IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘එම්සීසී ගිවිසුමෙන් රට කොලනියක් වන බව කියූ අයට එය එකවර හිතකර වෙලා’

(නිමල කොඩිතුවක්කු)

රටට හානිකරයි, රට දෙකඩ වෙනවා, රට ඇමරිකාවේ කොලනියනක් වන බව පැවසූ එම්. සී සී ගිවිසුම  එක්වරම රටට හිතකර වුයේ කෙසේදැයි විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිස  රටට හෙළි කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (11) පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙසේද කීය.

‘‘එම්. සී සී ගිවිසුම  රටට හානිකරයි, රට දෙකඩ වෙනවා, රට ඇමරිකාවේ කොලනියනක් වෙනවා කියලා ශ‍්‍රී ලංකා පොදුජන විපක්ෂය බෙරිහන් දුන්නා.  ඔවුන් පුන පුනා කිව්වේ ඔවුන් රටට එරෙහි කිසිදු ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ. එවැනි ගිවිසුම් තියෙනවා නම්  ඒවත් අහෝසි කරනවා කිව්වා.

නමුත් හාස්‍යයට කරුණ තමයි එම්. සී සී ගිවිසුම  කියන්නේ යක්ෂයෙක් කොටියෙක් නෙමෙයි මේකෙන් රටට වෙන හානියක් නැහැ කියලා ඒ දේශපාලඥයන්ම මේ වනවිට නැවත වතාවක්  මේ රටේ ජනතාවට කියනවා.

අපි විමල් වීරවංශලාට, ගම්මන්පිලලාට කියනවා එක පාරටම එම්. සී සී ගිවිසුම  හොඳ වුණේ ඇයි කියලා රටට පැහැදිලි කරන්න කියලා.  ලංකාව සිතියමක ඇදලා රට බෙදනවා, වැටවල් ගහනවා, වීසා ගන්න  ඕන කියලා කියපු අය දැන් මේ ගිවිසුම හොඳයි කියන්නේ කියලා දැන් රටට මේ අය පැහැදිලි කළ යුතුයි’’ යැයිද ඔහු එහිදී පැවැසීය.



අදහස් (17)

‘එම්සීසී ගිවිසුමෙන් රට කොලනියක් වන බව කියූ අයට එය එකවර හිතකර වෙලා’

NAK Wednesday, 11 December 2019 11:14 AM

මේ තත්වය මතක් කරන්නැතුම ඉන්නවද ?

:       2       2

siri Wednesday, 11 December 2019 11:19 AM

ඡන්දෙ කාලේ කියන දේවල් කවුද ගණන් ගන්නේ. අලි දෙන්නන් කොටි දෙන්නන් කියල දෙගොල්ලොම කිව්වනේ ඉතින්. අර වෛද්‍ය සංගමයේ අයයි උපකාර පන්ති කට්ටියයි ස්වාමින් වහන්සේලායි කියපු දේවල් දැන් වමාරයිද කියලයි මම මේ බලාගෙන ඉන්නේ.

:       0       35

ජයන්ත මිලානෝ Wednesday, 11 December 2019 11:22 AM

රටේ ජනතාවට නම් ඔය ගැන කරුණු කියන්න කවුරුත් වුවමනා වෙන්නේ නැහැ. කිව්වාට තේරුම් යන්නේ නැහැ. අවුරුදු 71ම තණකොළනේ කෑවේ...

:       40       444

Praba Wednesday, 11 December 2019 11:31 AM

දේශපාලකයන් මොනවා කිව්වත් පාදෙනිය මහත්තයා ප්‍රමුඛ GMOA එක ඕක කරන්න දෙන්නේ නෑ.

:       267       174

Hafeel Wednesday, 11 December 2019 01:55 PM

අනේ පාදෙනිය ප්‍රමුඛ GMOA දැන් නිහඬයි. ඔවුන් අවශ්‍ය මොහොතේ කඩේ යනවා. එකට සිංගප්පූරු ගිවිසුම හොඳම උදාහරණයක්... අපි ඉවසීමෙන් බලමු පාදෙණිය සහ GMOA මේ ආණ්ඩුව තුළ කොහොමද හැසිරෙන බව...

:       0       180

Amula Wednesday, 11 December 2019 11:39 AM

ඔය කියන විමල් උන්නැහේ.., ගම්මන්පිළ උන්නැහේ හැමදාම කඩේ ගියේ කාගෙහරි කීමටනේ... උන්නැහේලා දන්නවද දන්නේ නැහැ මොනවද මේ ගිවිසුම් කියලා...හොඳම දේ තමයි හැම ගිවිසුමක්ම පාර්ලිමේන්තුවේ 225ටම මනාව අවබෝධ කරලා දීලා පටන් ගන්න එක. එතකොට කාටවත් අඩුපාඩු කියන්න බැහැනේ...

:       1       204

ranaThursday, 12 December 2019 04:15 AM

ඔබ ඔය කියන අය 225 නේද? ඔය අර බාල්දියේ හිලක් කියන කතාව වගේ නොවේද? මේවා අහලා පණ පලයන් පෙරේදා කිව්වලු නේද..?

:       0       18

rama Wednesday, 11 December 2019 11:52 AM

හීනෙන් බයවෙලාද? කව්ද කිව්වේ එ්ක හොඳයි කියලා...

:       310       144

athuraThursday, 12 December 2019 04:31 AM

ලංකාවේද..? ඉන්නේ ඔය දැන් ඉන්න ආණ්ඩුවේ අයම තමයි මේක සියයට 70ක් හොඳයි කිව්වේ...

:       0       17

lankasri Wednesday, 11 December 2019 11:54 AM

කන්න ඕනේ කොට කබරයත් තලගොයා වෙනවනේ...

