IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘ජාතීන් බේදකරන කුමන්ත්‍රණ අසාර්ථක කරනවා’

(අංජුල මහික වීරරත්න)
 
දේශපාලන වාසි තකා  ක්‍රියාත්මක කෙරෙන, ජාතීන් බේද කිරීමේ කුමන්ත්‍රණවලට මුහුණ දී ඒවා අසාර්ථක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංම මහතා මාවතගමදී අද(18) පැවැසීය.
 
මුස්ලිම් ජාතිය ලංකාවෙන් කොන් කරන්නට අද ඇතැමුන් ක්‍රියාකරන බව කී අග්‍රාමාත්‍යවරයා එවැනි දෑ කරන්නේ තම දේශපාලන වාසිය සඳහා බව අවධාරණය කළේය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ‘වැඩ දහසක් ගමට හෙටක්’ වැඩසටහන යටතේ  මාවතගම සංවර්ධන ව්‍යාපෘති දහසක් එකවර විවෘත කිරීමේ උත්සවයට සමගාමීව පරගහදෙනිය ජාතික පාසලේ නව පරීක්ෂණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
 
පළාත් සභා පළාත් පාලන අභ්‍යන්තර කටයුතු හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල  මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘතකිරීමේ උත්සවය සංවිධානය කර තිබිණි.
 
වත්මන් රජයට වසර 4ක් පිරීමද සමරමින් මෙම විවෘතකිරීමේ උත්සවය සංවිධානය කර තිබූ අතර, මාවතගම ප්‍රදේශයේ පාසල් ගොඩනැගිලි, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි විවෘත කිරීම, ඉඩම් ඔප්පු ප්‍රදානය, කසළ කළමනාකරණ ව්‍යාපෘති විවෘත කිරීම යන කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
 
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුද මෙම උත්සවයට සහභාගී වූහ.
 
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීය.

“මුස්ලිම් ජාතිය ලංකාවෙන් කොන්කරන්නට අද ඇතැමුන් උත්සාහ කරනවා. ඒ තමන්ගේ දේශපාලන වාසිය සඳහායි. ඕනෑම කණ්ඩායමක, ඕනෑම ජාතියක වැරදි කරන අන්තවාදීන් ඉන්නවා. එය නතර කරන්න බැහැ. ඔවුන් හඳුනාගෙන ඒ අය ඉවත්කිරීමෙන් එවැනි ක්‍රියා නතර කළ හැකියි.
 
මුස්ලිම් ජනතාව එදා සිංහල රජ සමයේදීත් සිංහලයන් ආරක්ෂා කරන්න කටයුතු කළා. දැන් අප ලාංකිකයන් ලෙස ඉදිරියට ආ යුතුයි. ජාතීන් බේදබින්න කරන සියලු ක්‍රියාවලට මුහුණ දී ඒවා අසාර්ථක කරනවා” යැයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

(ඡායාරූප  - ඉෂාන් සංජීව)


 



අදහස් (15)

‘ජාතීන් බේදකරන කුමන්ත්‍රණ අසාර්ථක කරනවා’

premarathne Sunday, 18 August 2019 11:03 AM

ගරු අගමැතිතුමනි, ඔබගේ අදහසට මම සම්පුර්ණයෙන් එකඟ වෙමි, නමුත් උතුරු නැගෙනහිර අපේ පෞරාණික සිද්ධස්ථාන විනාස කරමින් අන්‍ය ආගමික ස්ථාන ඉදිකිරිම ගැන මේ වනතෙක් කිසිම විසදුමක් නැති වග අප කල සංචාර වලදී අවබෝධ විය. උදාහරණය විදියට කන්නිය උණු වතුර ළිං රජමහ විහාරය සහ ඒ අසල ඉදිකිරීමට යන කෝවිල සහ දැනට උණුවතුර ළිං වලට ඉහලින් ඉදිකර ඇති වැසිකිලි පද්දතිය සඳහන් කල හැකිය. ඔබතුම අවංකව කතා කරනවානම් මේගැන ගන්න පියවර ගැන අවදානයෙන් සිටිමි .

