IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘එම් සී සී ගිවිසුම අත්සන් කිරීමට රජය තීරණයක් ගෙන නැහැ‘

(ඩයනා උදයංගනී)
 

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුම අත්සන් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
 

රජය ඉදිරි සති කිහිපයක් තුළ මෙම ගිවිසුම අත්සන් කරන බවට පැතිර යන ප‍්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි ද ඇමතිවරයා කීවේය.

ඇමති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (12)පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.



අදහස් (19)

‘එම් සී සී ගිවිසුම අත්සන් කිරීමට රජය තීරණයක් ගෙන නැහැ‘

Chathuranga Thursday, 12 December 2019 12:08 PM

ඒ කියන්නෙ සර් අත්සන් නොකරනවා කියලා තීරණේකුත් නෑ වගේ නේද? ඒකට කමක් නෑ. හැබැයි හෙට තීරණය කරල අනිද්දා අත්සන් කරන්න එපා.

:       9       384

Nimal Thursday, 12 December 2019 12:35 PM

අත්සන් කරන්න තීරනයක්නේ ගෙන නැත්තේ... එ්කෙන් කියන්නේ නැහැනේ අත්සන් නොකරන්න තීරණයක් අරගෙන තියෙනවා කියලා... අපිත් මේ වචන සෙල්ලම ඉගෙන ගත්තෙත් මෙයාලගෙන්ම තමයි...

:       7       1553

gunda Thursday, 12 December 2019 12:42 PM

"අපි MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ " කියලා ස්ථිරව කියන්න බයද ඇමතිතුමෝ? ජනාධිපතිතුමාගේ නම්බුව කෙළෙසන්න එපා. මහජනතාවට MCCයක් වුවමනා නැහැ. ජනතාවට පළාත් සභාත් වුවමනා නැහැ. ඇමතිවරු තමයි රට කන්න හදන්නේ...

:       1       777

athula Thursday, 12 December 2019 01:19 PM

ඔහොම වැනුනේ නැහැනේ මැතිවරණයට කලින්

:       0       624

ශ්‍රී ලංකා Thursday, 12 December 2019 01:21 PM

අත්සන් කලොත් මේ රජය හෙට නැහැ.

:       0       209

Champa Thursday, 12 December 2019 01:29 PM

අත්සන් කරන්නේ නැත්නම් කෙලින්ම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්නේ. එහෙම කරන්නේ නැතුව හොර ගල් අහුලා අහුලා ඉන්නේ සමාලෝචනය කළා කියල බොරුවක් කරලා හොරෙන් අත්සන් කරන්න තමයි.

:       0       497

Champa Thursday, 12 December 2019 01:50 PM

පැහැදිලිවම පේන්නෙ MCC ගිවිසුම අත්සන් කරනවා කියලා මහින්දගේ තේරීම ඇමරිකාවට ඡන්ද පොරොන්දුවක් දීලා තියෙනවා කියන එකයි. දැන් මේක අත්සන් කරන්න එපා කියන ඉල්ලීම අපිට කරන්න වෙන්නේ ඇමරිකාවට. අපිව එතනට ගෙනියන්න එපා. සියයට දෙසීයක් විශ්වාසෙන් කියනවා මේ ආණ්ඩුව ඇහැව්වේ නැතුවට ඇමරිකාව අහනවා.

:       85       98

පතිරණ - ගාල්ලThursday, 12 December 2019 02:43 PM

ඇයි ඇමෙරිකාවට කියලා අපිව විනාස කරන්නද? සියට දෙසීයක් ඇමෙරිකාව විශ්වාස නම් මොකටද මෙහෙ ඉන්නේ? නොදන්නා දේවල්වලට කට නොදා ඉන්න

:       370       310

ChampaThursday, 12 December 2019 03:34 PM

ඇමරිකාවට කියන්නේ මේක අත්සන් කරන්න යන්නේ ඇමරිකන් කාරයෙක් නිසා. සියයට දෙසීයක් විශ්වාසයි ඇමරිකාව රටට ආදරේ සිංහලයන්ගේ ඉල්ලීමට කන් දෙනවා කියලා. ඒ මොකොද කිව නම් ඇමරිකන් කාරයටත් පේනවා සිංහලය කියන්නේ දිව දෙකේ ජාතියක් නොවේ කියලා.

:       0       1

ravinThursday, 12 December 2019 07:49 PM

ඉල්ලන් කෑවා නේද...?

:       0       1

ChampaFriday, 13 December 2019 01:50 AM

පතිරණ ගාල්ල නොදන්නා දේවල් වලට ඔයා කට නොදා ඉන්න. මුළු රටම විරුද්ධ වෙලා වහල් ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් කරන එක නවත්ත ගත්තේ මේ ආණ්ඩුවට අත්සන් කරන්න නෙමෙයි. තනිකරම සිංහල රටයි සිංහලයි පාවා දීමක්. තාම මාසයක්වත් නැහැ. තව ඉස්සරහට මොනවා නොකරයිද?

