IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘ගවරා වඳ වුණත් ගවර දේශපාලනය වඳ වෙලා නැහැ’

‘ගවරා වඳ වී ගියත්, ගවර දේශපාලනය වඳ වී නැතැයි  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ජාතික මග කුරුණෑගල මහ සමුළුවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

‘අද මේ රටේ ව්‍යාපාරික ක්‍ෂෙත‍්‍රයේ ඉහළම 10 දෙනා ගන්න. ඒ අයගේ අම්මා තාත්තලා කවුද කියලා අපි දන්නේ නැහැ. ඔවුන් දහ දෙනාම තමන්ගේ ස්ව ශක්තියෙන් ඉහළට ආපු අය. පරිපාලන සේවයේ ඉහළම දහ දෙනා ගත්තත් ඔවුන්ගේ දෙමාපියන්ගේ නම් විකුණලා ආපු අය නෙමෙයි. එම දහ දෙනාම කුසලතාවයෙන් ඉහළට ආපු අය. ඉහළම වෛද්‍යවරු දහදෙනා ගන්න, ඉහළම ඉංජිනේරුවෝ දහදෙනා ගන්න, ඉහළම නඩු කාරයෝ, නීතීඥයෝ, ආරක්‍ෂක අංශවල ඉහළම ඉන්න අය මේ හැමෝම කුසලතාවයෙන් ඉහළට ආපු අය.
 
කී‍්‍රඩාවේ, කලාවේ එහෙමයි. හැබැයි දේශපාලනයේ විතරක් කුසලතාවයට තැනක් නැහැ. අපේ කලාපයේ සිංගප්පූරුව, ජපානය, චීනය මේ හැම රටක්ම ඉහළට ගිහින් තිබෙන්නේ දේශපාලනයට, කුසලතාවයට මුල්තැන දීමෙන්. 
 
අතීතයේ සිටියා බලගතු සතෙක් ඩයිනෝසර් කියලා. අපේ රටෙත් හිටියා ගවරා කියලා සතෙක්, ගවරගිරිය, ගවරවිල මේ නොයෙක් නම් ඇතිවෙලා තිබෙන්නේ ගවරා නිසා. ගවරා වඳවුණා. මොකද සුද්දා ඇති කළ ඒ නවීකාරක වතු යායවල්වලට, ආර්ථික ක‍්‍රමයට ගවරා ගැළපුණේ නැහැ. ඒ නිසා ගවරා වඳවෙලා ගියා. හැබැයි ලංකාවේ නිදහසට පෙර සිට හරියට ගත්තොත් දේශපාලනයේ මුල් පෙළේ ඉන්න ගවර පන්තිය වඳවෙලා නැහැ . ඒ ගවර පන්තිය තමයි ඉදිරියෙන්ම යන්නේ. ඒ අය ලේසියෙන් වඳවෙන්නෙත් නැහැ.

අපි දැන්වත් අධිෂ්ඨාන කර ගත යුතුයි, මේ පන්තිය වෙනුවට වැඩ කරන්න පුළුවන්, වෘත්තීය මට්ටමේ සිංහල, දෙමළ, මුස්ලිම් වේවා, ජාතිය වේවා, ආගම වේවා මේ එකක්වත් වැදගත් නැහැ. රටට කුසලතාවයෙන්, නිපුණතාවයෙන් යුතු අලුත් දේශපාලන පන්තියක් ගෙන එන්න අපි අධිෂ්ඨාන කර ගත යුතුයි‘ යැයි පැවසීය.



අදහස් (13)

‘ගවරා වඳ වුණත් ගවර දේශපාලනය වඳ වෙලා නැහැ’

Pagawara Tuesday, 18 June 2019 07:28 AM

ගවරෙකු ගැන කතා කරන සුන්දර මොහොත.අපි දැන් නැතුවද මෙයාගේ කෙරුවාව.

:       2308       3287

සමන්ත Tuesday, 18 June 2019 02:11 PM

ඔයා මොනවද එයා ගැන දන්නේ? අපිටත් වැඩිය ඔයා දන්නවා නම් කියන්නකෝ බලන්න?

:       0       0

BamunuarachchiTuesday, 18 June 2019 11:51 PM

දන්නේ එයාත් ගවරෙකු බවයි හා වැරදිද?

:       1       36

gawaraWednesday, 19 June 2019 03:41 PM

මම මේ බලන වෙලාවට මේක 'බැලුවො' ගාන 2611 කමෙන්ට් එකට අකමැති ගාන 2308, කැමති ගාන 3220....

:       0       0

වීරවිජේ Tuesday, 18 June 2019 07:48 AM

ඒ්ක නේන්නං

:       0       0

Bamunuarachchi. Tuesday, 18 June 2019 08:05 AM

අපි දන්නා තරමට ගවරා වඳ වෙලා නැහැ බෝවෙලා

:       0       0

Keyan Suresh Priyantha Tuesday, 18 June 2019 08:55 AM

ඒක හරි

:       0       0

Dilan Tuesday, 18 June 2019 09:16 AM

මොන කුසලතා සුදුසුකම් තිබුනත් දේශපාලනයට ආවම ඔවුන්ගෙයි අනිත් අයගෙයි වෙනසක් නෑ.

:       0       0

සේනාරත්න Wednesday, 19 June 2019 12:02 AM

තාත්තා ගෙන් පුතාට... සැමියා ගෙන් බිරිඳ ට... පවුලෙ අයට බලය දෙන දේශපාලන සංස්කෘතිය වෙනුවට පක්ෂය කුමක් උනත් අධ්‍යාපනික වටිනා කමක් හෙබි හා සමාජය පිලිගත් යහගුණ ඇති අය පාලනයට එක්කර ඔවුන්ගේ සේවය රටට ලබාගැනීමට ජනතාව උනන්දු වියයුතුය .

:       0       2

Janahitha Wednesday, 19 June 2019 02:11 AM

ඉන්න තැන ප්‍රමාණවත් මදි වගෙයි.

:       0       0

de silva Wednesday, 19 June 2019 09:02 AM

ඔබ ඔය කියන රදල පවුල්වාදී දේශපාලන පන්තිය වඳ නොවෙන්නේ ඔබතුමා වැනි දක්ෂ කථිකයන් එම දේශපාලන පන්තියේ සාමාජිකයන් අමාරුවේ වැටුණ අවස්ථවලදී උදවු කරන නිසාත් නුගත් ඡන්දා දායකයන් ඔවුන්ට මනාප ගසන නිසාත්ය

:       0       12

Sameera dasanayake Wednesday, 19 June 2019 02:35 PM

එතකොට මොකාටද ගවරා කියන්නේ?

:       0       0

de silva Thursday, 20 June 2019 05:46 PM

ගවර කියන්නේ ඉස්සර ලංකාවේ වනගතව ජිවත් වුන ප්‍රමාණයෙන් විශාල හරක් විශේෂයකට

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 233 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 76 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1191 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 2106 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2360 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1181 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 346 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site