ලෝකය අතැඹුලක් සේ ගත් කළ අපි හැමෝම මිනිස්සු, උස් මහත් වර්ණ භේද සියල්ල ගත්තද, අපි එකම තලයක මානවීය ජාතියක්. අපි ඔක්කෝටම එකට උණුසුම විඳගත හැකි දිනක් පැමිණෙන්නේ නම් ලෝකය කොතරම් සුන්දරදැයි මම සිතමි. ඊයේ රාත්‍රියේ දිගු ගුවන් සංචාරයක නිරතව සිටියදී ඒ හිස් අහස දෙස බලමින් ඇයි අපට බැරි එක පවුලක් වගේ ජීවත් වෙන්න කියන දේ මම කල්පනා කළෙමි.
ඔබ නිරන්තරයෙන් රට-රටවල සංචාරය කරනවා, ඒ යන එන අතරවාරයේදී ඔබට අපේ රට ගැන කොහොමද දැනෙන්නෙ යන්න, ශ්‍රියන්ත මෙන්ඩිස් නමැති ඒ ප්‍රවීණ රංගධරයාගෙන් අපි විමසුවෙමු.
ඒ ඔහු ඊට ලබාදුන් පිළිතුර විය. සැබැවින්ම එය සිහිවිකල්ලකට එහා ගිය අදහස් පෙළක් ලෙස ඔහුගේ නවතම වේදිකා නාට්‍ය වන හෙට අනිද්දා දිනෙක සිට වේදිකාගත වීමට නියමිත ”සුදු සහ කළු” නාට්‍ය සමග ඔබට වින්දනය කර ගත හැකි වේවි. එසේ තිබියදී මේ දිනවල විකාශය කෙරෙන කුටු කුටු මාමා, විෂ්ණුභූ සංක්‍රාන්තිය සමග තවත් අපූරු චරිත රංගනයක නිරත වන ශ්‍රියන්ත සමග තවත් සුන්දර කතා බහකට එක්වෙමු.
ගිනි අවි සහ ගිණි කෙළී නාට්‍යයේ තුම්මුල්ලේ පද්මෙගෙ චරිතයෙන් ඔබ ඉවත් වුණේ ඇයි?
ඉවත් වුණේ නැහැ. කොහොමටත් මම ඊට දායක වුණේ ප්‍රතිපත්තිමය කාරණා මුල් කරගෙනයි. එනම්, කොටස් සීයකට ඇතුළත පමණක් දායක වෙනවා යන්නයි. ඉතින් හරියටම කොටස් 99 දි මම අධ්යක්ෂ සාරංග මෙන්ඩිස්ට කිවෙ මාව මරලා දාන්න කියලයි. පද්මෙ කියන්නෙ මම දුක් විඳලා මහන්සිවෙලා ගොඩ නගාගත් චරිතයක්. මම කියලා කොටස් 99 න් ඉවත් වුණත්, මම රචකයා ළඟට ගිහින් ඇයි මට වෙඩි තිබ්බෙ කියාත් ඇහුවා. කොහොම වුණත්. මම ඊළඟ පරම්පරාවට බැට්න් එක දුන්නා. දැන් ඒ පරම්පරාවේ ශිල්පීන් ඒක නිවැරදිව ඉදිරියට ගෙන යනබව පෙනෙනවා.
හොඳයි, පද්මෙ දැන් ඉවරයිනේ. දැන් අපි ඔබ අමතන්න ඕනෑ මොන විදියටද?
කුටු කුටු මාමා කිව්වත් හොඳයි, පද්මෙ කිව්වත් හොඳයි. ගින්දර වගේ ඇමැතිවරයා කිව්වත් හොඳයි, ඒ ඔක්කෝටම, එනම් ඒකටත් ඒකටත් මම ආදරෙයි.
ඇයි ඔබ එහෙම ඒකටත් - ඒකටත් චරිත වලට ආදරේ?
