IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘නව එජාපයක් බිහි කරනවා‘

 (නිමල කොඩිතුවක්කු)

පක්ෂයේ  අනාගතය ගැන සිතා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගෙන  නව නායකයන්  සමග නව එක්සත් ජාතික පක්ෂයක් බිහිකරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදි අද(22) පැවැසීය.

ජනාධිපතිවරණ  ප්‍රථිඵල ගැන විග්‍රහයක් කර  පක්ෂයට අහිමි වූ සිංහල බෞද්ධ පදනම යළි ලබා ගැනීම වෙනුවෙන් නව වැඩපිළවෙළක්  සකස් කරන බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.ජනාධිපතිවරණය  වෙනුවෙන් කටයුතු කළ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කිරිමෙන් අනතුරුව  මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

“අගමැති කාර්‍යාලයටත් අමාත්‍යාංශයටත්  සමුදීලා  මගේ කටයුතු අවසන් කළා. සිරිකොතටත් පැමිණ  මේ වැඩ කරපු ඔබ සියලු දෙනාටමත් ස්තූති කරන්න මගේ  යුතුකමක් තිබෙනවා. මේ ජනාධිපතිවරණයේදී  සිරිකොත මන්දිරයත් පක්ෂ යාන්ත්‍රණයත් කරපු සේවයට මම ඒ සියලු දෙනාටම ස්තූති කරනවා.  

විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණයේදී අපේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා මම යෝජනා කළා. අපි ඒකච්ඡන්දයෙන් ඒ යෝජනාව පිලිඅරගෙන අනික් පක්ෂ සමග මේ ඡන්දෙට ගියා.

මේ ඡන්දය තිබුණු  අවස්ථාවේදී ඒ යාන්ත්‍රණයත් ඒ ඡන්ද ව්‍යාපාරයට භාර දුන්නා. මේ යන්ත්‍රණයත් සිරිකොතත් ඒ වැඩකටයුතු කරපු  බවට මට සහතික වෙන්න පුලුවන්. විශේෂයෙන්ම මේ මැතිවරණ  ව්‍යාපාරය අඩපන කරා කියන චෝදනා මම  ප්‍රතික්ෂේප කරනවා. ඒක මගෙන්වත් මේ යන්ත්‍රණයෙන්වත් සිදුවුනේ නැහැ.

අපි අපේ ප්‍රධාන සාමාජිකයන්ට, ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට සියලු දෙනාටම එක එක  වගකීම් භාරදුන්නා. මම බාර ගත්තේ  උතුරු  නැගෙනහිර ඡන්ද වල වගකීමයි.  ඒ ඡන්ද  ප්‍රතිශතය  මට වැඩි කරන්න අවස්ථාව ලැබුණා. 

ඒත්  අවාසනාවකට අනික් දකුණු පලාත් හතේ අපේ ඡන්ද ප්‍රමාණය අඩු වුණා. ඒක මේ පරාජයට  හේතුවුණා. සමහර දිස්ත්‍රික්ක  අපි ජයග්‍රහණය කරාට  සමස්තයක් විදියට  අපි ඒ පරාජයට පත්වුණා.

දැන් විශේෂයෙන්ම අපිට පේන හැටියට  අපි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, විශාල  සංවර්ධනයක් ඇති කිරීම, නීතිය හා සාමය ඇති කිරීම, සමාජ සේවා දියුණු  කිරිම යන කාරණා එකකින්වත්  අපිට බලාපොරොත්තු වූ ප්‍රතිචාරය ලැබුනේ නැහැ. 

මේ පක්ෂයට සිංහළ බෞද්ධ පදනම  නැති වූ එක ගැන මීටත් වඩා අපේ අවධානය යොමුවෙන්න වුවමනායි.  මේවගේ දෙයක් මීට ඉස්සෙල්ලා අපිට සිදුවෙලා නැහැ. ඒ ගැන  විශේෂයෙන්ම අපි සොයා බැලිය යුතුයි. 

මේ නිසා  අපි අනාගතය ගැන තීරණ ගැනීමත් සමගම   මේ ප්‍රථිඵල ගැන විග්‍රහයක් කරන්න වුවමනායි.  ඒ ගැන විග්‍රහයක් කරලා තමයි අපිට ඉදිරියට යන්න පුලුවන් වෙන්නේ.  අන්න ඒ ගැන මම විශේශයෙන් මතක් කරන්න කැමතියි.

අපි මේ ගැන එකිනෙකාට  ඇඟිලි දික් කර කර  චෝදනා කිරීමෙන්  මේක සාර්ථක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ පක්ෂයටවත්  මේ නිලධාරින් කාටවත්  මූල්‍ය කටයුතු ගැන වගකීමක් තිබුනේ නැහැ. ඇත්ත  වශයෙන්ම අපි මූල්‍ය කටයුතු බාර ගත්තෙත් නැහැ.  එහෙම චෝදනාත් මම ප්‍රතික්ෂේප කරනවා. පක්ෂය පිළිබඳ මේ වගේ චෝදනා කරනවනම් ඒ ගැන  විභාග කරලා ඒවා අසත්‍යයයි  නම් ඒ ගැන අපි තදින්  ක්‍රියාකරනවා.

මේ අවස්ථාවේ අපිට පක්ෂයේ අනාගතය ගැන හිතන්න තිබෙනවා. පක්ෂයේ  අනාගතය ගැන හිතලා නව නායකයන්  ඉදිරිපත් කරන්න අපිට තිබෙනවා. ඒ වගේම මේ විග්‍රහය අනුව අලුත් ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න අපි මේ අයට  භාර දෙන්න ඕන. එතන දිනන නායකත්වයක් ඇති කරන්න තිබෙනවා. ඒ පරිවර්ථනය එතකොට අවසන් වෙනවා. අපිට භය නැතුව ඒ නායකත්වය  එක්ක ඉදරියට යන්න අවසතාව ලැබෙනවා.

