IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ තොරතුරු සඟවනවා’

ආණ්ඩුව පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තොරතුරු සඟවමින් සිටින බවත් කිසිවකුත් වගකීම් සහගත ලෙස ක්‍රියා නොකරන බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රෝමයේ දී පවසා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ හමුවීමට පෙර එරට මාධ්‍යවේදීන් අමතමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඒ බව පවසා ඇත. 

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වනු ඇතැයි ලැබුණු බුද්ධි තොරතුරු වාර්තා නොසළකා හැරියේ ඇයිද යන්න සම්බන්ධයෙන් සෙවීමට කිසිදු උනන්දුවක් කිසිවකුටත් නැතැයි ද කාදිනල් හිමිපාණන් පවසා ඇත. 

“ආණ්ඩුව කිසිදු වගකීමක් ගන්නේ නැහැ. එය බරපතළ තත්ත්වයක්. දැන් විවිධ කමිටු කොමිසම් පත් කරලා. එකිනෙකාට චෝදනා එල්ල කරගන්නවා. කවුද වගකියන්න ඕනේ කියලා ඔබ දන්නවා” කාදිනල් හිමිපාණෝ කීහ.
 
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වන බවට ඉන්දීය බුද්ධි අංශ මුලින්ම දැනුම් දුන්නේ අප්‍රේල් 4 වැනිදා . ඉන්පසුව අවස්ථා කිහිපයකදීත් ප්‍රහාර එල්ල වූ දිනයේ උදෑසන 6.45 ටත් දුරකතන ඇමතුමක් දෙමින් එම තොරතුරු ලබා දී ඇති බවත් කාදිනල් හිමිපාණන් පවසා ඇත.

“කවුරුවත් ඒ ගැන හිතුවේ නැහැ. සැළකිල්ලට ගත්තේ නැහැ. මේ ව්‍යවසනය වළක්වා ගන්න තිබ්බා. මට මේ තොරතුරු කලින් ලැබුණා නම් මම පල්ලි වහල දාලා මිනිස්සුන්ට ගෙදර යන්න කියනවා” යැයි කාදිනල් හිමිපාණෝ පැවැසූහ.
 
“හැමෝම අනෙක් අයට බනිනවා. තොරතුරු සඟවන්න උත්සහායක් තියෙනවා. ජනාධිපතිවරයාගේ වරදකාරී බවත් ප්‍රශ්නකාරීයි. ඒ නිසා ඔවුන් මෙය සඟවන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ උනන්දුවක් නැති බව පෙනේනේ. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන අනෙකුත් ආයතනවලටත් මේ ගැන හොයන්න උනන්දුවක් නෑ වගේ” යැයි කාදිනල් හිමිපාණෝ කීහ.

මේ අතර කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට බෝම්බ ප්‍රහාරවලට පෙර සහ පසු සිදුවීම් දැක්වෙන වීඩියෝ පටයක් ද එහිදි පෙන්වා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. 
 
055
 



අදහස් (27)

‘ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ තොරතුරු සඟවනවා’

රවින් Friday, 21 June 2019 10:29 AM

අති උතුම් කාදිනල්තුමනි..! , ලංකාවේ වැඩිදෙනා දන්නා කරුණක් තමා " ගලේ පාහරපු බළලා ගැන කතාව". ඔබ වහන්සේට බාර කරනවා බළලා කවුදැයි හඳුනාගැනීම... මෙරට දියුණු වෙන්න නම් දේශපාලකයන් ටික තුරන් විය යුතුමයි...

:       1       884

Raveendra Friday, 21 June 2019 11:10 AM

අති උතුම් කාදිනල්තුමනි !!!!! ඔබ වහන්සේගේ නිරීක්ෂණය ඉතාමත්ම නිවැරදිය. මෙම හිවලුන් 225 කෙසේ හෝ බලන්නේ දියවන්නා ඔය කැලේ කෙසේ හෝ ඉදිරි ජිවිත කාලයටත් ලැග තම ජිවිත කිසිදු කරදරයකින් තොරව ගත කිරීමටය. මෙම පව්කාරයන් 225 ම එම කැලයෙන් සදහටම පන්නා දැමිය යුතුයි. මෙම 225ට රටේ අහිංසක ජනතාවගේ ජිවිත ශතෙකට වැදගත් නැත. එවන් රැලක් තමා අප සියල්ලෝම අපගේ වියදමින් නඩත්තු කරන්නේ. ඒ ගැන අප අවංකව කනගාටු වන්නෙමු.