ඔබ අහපු ඒ ප්‍රශ්නයටත් මම ආදරෙයි. ඒකට හේතුව මම හොඳ මානව හිතවාදියෙක්. පරිසරවාදියෙක්, යහපත් මිනිසුන් ජිවත්වන දේශයක් උදෙසා මානවයින්ගේ නිදහස, සතුට, සාමය යන සියල්ල වෙනුවෙන් කෙරෙන දේට මම ආදරෙයි. මට ඒක ලෝකය වටා යද්දී තදින්ම දැනෙන දෙයක්.
මෑතකදී ඒ විදියට දැනුණ අවස්තෘවක් ගැන සිහිපත් කළොත්?
සුරිච් ගුවන්තොයුපළේ සිට මම ශ්‍රී ලංකාව බලා ඒමට සූදානමින් සිටියා. එතැන රූපවාහිනී නාලිකාවක් සඳහා (එරට) සංගීත වැඩ සටහනක් කෙරෙමින් තිබුණා. ඒ වැඩ සටහනට කලූ ජාතික සංගීත ශිල්පියෙකුත් ඇතුළත් වුණා. ඔහු ශ්‍රී ලාංකිකයෙකු වග මම දැනගෙන හිටියෙ නැහැ. අර මහා සෙනග අතරේ ඔහු ”ආ ශ්‍රියන්ත අයියා පට්ට ආ” පද්මෙ චරිතෙ නියමයි ආ කියලා කිව්වා. ඇත්තටම ඔහු බෙර ගගහා සිටින අතරවාරයේදී තමයි එහෙම කිව්වේ. ලෝකයේ කොතැන සිටියත් කොතැන ගියත් අපේ ලෙංගතුකම මිත්රශීලීබාවය කොතරම්ද කියලා මට දැනුනා. ඒ ශ්‍රී ලාංකීය බවට මාත් හරිම ආදරෙයි.

කොහොම වුණත්. දැන් මිනිස්සු කතා වෙන්න සූදානම වන්නේ ”කුටු කුටු මාමා” චරිතය ගැනයි. ඒ ගැන කියමු.
රවීන්ද්‍ර විජේරත්නගෙ අධ්යක්ෂණයට තරංග දිසානායක නිෂ්පාදනය කළ ස්වාධීන රුපවාහිනිය විකාශය කෙරෙන මේ නාට්‍යයේ කුටු කුටු මාමා කියන්නෙ සහෝදරියන් සිටින පවුලක මද්දුමයා. වැඩිහිටි සහෝදරියන්ට මද්දුමයා. ඊට පසු සහෝදරියන්ට මද්දුම අයියා, අම්මට මද්දුම පුතා, සහෝදරියන්ගෙ දරුවන්ට කුටු කුටු මාමා. එහි මගේ අම්මට ඉන්නෙ අයිරාංගනී සේරසිංහ මැතිණිය. වැඩිමල් සහෝදරියන්ට නීටා ප්‍රනාන්දු, ප්‍රියා රණසිංහ දායක වෙනවා. බාල සහෝදරියනට කෞෂල්‍යා ප්‍රනාන්දු, දමිතා රඟපානවා. ඒ චරිතය ඇතුළෙ මම හරි වාසනාවන්තයි. මොකද ඊළඟ පරම්පරාවේ අයත් ඊට දායක වෙනවා. මම ඒ චරිතයට හරි ආදරෙයි.
හැබැයි එහෙම කිව්වට අද දවසේ ඔබ මේ සියල්ලට වඩා ආදරය කරන තවත් චරිතයක් තිබෙනවා. ඒ තමයි ”සීයා” ගෙ චරිතය. ඔබ සැබෑ ජීවිතයෙ දැන් ”සීයා” වෙලා ඉවරයි. එය දැනෙන්නෙ කොහොමද?
මගේ පරම්පරාවේ පළමු සීමා මමයි. ඒ ගැන මහා ආඩම්බරයක් මට තියෙන්නේ. සීයලා ආච්චිලාට මිණිපිරි මුණුපුරෝලා ඔටුණු කියලා කතාවක් තියෙනවනෙ. මගේ මිණිපිරිය මට ඔටුන්නක්. ඒ ඔටුන්න පැළදි මගේ මිණිපිරිය නිසා මට අද දැනෙන්නෙ විග්රහ කල නොහැකි තරමේ ආඩම්බරකමක්, සතුටක් ආත්ම අභිමානයක්.