බෞද්ධයෙක් හැටියට අපිට තියෙන්නේ යම්කිසි වැරුද්දක්  වුනහම ඒ පිලිබඳ ඇඟිල්ල දිගු කරන එක නෙමෙයි. බෞද්ධයන් හැටියට ඒ වරද වටහා ගන්න ඕන. ඒ වරද  වටහා ගත්තට පස්සේ ඒ වරද නිවැරදි කරගන්න අපිට  පියවර ගන්න තිබෙනවා. එහෙම  නිවැරදි බෞද්ධ  ප්‍රතිපත්තියක්  අපි වටහා ගත්තම තමයි අපිට ඉදිරියට  යන්න තිබෙන්නේ. 

ඒ නිසා අපි මේ වැඩසටහන ගැන හිතලා  මේ වැඩසටහනට මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගෙන  නව එක්සත් ජාතික පක්සයක් විදියට ඉදිරියට යමු. මෙතෙන්ට පැමිණි මේ සේවය කරපු  ඔබ සියලු දෙනාටම මම යලිත් මගේ ස්තූතිය ප්‍රකාශ කරනවා”යැයිද ඔහු එහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූපය ලහිරු හර්ෂණ)



අදහස් (74)

‘නව එජාපයක් බිහි කරනවා‘

hira Friday, 22 November 2019 09:45 AM

සජිත් අන්තිමට ජෝකර් කෙනෙක් විදියට තරුණ පරම්පරාවට පේන්න ගත්තා. එයාගේ වල කපා ගත්තේ එයාමයි. රනිල් මහතා නායකත්වයේ ඉන්න ගමන් මම කියන්නේ නවීන් දිසානායක වගේ බුද්ධියක් තිබෙන තරුණ නායකයෙක් නියෝජ්‍ය නායකයා කළ යුතුයි. එතුමාගේ තාත්තා ගැන වුණත් මිනිස්සුන්ට කියන්න දෙයක් නැහැනේ...

:       4767       5447

hiraFriday, 22 November 2019 11:42 AM

අපිත් හොඳ එජාප කාරයෝ තමයි. නමුත් සජිත් කතාකරනකොට හත්පොලේම ගා ගන්න හැටි හොඳටම දැක්කනේ. අපි හිතන්න ඕනේ පුද්ගලයා ගැන නොව රට ගැනයි. එකයි නවීන් වැනි පරිණත පුද්ගලයෙක් ගැන කතාකරේ. අනික අපි දන්නවා නවීන්ලාගේ පරම්පරාව බොරු ආටෝප බෞද්ධයින් නෙමෙයිනේ... බොක්කෙන්ම සිංහල බෞද්ධයින්.. පාට, බේධයකින් තොරව විශ්වාස කරන්න පුළුවන් කොයිම අවස්ථාවක් යටතේවත් රට පවා දෙන්නේ නැති බවට. රැල්ලට නොගොස් බුද්ධියට ඉඩ දෙන්න. මොකද දැන් රටේ උදා වී ඇත්තේ සිංහල සහ අන්තවාදීන්ගේ තරගයකි.

:       211       1171

purawasiya Saturday, 23 November 2019 09:11 PM

එක්සත් ජාතික පක්ෂයේ පරාජයට හේතුව තිස්ස අත්තනායක යලිත් පක්ෂයට සම්බන්ද කරගැනීම නොවේද? මැතිවරණයට පෙර ඔහු පුන පුන මාධ්‍ය සාකච්චා පවත්වමින් කියා සිටියේ සියලු සමීක්ෂණ වාර්තා අනුව සජිත් දිනන බවය. නමුත් පරාජයෙන් පසු නායකයට දෝශාරෝපණය කරමින් සිටීම ඔහුගේ සහ අනෙක් කණ්ඩායමේ පුරුද්දය. එක්සත් ජාතික පක්ෂය පුර්ණ සුද්දයක් දැමිය යුතුය. සජිත් පොරොන්දු දේශපාලනය දැන්වත් නතර කල යුතුය.

:       0       0

GuneFriday, 22 November 2019 02:25 PM

නවීන් දිසානායක මහත්තයගේ පියා ගැන මිනිස්සුන්ට මොකුත් කියන්න දෙයක් නෑ කිව්වා...? ඕස්ට්‍රේලියාව කියන රට ගැන ඔබ අහලා තියෙනවද? එහෙ වතු වගයක් බලාගත්තු මස්සිනා කෙනෙක් ගැන අහලා තියෙනවද?

:       308       171

anuraFriday, 22 November 2019 02:49 PM

පවුල් පාලනයට තිත තබමුයි යන සටන් පාඨය පෙරදැරි කරගත් ඔබලා දැන් එක පුද්ගලයෙකු සටනට ගෙනාවා. දැන් කියනවා තවත් එවැන්නෙක් අනාගතයේ නායකයා කරන්න. ජනතාව ගොනාට අන්දන්න මොනවා හරි බොරු සටන් පාඨගෙන එන එක ඔබලාගේ කලාවයි. එය ඔබ නොදන්නේ නම් එයත් කණගාටුවට කරුණකි.

:       6       76

RaveendraFriday, 22 November 2019 10:43 PM

hira මයා වෙත, ගාමිණී දිසානායක ගැන ඔබ පැවසූ තොරතුරු නිවැරදිද යන්න ඔබ විසින්ම අවංකව නැවතත් සොයා බැලුවොත් ඔබටම එය නිවැරදිද නැද්ද යන්න තීරණය කරගත හැක. පොඩි ඉඟියක් දෙන්නම් පුළුවන් නම් සොයා බලන්න. හැටන් නගරයේ එක්තරා ඉන්ධන ප්‍රවාහනය කරන ආයතනයක් තියෙනවා. කොත්මලේ මහවැලි යෝජනා ක්‍රමය පවතින අවධියේ එම ආයතනයට කෙසේ එම කොන්ත්‍රාත්තු ලැබුනේද යන්න පමණක් සොයා බලන්නකෝ. එවිට අනිකුත් කොස්වතු, අැපල් වතු, කෙසෙල් වතු ගැනද ඔබටම සොයා ගත හැක. අප දන්නා පරිදි මෑත ඉතිහාසයේ 99.9999% දේශපාලුවන් බයියලාය. මෙය තමයි යථාර්ථය එය පාට, පක්ෂ බේදයකින් තොරව කණගාටුවෙන් වුවත් පිළිගත යුතු පරම සත්‍යයකි. ඔබ මෙන් අප සියල්ලන්ම අපට අවංක වෙමු.. එවිට අප අවට පරිසරයද අවංක වෙනු ඇත...

:       0       4

hiraMonday, 25 November 2019 04:17 AM

එහෙමනම් මට කියන්න අපේ සජිත් මහත්තයා කිසිම මුදලක් රජයෙන් ගන්නැතුව (වේතනයක්) තුන්වේලම ලස්සනට කලා, බීලා සැප වාහන නඩත්තුකරමින් , සැප ගෙවල් වල ජීවත්වෙන්නේ කොහොමද කියලා.

:       42       1343

Warnakulasuriya Saturday, 23 November 2019 04:22 AM

ශ්‍රී ලංකාවේ ජනතාව නායකයාගේ බුද්ධිමත්කමට හෝ පක්ෂ ප්‍රතිපත්ති ගැන සලකා පාලකයන් තෝරන රටක් නොවේ. එහෙම බලනකොට වික්‍රමසිංහ මහතා නිවැරදියි. ජාතිවාදය සහ ආගම් මුල්කරගෙන පවතින දේශපාලනයක් රටේ පවතින්නේ. කවුරු කොහොම කිව්වත් මෙවර මැතිවරණයේදී සජිත් මහතා නොසිටින්න එ.ජා. පක්ෂයේ නම්බුව බේරා ගැනීමටවත් හැකිවන්නේ නැත. මේ වෙනවිට වික්‍රමසිංහ මහතාගේ දේශපාලනය වර්තමානයට ගැලපෙන්නේ නැත. යුගයට ගැලපෙන, රටට වැදගත්වෙන පාලනයක් සඳහා සජිත් මහතාගේ නායකත්වය යටතේ පාඨලි චම්පික රණවක මහතා අගමැති වෙන පාලනයක් ගැන ජනතාවට යම් බලාපොරොත්තුවක් තැබිය හැකියි. සිංහල බෞද්ධ ඡන්ද දිනා ගැනීමත්, දූෂිතයන් පාලනය කරගත හැකි ශක්තිමත් පාලනයක් සඳහා ඔහුට යම් දැක්මක් පවතී. එහෙත් රටේ සහ ජනතාවගේ වැදගත්කමට වඩා පක්ෂ උරුමකම් වැදගත්වීම රටේ අවාසනාවයි. රවි කරුණානායක, දයාගමගේ, ලක්ෂ්මන් කිරිඇල්ල අතුළු තවත් බෝහෝ දෙනා සමග එ.ජා.පක්ෂය යාමට අදහස් කරන ගමන අද පොදුජන පෙරමුණ යන ගමනක්ම බවට ජනතාව තේරුම් ගත යුතුව ඇත.

:       45       8

විජිත් Friday, 22 November 2019 09:50 AM

මොකක්ද මෙයා මේ කියන්න හදන්නේ...? මට පේන්නේ අායෙත් එන්නයි.

:       38       378

RaveendraFriday, 22 November 2019 12:02 PM

හදාගත්ත පැල දාලා කොහේ යන්නද මල්ලියේ මම...

:       20       36

Palitha Friday, 22 November 2019 09:50 AM

එජාපය එකට අනාගතයක් ඉතුරු වෙන්න නම් නවීන් දිසානායකට නායකත්වය බාර දෙන්න. සජිත් අසමත් බව මනාව ඔප්පු වෙලා තියෙනවා. අවශ්‍ය වන්නේ ප්‍රබුද්ධ නායකත්වයක්...

:       3290       3522

karuFriday, 22 November 2019 11:03 AM

කාලෙකට ඉහතදී රැස්වීමකදී මිනිහෙකුටත් ගැහැව්වා. ටික දවසකට පස්සේ තව මීටින් එකකදී එයාට මදි නොකියන්නම ගැහැව්වා.

:       235       1

sharm warn Friday, 22 November 2019 09:51 AM

ක්‍රිස්තියානිකම අතඇරලා බෞද්ධ වුණා බලය අතට ගන්න.. හැබැයි පස්ස බිම ඇනුණු වෙලාවේ තමයි බෞද්ධකම මතක් වෙලා තියෙන්නේ.. අර මංගලටත් පොඩ්ඩක් බෞද්ධකම මතක් කරලා දෙන්නකෝ...? ඔය මතක් වෙච්චි ගැම්මටම... ආයෙමත් අමතක වෙන්න කලින්...

