IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘පොදුජන පෙරමුණු දෙවැනි සංවත්සරයේදී මහින්දට පක්ෂ නායකත්වය දෙනවා‘

(නාලක සංජීව දහනායක)

නෙවැම්බර් දී පැවත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි සංවත්සරයේදී පක්‍ෂය නිල වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බාරදී පක්‍ෂ නායකත්වය සඳහා ඔහුව පත්කරගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (18) පැවසීය.

එමෙන්ම එදිනට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් පක්‍ෂ සමාජිකත්වය ලබාගන්නා බවත් සියලූම දිස්ත‍්‍රික්ක සඳහා ආසන සංවිධායකවරුන් පත් කරන බවත් මන්ත‍්‍රීවරයා කීය.

මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

මිනිස්සු දැනටමත් පෙදුජන පෙරමුණ වටා ඒකරාශී වෙලා ඉවරයි. ඒ බව නොවැම්බර් 2 වැනිදාට යෙදෙන පක්‍ෂ සංවත්සරයේදී අපි පෙන්වනවා. අපිත් එක්ක ඉන්න මිනිස්සු නැවත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යන්නේ නැහැ. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යන්න අපෙත් කිසිම බළාපොරොත්තුවක් නැහැ. ඔවුන්ට  ඕනනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බැදෙන්න පුළුවන් යැයිද පැවසීය.

 බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (18) පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
   



අදහස් (12)

‘පොදුජන පෙරමුණු දෙවැනි සංවත්සරයේදී මහින්දට පක්ෂ නායකත්වය දෙනවා‘

pj Monday, 18 June 2018 11:07 AM

හොරුන්ගේ නායකයා වන්න ඕනේ හොරෙක්ම තමයි..

:       662       728

සිරිසේනMonday, 18 June 2018 12:12 PM

හරියට හරි... මහ බැංකු වංචාව කළ පක්ෂය ගැනනේ ඔය කියන්නේ...

:       271       428

pjMonday, 18 June 2018 10:08 PM

ප්‍රශ්න මග හැරීමට ට්‍රැක් මාරු කිරීම හා වීම හොරුන්ගේ ම ලක්ෂණයකි.

:       0       0

pjTuesday, 19 June 2018 04:42 AM

නායකයට වදිනකොට ගෝලයන්ට වයර් මාරුවීම සාමාන්‍ය දෙයක් .

:       112       1

ShanTuesday, 19 June 2018 05:50 AM

දැන් කියන්න තියෙන්නේ මහා බැංකුව විතරනේ. පෙර කලේ කරපු සිය ගානක් හොරකම් මතක නැද්ද? පාට කන්නාඩි දැන්වත් ගලවන්න.

:       0       0

sirimal Monday, 18 June 2018 11:40 AM

එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අත්හරීවිද? මහින්ද නැතුව පොදු ජන තියා මොනම පෙරමුණකටවත් වගතුවක් නැහැ. ඒකයි මහින්දගේ නම වෙළඳ භාණ්ඩයක් වගේ සියලුම දෙනා භාවිතා කරන්නේ. පොදු ජන පෙරමුණ ඇතුලේ දැන් මණ්ඩලේ කචල්. මහින්ද පවුලේම විවිධ හැල හැප්පිලි එළිපිට ප්‍රදර්ශනය වෙනවා. බලය නැතුව ඔහොමනම් බලය ලැබුනොත් කොහොම වෙයිද? ජුලි මැද විතර වෙනකොට අර දැන් කාටත් අමතක වහන්නේ නැතුව නඩු අහනවා කියන උසාවි පටන්ගන්නයි යන්නේ. සභාපති කම බෙදාගන්න එක පස්සේ පුළුවන් මේ උසාවි වැඩේ කඩා කප්පල් කරන්න මොන මොනවා හරි කලොත් ඇඟට ගුණයි.

:       24       159

සතයපාල Monday, 18 June 2018 01:46 PM

ඉස්සෙල්ලම මුට්ටිය දාලා බැලුවා. මුට්ටිය බේරුණු නිසා දැන් ඔලුව දානවා. මහින්ද කවදත් එහෙමයි. එදා මුට්ටිය බිඳුණා නම් මමත් නොවෙයි, මගේත් නොවෙයි.. මම මුකුත්ම දන්නෙත් නැහැ කියයි. පක්ෂයට කවදාවත් ද්‍රෝහී වෙන්නේ නැහැ.... කියලත් කියයි.

:       62       73

chandra Monday, 18 June 2018 04:50 PM

පක්ෂ සාමාජිකත්වය නැති අයගේ පක්ෂයක්...

:       11       9

Chanak Los angeles Tuesday, 19 June 2018 01:23 AM

නැතිනම් ඉතින් කොහොම ගොඩයන්නද නේද ?

:       0       0

Abaran Tuesday, 19 June 2018 03:02 AM

ඔබතුමා දුටු සැනින් ටී.එම්.ජයරත්න ගායකයාගේ ජනප්‍රිය ගීයක් නිතැනින්ම සිහියට එනවා.....

:       0       0

upali Tuesday, 19 June 2018 03:50 AM

මොන පක්ෂයක් ගැනද මේ කතා කරන්නේ ? පොහොට්ටුව පක්ෂයක්ද ?

:       0       2

sanath Tuesday, 19 June 2018 06:03 AM

මහින්ද මහත්තය නැති පොහොට්ටුව මනමාලයා නැති මඟුල් ගෙදරක් වගේවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 369 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 766 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 927 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 512 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 548 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 197 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site