එහෙම නම් ”විෂ්නු භූ සංක්රාන්තියෙ” චරිතය ගැනත් යමක් කියමු?
ඒකත් මානවීය චරිතයක්. එකම පුත්‍රයා සමාජයේ ඉහළ පවුලකින් පේ‍්‍රමනීය සබඳතාවයන් ඇතිකර ගන්නා නිසා ඔහු ඝාතනය වෙනවා. ඔහුගේ මිනිය ළඟ තියාගෙන ඔහුව නැගිට්ටන්න හදන උත්සාහයක්. දරුවන්ට මිනිස්සු කොච්චර ආදරේද යන වග අපූරුවට ප්‍රකාශ කෙරෙන තේමාවයක්. ඒකටත් මම ආදරෙයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හැදී වැඩී එන පාසල් වයසේ තරුණ දැරියන්ට දෙන පණිවිඩය නම් හරිම ශෝචනීයයි. මේවා තරුණ පරපුර අනුගමනය කරනවා. අර වාරියපොළ තරුණිය කළ දේම වගේ (බ)
පලිඟු මැණිකේ තවම මතකයි.(හේ)
මේ නාට්‍යයෙන් ඉවත් වුනොත් ඔබේ නම මැකේවී.(හේ)
හේමන්ත හරි. ඉතාමත් දක්ෂ නළුවෙක්.(ම)
පොතක කවරය දිහා විතරක් බලලා එහි ඇතුළත කියවන්නේ නැතුව නිගමන වලට එළඹීම වගේ දෙයක් තමයි ටෙලි නාට්‍යක් සම්පුර්ණයෙන් නොබලා පළමු කොටස් කිහිපය විතරක් නැරඹීමෙන් එය සමාජයට වැරදි පණිවුඩයක් දෙනවා යැයි තීරණය කිරීම. මනඃකල්පිත චරිත වගේම සැබෑ ජිවිතයේදී අපට හමුවන සමහර චරිත අධ්‍යක්ෂකවරුන් විසින් තම තිර රචනයට ඇතුළත් කරන අවස්ථා මා දැක ඇත. ඒ නිසා සම්පුර්ණ කතාවම නැරඹීමෙන් පසු ගුණ දොස් විචාරණය කිරීම මැනවි. දැන් මුල ටික විතරක් බලලා ඉතුරු හරිය බලපු නැති දරුවන්ට තමයි වැරදි පණිවුඩය යන්නේ. කරුණාකර මුළු කතාවම නැරඹීමට සළස්වන්න. (නි)
ප්‍රතිභාපූර්ණ නළුවෙක් වුණහම ටිකක් ලස්සනට ඉන්න එපායැ (නි)
කොයිදේත් හොඳ නරක දෙකම තියෙනවා. තෝරලා බේරලා බලන්න. ඒත් දරුවන්ට ටීවී බලන්න දෙන්න එපා යම්කිසි වයසකට එනතුරු (නි)
මෙයාගේ එකම වැරැද්ද මෙයා හෙළ සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා අනුකරණය කරන්න හදනවා. ගාමිණීගේ පුතා වන දමිත් ෆොන්සේකාටත් බැරි දෙය මෙයට කරන්නත් බෑ. (ම)
අර කුමාරි කියන චරිතය ගැන අපේ නම් ප්‍රසාදයක් නැහැ. හැබැයි ඒ තරුණ නිළියට නම් සම්මානයක් දෙන්න වටිනවා ඒ රඟපෑමට. නමුත් චරිතයෙන් සමාජයට ලැබෙන පණිවුඩය හරි නැහැ. (නි)
මේ ටෙලි නාට්‍යයේ ශ්‍රියන්තගේ චරිතය සහ වයසක අම්මගේ චරිතය විතරක් ගුණගරුක හොඳ වෙලා ඇති යැයි කියාද කොහෙද හිතලා තියෙන්නේ. අනෙක් මිනිස්සු ඔක්කොම ගන්නම දෙයක් නැති විදියටනේ මවලා තියෙන්නේ. (නි)