:       376       1102

චමින්දFriday, 22 November 2019 12:03 PM

මොකක්ද මේ ක්‍රිස්තියානිකම අතහැරලා කියන්නේ. එතුමා සැමදාම බෞද්ධයෙක්. කැළණි විහාරය විනාශ වී තිබුණු කාලයේ එය ප්‍රතිසංස්කරණය කලේ රනිල් මැතිතුමාගේ ආත්තම්මා කියලයි මම අහලා තියෙන්නේ. එ් නිසා තමයි මෑතක් වෙනතුරුම එතුමා කැළණි විහාර දායක සභාවේ සභාපතිව සිටියේ... ඒ වගේම කියන්න වෙනවා රටේ නිදහස වෙනුවෙන් ක්‍රියාකළ ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර් විජේවර්ධන මැතිතුමා මෙතුමාගේ මවගේ පියා කියලත්. එතුමාත් හොඳ බෞද්ධයෙක්... එ් නිසා ඔබේ අදහස ගැන ඉතාම කණගාටුයි.

:       2439       492

anura serasinghe Friday, 22 November 2019 02:34 PM

සිංහල බෞද්ධ පදනම එක දැන්ද මතක් වුනේ? පිරිසිදු බෞද්ධයන් හැටියට පෙන්නන බොහොමයක් දෙනාගේ විවාහ ලියාපදිංචි වෙලා තියෙන්නේ පල්ලියේ... මගේත් එහෙමයි. මම නම් උපායකට අහුවුණාලු.. ඔබේ ඔය පිරිසිදු නායකයාගේ නම තියෙන්නේ මට පහළින්. ඔලුව කොළපාට වුණාම මොකවත් පෙනෙන්නේ දැනෙන්නේ නැහැ. සත්‍යයට වඩා තම විශ්වාසය තහවුරු වෙනවා.

:       3       154

janahitha Friday, 22 November 2019 02:45 PM

බම්බුව තමයි..., ක්‍රිස්තියානි පාසල් රජයේ නොවුණත් ගුරුවරුන්ට පඩි සම්පූර්ණයෙන් ගෙවන්නේ ආණ්ඩුවෙන්... රනිල් උන්නැහේ කෑමට පෙරත් ආගම සිහි කරනවා..

:       20       214

janatha Friday, 22 November 2019 02:48 PM

එ්ක ඔහේගේ විශ්වාසය... ඔහු කුරුඳුවත්තේ බොදුණුවෙක්... විවාහ වුනේ පල්ලියේ...

:       9       66

SamanFriday, 22 November 2019 07:36 PM

රනිල් වික්‍රමසිංහ මහතාගේ තාත්ත එස්මන්ඩ් වික්‍රමසිංහ කියන්නේ කුරුණෑගල හිටපු ඇන්ග්ලිකන් නිකායේ බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහගේ අයියා. රනිල් 1984 වසරේදීත් පල්ලි ගියේ. හොඳම උදාහරණය තමයි අපි පාසල් ගිය කාලයේ 1984වගේ කාලයේදී කළුතර තිබුණු නිදහස් උත්සවය. සියලුම ඇමතිවරුන් තමන්ගේ ආගම අනුව කළුතර පන්සල් සහ පල්ලි ආදියේ පැවතුණු ආගමික උත්සවවලට සහභාගී වෙලයි නිදහස් උළෙල ආරම්භ කරේ. රනිල් හිටියේ කළුතර නගරයේ ඔරලෝසු කණුව ළඟ තිබෙන ශාන්ත ජෝන් ඇන්ග්ලිකන් පල්ලියේ උත්සවයේ. එය ටීවී එකෙන් රටම දැක්කා. රනිල්ට බුද්ධාගම මතක්වුනේ බොහොම පහුවෙලා.

:       1       40

Bamunuarachchi Friday, 22 November 2019 09:52 AM

ඔන්න බොලේ දැන් මෙයාට සිංහල බෞද්ධ පදනම මතක් වෙලා. මේක සිංහල බෞද්ධ රටක් නොවෙයි කීවේ අපි නොවෙයි. ඔහේගේ ආණ්ඩුවේ මුදල් ඇමති. ඔහෙට දුර දක්නා නුවණ තියෙනවයි කීවේ මොලේ කලඳක් නැති ගොයියෝ.

:       475       1107

ChathuriFriday, 22 November 2019 01:20 PM

මේක රනිල්ගේ පක්ෂේ ප්‍රශ්නයක් ඒ. කට්ටියම එකතුවෙලා විසඳාගනියි. ඔබ මහන්සි වෙන්න එපා මහින්ද වගේ පක්ෂේ සාමාජිකයින් එළියට දමලා දොර වහලා පවුලේ කට්ටිය විතරක් ලංකරගෙන ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ. අලියාගේ නැට්ට අරගෙන වෙන තරමට දුවන්නෙත් නැහැ. නුසුදුසු අයට ඇමැති කම් දෙන ඒවා ඒවා හොයලා නතර කරන්න. කාටවත් කඩේ යන්නේ නැතිව තමන්ගේ රට වෙනුවෙන් පෙනී සිටින්න. එකම වරැද්ද තමන්ගේ ආදරණිය නායකයා කෙරුවට කමක් නැහැ. වෙන නායකයෙක් කෙරුවොත් වැරදියි. මම නම් කාටත් පොදුවේ කතා කරන්නේ. කවුරු කෙරුවත් වැරැද්ද වැරැද්දමයි.. තමන්ගේ බඩ පුරවා ගන්න මහන්සි වෙන්න එපා ජනතාවගේ බඩ පුරවන්න. එවිට තමන්ගේ බඩ ඉබේ පිරෙනවා..

:       506       179

BamunuarachchiSunday, 24 November 2019 02:27 AM

ඔබ හිතාගෙන ඉන්නේ උගත්කම පොත් කියවලාම ලබා ගන්න එකක් කියලද? නැහැ අවුරුදු 30-40 එකම කාර්යය කරලා ලබන අත්දැකීමත් උගත්කමට එකතුවෙනවා.

:       0       0

ChathuriFriday, 22 November 2019 01:20 PM

මේක රනිල්ගේ පක්ෂේ ප්‍රශ්නයක් ඒ. කට්ටියම එකතුවෙලා විසඳාගනියි. ඔබ මහන්සි වෙන්න එපා මහින්ද වගේ පක්ෂේ සාමාජිකයින් එළියට දමලා දොර වහලා, පවුලේ කට්ටිය විතරක් ලංකරගෙන ප්‍රශ්න විසඳන්නෙත් නැහැ.. අලියාගේ නැට්ට අරගෙන වෙන තරමට දුවන්නෙත් නැහැ. ඔයාට පුලුවන්නම් අන්න නූගතුන්ට ඇමතිකම් දෙනව නම් ඒවා හොයලා නතර කරන්න. කාටවත් කඩේ යන්නේ නැතිව තමන්ගේ රට වෙනුවෙන් පෙනී සිටින්න.. එකම වැරැද්ද තමන්ගේ. ආදරණිය නායකයා කෙරුවට කමක් නැහැ. වෙන නායකයෙක් කෙරුවොත් වැරදියි. මම නම් කාටත් පොදුවේ කතා කරන්නේ. කවුරු කෙරුවත් වැරැද්ද වැරැද්දමයි. තමන්ගේ බඩ පුරවාගන්න මහන්සි වෙන්න එපා. ජනතාවගේ බඩ පුරවන්න. එවිට තමන්ගේ බඩ ඉබේ පිරෙනවා..

:       254       5

ChandiSaturday, 23 November 2019 04:07 PM

මොකෝ ඔච්චර කැක්කුම?

:       0       12

BamunuarachchiTuesday, 26 November 2019 04:54 AM

රටේ ප්‍රශ්න ගෝඨාභයගේ ප්‍රශ්න. ඒවා එයා විසදගනී. මොකක්ද ඔයාට තිබෙන කැක්කුම ?

:       0       0

වීදියබණ්ඩාර Friday, 22 November 2019 09:53 AM

අපට නවීන් දිසානායක අවශ්‍යයයි .තවත් විකට නළුවෙක් වූ සජිත් එපා. අපිට ඕනේ නවීන් වගෙ පිරිසිදු බෞද්ධයෙක්. මූලධර්මය අදහන්නෙක් නෙමේ.

:       3233       3581

දිමුත්Friday, 22 November 2019 11:12 AM

පිරිසිදු බෞද්ධයෙක් නම් මෙච්චර කල් මේ පක්ෂයේ එල්ලිලා ඉන්නේ නෑ...

:       76       225

RamaniFriday, 22 November 2019 12:03 PM

එතකොට ඕස්ට්‍රේලියාවේ තියෙන ඇපල් වතු සහ අනික් බූදලයට මොකද කරන්නේ? සජිත්ව නම් වැඩක් නැහැ තමයි නමුත් නවීන් සහ සමාගමත් විශ්වාස කරන්න පුලුවන්ද? ඒ ඇපල් කතා මතක් වෙනකොට...

:       63       111

Ruhunu Friday, 22 November 2019 09:54 AM

ඔබතුමා ඔය පක්ෂේ ඉන්නකල් එජාපය දිනන්නේ නෑ.

:       256       1193

Hafeel Friday, 22 November 2019 11:24 AM

සහතික ඇත්ත...

:       39       778

ජයන්ත මිලානෝ Friday, 22 November 2019 09:58 AM

ඔබතුමා වැනි විදේශිකයන්ට ගැති රටට ආදරයක් නැති පක්ෂකට මිනිසුන් ඡන්දෙ දෙන්නෙ නැ ආයෙත් නම් .

:       197       605

sirimal Friday, 22 November 2019 10:07 AM

දවල්ද?

:       8       405

සිතුම් Friday, 22 November 2019 10:09 AM

ඡන්ද ලබා ගැනීම සඳහා සිංහල, බෞද්ධ පදනම ගොඩනැගීමත්, සිංහල බෞද්ධ පදනම ඇති නිසා ජනතාව ඡන්දය දීමත් යනු එකිනෙකට වෙනස් කාරණා දෙකකි.

:       1       115

sas Friday, 22 November 2019 10:32 AM

1994 ඉඳන් කියන්නේ ඔය ටික තමයි.

:       21       102

Gobbaya Friday, 22 November 2019 10:33 AM

රනිල් සර්, සංඝරත්නයේ ආශිර්වාදය ලබාගන්න හොඳම පුද්ගලයා මංගල සමරවීර මැතිතුමායි..

:       29       122

Saman Saturday, 23 November 2019 12:57 PM

හික් හික් කියලා හිනා ගියා... මේ දවසේ කියමන දැක්කම.

:       0       20

දසුන් Friday, 22 November 2019 10:38 AM

අර වගේ හාමුදුරුවෝ ටිකක් තව ලංකර ගත්තනම් තවත් ලේසියි.

:       13       52

lalithm Friday, 22 November 2019 10:43 AM

මැරෙනකල් නායකත්වය දරන්න පුළුවන්. එ්ත් රට ගැන සහ පාක්ෂිකයා ගැන හිතලා අස්වෙන්න.

:       0       2

ගාමිණී Friday, 22 November 2019 10:49 AM

තව අවුරුදු 10 ක් වත් රනිල් මහත්තයා ඉන්නවා. විපක්ෂ නායක. පක්ෂ නායක. ඒ වටා ඉන්නවා අකිල, විරාජ්, රවී කරුණානායක වගේ අය. වාහන නීති රීති වලට දඩ ගැහුවට කමක් නෑ. වාහන බලපත්‍රය අවුරුද්දක් තහනම් කරනවා. දරදඬු නීති වැඩියි. යහපාලනය කියලා වෘත්තීය සමිති කාරයින්ට ඕන ඕන විදිහට වැඩ කරන්න දුන්නා. මිනිස්සු අපහසුතාවට පත්වුණා. හිටපු ජනාධිපතිතුමා ඇතුලු කිහිප දෙනෙක් ආණ්ඩුවේ කකුලෙන් ඇද්දා. රනිල් මහත්තයට පොඩිමිනිහා ගැන තේරෙන්නේ නෑ. තව අවුරුදු 10ක් එයා ඉන්නවා. අායේ අපි යූ.එන්.පී.. යට ඡන්දේ දෙන්නේ නෑ. දීලා වැඩක් නැති නිසා... ඡන්දේ දවසට ගෙදරට වෙලා ඉන්නවා. සජිත් ආවොත් ආයේ පක්ෂයට ඡන්දේ දෙනවා. මම හිතන්නේ නෑ. එහෙම වෙයි කියලා. මිනිස්සුන්ට නිදහස දුන්නාට වැඩක් නෑ. මාධ්‍ය ස්වාධීන කරලා මොකද වුනේ. තවදුරටත් බලය ගන්න රනිල් මහත්තයාගේ අදහස් හරියන්නේ නෑ.

:       44       56

Sam Friday, 22 November 2019 10:50 AM

එජාප එක දෙකට කඩලා සජිත් සහ නවීන් නායකයින් කරන්න. මහමැතිවරණයකට යන්න. බලන්න සජිත් පිලද? නවීන් පිලද වැඩි ඡන්ද ගන්නේ කියලා.. වැඩියෙන් ගන්න කෙනා නායකයා කරලා අනික් නායකයා උපනායකයා කරලා 2025 හෝ 2030 හෝ දිනන්න බලන්න. 2020 මහමැතිවරණය කොහොමත් පරාදයි. ඒ ගැන හිතන්න එපා. නායකයා විතරක් තෝරාගන්න මහජන ඡන්දෙන්ම බැලුවා නම් හරි. මධ්‍යම කාරක සභාවේ නායකයා තෝරාගන්නවාට වඩා හොඳයි ඒක...

:       71       73

MaheshFriday, 22 November 2019 02:59 PM

එයාට ඕනෑ අර කුරුණෑගල හාදයාව පක්ෂ නායකයා කරන්න.

:       0       4

RR Friday, 22 November 2019 10:53 AM

එජාපෙ දිනවන්න නම් මේ ගැන හිතන්න. එනම් දඹර අමිල හිමී, රාජිත, මංගල වැනි අය අයින් කරන්න. නැති නම් දිනනවා බොරු..

:       60       193

පී. ඉලංගරත්න Friday, 22 November 2019 11:06 AM

දඹර අමිල හිමි, මාලඹේ සීලරතන හිමි හොඳ සේවයක්‌ කරා ඡන්ද වැඩි කරලා දෙන්න....

:       208       148

gamarala Friday, 22 November 2019 12:46 PM

මොනවා කියනවද කියලා ජනතාවට වැටහෙන්නේ නැහැ. ඔබ විසින් පැරණිම පක්ෂය විනාශ කළා. වටේ ඉන්න අයගේ ලණු කලා ඔබත් විනාශ වුණා. පක්ෂයත් විනාශ වුණා. 2018 ආණ්ඩුව විසිරවපු වෙලාවේ නම්බුකාරපිටින් ඔබ ගියා නම් අද ඔබ ගොඩ. එදා අරලියගහ මන්දිරයට වෙලා හිටිය නිසා තමයි ඔබට ඔය දේ වුනේ. එදා සාමාන්‍ය ජනතාව ඔබ ගැන කලකිරුණා. එහෙම වුණා නම් ඔය අප්‍රේල් 21 කුණුගොඩ ඔබට එන්නේ නැහැ. ඔබ හිතනවද නැවත සිංහල ජාතිය ආගමකින් තොරව ඔබ විශ්වාස කරයි කියලා. එදා පාස්කු සිද්ධිය ගැන ඔබ වගේවගක් ගණන් ගත්තේ නැතිව දැන් මොනවා කිව්වත් වැඩක් නැහැ. කරුණාකරලා අයින් වෙන්න. ඒ වෙලාවට ජනතාව ඉල්ලුවොත් එන්න. නැතිනම් පැත්තකට වෙලා ඉන්න. ඔබ අපට අමතක නැහැ. 1980 වැඩ වර්ජනය වෙලාවේ හැසිරුණු ආකාරය. එදා රාජ්‍ය සේවයට දාපු නුසුදුස්සන් නිසා රාජ්‍ය සේවය නැති භංගස්ථාන වුණා. රටත් ඉවරයි. අපිත් ඉවරයි. වැරද්දක් තියනවා නම් සමාවෙන්න.

:       4       129

[email protected]Friday, 22 November 2019 02:41 PM

ඔයා කවුද? අපි කුරුඳුවත්තේ... අපිට කාගෙවත් උපදෙස් අවශ්‍ය නැහැ.