:       1       981

විජිත් Friday, 21 June 2019 04:35 PM

බොහොම හරි කතාවක් මල්ලි. මේ නරි රැල, සහ ඔවුන්ගේ දරුවන්, මුණුපුරන්, ගැහැණුන් සහ හොර අඹුවන් මේ රටින් චුත කළ දවසක මේ රට වාසනාවන්ත රටක් වේවි...!!!

:       0       352

Nimal Friday, 21 June 2019 11:53 AM

කාර්දිනල් තුමෝ, ඔබ දේශපාලනය කරන්න හදන්න එපා. මීට පෙර කතෝලික පූජකයෝ නොකරපු. ඔයා මහින්දගේ යාලුවෙක් වුණාට කතෝලික ආගම පාවාදෙන්න එපා. යක්ෂයා ඔයාව ස්වර්ගස්ත වෙන්න ඉස්සර අපායට ඇදගන යයි. අපිට පල්ලි යන්න හිතෙන්නෙත් නෑ කඩේයන හැටි දැක්කම...

:       2142       1215

RaveendraFriday, 21 June 2019 12:33 PM

නිමල් මයා වෙත, ඔබගේ අදහස්වලට ගරුකරන අතර අප අවංකවම ඒ පිළිබඳව කණගාටු වන්නෙමු.

:       707       211

HarryFriday, 21 June 2019 03:11 PM

ඇත්ත තිත්තයි නිමල්... ඔයාගේ පවුලේ කාටවත් අනතුරක් වුනේ නැති නිසා එජාපයට ඔයා කඩේ යන්න...

:       19       882

සමනතSaturday, 22 June 2019 02:43 AM

බෝම්බ ප්‍රහාරයෙන් මැරුණෙ ඔබේ අය නොවන නිසා ඔබට එසේ සිතේ නමුත් මැරුණෙ අපේ අය නිසා අපට ඇත්තේ වේදනාවකි. කාදිනල්තුමා කරන දේ නිවැරදියි.. ඔබට නොතේරුනාට නිමල්..

:       0       1

jayasekaraSaturday, 22 June 2019 05:02 AM

නිමල්... ඔය පල්ලි යන නොඑන එක අපිට අදාළ නැහැ... නමුත් අප බෞද්ධයන් හැටියට ..දැන් වත් කතෝලික සභාව ත්‍රස්තවාදය ගැන ...පාස්කු ප්‍රහාරය ගැන වගකිය යුත්තෝ ගැන දැඩි ප්‍රකාශ නිකුත්කරන එක ගැන සතුටුයි..,. " තමන්ගේ වරිගය නැසෙන්නම ඕන ඒ ගැන කනගාටුවෙන්න..".. පහුගිය 30 අවුරුදු යුද්ධයෙන් කී දාහක් සිංහල බෞද්ධ අය (බහුතරය) මියගියාද?..... මන්නාරමේ රදගුරු (දමිල) කොටින්ට ආවඩනකොට ඔය "කතෝලික සභාව" කොහෙද දන්නේ නැහැ හිටියේ... අඩුම ගානේ මන්නාරම රදගුරුට අවවාදයක්වත් දුන්නද? ...කොහොම හරි බෞද්ධයන් විදියට සැමටම මෛත්‍රී කරනවා... වර්තමාන රදගුරුතුමන්ට ප්‍රසාදය... නමුත් මේ කැක්කුම.... පාස්කු ප්‍රහාර සිද්ධියට තමන්ගේ වරිගය මියගිය වේදනාවට ඔබ්බෙන් ගිය විශ්වීය වේදනාවක් අප සිංහල කතෝලික සභාවටත් සිංහල කතෝලිකයන්ටත් තිබිය යුතුයි...

:       99       33

chandima Friday, 21 June 2019 12:15 PM

එ්ත් ඉතින් මේ හිවලුන් පන්නාදමා වෙනත් හිවලුන් පිරිසක් බලයට පත්කරනවා විනා අපට කළ හැක්කේ කුමක්ද? බාහිර කිසිවෙකුත් අප වෙනුවෙන් තවමත් ඉදිරිපත් වී නැහැනේ?

