IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘මත්තල විකිණීමේ සුදානමක් නෑ’

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මත්තල ගුවන්තොටුපළ විකුණා දැමීමට රජයේ කිසිදු සුදානමක් නැතැයි අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (11) උඩුගම්පළදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මත්තල ගුවන්තොටුපලේ කළමණාකාරිත්වය විධිමත් කිරීම සම්බන්ධයෙන් ඇමැතිවරයා  කළ සදහනක් පදනම් කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙය රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් පරාජිත දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු සිතාමතාම සිදුකරන බොරු ප්‍රචාරයක් බව පෙන්වා දුන් ඇමැතිවරයා වත්මන් රජය  ජාතික සම්පත් විකුණා දැමීමට කිසිසේත් සුදානම් නැතැයි කිවේය.

පසුගිය යහපාලන ආණ්ඩුව මෙන් එකක් කියා එකක් කිරීමේ ප්‍රතිපත්තියක් වත්මන් රජයට නොමැති බව පැවසූ රණතුංග මහතා වත්මන් ආණ්ඩුව කියන දේ කරන කරන දේ කියන ආණ්ඩුවක් බවද කීවේය.

මත්තල ගුවන්තොටුපල මගී හා භාණ්ඩ ප්‍රවාහන ගුවන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වත්මන් රජය අවධානය යොමු කර ඇතැයි පෙන්වා දුන් රණතුංග මහතා ඉතා කඩිනමින් මත්තල ගුවන්තොටුපල ක්‍රියාකාරී ගුවන්තොටුපලක් බවට පත් කිරීම රජයේ අරමුණ බවද මෙහිදී අවධාරණය කළේය.



අදහස් (13)

‘මත්තල විකිණීමේ සුදානමක් නෑ’

සුදු බංඩාර Wednesday, 11 December 2019 09:02 AM

ඔය දෙගොල්ලන්ගෙම වෙනසක් නෑ. දූෂණ, හොරකම්, වංචා සිදුකරලා රට ණය කරලා සම්පත් විකුණල දානවා . නැත්නම් බදු දෙනවා. මතකද පෝර්ට් සිටි එක චීනෙට විකුණවා.

:       97       207

ප්‍රියන්ත ගම්පහ Wednesday, 11 December 2019 12:02 PM

මෙය රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් පරාජිත දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු සිතාමතාම සිදුකරන බොරුප්‍රචාර නොව මොහු මෙම ඇමැති තනතුරු දැරීමට තරම් අධ්‍යාපන සුදුසුකම් මොහුට නැත. ආනන්ද විදුහලට ගියත් කොටින්ම කියතොත් ප්‍රසන්න අපොස සපෙළ සමත් නැත. මොහු දැනටමත් ආනන්ද විදුහලේත් නම කතා කර ඇත. අප ඒ ගැන සොයා බැලුවෙමු. මෙවැනි පුද්ගලයින් සමග රට දියුණු කළ හැකිද? රට වෙනුවෙන් තීන්දු ගැනීමට මොවුන්ට හැකිද?

:       57       159

පුලතිසි Wednesday, 11 December 2019 02:49 PM

ප්‍රියන්ත ඒ කියන්නේ විෂයභාර ඇමතිවරයා හැර එම ආයතනවල සේවය කරන සියලු දෙනාම උගත් කියා නොවේද? ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවට සුදුසුද?

:       0       2

Nandalal DE SILVA - France Wednesday, 11 December 2019 09:07 AM

ඕක ඉතින් අලුතින් කියන්න දෙයක්ද ? පහුගිය යහපාලන රජය උනත් එම "සුදු අලියා" කිසිදිනක විකුණා කන්න අදහස් කළේ නැත. කොහොම උනත් කුමන අවාසනාවකට හෝ ගුවන් යානා නොඑන වනසතුන්ගේ පාරාදීසයක් වන මෙම "හුළං තොටුපොල" විකුණන්න සිදුවුනොත් එහි හැම අඟලකම සවිකර තිබෙන "රාජපක්ෂ බෝඩ් ලෑලි, නාම පුවරුවලට " අබ සරණයි. එනිසා මෙය රැකගැනීම රාජපක්ෂවරුන්ගේ වගකීමක් විය යුතුයි.

:       131       237

Dhilak Gamage Wednesday, 11 December 2019 09:20 AM

දැන් රටේ හැම දෙයක්ම විකුණන් කන කෙනා එළවා ඇති නිසා විකුණන්න කෙනෙක් දැන් නැහැ.

