IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘අගමැතිට එරෙහි විශ්වාස භංගය ශක්තිමත්‘ -ඇමැති එස්.බී දිසානායක කියයි

(විනීතා එම් ගමගේ)

අග‍්‍රමාත්‍යවරයාට එරෙහිව ඉරිපත් වීමට නියමිත විශ්වාස භංග යෝජනාව ඉතා ශක්තිමක් එකක් බවත් එයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය මෙන් ම එක්සත් ජාතික පක්ෂයේත් බොහෝ දෙනෙක් සහයෝගය දක්වතියි විශ්වාස කරන බවත් සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ප‍්‍රකාශ පැවසීය.

මේ විශ්වාසභංග යෝජනාවෙන් පසුව ලොකු වෙනසක් වෙතැයි තම පක්ෂය විශ්වාස කරන බැවින් කැබිනට් සංශෝධනයක් පිළිබඳ තමන්ට  හදිසියක් නොමැති බවත් හෙතෙම සඳහන්  කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ වලපනේ ලියන්වල අලූතින් ඉදි කළ  සමෘද්ධි නිෂ්පාදන ආදර්ශ ගම්මානය විවෘත කිරීම සහ උපකරණ බෙදා දීමේ උත්සවයට සහභාගී වෙමිනි. එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය. 

‘‘ඒ වගේ ම පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආයතන 167ක් ශ‍්‍රීලනිප සහයෝගය නැතිව පිහිටුවන්න බැහැ. ඒ නිසා මේ වනවිට සාකච්ඡා කරමින් යන්නේ අපේ අයට ලාභ දායක, අපේ අයට ප‍්‍රයෝජනවත් වන විදියට තනතුරු බෙදා හදාගෙන පුළුවන් විදියට ප‍්‍රාදේශීය සභා පිහිටුවන්නට උදව් කරන්නට බලා පෙරොත්තු වෙනවා. 

අවුරුදු 20කට පස්සේ සමෘද්ධිය නැවතත් මගේ අතට පත්වෙලා තිබෙනවා. මේ වෙනකොට සමෘද්ධි ව්‍යාපාරය තුළ ප‍්‍රශ්න ගොඩක් ගොඩ ගැහිලා. මේ සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ නිකන් ම නිකන් නමක් විතරක් නොවෙයි. මෙය ලෝකයේ දිළිඳුකම පිටු දැකීමේ ව්‍යාපාර ගණනාවක් අධ්‍යයනය කරලා ඒවා ප‍්‍රායෝගිකව අත්දැකලා රටට අවශ්‍ය පරිදි සකස් කළ එකක්. ඒක බොහොම විද්‍යාත්මකව සකස් කරන ලද්දක්.

ඒ පිළිබඳ මූලික දැනුමක් නොමැති නිලධාරීන් අතට එය ගියාම ප‍්‍රශ්න ඇතිවීම ස්වභාවික යි.මම දන්නවා සමෘද්ධි නිලධාරීන්ට, කළමනාකරුවන්ට ප‍්‍රශ්න තියෙනවා. අපි ඒවා එකින් එක විසඳනවා.

සමහර තැන්වල මාස දෙක තුන ප‍්‍රතිලාභීන්ගේ සල්ලි හිරකරගෙන ඉඳලා ගෙවනවා. මේක මට දැනගන්න ලැබුණා. ඒ පිළිබඳ මම වහාම ක‍්‍රියාත්මක වුණා. නමුත් තවමත් එවැනි දේවල් සිදු වෙනවා නම් ඊට තදින් කටයුතු කරනවා. එහෙම ගැටළු තිබෙන තැන් තියෙනවා නම් වහාම මාව දැනුවත් කරන්න. සල්ලි ප‍්‍රමාද විතරක් නොවෙයි මිනිස්සුන්ට හදිසියක දී විශේෂයෙන් ම මළගෙදරක දී, අසනීපයක දී අවශ්‍ය අවස්ථාවේ ම සල්ලි ලබා දිය යුතු යි. මේ සල්ලි රජයේ සල්ලි නොවෙයි. ඒවා ජනතාවගේ ම සල්ලි. 



අදහස් (15)

‘අගමැතිට එරෙහි විශ්වාස භංගය ශක්තිමත්‘ -ඇමැති එස්.බී දිසානායක කියයි

sam Sunday, 18 March 2018 07:20 AM

ඔබතුමා මහජනතාව ප්‍රතික්ෂේප කල පරාජිත අපේක්ෂකයෙක් පමණයි . පිනට මන්ත්‍රීකමකුත්, කටවාචාලකමට ඇමති කමකුත් ලැබුණාට ඔබ මහජනතාව නියෝජනය කරන දේශපාලකයෙකු නොවේ . එහෙම ඉඳගෙනත් මේ කරන කතා වලට හිනා විය යුත්තේ කොහෙන්ද කියලා හිතාගන්න බෑ...................

:       521       1009

kumar (galf) Sunday, 18 March 2018 07:40 AM

මේ කටින් බතල කොළ හිටවන නිෂ්ඵල මිනිහෙක්.