:       38       289

රවින් Wednesday, 11 December 2019 12:39 PM

අනාගතය කරා මෙරට ගෙනියන්න අවශ්‍ය වන්නේ දේශපාලුවන් නොව හොඳ දේශපාලකයින් බව මතක තියාගෙන කවුරු කවුරුත් වැඩ කළොත් තමයි හොඳ. කොහොමත් ජනතාව ගොනාට අන්දවන්න බැරි බව ජනතාව විසින්ම සාමකාමීව තේරුම්කරදී හමාරයි. ඉදිරියේදී මීට වඩා දරුණු විදියට හා බොහොම සාමකාමී ලෙස ජනතාව විසින් තීන්දු තීරණ ගන්නා බව පමණක් කිව හැකිය. අවශ්‍ය නම් පමණක් වික්ටර් රත්නායක මහතාගේ ගීතයක් වන "රත්තරන් කෙන්ඩියෙ සිංහ තෙල් වගේ මිනිස්ගුණේ සැමදා පවතී... //." කියන ගීය දවසට දෙතුන්පාරක්වත් ඇහැව්වොත් දේශපාලුවන්ට නම් යහපත් වේ.

:       0       121

Lakmal Wednesday, 11 December 2019 12:53 PM

මේ මහත්තයා ගිවිසුම අත්සන් කරලා නෑ. අත්සන් කරනවා කියලා කවුරුත් කියලා නෑ. හැබැයි ඔයාලගේ ලොක්කන් ඕක දැනට මාසෙකට කලින් අත්සන් කරන්න දිනේ දාලා තිබුණා. ඒ වෙලාවේ ඔයා ඕක ඉතා හොඳයි කියලා කිව්වා. හැබැයි ජනතාව ඒක පිළිගත්තේ නෑ. දැනුත් ජනතාව ඉන්නේ ඒ මතයේමයි...

:       290       153

Dilan Wednesday, 11 December 2019 01:51 PM

මේ කට්ටිය ඒ කාලේ පෝට් සිටි ව්‍යාපෘතිය ගැන කිව්වෙත් ඔය විදියටම නේද?

:       112       116

කපිල වසන්ත කුමාර Wednesday, 11 December 2019 02:29 PM

MCC ගිවිසුම තුළ ව්‍යාපෘති දෙකක් තියෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය. වැඩි මුදලක් වෙන් වන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියට. එනම් 70%ක මුදලක් වෙන් වන්නේ ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහායි. 30% අඩු මුදලක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා වෙන්වන්නේ... ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා අපේ කිසිඳු විරෝධතාවක් නැහැ. ඇමරිකාවෙන් එන හැමදෙයටම විරුද්ධවන කුහකකමක් හෝ මෝඩකමක් නැහැ. රටට හානියක් වන දේට විතරයි අප විරුද්ධ වෙන්නේ. ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. එදා විපක්ෂයේ සිටි ස්ථාවරයේමයි අප අදත් සිටින්නේ. අපි ඉල්ලුවා ප්‍රවාහන ව්‍යාපෘතිය විතරක් කරමු කියලා. නමුත් ඇමරිකාව කියනවා කරනවා නම් දෙකම කරමු එකක් විතරක් කරන්න අපට බැහැ කියලා. ඒකෙන්ම පේනවා ඇමරිකාව ප්‍රවාහන ව්‍යාපෘතියටත් සල්ලි දෙන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කර ගැනීමේ යටි අරමුණින් කියන එක. ඇමෙරිකාව යෝජනා කරන ආකාරයේ සමස්තය කරන්න අප සූදානම් නැහැ. නමුත් ප්‍රවාහන ව්‍යාපෘතිය පමණක් කරන්න අපේ කිසිම විරෝධයකුත් නැහැ. ඒ අය දෙකම ඕනේ කියනවා නම් අප කියන්නේ මොකුත් එපා කියලයි. එය තමයි අපේ ස්ථාවරය. ඔහොමයි කිව්වේ...

:       680       685

kamalThursday, 12 December 2019 03:01 AM

කලින් එහෙම එකක් කිව්වේ නැහැනේ...

:       0       71

Mahee Wednesday, 11 December 2019 03:31 PM

ඔය මොනවා කිව්වත්, කියන දේ මොනවද කියලා ඒ කියන අය දන්නෙත් නෑ. අහන අය දන්නෙත් නෑ. තමන්ගේ කට්ටිය විපක්ෂයි කියලා යමක් කිව්වහම හුරේ දාන වහල්ලු කණ්ඩායමම අපි දැන් ඒකට පක්ෂයි කිව්වහම ඒකටත් හුරේදානවා. මොකකට හුරේ දැම්මද කියන්න කවුරුවත් දන්නෙත් නෑ. හුරේ දැමිල්ලට භංග වේවා කිව්වත්, ජයවේවා කිව්වත් වෙනසක් නෑ.. වැදගත් වන්නේ හුරේ දැමීම මිසක් කාරණය නොවේ. ඒක අපේ දේශපාලන සංස්කෘතියේ කොටසක්...

:       1       110

Ravindra Hallinnage Thursday, 12 December 2019 07:08 AM

අපේ රටේ දේශපාලකයන් ගැන කතාකරලා වැඩක් නැහැ. මේ අයගෙන් පැවතෙන අයගෙන් රටට මොනවා වෙයිද කියලා.., හැම එකම කරන්නේ දුප්පත් මෝඩ මිනිස්සු රවට්ටලා රජවෙලා නොමිනිසුන්ට හිනාවෙන එක...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 256 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 77 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1199 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 2123 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2380 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1186 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 346 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site