:       20       3

Gamarala Saturday, 23 November 2019 01:30 AM

හොඳයි හොඳයි, එහෙම කරගෙන ගියාම තියන ටිකත් හෝදගෙනම යයි...!

:       0       30

banda Friday, 22 November 2019 01:07 PM

ඔයාලට ඕන එකක් කරගන්න.. අපි සජිත් එක්ක වෙන පක්ෂයක් හදාගෙන යනවා.

:       28       144

Nuwan Friday, 22 November 2019 02:08 PM

අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආශාවක්...!!!

:       0       17

janahitha UNP Friday, 22 November 2019 02:36 PM

මගේ පාරම්පරික මුට්ටිය කොහාට අල්ලලා පුරවා ගන්නද කියලා කල්පනා කරනවා.

:       0       32

sirikothapala Friday, 22 November 2019 02:37 PM

ඔයාලා ඕන එකක් කරගන්න.. අපි නම් සජිත් මහත්තයට තමයි.

:       157       239

Akila Friday, 22 November 2019 02:44 PM

දැන් ඉතින් ඊළඟ ඡන්දෙදී සිංහල බෞද්ධයින් ඔක්කෝටම ලැප්ටොප් දෙනවා කියයිද දන්නේ නැහැ..

:       0       180

anura serasinghe Friday, 22 November 2019 02:50 PM

තුන් දෙනාම උඩරට ගොවිගම කුලයේ... ප්‍රශ්නය තේරුම් ගන්න බැරි මිනිස්සු මැදමුලන කට්ටියත් එතැනට සම්බන්ධකම් තියෙන පරම්පරාවක්...

:       8       18

karuSaturday, 23 November 2019 12:11 PM

ඔව්, ඒ වුනාට මැදමුලන කට්ටිය වලව් පරම්පරාවක් නොවෙයි. ඒ අයට කියන්නේ ගම්බාරයින් කියලා. වලව් වල අයගේ වතුපිටි, කුඹුරුවල අස්වැන්න ඔක්කොම එකතු කොට වලව්වලට ගෙන ගොස් බාරදීම තමයි ගම්බාරයින්ට බාර වුනේ. ඒ සඳහා වලව්වෙන් ගම්බාරයාට යම්කිසි මුදලක් දෙනවා. එපමණයි. නමුත් මහින්දගේ ජනාධිපති කමෙන් පස්සේ මැදමුලන ගෙදර, මැදමුලන වලව්ව ලෙස වෙනස් වුණා.

:       13       12

rathuvithanaSaturday, 23 November 2019 01:20 PM

මට මතකයි ඔයා කියන ගම්බාරයින් ගැන අපේ තාත්තා කියලා තියෙනවා.."ඔය ගම්බාරයෝ හම්බන්තොට පැත්තේ හිටියා. කළු කෝට් එකක් දාපු සුදු සරොම් කාරයෝ. ඒ දවස්වල කුඹුරුවලට ඇවිල්ලා වී ගන්නවා. වී ගෝනි කරත්තවල පටවාගෙන අම්බලන්තොට මද්දුම වලව්වට ගෙනියනවා..." කියලා. හැබැයි මහින්ද ඇතුළු දරුවන්ට ඒ දවස්වල ඉඳන් වලව් පිස්සුවක් තිබුණා. මොනවා වුණත් පරණ.. බංකොළොත්වුණු වලව් කිහිපයක්ම මේ කට්ටිය සල්ලිදිලා අරගෙන කියලා ආරංචියි..

:       12       4

Mahesh Friday, 22 November 2019 02:56 PM

නවීන්ට වගේ පක්ෂ නායකකම දීලා ඔයා ගෙදර යන්න. සජිත්ගේ කොහොමත් නායකත්ව ලක්ෂණ නම් නෑ කියන එක මේ ඡන්දෙන් පස්සේ වැඩ කරන අයුරින් නැවත නැවත පේනවා. ඔහුව තල්ලුකරන් ඉස්සරහට ගේන්න බදුල්ලේ මන්ත්‍රීතුමා සහ කලුතර මන්ත්‍රී තුමා කොච්චර උත්සාහ කරත් ඔහුට ඕනකමක් නැතිබව පේනවා.

:       28       140

Chathuri Friday, 22 November 2019 03:43 PM

දැන් මෙතන අදහස් වලින් පේන්නේ පක්ෂ සාමාජිකයින්ට වැඩිය... පොහොට්ටුවේ සාමාජිකයින්ටයි කැක්කුම... ඒ ගොල්ලන්ගේ ලොක්කෝ, අද පොහොට්ටුවේ.. හෙට අත උඩ, අනිද්දාට පක්ෂේ කඩාගෙන දුවනවා. වෙනම පක්ෂ හදන්න.. මොනවා වුණත්, බලන්නකෝ පක්ෂ දෙකේම කට්ටිය එකතුවෙලා ඉන්න ලස්සන. මේ ගොල්ලෝ තමන්ගේ පක්ෂේ ගැන බලන්නේ නැතිව, වෙන පක්ෂවල ප්‍රශ්න විසඳනවා. උගත්, බුද්ධිමත් නායකයින් ඉන්නේ රනිල්ගේ පක්ෂයේ... ඒ නිසා මෝඩ වැඩ කරන්නේ නැහැ.. පොහොට්ටුව කොහෙන් ගිහින් නතර වෙයිද?

:       113       0

ChandiSaturday, 23 November 2019 04:04 PM

මේ ඔයාගේ ගම කොහෙද?