:       2       27

Madawa Friday, 21 June 2019 12:21 PM

මෙයා මහින්දට කඩේ යනවා හෝ ගාලා.., කාලයක් කිව්වා ඉස්කෝල අරින්න එපා ආරක්ෂාව නෑ කියලා. ආමි එකෙන් හිටියත් ආරක්ෂාව නෑ කිව්වා. තමන්ව දෙවියන් වහන්සේ ආරක්ෂා කරයි කියලා මේන් මේ මනුස්සයා එස්.ටී.එෆ් වට කරගෙන පල්ලි යනවා.. කොහෙන් කතා කරනවද කියල හිතාගන්න බෑ වෙලාවකට...

:       1293       228

I.O.Sirisena Friday, 21 June 2019 01:31 PM

රටේ මිනිස්සු ගොනාට අන්දවලා දේශපාලන වාසි ගන්න තරම් පහත් තත්වයකට වැටිලයි ඉන්නේ.. රාජපක්ෂලාගේ පාලන කාලයේ මෙහෙම නැටුවා නම් සුදු වෑන් එකකින් තමයි යන්න වෙන්නේ.

:       718       18

යාපාSaturday, 22 June 2019 05:14 AM

අයියෝ සිරිසේන. සුදු වෑන් වැනි බොරු භීතිකා මවා ජනතාව එක පාරක් රැවටුණා. නමුත් ඔබලා වැනි මොන පාහර වැඩේ කලත් පක්ෂයකට කඩේ යන පාහරයින් දැන් වඳවෙමින් පවතී. ඒ රටේ වාසනාවය. අයියෝ සිරිසේන ඕවා ඔබ වැනි අයටම කිව්වා නම් පුංචි වින්දනයක් ගත හැකිය.

:       7       123

බද්රානි Friday, 21 June 2019 01:55 PM

බල්ලෝ හිතන්නේ, මනුස්සයොත් බල්ලෝ හිතන හැටියට ක්‍රියා කරනවා ඇති කියලා වෙන්න ඇති... සමහර බල්ලන්ට බුරන්න හේතුවක් අවශ්‍යම නැහැ. කරුවලට විතරක් නෙමේ, හොඳට හඳ පායපු දවසටත් සද්දෙට බුරනවා. ටිකක් හෝ මෙල්ල කර ගන්න ඕනෑ නම් ඉතින් මස් කට්ටක්ම ඕනෑ. කොහොමත් ඉතින් කාදිනල්තුමාට නම්, බල්ලන්ට මස්කටු විසි කරන්න වෙලාවක් නැතිව ඇති. අනික ඉතින් බල්ලන්ට වගේ කාගෙවත් මස් කටු කන්න අවශ්‍යතාවයකුත් නැහැ. එතුමා ලංකාවේ කතෝලික සභාවේ නායකයා ලෙස විශිෂ්ඨ කාර්ය භාරයක් ඉටු කරමින් සිටිනවා. තේරුණාද මන්දා?

:       547       891

කැප් Friday, 21 June 2019 06:24 PM

මෙයාගෙ මේ වැඩේ රටපාවා දෙනවා වගේ දෙයක්නේ... ලෝකෙට අපේ රටේ කේලම් කියලා වාසි ගන්න හදන්නේ. රටේ අාණ්ඩුවක් තියෙනවා නම් අසාධාරණයක් වෙනවා නම් කාරනා දන්නවා නම් උසාවියේ නඩුවක් දාන්න. ජනපති, අගමැති, මහින්ද අාවම බදාගෙන පල්ලියට අරන්ගිහින් පූජාව කරා. දැන්බයිලා කියවනවා

:       572       211

chamindaSaturday, 22 June 2019 02:42 AM

එහෙම කියන්න එපා. මෙතුමා විතරයි ලෝකයට මේ රටේ ඇත්ත තත්වය කිවේ.