:       0       0

සුනිල් Sunday, 18 August 2019 11:08 AM

ඔබතුමා විශිෂ්ටයෙක් ජය වේවා. මැතිතුමාට අපෙ බලාපොරොත්තුව ඔබයි ඉදිරියට යන්න ඔබට ශක්තිය

:       0       0

thushara Sunday, 18 August 2019 11:44 AM

ලෝකයෙන් වදවිීගෙන යන ලෝකෙටම එන්න එකම ජාතිය ගැන කතා කරන්න බැරි මොකද ? මේ ලෝකයේ හැම රටකටම නෑකම් කියන ජාතිීන් ඉන්නවා. එත් මේ ලෝකෙටම ඉන්න එකම ජාතිය ගැන කතා කරන්න නායකයෙක් නැහැනේ මේ රටේ..

:       15       529

Bamunuarachchi Sunday, 18 August 2019 12:02 PM

ජාතීන් සමගි කිරීමෙන් ප්‍රයෝජන ලබන්නේ කව්ද? බෙදී යන්නේ සිංහලයාට තිබෙන සම්පත් නේද? මොවුන් අබ ඇටයක ලංකාවට ගෙනාවාද? එකතුකරන් ඇති ධනය ඉඩකඩම් කාගේ ඒවාද?

:       137       301

kamaniSunday, 18 August 2019 06:09 PM

ජාතින් සමගි කරන්නද..? මේ රටේ හිටපු යක්ෂ ගෝත්‍රිකයින්ව මැරුවේ කව්ද? ඔය මිනීමරු සිංහලයන්. අනේ මේ දන්නා දෙයක් කතාකරන්න. සිංහලයන් එන්න ඉස්සරත් මේ රටේ මිනිස්සු හිටියා. රාවණාගේ කාලයේ හිටිය යක්ෂ ගෝත්‍රිකයින් කව්ද...? බොරුවට කෑගහනවා. තමාගේ වයස ගැන ටිකක් හිතන්න. ඔය වයසට ඇල්ෂයිමර් ලෙඩේ හැදෙනවා. කියන්නේ මොකක්ද කියලා මොලේ දන්නේ නැහැ.

:       0       0

BamunuarachchiMonday, 19 August 2019 11:59 AM

රාවනා කියලා කෙනෙක් කොහෙද හිටියේ...? දෙමලුන්ගේ සුරංගනා කතා අපිට කියාදෙන්න එනවද? විජයන් කියන කල්ලතෝනියා තම්බපන්නියට ගොඩ බහිනවිටත් ලංකාවේ සිටියේ රෙදි වියාගෙන අඳින සිංහලයන්. රාම-සීතා කතාව අමු පට්ට සුරංගනා කතාවක්... ලංකාවේ හිටියේ ගෝත්‍රිකයෝලු.. හැබැයි උන්ට උඩින් යන්න පුළුවන් දඬුමොනර යන්ත්‍රයක් තිබුණාලු. මේවා විශ්වාස කරන ගොබ්බයින්ට පුළුවන්ද රටට ඔබින ආණ්ඩුවක් තෝරන්න.

:       0       0

BamunuarachchiMonday, 19 August 2019 12:08 PM

හම්බයින්, දෙමළුන් මෙරටට ඉඩම් ගෙනාවේ නැත. අයිතිකරගෙන ඉන්නේ සිංහලයා සතු ඉඩම්ය. අපි ඒ ඉඩම් නැවත ලබාගත යුතුය. දෙමළුන් හමයි මෙරටට නැතිවුණා කියා රටට ලාභයක් මිස කිසිම පාඩුවක් නොමැතිය...