:       54       135

Aluthgama A. Samathasena. Sunday, 18 March 2018 08:40 AM

ඔබතුමාලා වගේ වාසියට පැති මාරුකරන උදවිය ගැන රටේ ජනතාව කෙසේ විස්වාසය තියන්නද ? රනිල් මහත්තය පොදු අපේක්ෂකයා ලෙස සිරිසේන මහතාව ගෙනාපු නිසා ඔබතුමාත් යහතින් වැජබෙනවා.ඒත් ඔබලාත් ඔබලාගේ නායකයාත් කළගුණ සලකන්නේ මෙහෙමද ?රනිල් මහතාගේ ඉවත්වීම පක්ෂයේ අය‍ට විසඳා ගන්න ඉඩ හැරලා හොරු අල්ලලා රටේ මුදල් ටික නැවත ලබාදීම නේද කළයුතු වන්නේ.කරුණාකරලා සියලු හොරු ඇල්ලීමට ඔබතුමාගේ නායකයා සමග සහයෝගය දෙන්න.ඒ පැති මේ පැති එකතුවෙලා උප්පරවැට්ටි යොදලා ඔයාලගේ පැවැත්ම සදහායි මේ සැරසෙන්නේ.එතකොට අල්ලන්න ඉන්න හොරු නේද අයෙමත් රජ වෙන්නේ.එතකොට ඉතිරි හොරු අල්ලන්නේ කොහොමද ?

:       429       714

Ràthna. Sunday, 18 March 2018 09:35 AM

ඔබතුමා හරි

:       167       170

sirimal Sunday, 18 March 2018 10:37 AM

මේවගේ හිතා මතාම "අනෙත් පැත්තට හෝයියා" ජාතියේ කිසි පදනමක් නැති පුස් වෙඩි පත්තුකරන දෙපිට කාට්ටු පින් ඇමතිවරු නිසා තමා මේ ආණ්ඩුව " පතෝල බණ්ඩක්කා" තත්වයට පත්වෙලා තියෙන්නේ.

:       139       325

සතයපාල Sunday, 18 March 2018 11:56 AM

රනිල්ව අගමැතිකමෙන් යැව්වා කියමුකෝ... ඊළඟට කවුද අගමැති කරන්නේ? නිමල් සිරිපාලද, එස්.බී. ද? එහෙම නැත්නම් කරුද? සජිත්ද ඊළඟ බල පොරය එන්නේ අගමැතිකමට... එතකොට රට තවත් අරාජික වේවි. රටේ ආර්ථිකය තව දුරටත් කඩා වැටේවි. රුපියල තවත් අවප්‍රමාණ වේවි. මෛත්‍රීට තමන්ගේ ප්‍රතිපත්තියක් නැතිකම හා රනිල්ගේ ප්‍රතිපත්ති මේ රටේ හා ජනතාවගේ අවශ්‍යතා හඳුනා නොගැනීමේ අර්බුදය තුළ රාජපක්ෂලා බොරදියේ මාළු බෑමේ දේශපාලනයේ නිරත වෙමින් ඇත.

:       150       509

de silva Sunday, 18 March 2018 12:50 PM

කොහොම හරි රනිල්ව එළෙව්වා කියමුකෝ... එතකොට ආණ්ඩුව විසුරුවන්න වෙනවා. ඊටපස්සේ ගියපාර ජනතාව ප්‍රතික්ෂේප කරපු ඔබට පින් ඇමතිකමක් දුන්නා වගේ මේ පාරත් එහෙම එකක් දෙන නායකයෙක් පස්සේ යන්න ඔබට සිදුවේවි... නැත්නම් මින් ඉදිරියට ජනතාවගේ ඡන්දෙ නම් පාර්ලිමේන්තුවට තබා පළාත් සභාවකටවත් තේරී පත්වෙන්න ඔබට බැහැ.

:       0       221

de silva berlin Sunday, 18 March 2018 12:57 PM

මේකට ගුවන් සමාගම් පාලනය ගැන හොඳ දැනුමක් සහ පළපුරුද්දක් ඇති කළමනාකරුවෙක් සොයාගත යුතුය. එමිරේට් සමාගමත් පාලනය කරන්නේ යුරෝපා ජාතික කළමණාකරුවෙකු විසිනි .

:       23       1

chandulee lehansha Sunday, 18 March 2018 01:25 PM

එස්.බී. ගේ සුරංගනා කතා... එදා නම් මිනිස්සු රස වින්දා.

:       0       65

SKA Sunday, 18 March 2018 01:30 PM

මේකෙන්ම පේනවා රනිල් මහතාට තිබෙන බය... විශ්වාස භංග වෙලා ෆොන්සේකා ලොක්කට මාස 6 කට පොලිස් ඇමතිකම දෙන්න කියන එකට බයයි. මොකද මේ අයගේත් හොර අහුවෙන නිසා රනිල්ව යවන්න හිතන තරම් ලේසි නැහැ. ඉක්මණින් රජ වෙන්න හදපු අපේ රටේ නායකයෝ ඔක්කොම මැරුණා.

:       0       133

Sanath Sunday, 18 March 2018 01:55 PM

එස්.බී. කියන්නේත් තවත් දෙයක් කියලා තමයි. එයා දැනගත්තේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අන්ත අසරණ වුන වෙලාවේ. එයා හිතාගෙන හිටියේ ඡන්ද මැෂිමක් කියලා.. නමුත් දැන් දන්නවා උඩින් පිහිටක් නැත්නම් කන්දක් විලිරුදාව දැරුවත් දමන්නේ මී බෙට්ටක් කියලා...

:       0       935

sena Sunday, 18 March 2018 02:56 PM

අනේ, වැරදි දහසක් තිබුණත් රනිල් එළවනවට මම නම් කැමති නැහැ. මොකද එතැනට එන්න ඉන්න කