IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘පරීක්ෂණයක් නැතිව හිටපු ජනපති ගෙදරක් රාජසන්තක කරලා‘

(මනෝප්‍රිය ගුණසේකර)

ආරක්ෂක ඇමතිවරයා සතු බලතල භාවිත කරමින්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  විසින් වැල්ලවත්තේ තට්ටු තුනක ගොඩනැගිල්ලක් රාජසන්තක කිරීම මඟින් එම නිවස අයිති ව්‍යාපාරික යුවලගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම යුවලට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවීමට අද (27) නියම කළේය.
 
එම නිවස වැල්ලවත්තේ චැපල් පටුමගේ පිහිටා තිබුණු අතර අයිතිය තිබුණේ දෙමළ ජාතික ව්‍යාපාරිකයකුටය. එල්.ටී.ටී.ඊ සංවිධානයට අරමුදල් රැස්කරන බව හා  එම සංවිධානයට අයිති ගොඩනැඟිල්ලක් බව  තීරණය කරමින්  නිවස  රාජසන්තක කර තිබිණි.
 
ගොඩනැගිල්ල සති 08ක කාලයක් තුළ එහි හිමිකරුවන්ට බාරදෙන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය  වැඩිදුරටත් නියම කළේය. නිවස හිමි යුවළ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ඉදිරිපත් කළ කරුණු පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස මෙම නියෝගය කළේය.
 
මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග විය.
 
මෙම පෙත්සමෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, එය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා,   ජනාධිපති ලේකම්   සහ නීතීපතිවරයා වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටියහ.
 
මෙම චෝදනා සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන්   කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වු බවත් මේ සම්බන්ධයෙන් කිසිදු හේතු විමසීමකින් තොරවම ආරක්ෂක ඇමතිවරයා ලෙස එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය බලතල පාවිච්චි කරමින් 2009 දෙසැම්බර් 17 වැනිදා තම සේවාදායකයින් සතු මෙම ගොඩනැගිල්ල අයත් පරිශ්‍රය රාජසන්තක කළ බවත් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
 
ආරක්ෂක ඇමතිවරයා ලෙස එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය බලතල පාවිච්චි කරමින් කිසිදු පරීක්ෂණයක් නොපවත්වා, කිසිදු හේතු විමසීමකින් තොරව මෙම ගොඩනැගිල්ල අයත් පරිශ්‍රය රාජසන්තක කිරීමෙන් පෙත්සම්කරුවන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.



අදහස් (30)

‘පරීක්ෂණයක් නැතිව හිටපු ජනපති ගෙදරක් රාජසන්තක කරලා‘

PITIGALA MILANO Thursday, 27 July 2017 03:08 PM

මට කැකිල්ලේ මහරජාව මතක් වෙනවා මේවා අහනකොට...

:       3411       3518

chaminda Thursday, 27 July 2017 03:13 PM

ඔය වාගේ වැඩ ගොඩක් ඒ කාලයේ සිදුවුනා...තාත්තට විතරක් නොවෙයි පුතාලටත් ගෙවල්,හෝටල් , පරණ වලව් ගැන පුදුම ආශාවක් තිබුනේ....

:       4301       4479

වික්‍රම Thursday, 27 July 2017 10:15 PM

මේකේ කොමෙන්ට් දාලා තියෙන මිනිස්සු හිතාගෙන ඉන්නේ මේක මහින්ද රාජපක්ෂ පාවිච්චි කරා කියල . රටේ ත්‍රස්තවාදීන්ට කොලබ බෝම්බ පුපුරවන්න දැනගෙනම තමන්ගේ ඉඩකඩම් බදු දීපු මිනිස්සු ඔය කියන ප්‍රදේශයේ හිටපු බව අමතක වෙලා දැන් .