ටෙලි නාට්‍යයක් පළමු කොටසේ සිටම ප්‍රේක්ෂක ආකර්ශනය අත්පත් කරගත්තේ නැත්නම් වැඩක් නැහැ නේද? (නි)
ටෙලි නාට්‍යයක කොටස් සීයක්ම පිළිවෙලට බලන්න අපේ හැදෙන ළමයින්ට ඉඩ නැහැනේ. පාඩම් වැඩ අස්සේ අපෙන් බැනුම් අහ අහා තමයි ඔය ඉඳහිටලා කොටසක් දෙකක් බලන්නේ. ඒ බලන දවසටත් අම්මගේ කනෙන් රිංගලා ගිහින් පන්ති යනවා කියලා පෙම්වතා එක්ක චිත්‍රපටි බලපු එකක් පෙන්වනවා. රජින්ද කියන්නේ තාම මුල, හෙට අනිද්දට ටෙලි නාට්‍යය හොඳ වේවි කිය කියා අපේ තරුණ ළමයින්ට මේවා ආයෙත් පෙන්වන්නද? (නි)
හොඳ නිර්මාණ බිහිවෙයි ඉදිරියට (නි)
කෙසේවෙතත්, කොටස් ගානක කතාවක, පළමු කොටස් කිහිපය නරඹා ඔබ සියලුදෙනා ඇතිකරගත් ඒ වැරදි අවබෝධයම තමයි මේ සමාජයේ තිබෙන යථාර්ථය. ඉදිරි කොටස් බැලුවොත් ඔබට වැටහේවි ඒ ඒ චරිත මේ සමාජයට දෙන පණිවුඩය. ඒ කියන්නේ සමාජයේ වැරදියට ජීවත්වෙන අයට ඇතිවෙන ප්‍රශ්න ඉදිරියේදී ඔබ දකීවි. ඒ නිසා දැන්ම විග්රහ කර පලක් නැහැ. (නි)
අපොයි යාන්තම් ඇති අර කලින් තිබුන බවලතියකගේ හිත සලිත වෙන ඡායාරුපය සහිත රස සයුර පුවත යන්තම් අයින් වුනා. (බ)
ඔබතුමා , ජැක්සන් මහතා, කමල් මහතා, රවින්ද්‍ර මහතා ඉතාම දක්ෂ අය. ඔබ අපට ලොකු සම්පතක්.සුබ පතනවා! (නි)
මේ නාට්‍යයේ ,හරිම චණ්ඩි විදියට හැසිරෙන පිරිමි ළමයින්ගෙන් සල්ලි උදුරාගන්න තරම් අසංවර හැසිරීම් ඇති තරුණ ගැහැණු ළමයෙකුගේ චරිතයක් තිබෙනවා. අපේ ගෙදර ළමයින් නම් දැන් තේරෙන වයසේ . නමුත් හැදෙන නව යොවුන් දැරිවියකට අනුගමනය කරන්න හොඳ චරිතයක් නෙමෙයි එය. ඉතා අශෝභන පිළිවෙලට හැදෙන තරුණියකගේ භූමිකාවක්. නිළියන්ට සිල් රෙදි පොරවන්න කියලා නෙමෙයි අපි කියන්නේ . නමුත් මේ චරිත, හැදෙන ගැහැණු ළමයින් අනුකරනය කරන්න ඉඩතිබෙනවා නේද? (නි)
ඉතා දක්ෂ නළුවෙක්. (නි)
කතාවේ තේමාව වරදක් නැති නමුත් ටෙලි නාට්‍යයේ තරුණ චරිත මිට වැඩිය විචාරශීලිව යොදා ගන්න තිබුන බවයි මගෙත් පුද්ගලික අදහස. ශ්‍රියන්ත නම් සුපුරුදු ලෙස හොඳින් රඟපානවා. (බ)