:       0       0

Raveendra Sunday, 18 August 2019 12:02 PM

මොනවා උනත් දැන් නම් ඉදල හිටලා ඇත්තත් කියනවා. දැන් එතකොට භේද බින්න කළේ අපි . ඔයාලා අහිංසක බබාලා.. කවුද ඔය නවකතාව ලියල දුන්නේ ඇවිත් කියවන්න .?

:       12       233

Aris Sunday, 18 August 2019 03:59 PM

මුස්ලිම් ජාතිය කොන් කරන්න නොවෙයි මේ රටේ ජනතාව කියන්නේ පොදු නීතියක් සකස්කර සියලු ජාතීන් ඒ යටතට ගන්න ලෙසයි.

:       0       0

siri Sunday, 18 August 2019 07:37 PM

මට නම් හිතෙන්නේ, ජනතාව දැන් ඔබව හදුනාගෙන ඇති.

:       0       0

Bandara Sunday, 18 August 2019 11:26 PM

මෙයා කුමන්ත්‍රණ ගැන දන්නෙම නෑ....

:       0       36

Mohamed Rizan Monday, 19 August 2019 05:26 AM

අපි ඔබතුමාට ණය ගැතියි. අපෙන් මොන වරද උනත් අපිට සමාව දෙනවා. ඔබතුමා දෙවියෙක් විදියට අපි සළකන්නේ. ඔබතුමා ජනාධිපති උනොත් අපේ ජය මාවතට අපිට නිදහසේ යන්න පුළුවන්....

:       198       47

Sugath PremalalMonday, 19 August 2019 07:08 AM

තව ටික කාලයක් හිටියොත් තවත් සිරියාවක් හෝ ලිබියාවක් කරනවා කියලත් දන්නවා .....

:       0       103

BamunuarachchiMonday, 19 August 2019 09:31 AM

මෙය තොලොංචි කළොත් හම්බයෝත් තොලොංචි වෙන බව අපි දන්නවා.

:       0       0

thilakasiri Monday, 19 August 2019 08:07 AM

මෙම ඇනකොටා ගැනීම් බෝම්බ පිපිරීම් යුධ වැදීම දක්වා වර්ධනය වී අසරණ මිනිසුන් ඝාතන වීම අවාසනාවන්තම ඛේදවාචකයකි. නිරන්තරයෙන් පවතින මෙවන් බේද පාලනය කර යහපත මතුකරගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය වඩා සුදුසුම ක්‍රමයයි. එනමුදු ඒකාධිපති රාජාණ්ඩු තවම පවතී. ජාති හා ආගම් බේද නිසා ඇතිවී තිබෙන බල අරගලය ලෝකයේ ඇති දරුණු ඛේදවාචකයක් නොවේද? හරි වැරැද්ද වටහාගැනීමට ජාතිය හෝ ආගම අවශ්‍ය ද? එහි අදහස ආගම් හා ජාති ප්‍රතික්ෂේප කිරීම නොවේ. සහජීවනයෙන් විසීමට ආගම් හා ජාති අතර පරස්පර ජිවන රටා හා මත අනුව ක්‍රියා කිරීම පාලනය කිරීමට පාලකයින්ට සහය වියයුතු නොවේද? උදාහරණයක් ලෙස වයස අවුරුදු 18ක් වත් වනතුරු ගැහැණු ළමුන් විවාහ නොකිරීම රටේ නීතියක්ව තිබියදී වයස අවරුදු 12දි විවාහ කිරීම ආගමික හෝ ජාතික න්‍යායක් නිසා නොකළයුතු නොවේද? ගැහැණු පිරිමි සියල්ලටම සමාන මානව හිමිකම් තිබිය යුතු නොවේද? යම් ආගමක් හෝ ජාතියක් එසේ මානව හිමිකම් අහිමි කරයි නම් ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කිරීම නොකළ යුතුද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 168 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 374 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 433 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 290 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 394 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 140 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site