:       339       1188

tony-maharagamaFriday, 28 July 2017 07:25 AM

වික්‍රම, මහින්ද මහත්තය පාවිච්චි කරොත් විතරද වැරැද්දක් වෙන්නේ..? තමන්ගේ බලය පාවිච්චි කරලා ඔය වගේ හෙණගහන අමන වැඩ තව කීයක් නම් ඔය පවුල සහ ඔවුන්ගේ සහචරයෝ කරාද..? යමක් කරන්න බැරි බොහෝ අසරණ උදවියට කොතෙක්නම් අසාධාරණ වැඩ කරාද..? 'ගෝඩ් ෆාදර් ' කරපු තව ගොඩක් අසාධාරණ වැඩ තාම කරලියට ආවේ නැහැ.

:       415       547

kamaniFriday, 28 July 2017 07:54 AM

නිකම් පච කියන්නේ නැතිව ඉන්න...

:       244       104

aravinda Thursday, 27 July 2017 10:26 PM

හැබැයි ඔය කියන කාලේ රෑ දවල් නොබලා, කොළඹට කොටි ගහනකොට ඔය දේවල් ගැන කිසි කෙනෙක් කතා කරේ නෑ.

:       108       727

Ratnamalala Friday, 28 July 2017 12:59 AM

මේ වගේ දේවල් නිසාවෙන් තමයි හොට බිම ඇන ගත්තේ...

:       626       703

Susil Friday, 28 July 2017 01:12 AM

ඒ දඩ මුදල අප්පච්චිට පුද්ගලික මුදලින් ගෙවන්න කියන්න. නැත්නම් බදු ගෙවන අපි එපැයි ඒකත් ගෙවන්න. මේක මාරම කෙලියක්නේ... ඒ අයගේ දඩත් අපි ගෙවන්න.

:       890       937

ruwan Friday, 28 July 2017 02:47 AM

මීට අමතරව කී දෙනෙක් අතුරුදන් වුවද ඔය ප්‍රදේශයේම නමුත් ඔවුන් සියල්ලන්ටම හොඳ ඉඩම් තිබුන. දැන් ඒවායේ අයිතිය ප්‍රශ්නයක්.

:       163       48

ධම්ම Friday, 28 July 2017 02:51 AM

මට තියෙන ප්‍රශ්නේ ඇයි මේ වැරදි කළවුන්ට දඬුවම් නොදෙන රහස මොකක්ද කියන එක.

:       294       192

danne Friday, 28 July 2017 04:05 AM

රාජසන්තක කළා කියන්නේ මහින්ද මහත්තයා එයාගේ නමට ලියාගත්තා නෙමෙයි මම හිතන්නේ.. ඒ කියන්නේ රජයට ගත්තා කියලා වෙන්න ඕනෑ... අළුත් රජයකට පුළුවන් ආපහු ඒක දෙන්න. අනේ මම දන්නෑ...

:       140       276

Salinda Friday, 28 July 2017 04:39 AM

යුද්ධයට මුවාවෙලා මේ වගේ වැඩ කරලා ඒවා අහුවෙන කොට මේ අය කරන්නේ ජාතිවාදය අවුස්සලා මිනිසුන්ව කුලප්පු කරන එක. ඇත්තටම රට ගැන රටේ දරුවන්ගේ අනාගතය ගැන හිතන අය මේවගේ වැඩ කරන්නේ නෑ. ඇත්තටම රට වෙනුවෙන් සටන් කරලා යුද්ධය නිමාකරපු හමුදා විරුවන්ට කරන්නේ අවමානයක්...

:       604       505

jayasiri manimendra Friday, 28 July 2017 05:24 AM

චමින්ද, ඔයා නිකන් අර යන්නේ කොහෙද මල්ලෙ පොල් කියන කතාවනේ කියන්නේ. ඔය ගේ පවරා ගත්තේ ඒ අයට නෙමෙයි. රජයටයි.

:       418       515

chathuriFriday, 28 July 2017 07:56 AM

චමින්ද හරි... එයා කියලා තියේන්නේ තාත්තලා පුතාලා කරපු හොරකම් ගැනයි....