අල්ලපු ගෙදර අවුරුදු 16 ක තරුණ දුවත් මේක බලන්න පටන් අරන් . ඒ ගෙදර කාන්තව අද උදේ මට කිව්වා එයා මේක ළමය බලන එක නැවැත්වුවා කියල. ජනප්‍රිය තරුණ නිලියක් යොදාගෙන හැදෙන ළමයින්ට උගන්වන්නේ මව් පියන් ගේ කනෙන් රිංගමින් වැඩිහිටියන්ට සමච්චල් කරමින් ඉන්න හැටි කියලා කිව්වේ. මේ අපිට අහන්න ලැබුන ප්‍රතිචාර . (ස)
දෙබස් හරිම අශිලාචාරි (ම)
මටත් අදහසක් නොලියාම බැහැ. ටෙලිනාට්‍යයක ප්‍රතිභාපුර්ණ නළු නිලියන් රඟපෑවට මදි. සමාජයට වැදගත් යහපත් පණිවිඩයක් දීමත් අවශ්‍යයි. මේක රඟපාන අයගේ වරදක් නෙමෙයි. (නි)
මංජු සහ සරසි හරි. මේක ශ්‍රියන්ත ගැන ලියපු පුවතට අදාළව ලියන්න වීම ගැන කණගාටුයි. කාර්යබහුල නිසා මාත් බිරිඳත් බලන්නේ තෝරාගත් ටෙලි නාට්‍ය දෙකක්. ඒකත් අපේ දරුවන් එක්ක බලන ඒවා. අපි පිටරට සිට ගෙවන ආතතිය නැතිවෙනවා ලංකාවේ ගුණාත්මක ටෙලිනාට්‍යයක් බැලුවාම.නමුත් ඊයේ මම තීරණය කළා මෙම ටෙලි නාට්‍යය යළිත් නොබලන්න. (නි)
සරසි, මම ඔබ සමග එකඟයි. අද කාලයේ තරුණියන්ට ඉතාම නරක ආදර්ශයක් දෙන ජවනිකාවක් තමයි ඒක. මෙහෙම දේවල් තමයි නවීන ලෝකෙට හරියන්නේ කියලා හැදෙන ළමයින් හිතන්න ඉඩ තිබෙනවා. (නි)
සුමාල්ගේ හිත සෑහෙන්න සලිත වෙලා වගෙයි. ඔහොම බැහැ. හිත හයිය වෙන්න ඕනේ කොල්ලෙක් උනාම (බ)
මම මේ ටෙලි නාට්‍යය බැලුවා. එක දෙයක් කියන්න ඕනෑ. තරුණියන් දෙන්නෙක් තමන්ගේ කල්ගත වී විවාහ වෙන්න සූදානම්වන අවිවාහක පුංචි අම්මාට ඇනුම් පද කියමින් හිත රිදවනවා. වයස්ගත මනමාලියක්ට තමන්ගේ මනමාලයාව පේන්නෙත් නැහැ කියමින් කණ්ණාඩි කුට්ටමක කතාවක් කියනවා. මම කියන්නේ මේ දේවල් ඉතාම නරකයි. මේවා හැදෙන තරුණ තරුණියන් බලනවා. ලංකාවේ විවාහයක් කරගන්න බැරි වුණ නැන්දලා පුංචි අම්මලා තමයි දෙමපියන් රැකියාවට ගියාම දරුවන් බලාගන්නේ. මගේ පුංචි නැන්දා එහෙම කෙනෙක්. විවාහයෙන් පසුව පවා මම හැම මාසයකට වරක් ඇයව බලන්න නුවර යනවා. දැන් අර නාට්‍ය බලන තරුණියන් හෙට අනිද්දාට තමන් 'පොෂ්' බව පෙන්වන්න දන්නා කියන අවිවාහක බවලතුන්ට අර විදියටම විහිලු තහළු කරන්න පටන් ගත්තොත් පුදුමයක් නැහැ. (නි)
හැබැයි පසුගිය කාලේ කළ සමහර චරිත නිසාම ශ්‍රියන්ත මෙන්ඩිස් කියන ප්‍රතිභාපුර්ණ කලාකරුවාගේ චරිතයත් හෑල්ලු වුණා කියලයි මම හිතන්නේ. (නි)
පහුගිය කාලේ තැන තැන කුටු කුටු ගාල තමයි ඔය දැන් වැඩිය සද්දයක් නැතුව ඉන්නේ මාමා.(හේ)