:       0       0

යාපාSaturday, 22 June 2019 04:58 AM

ආණ්ඩුවක් තිබුණට ආණ්ඩුවට කියලා වැඩක් තියනවද? ඇස් කන් වහගෙනද ජීවත්වෙන්නේ. නීතියක් තියනවද රටේ. රටේ නීතිය තියෙන්නෙ තමන්ට බලය නැතිවුනාම කෝටිගණන් බැදුම්කර සල්ලි වියදම් කරල නීතිය නමලා බලය ගන්න විතරයි. බල්ලෙක් උනත් ඕනවට වඩා උඩු බුරන්න එපා. තමුන්ගේ කවුරුවත් නැති උනේ නැතුව ඇති. මේ උතුම් මනුස්සයට ඒ වේදනාව. ඇත්ත කියනකොට එක පක්ෂෙකට කඩේ යන අමු හරක්ට රිදෙන එකට මේ උතුම් මනුස්සයාට කරන්න දෙයක් නැත. ඔබ වැනි අම්බරුවන් සිටිනාතාක්කල් මහා මංකොල්ලකාරයන්ට නම් හොදය

:       0       67

Don perera Friday, 21 June 2019 06:25 PM

භද්‍රානිට තේරෙන එක... මෙයාට තේරෙන්නේ නැහැ.

:       167       21

රොෂාන් Friday, 21 June 2019 06:42 PM

රවින් කියලා තියන " ගලේ පහරපු බළලා" ගැන නම් මේ මුළු රටම දන්නවා. එත්, බද්රානි ලියා තිබෙන බල්ලා නම් මෙහි අදහස් පලකොට තියන නිමල්ගේ ගෙදර ඇතිකරන බල්ලා හෝ මාධවගේ ගෙදර බල්ලා ගැන වෙන්න ඇති නේද?

:       2       528

siri Friday, 21 June 2019 08:43 PM

නිමල්, ඔයා ඇදේ අනිත් පැත්තෙන් නැගිට්ටද? නැතිනම් ඔලුව ගලකවත් වැදුනද?ඔයා කඩේ යන්න ඕනේ කෙනෙකුට. ඒත් මෙතුමා ඇත්ත කතා කරනකොට අමාරුයි නේද? ඇත්ත මොකද ඔයා කඩේ යන කට්ටිය තවමත් කරන්නේ බොරුවනේ. හැබැයි බොරුවට වැඩි ආයුෂ නැහැ.

:       0       32

neelamahayodaya Saturday, 22 June 2019 03:05 AM

ලංකාවේ අය ගොඩක් දේ දන්නවා... එ්කනේ කෙලවෙලා තියෙද්දීත් මෝඩයෝ වගේ හරිදේ කතාකරද්දීත් බූරුවෝ වගේ කතා කරන්නේ.. මෝඩයින් පත්කරපු අය මෝඩයින්ම තමයි... මේ අයව හදන්න බෑ... එ්කනේ පිට රටවල් වලට බැන බැන මුහුදෙන් යන්නේ..

:       0       0

යාපා Saturday, 22 June 2019 04:52 AM

රොශාන් අනිවාර්යයෙන්ම

:       0       18

Chandima Saturday, 22 June 2019 05:09 AM

අනේ මන්දා මම බෞද්ධ අයෙක්... එ්ත් මට නම් තේරුම් ගන්න පුළුවන් අතිඋතුම් කාදිනල් තුමාගේ සිත් වේදනාව. මේ අපරාධය කලින් දැනගෙනත් කිසිම දෙයක් නොකර ඊළඟට කරපු අය හොයන්නත් හරියට පියවර නොගෙන ඔහේ කමිටු දා ගෙන ඇද ඇද ඉන්න කොට විපතට පත් වුණු ජනතාවට වූ අසාධාරණය කොතරම්ද කියල හිතෙන්නේ නැද්ද? මේ කීප දෙනකු හදන්නේ උන්වහන්සේ දේශපාලන කතා කියනවා කියලා අපහාස කරන්න. එහෙම චෝදනා කරන එක හරිම අසාධාරණයි. ඇයි මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ ආණ්ඩුව තවමත් මේ අපරාධය ඇතුලේ ඉන්න මහා මාළුවෝ ටික කවුද කියල දන්නේ නැති විදියට ඔහේ පොඩි පොඩි උන් ටිකක් කූඩුවල දමාගෙන කාලේ මරණ විත්තිය. අන්තිමේදී මේ මහා අපරාධයටත් සිද්ධ වෙන්නේ අර මහා බැංකු කොල්ලය වගේ නිකම්ම නිකම් අමතක කරවීමක් වගේ කියලා පේන්නේ නැද්ද?