:       0       17

ChampaFriday, 13 December 2019 01:57 AM

පතිරණ ගාල්ල ඇමරිකාවට කියලා විනාශ කරන්න දෙයක් නැහැ. ඇමරිකාවට කියලා හරි නවත්තගන්න වෙනවා MCC ගිවිසුම අත්සන් කරලා මගේ රට පාවලා දෙන එක. යමක් කියවලා තේරුම් ගැනීමේ හැකියාව බින්දුව බව පේනවා.

:       0       8

Mahesh Thursday, 12 December 2019 02:09 PM

කෙලින්ම කියන්නේ නැතුව මේ වගේ කතා කියනවා කියන්නේ තනිකරම මෙයාලත් බොරුව කරන්නේ.... මේ ඇමරිකන් ගිවිසුමට කඩේ යන පුද්ගලයන් ගැන ඊළඟ ඡන්දේදී ජනතාව පියවරක් ගන්න ඕනෑ. එක්කෝ මෙයාලා ඇමරිකාවෙන් හොඳ කුට්ටියක් අරන් එහෙම නැත්තම් ඉල්ලගෙන...

:       9       823

ChampaFriday, 13 December 2019 02:03 AM

පේනවා නේද ඩලස්? ඔක්කොම වැරදි යන්නේ කාගේ පිටින්ද කියල.

:       0       14

Perera Thursday, 12 December 2019 09:04 PM

ජනාධිපතිවරනෙට කලින් මේ අය කිව්ව කතායි දැන් කියන ඒවායි දිහා බැලුවම සැර බාල වෙලා වගේනේ. ඔය ගිවිසුමේ විපාක ගැන ඔලුවෙන් හිටගෙන කෑ ගහපු සමහරක් දැන් කියනවා 70%ක් හොඳයිලු තව එක්කෙනෙක් කියනවා තීරණයක් අරන් නැහැලු. අන්තිමේට ජනතාව දන්නෙම නැතුව ඔය කොයි කවුරුත් ඕක අත්සන් කරලා කියලා අපිට දැනගන්න ලැබේවි.

:       0       24

namali Friday, 13 December 2019 12:07 AM

මේ ගිවිසුම අත්සන් කරනවට අපි නම් කොහොමටත් කැමති නැහැ. අපි ඡන්දය දුන්නේ රටට එරෙහි ගිවිසුම් අත්සන් කරන්න නොවේ. අවුරුදු 5 කට එන කිසිම කෙනෙකුට හිතුමතේ ක්‍රියා කරන්න බලය දීලා නැහැ. ඇමරිකාවට අපේ රටේ ඉඩකඩම් දීලා අපේ ඒ ඉඩම් වල ඉන්න සහෝදර සහෝදරියන් කොහේ යන්නද ?ජනාධිපති තුමනි මේ ගිවිසුමට අත්සන් කරන්නේ ඉඩ දෙන්න එපා. අපිට ඔබතුමා විශ්වාසයි මෙය අත්සන් කිරීමට ඉඩ නොදෙන බවට .

:       2       8

DewA Friday, 13 December 2019 05:08 AM

කට්ටියම හරියටම කලබල වෙලා වගේ. ඉවසලා ඉන්න මහ ඡන්දය ඉවරවෙනකන්.

:       0       2

sam Friday, 13 December 2019 06:19 AM

කලින් රජය මේ ගිවිසුම අත්සන් කරනවාට, පොහොට්ටු පාක්ෂිකයන් විරුද්ධ උනේ රටට ආදරේට නොවෙයි. මේ ගිවිසුමෙන් පෞද්ගලිකව ලබා ගත හැකි ප්‍රතිලාභ කලින් රජයේ හෙන්චයියන් ලබා ගන්නා නිසායි. දැන් එහෙම බාධාවක් නැති නිසා මේක අත්සන් කරලා ගාණ කපා ගනීවි .

:       0       1

ajith Saturday, 14 December 2019 07:31 AM

වහල්ලු කියලා කියන්නේ..., එක පරපුරකට, එක රජෙකුට, එක ගෝත්‍රයකට, එක මිනිසෙකුට බැල මෙහෙ කරන, දාසකම් කරන, කියන ඕනෙම දෙයක් කරන, බය පක්ෂව දෙකට නැමෙන මිනිස්සු කොට්ඨාශයකටයි.. වහල්ලු කියන වචනය ගැලපෙන තැනකට පමණක් පාවිච්චි කරන්න සමහරු දන්නේ නැතුව වගේ හැසිරෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 323 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 677 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 827 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 451 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 519 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 180 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site