:       131       2

Pappa Wednesday, 11 December 2019 10:25 AM

හොඳට බලලා වැඩියෙන්ම කොමිස් එක ලැබෙන තැනට වැඩේ සෙට් කරන්න. ඔය වැඩ හොඳට පුරුදුයිනේ.

:       24       62

Buddika Wednesday, 11 December 2019 10:56 AM

එජපය විකුණනන් හැදුවෙත් නෑ. මහින්ද රට හිරකරපු ණය උගුල් අතරට මත්තලත් තියෙනවා. අනික මේ ඔය දේපළ විකුණද්දි සමහර දේශපාලකයෝ කප්පම් අහුවෙනවනේ නේද ?

:       82       177

siri Wednesday, 11 December 2019 12:20 PM

මත්තල නිකන් දුන්නත් ගන්න කිසිකෙනෙකු සූදානම් නැහැ කියලයි මට නම් හිතෙන්නේ. ඕකයි, වරායයි, සම්මන්ත්‍රණ ශාලාවයි, පාරවල් ටිකයි හැදුවේ පාර්ලිමේන්තු මන්දිරයකුයි, දළඳා මාලිගාවකුයි හදලා අගනගරයත් ඔතෙන්ට ගෙනියන්න හිතා ගෙනනේ... අපි දන්නේ නැද්ද තිබුණු සැලසුම් කොයි කොයි ආකාරයේ ඒවාද කියලා...?

:       52       138

කපුරුහාමි Wednesday, 11 December 2019 01:43 PM

මත්තල ගුවන් තොටුපොළ හැදුවේ හිටපු පවුල් පාලන ආණ්ඩුවේ අයගේ ප්‍රයෝජනයට කියලනේ හැමෝම කිව්වේ... මොනතරම් කොමිස් කුට්ට් තමුන්ගේ සාක්කුවලට ගියාද? නූපන් දරුවන් පවා ලොකේට ණය කාරයන් කරලා උන්උන් ගසාකාපු එකයි සිද්ධ වුනේ....

:       22       144

Mahee Wednesday, 11 December 2019 02:57 PM

මං මේ කල්පනා කලේ රටේ වැදගත් හැටියට ගැනෙන හැම ප්‍රශ්නයක් ගැනම දැන් කතා කරන්නේ මේ වගේ කට්ටියනේ කියලා. ගම්මන්පිල, ප්‍රසන්න වගේ උදවිය අඩු ගණනේ තමන් කතා කරන්නේ මොනවද කියලවත් දන්නවද මන්දා...? ලොකු මහත්තුරු කට අරින්නේ නෑ. සමහරවිට මේ වගේ අය පාවිච්චි කරලා මුට්ටිය දාලා බලනවද මන්දා... ජනතාව දන්නවා මේවා නිකම්ම හිස් මුට්ටි බව... ඒ හින්දා මොනවා කිව්වත් ගණන් ගන්නෙත් නැහැ.

:       27       86

Jay Wasala Wednesday, 11 December 2019 09:22 PM

මොනවා වුණත් මේ ආයතනය හදලා ඉවරයි. එ්කෙන් රටට ප්‍රයෝජනයක් වෙන විදිහට ක්‍රියා කරන්න පාලකයෝ දැනගන්න ඕනේ... පසුගිය අවුරුදු 5 එහෙම ප්‍රයත්නයක් කළානම් ඒ වැඩ ටික ඉදිරියට කරගෙන යන්න. රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති මිසක් පක්ෂ ප්‍රතිපත්ති නොවේ. දැන්වත් සිංහල ජාතිය මේක හොඳට සිහිකරගෙන ඔය පක්ෂ ගැතිකම වෙනස් කරලා රට ගැන සිතන්න. නැත්නම් ඔය ගොල්ලෝ හැමදාම දේශපාලන වහල්ලු වෙනවා මිසක් දියුණුවකට දායකවෙන කොටසක් වෙන්නේ නැත.

:       0       2

appuhami Thursday, 12 December 2019 01:52 AM

ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපොළක් ගන්නේ කවුද?

:       0       10

Kamal Thursday, 12 December 2019 03:02 AM

විකුණන්නේ නෑ.. 99 අවුරුදු බදුදෙනවා...

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 371 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 779 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 935 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 521 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 557 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 197 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site