:       0       25

යාපා Saturday, 22 June 2019 05:42 AM

අැත්ත තිත්තයි.. එජාප වහලුන් කිහිපදෙනෙක් සිටිනා බවනම් පෙනේ. මිනිසාගේ බුද්ධිමත්භාවය සමග සීග්‍රයෙන් වඳවීයන මෙම කොට්ටාශය ගැන අවංකවම දුකයි. රටට මෙතරම් විනාශයක් කරලත් ඔවුන්ට කඩේ යාමට තරම් අමුම අමු වහලුන්‍ සිටියි. රටේ සිදුකළ විනාශය දැනෙන්නේ අවංකවම මනසින් උසස් අනුන්ගේ දුක තේරෙන මිනිසුන්ට හා වින්දිත පිරිසටයි. දේශපාලන වහලුන් යනු මොනතරම් කුහක, මෝඩ, මන්ද, මානසික පිරිසක්දැයි මෙම කිහිපදෙනා මනාව ඔප්පුකර ඇත. ඔබලාට අනුකම්පා කරනවා විනා කුමක් කරන්නද? මේ රටේ මහා සිවිල් යුද්ධයක් වලකපු මෙතරම් උතුම් මනුස්සයෙකුට තමන්ගේ ගොන්කමට කඩේ යන පක්ෂයක් බදාගෙන චෝදනා කිරීමට තරම් මොනතරම් නම මෝඩයිද?

:       0       72

Kishor Saturday, 22 June 2019 05:43 AM

මෙතුමා කෙලින්ම කව්ද වගකීම් ගන්න ඕනේ කියලා කියන්නේ නැහැ... වටේ කැරකෙන්නේ නැතුව වග කියන්න ඕනෑ අයගේ නම සඳහන් කරන්න.

:       1       23

de silva Saturday, 22 June 2019 09:04 AM

ප්‍රධාන පක්ෂ දෙකේ නායකයන් දෙතුන්දෙනා සුළු පක්ෂ නායකයන් ටික සහ පාර්ලිමේන්තුවේ ඉන්න 225 පිරිවරාගෙන රටේ සාරය උරාබොමින් රට විනාශ කරන එක ජයටම කරගෙන යනවා , මෙම දේශපාලකයන්ගේ පවුල් වල අයගේ සහ ඔවුන්ගේ වත්කම් දිහා බැලුවම මේක හොඳට පෙනෙනවා ,කාදිනල් තුමාගේ ප්‍රකාශය සහතික ඇත්ත . ලබන ජනාධිපතිවරණයේදී මෙම මහපක්ෂ වලට සම්බන්ධයක් නැති කොඩිතුවක්කු මහත්මය හෝ කාදිනල් තුමා හෝ වෙන උගත් අවංක බුද්ධිමත් ස්වාධින අපේක්ෂකයෙකුට ඡන්දෙ දෙන්න ඕනේ .

:       0       12

siri Sunday, 23 June 2019 08:39 AM

මෙතන කතා කරන අයගෙන් සමහරු උදේ නැගිටලා තියෙන්නේ ඇඳේ අනිත් පැත්තෙන්ද කොහෙද? එහෙමත් නැතිනම් ඔලුව කොහේ හරි ගහගෙනද කොහෙද? කාදිනල්තුමාගේ කතාව මම අතිශයින්ම ගරු කරනවා. ඒවගේ කෙලින් කතාකරන මෙතුමටත් ඒ වගේ අවලාද නගන්න තරම් කුහක වෙන්න එපා. තමුන්ට ඕනේ කඩේකට යන්න පුළුවන්... නමුත් ඒ හැම දෙයක්ම සීමාවක් තියාගන්න.

:       0       15

Bamunuarachchi Monday, 24 June 2019 02:06 PM

බද්රානි බල්ලොත් එක්ක ලගින්නේ නැතිව මිනිස්සු ඉන්න තැනකට ඇවිත් කතා කරන්න. නැතිනම් ඔබට නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්කයි. ඔබට වඩා හොඳට හිත හොඳ වර්ගයේ බල්ලෝ ඉන්නවා. උන් විසිකරන කටු කන්නේ නැත. ඒ බල්ලන්ට ආදරය කරන මිනිසුන්ට ඔබව වටින්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 46 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 79 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 83 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 263 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 587 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 128 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site