:       710       628

vipula Friday, 28 July 2017 06:10 AM

එවකට එතුමා මෙය රාජසන්තක කලේ පෞද්ගලික පරිහරණයට නෙමෙයිනේ එවකට පැවතී රටේ ආරක්ෂක තත්වය ගැන සලකලා. කල්පනා කරලා හරියට කියවල අදහස් පල කරන්න

:       210       621

බණ්ඩාර -කැකිරාව Friday, 28 July 2017 06:16 AM

මහින්ද හිටපු ජනාදිපතිතුමාට අවලාද නගන්නේ ඩොලර්කරුවන් විතරයි.

:       454       608

srinathFriday, 28 July 2017 04:14 PM

බණ්ඩාර කැකිරාව, ඩොලර් කාක්කෝ ගැන කියවන ඔයා ගැන හිතාගන්න අපිට පුළුවන්

:       56       2

Shan Friday, 28 July 2017 07:04 AM

මේකේ සමහර මිනිස්සු කියලා තියෙන විදියට, කොටි කියල හැම දෙමළ මනුස්සයාගේම දේපල ගන්න බෑනේ. අනිත් එක මහින්දගේ කාලේ ඔය වගේ ආසාවල් හරියට තිබුණනේ. පරීක්ෂණ කරලා ගත්තා නම් කිසි ප්‍රශ්නයක් නෑ. නැත්නම් 86-88 කාලේ ජ.වි.පෙ. කරපු දේවල් වලට ගොඩාක් සිංහල මිනිස්සුන්ගේ දෙපලත් ගන්න ඕනෑ.

:       418       267

arwin Friday, 28 July 2017 08:04 AM

සිංහල ජාතිය ගැන කතා කලේ රාජපක්ෂලා 2, 3 ක් විතරයි.

:       0       215

Sanath Friday, 28 July 2017 08:10 AM

යුද්දය ඉවරවුනේ 2009 මැයි 19 ඊටපස්සේ කිසිම බෝම්බයක් පිපිරුවේ නැහැ. නමුත් මේ නිවස රාජසන්තක කරලා තියෙන්නේ 2009 දෙසැම්බර් 17.

:       194       285

chooty Friday, 28 July 2017 08:42 AM

මේවගේ දේපොළ කීයක් බලෙන් අල්ලා ගත්තද ඒ කාලේ? පස්සේ ඒවා නෑදෑයින්ට බෙදුවා. ආයේ ගේන්න දඟලන්නේ ඔය මිනිස්සුම තමයි.

:       409       472

dev Friday, 28 July 2017 08:48 AM

රට පාවාදීම උපරිම මට්ටමේ තියන කොට වෙනත් දේවල් දාලා අවධානය ගලවනවා එ්කෙන්...

:       5       449

Senarath Friday, 28 July 2017 04:15 PM

ගොඩක් අයට යුද්ධ ඉවරවෙන්න කලින් රටේ තිබුණු තත්වේ මතක නැහැ . මේ ලගදිත් ඇමෙරිකන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේ පොලිස් නිලදාරීන් 16 ක් මරුණා. ඒවාට කියන්නේ අත්වැරදීම් කියල. ලංකාවේ එහෙම නොවීත් හමුදාවේ නිලදාරීන් අද හිරේ . කොළඹට බෝම්බ ගහපු විදියට වෙන රටක උනා නම් අහිංසක දෙමල මිනිස්සුත් මරල දමනවා. එත් මේ රටේ එහෙම වුනේ නැහැ. ප්‍රභාකරන්ගේ ග්‍රහණයෙන් පැනල ආපු අහිංසක දෙමල වැසියන්ට අපි මොනතරම් කරුණාවෙන් සැලකුවද. අද අපි සාමයෙන් ඉන්න මේ නායකයා නිසා