:       0       0

upali Friday, 22 November 2019 04:11 PM

බැංකුව කැඩුවා... වැරදි හදාගෙන ඉස්සරහට යමු කිව්වා... ඡන්දේ පැරදුණා. වැරදි හදාගෙන ආයේ එමු කියනවා.

:       0       65

chandima Friday, 22 November 2019 04:14 PM

ඒ අලුත් පක්ෂයේත් නායකයා විසින් කෘත්‍යාධිකාරි මණ්ඩලයත් පක්ෂ සභාපතිත් තෝරන, ඒ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පක්ෂ නායකයත් ආසන නියෝජිතයිනුත් පත්කරන, පක්ෂ සාමාජිකයින් එනවිට ගේට්ටු වහන, මැරෙනකල් පැරදුණත් හැමදාමත් එකම නායකයෙකු ඉන්න, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්ද?

:       0       2

Nihal Friday, 22 November 2019 05:04 PM

ඔබතුමා සිරිකොතින් බුදු පිළිමේ ඉවත් කරනකොට අපි දැනගත්තා වෙන දේ..

:       0       163

මෝ Friday, 22 November 2019 05:23 PM

හරි, ඔබතුමා උතුරු නැගෙනහිර දිනලා දුන්නනේ ජනාධිපතිවරණයේදී... දැන් එහෙනං ඔබතුමා ඔය කියන බෞද්ධ පදනමත් ඇතිකරලා ලබන මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය දිනලා පෙන්නන්නකෝ මහත්තයෝ...

:       0       104

Bandara Friday, 22 November 2019 06:00 PM

රනිල් ඔයාට මතකද රෝසි කියලා අයෙක් සිංහල බෞද්ධ පදනම ගැන කතා කළා. එයාවත් ඔය අලුතින් හදන එකට ගන්න.

:       0       108

Ruwan Friday, 22 November 2019 06:03 PM

දැන්ද ඔබතුමාට සිංහරාජය මතක් වුණේ...?

:       0       34

chandima Friday, 22 November 2019 08:30 PM

අපේ ගමේ වෙසක් එකට ඔලුබක්කෝ නටන්නෙත් ඔහොම්මමයි. එක්කෙනාම තමයි ඔලුව මාරු කරලා රජාටයි, අන්දරෙටයි දෙන්නටම නටන්නේ. අපි ඉතින් අප්පුඩි ගහගහ බලන් ඉන්නවා.

:       0       17

padmapriya Friday, 22 November 2019 10:49 PM

දැන් හොඳ වෙලාව ගෙදර යන්න.

:       0       34

Bandara Saturday, 23 November 2019 12:44 AM

දැන් තමයි සමහර පැතිවල මිනිස්සු හෙල්මට් ගන්නේ.. එච්චර සංහිඳියාවක් තමයි තිබ්බේ...

:       0       65

Gamini Saturday, 23 November 2019 12:45 AM

ඔන්න චතුරි ආයෙමත් දොඩවනවා.

:       0       52

Bamunuarachchi Sunday, 24 November 2019 05:24 AM

පරාදවෙච්ච එජාප නායකයෝ ඒතරම් දොඩවන්නේ නැහැඑ. ඔවුන් පරාජයට හේතු කියා ඒ වැරදි හදා ගන්න හදනවා. මේ මැට්ටෝ පරාද උනේ පොහොට්ටුවේ වරදින් කියලා හිතනවා.

:       0       0

sisira Saturday, 23 November 2019 01:03 AM

ආයෙමත් මේ කපේදී නම් එජාප ආණ්ඩුවක් දැකිය නොහැකිය. මෛත්‍රී බුදුන් කාලයේදීවත් නැවත බලයට එයිද කියලත් සැකයි.

:       0       32

Soma dubayi Saturday, 23 November 2019 05:18 AM

ගරු රනිල් මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරියටම යමු.

:       38       1

Soma dubayi Saturday, 23 November 2019 06:26 AM

එක්සත් ජාතික පක්ෂය ගොඩනැගීමට සාගල, අකිල, හර්ෂ වගේ තරුණයින්ට බලතල ලබාදෙමු.

:       0       83

banda Saturday, 23 November 2019 12:24 PM

රනිල් 1994 ඉඳලම නව එක්සත් ජාතික පක්ෂය බිහිකරනවා.

:       0       109

sithum Saturday, 23 November 2019 01:22 PM

අනේ සීයේ යන්න. රට කෑවා, හොරු ආරක්ෂා කළා. බැංකුව කැඩුවා. පොරොන්දු කැඩුවා. රටට කුණු ගෙනාවා... තව ඕනද?.. අපිට ඔබව එපා...!!!

:       0       0

sisira Saturday, 23 November 2019 11:22 PM

ඒත් ඉතින් ඒකෙත් ලොක්කා ඔයාම වුනහම ඒකේ තියෙන නව මුහුණුවර මොකක්ද?

:       0       0

Bamunuarachchi Sunday, 24 November 2019 05:21 AM

"දැන් මෙතන අදහස් වලින් පෙනෙන්නේ පක්ෂ සාමාජිකයින්ට වැඩිය පොහොට්ටුවේ සාමාජිකයින්ටයි කැක්කුම ඇති බවයි. හරියට හරි. අපිට කැකුම මොකද දන්නවාද? අපිට විහිළු සපයන්නෙක් නැතිවෙන එකටයි. සජිත් අපිට හොඳට විහිළු සැපයුවානේ. දැන් ළිංවල ඉන්න ගෙම්බෝ නාන්න එන මිනිසුන්ට විහිළු සපයනවා. ලෝකෙත් සමග වෙනස් වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 0 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 307 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 247 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 186 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 507 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1036 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1555 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site