම සදහා මාධ්‍යයට පුළුල් වගකීමක් පැවැරෙන බවද සඳහන් කළේය.

ආන්දෝලනාත්මක ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට අදාළ සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය ආකාරයට උළුප්පා දැමීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් තම කණගාටුව පළකළ ජනාධිපතිවරයා එම සිදුවීමේදී මෙරට මාධ්‍යයේ හැසීරීම සම්බන්ධයෙන් තම ප‍්‍රසාදයද පළ කළේය.

එමෙන්ම නගර අලංකරණ කටයුතු මෙන්ම රට පුර නිර්මාණය වී ඇති චිත‍්‍ර ඇදීමේ රැල්ල පිළිබඳව මෙහිදී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් දැනුවත් කළ ජනාධිපතිවරයා එය කිසිවකුගේ ඉල්ලීමක් අනුව සිදුවූවක් නොව රටට ආදරය කරන තාරුණ්‍යය අතරින්ම බිහිවූ නිර්මාණශීලී වැඩපිළිවෙළක් බවය.

කෙසේ වෙතත් රටට ආදරය කරන එම කණ්ඩායම් දිරි ගැනීවීම් මාධ්‍යයේ දායකත්වය නොවඩුව ලැබීමේ වැදගත්කම ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. 



අදහස් (11)

‘මාධ්‍ය නිදහසට බලපෑම් කරන්නේ නෑ’

amara Thursday, 12 December 2019 11:48 AM

මහින්ද මහත්තයාගේ කාලේ එහෙම කරපු අයව අල්ලන්න ඕනේ එතුමාට අවුරුදු 10 වත් ඉන්න බැරි වුණානේ ඕව නිසා

:       36       188

athula Thursday, 12 December 2019 01:27 PM

ඇත්තටම අවංක උවමනාවක් ඔබට තියේනම් රට ගොඩගන්න ඔබ කළ යුතුව තියෙන්නේ ඉක්මනටම අපේ මිනිරන් black gold පිරිසිදු කරන්න ආයෝජකයන් ගෙන්වන්න1 kg ඩොලර් 1,0000 සිට 25,000 ක් දක්වා විකුනන්න පුළුවන්. ඒවගේම පුල්මුඩේ ඉල්මනයිට් නිධියටත් එහෙම කරන්න එහෙම කලොත් අවුරුදු 2න් රට ගොඩ. ඔය කොහෙන්වත් හිඟා කන්න ඕනේ නැහැ

:       52       138

RanjithThursday, 12 December 2019 02:28 PM

ඉතා වටිනා අදහසක්.

:       47       37

Tharindu PereraThursday, 12 December 2019 03:32 PM

මම හිතන්නේ ඔය අදහස ‌ගෙනාවේ AKD ‌නේ. මිනිස්සුන්ට ඒවා එහෙම මතක තියෙන එක හරි ‌ලොකු ‌දෙයක්...

:       35       169

samanFriday, 13 December 2019 04:44 AM

කවුරු කිව්වත්, හරි දේවල් කාගෙන් ගත්තත් කමක් නෑ, රටට හොදක් කරන්න නම්. සියලුම දේවල් තවත් දෙයක කොපියක්නේ. ඒක අරයේගේ ප්‍රතිපත්ති ප්‍රකශනේ මෙයාගේ එකේ කිය කියා පහත් කරලා වෙඩක් නෑ, කරපු කෙනා තමා වැදගත් වෙන්නේ.

:       0       17

මල්කුමාර Thursday, 12 December 2019 01:40 PM

කාලයක් මේ රටේ ජනමාධ්‍ය ව්‍යාපාරය කරගෙන ගිය හැටි අපිට අමතක නැහැ. තමුන්ට කඩේ යන හෙන්චයියන්ට තනතුරු දීලා මාධ්‍ය ආයතන පවා දේශපාලනීකරණය වෙලයි තිබුනේ.

:       18       208

ravinThursday, 12 December 2019 02:53 PM

එහෙම තමයි දැනුත්.

:       26       622

siri Thursday, 12 December 2019 03:39 PM

බලපෑම් කරන්න දෙයක් නැහැ. ඒ ගොල්ලෝ ස්වේච්චාවෙන්ම ඕනෑ දේ ඕනෑවටත් වැඩියෙන් කරලා දෙනවනේ.

:       0       1

Chathuri Thursday, 12 December 2019 04:14 PM

ඉස්සර දාපු සෙල්ලම් දැන් කිසිම ලොක්කෙකුට දමන්න බැහැ. ජනමාධ්‍ය නිදහස යහපාලනයෙන් ලබා දීලා මිනිසුන්ගේ අයිතිවාසිකම් කතා කරන්න ඒ තැන ලබා දීලා තමයි ඒ අය ගෙදර ගියේ.

:       46       1197

Perera Thursday, 12 December 2019 08:44 PM

එහෙම තමයි වෙන්න ඕනා, හැබයි දැනටමත් දේශපාලන බලය පාවිච්චි කරලා නව රජයේ දෙතුන් දෙනෙක් මාද්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. බලමු ඔය කියමන කොයි තරම් දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරාවිද කියලා.

:       9       5

ලුම්බිණි Thursday, 12 December 2019 11:32 PM

පළමුවෙන්ම දැනට තහනම් කරලා තිබෙන විද්‍යුත් මාධ්‍ය වල තහනම ඉවත් කරන්න. ඊළඟට රාජ්‍ය මාධ්‍ය ආයතන ස්වාධීන කරන්න. ඕනෑම කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඉඩදෙන්න. "ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති" බව කියන එක ප්‍රශ්නයක්. කොහොමද විවේචන සාධාරණද අසාධාරණද කියල තීරණය කරන්නේ?

:       14       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 124 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 265 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 154 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 387 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 754 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 581 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site