:       4       320

බණ්ඩාර(කැකිරාව) Friday, 28 July 2017 06:04 PM

2008 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය තියෙන දවසේ පාන්දර 1.15 ට කොටින්ගේ ගුවන්යනාවක් ඇවිත් කොළඹට බෝම්බහෙලුවා ,ඔබලාට මතක නැතුව ඇති, කෙරවලපිටියේ විදුලිබලාගාරයට බෝම්බ දාල එනගමන් නුගේගොඩ උඩහමුල්ලටත් බෝම්බ කොටසක් වැටුනා. දෙවැනි වතාවටත් බෝම්බ හෙලන්න කොළඹට එනවිට රත්මලාන ගුවන් හමුදා කදවුරෙන් එල්ලකල ප්‍රහාරයෙන් කොටින්ගේ ඒ ගුවන්යානය විනාශ වුනා . එසේ නොවුනානම් ඔවුන් කොළඹ තියෙන වටිනා ස්ථාන කිහිපයම විනාශ කරනවා,මෙ දේවල් ගොඩක් මිනිසුන්ට අමතක වෙලා ,කොටි ත්‍රස්තයන්ට කොළඹ ආශ්‍රිත බොහොමයක් ප්‍රහාර සැලසුම් කිරීමට නවාතැන් පහසුමක් විශාල වශයෙන්ම ලැබුනේ වැල්ලවත්ත ප්‍රදේශයෙන්, බව හැමෝම දන්නවා..

:       0       412

sg Friday, 28 July 2017 06:25 PM

ස්වාභාවධර්මයේ විසින් සෑම දෙයක්ම විසඳාවී

:       0       0

rocky Saturday, 29 July 2017 05:02 AM

සමහරුන්ට රාජපක්ෂවරු කරපු හැම දෙයක්ම හරි! කරපු වැරදි වැඩ මොකුත්ම නැහැ! . මෙහෙමත් අවිචාරවත් මිනිසුන් අතරයි අපට ජීවත් වෙන්න සිදු වෙලා තියෙන්නේ. අනිච්චේ රටකට වෙච්ච දේ! එදත් එකයි අදත් එකයි. බැලු බැලු අතේ හොරු. ඔය කියන බිල්ඩිම කිසිදු නීත්‍යානුකුල පරීක්ෂණයක් නොකර රාජසන්තක කල බව මේ සපොටර්ලාට දැනගන්න ලැබුනේ නැද්ද?

:       0       0

CHANDRADEVA Saturday, 29 July 2017 07:53 AM

රාජපක්ෂවරු හොරකම් කළ අය නම් නෙවෙයි.

:       0       0

Ramendra Saturday, 29 July 2017 08:42 AM

රටක ජනතාව සහ මාධ්‍යවේදීන් ස්වාධීනව කටයුතු කිරීම සහ දැකීම තුළින් රටක් දියුණු කල හැකිය. නමුත් අප රටේ ජනතාව සහ මාධ්‍යවේදීන් දේශපාලකයන් සහ පක්ෂ කරමත තබාගෙන සිටීම අප රටේ අවාසනාව වී ඇත. ඉදිරියේදී අලුත් වෙනසක් කිරීමට අප උත්සාහ කරමු. (පොරොන්දු ඉටු කරන, කියන දේවල් කරන, සහෝදරයන්ට දරුවන්ට රජයේ සම්පත් වලින් මුදල් උපයන්නේ නැති, බුද්ධිමත් අවංක නායකත්වයක් සහ නායකයෝ පිරිසක් හොයාගන්න දැන් සිටම සිතා ගමු)

:       0       0

chanaka Saturday, 29 July 2017 01:23 PM

මෙම තීන්දුව දෙන්න හේතුව නම් පොලිස් සොයා ගැනීම් වලින් පසු ආරක්‍ෂක අමාත්‍යංශයෙන් නිවස රාජසන්තක කිරීමේ ක්‍රියාවලියේ තිබූ තාක්‍ෂණික අඩුපාඩු මිස චෝදනාවේ ඇත්ත නැත්ත නිසා නොවේ.

:       0       27

kumar (galf) Saturday, 29 July 2017 06:12 PM

මෙයාලාගේ කාලේ කී දෙනෙක්ගේ දේපල රාජසන්තක කරලා පස්සේ එයාලාගේම අයට කොල්ලාකාගත්තාද?

:       40       80

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 391 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 813 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 984 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 555 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 576 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 200 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site