IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘ඒ වගේ ආයතන ගැන මම අහලා නෑ‘


(මුදිතා දයානන්ද)

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන කරුණු අධ්‍යයනයට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය නමින් ආයතනයක් පිහිටුවා ඇති බව හෝ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කර ඇති බව හෝ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේදි අනාවරණය වන තෙක් තමන් නොදැන සිටි බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (01) පැවසීය. එහි වැඩමුළු හා සාකච්ඡාවලට තමන් යටතේ සේවය කළ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සම්බන්ධ වී ඇති බවද කොමිසමේදි අනාවරණය වන තෙක් තමන් දැන නොසිටි බවද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමිනි.

“ආරක්ෂක අමාත්‍යංශය යටතේ ආයතන රැසක් පවතින බව දැන සිටියත් මෙවැනි ආයතනයක් ගැන මම අසා තිබුණේ නැහැ” යනුවෙන් කොමිසම කළ වැඩිදුර සාක්ෂි විමසීමෙදී  පැවසීය. මෙම ආයතනයෙන් මාසිකව නිකුත් කරන ලද ජාතික ආරක්ෂාව පිළිබඳ අනතුරු අඟවීම් වාර්තා ගැනද තමන් නොදන්නා බවද ඔහු පැවසීය. 

එය ඉතාමත් වැදගත් ආයතනයක් බවද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එම ආයතනය විශාල කාර්යභාරයක් ඉටුකර ඇති බව මෙම කොමිසමේදි අනාවරණය වූ කරුණු අනුව වටහා ගත් බවද ඔහු පැවසීය.

“රටේ පොලිස්පතිවරයා ලෙස වසර හතරක පමණ කාලයක් සේවය කළ ඔබ මේ දක්වා මෙවැනි ආයතනයක් හෝ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් හෝ ඇති බව නොදැන සිටිම ඔබේ සන්නිවේදන දුර්වලතාවයක් සේ දකින්නේ නැද්ද” යැයි කොමිසම ජයසුන්දර මහතාගෙන් විමසීය.

“ඔව් මම පිළිගන්නවා.”

“ඔබ යටතේ සිටින නිලධාරියෙකු ඔබ නොදැන මෙවැනි ආයතනයක සාකච්ඡාවලට සම්බන්ධ විය හැකිද?

“එහෙම වෙන්න බැහැ. සමහර විට ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයක් ලෙස ඔහු එයට සම්බන්ධ වෙන්න ඇති. එහෙත් ඔහු එයට සම්බන්ධ වීමට පෙර ලිඛිත අවසරයක් ලබාගත යුතුයි” යැයිද හිටපු පොලිස්පතිවරයා පැවසීය.



අදහස් (23)

‘ඒ වගේ ආයතන ගැන මම අහලා නෑ‘

වාසනා සත්කුලරත්න Thursday, 01 October 2020 03:37 PM

උතුම් මිනිසෙක් - පූජිත, ඔහු දිනේවා!

:       5       1

Prabha Thursday, 01 October 2020 04:00 PM

මටනම් සැකයි මේ ඒ කාලේ අපි ගරුකළ පොලිස් නිලධාරියාද කියලා.

:       0       4

RaveendraFriday, 02 October 2020 10:25 AM

කාරුණිකව අප පුද්ගලිකව මොහුට අපහාස කරනවා යයි නොසිතන්න. මහජනතාවගේ ආරක්ෂාවට ඍජුවම බලපාන ආයතනයක ප්‍රධානියා යනු තීක්ෂණ බුද්ධියක්, ඥානයක්, හසල දැනුමක්. ඍජු තීරණ ගැනුමට හැකි හොඳ පෞරුෂයක් මෙන්ම නියෝග දීමේ හැකියාවන්ගෙන් පරිපූර්ණ වියයුතු අවංක පුරවැසියකු විය යුතුමයි. "එසේම මෙවන් ආයතන ප්‍රධානින් පාට පෙට්ටි ඉදිරියේ පෙනී සිටින්නේ ඉතාමත්ම කලාතුරකින්" බව නොරහසකි. වෙනත් රටවල ප්‍රධානීන් හා සසඳා බැලීමේදී එය මනාවට පැහැදිලි වේ. එවන් ලක්ෂණ මොහු ළඟ තිබේද නැද්ද මෙම අදහස් කියවන ඔබට බාරයි. ඉදිරියේදීවත් පතෝල, වැටකොළු කරල් මෙන්ම කවටයන්, නළුවන් වෙනුවට අවශ්‍යය නිසි පෝෂණය සහිත එළවලු මහජනතාවට ලබාදීම සියලුම පාලනාධිකාරින්ගේ වගකීමකි.

:       0       5

de silva Thursday, 01 October 2020 06:28 PM

මම ඔබට පොරොන්දු වෙනවා සර්, අත්අඩංගුවට ගන්න කරන්න නැහැ සර් කියකියා හිටියා මිසක් මෙයා සිදුවෙන දේවල් දැනගෙන ඉඳලා නැහැ.

:       0       6

Raveeendra Thursday, 01 October 2020 07:30 PM

පළමුව අප කිසිවෙකුගේ දැනුම් මට්ටම පිලිබදව විවේචනය කිරීමට උත්සහ ගන්නවා නොවේ. මෙහි සදහන් ආයතනයක් තිබෙනවාද නැද්ද යන්න ගැටලුවක්ද නැත. රටක ආයතන ප්‍රධානියකු යනු විශේෂයෙන් මහජනතාවගේ ආරක්ෂාව පිලිබදව ඍජුවම වගකියන ආයතනයක ප්‍රධානියාගේ දැනුම් සම්බාරය, සාමාන්‍ය දැනුම පිළිබදවද තිබිය යුත්තේ ඉතාමත්ම පුළුල් වපසරියක් බව කිව යුතුය. මින් ඉදිරියටවත් අඩුවශයෙන් නළු නිලියන් මෙන්ම කවටයන් මෙවන් තනතුරුවලට පත්කර ගැනීමෙන් වැළකීමට සෑම පාලනාධිකාරියකටම හැකි වේවා.....!!!!

:       0       3

MD Friday, 02 October 2020 03:20 AM

හහ්...හහ්.....හා මෙහෙම රටක් යම පාලනය නියමට ගිහිල්ලා. තව අවුරුද්දක් හිටියා නම් ඊලමත් දීලා.

:       2       9

wedage Friday, 02 October 2020 05:54 AM

ඔබට මතක නෑ මට අමතකයි පසුගිය අමාරු කාලේ

:       1       6

sachith Friday, 02 October 2020 09:38 AM

මේවා නිකන් කැකිල්ලේ රජ්ජුරුවොන්ගේ නඩු වල කියන කතා වගේ;

:       0       5

මුණසිංහ Friday, 02 October 2020 01:03 PM

ඕක ඉතින් පුදුම වෙන්න දෙයක්යැ...! පාස්කු ප්‍රහාරය ගැන දන්නේ නැත්නම් ඕවා ගැන දන්නේ කොහොමද? එයා දන්නේ නමන්න විතරයිනේ.

:       1       5

isuru Friday, 02 October 2020 05:10 PM

මේක මාර රටක් මෙහෙම බලනකොට ජනාධිපතිවරයා තව මොන මොන දේවල් කරලා ඇද්ද.?

:       1       1

jagath G Friday, 02 October 2020 05:13 PM

මේක හිටපු ජනාධිපතිගෙන් ඇහුවොත් කියයි මමත් දන්නේ නැහැ

:       0       1

tharindi Friday, 02 October 2020 05:20 PM

ද සිල්වා මහත්තයෝ ඒ කත්වෙන් ගම්‍ය වන්නේ පොලිස් පතිට රාජකාරිය හරිහැටි කරන්න දේශපාලන අධිකාරිය බලපෑම් වෙන වග.

:       0       0

isuru Friday, 02 October 2020 05:23 PM

පෙරදා අපි ගරු කල පොලිස් පති තමා මේ නමුත් එයාට වැඩ කරන්න දේශපාලුවෝ ඉඩ දී නැහැ.

:       1       1

kamal Friday, 02 October 2020 05:26 PM

chachith, ඔව් කැකිල්ලේ රජ්ජුරුවොන්ටත් එහා ගිය වැඩ කරපු ජනාධිපති කෙනෙක්.

:       0       2

jagath chu Friday, 02 October 2020 05:35 PM

මේ පොලිස් පතිට වැඩකරන්න දුන්නේ නැත්තේ අපේ රටේ හිටිය ජනාධිපති ඇතුළු දේශපාලකයෝ

:       1       2

de silva Friday, 02 October 2020 06:59 PM

එම කාල වකවානුවේ රටේ ආරක්ෂාව භාරව සිටි, ආරක්ෂක ඇමති, ආරක්ෂක ලේකම් සහ පොලිස් පති යන 3 දෙනාම අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් ලබාදිය යුතුය.

:       0       3

jagath B Saturday, 03 October 2020 09:54 AM

ද සිල්වා මැතිතුමනි, ඔබතුමා කියන ආරක්ෂක ඇමැති, ආරක්ෂක ලේකම්, පොලිස්පති මේ තිදෙනාම නිදොස් පිරිසක්.. වගකිව යුත්තෝ ජනාධිපති සිරිසේන සහ එය සමග ආරක්ෂක කවුන්සිලයේ කුමන්ත්‍රණ කළ උදවියයි.

:       0       0

KAMIL Saturday, 03 October 2020 09:57 AM

මේ මහා විනාශයට ආණ්ඩුව ඇතුළු ගජමිතුරු කැල වගකිව යුතුයි කියලා අපිට හිතෙන්නේ මේ කොමිසන්වල දේවල් දකිද්දී.

:       0       0

THISARA Saturday, 03 October 2020 10:11 AM

ද සිල්වා මහත්තයෝ, රටේ සියලුම ආරක්ෂක අංශවලට අණදෙන්නේ විධායක ජනාධිපති බව මතක් කරන්න කැමැතියි.

:       0       0

kaanthi Saturday, 03 October 2020 01:23 PM

සිරිසේන රටත් කාලා, ගමත් කාලා පොලිසියත් කන්නයි හදන්නේ... ඇත්ත දැන් රටම දනියි.

:       0       0

jine Saturday, 03 October 2020 01:25 PM

සිරිසේන ජනාධිපතිගේ වැඩ නිසා නිකරුණේ ආරක්ෂක ලේකම් හා පොලිස්පති අමාරුවේ..

:       1       0

thilak Saturday, 03 October 2020 01:27 PM

මෙයින් බේරුනා ඇති.

:       0       0

ISURU Tuesday, 06 October 2020 04:53 PM

අම්මෝ මේ වගේ ජනපති කෙනෙක් නේ අපේ ලංකාව අවුරුදු 5ක් පාලනය කලේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 3 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 33 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 187 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 420 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 120 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 125 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 330 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site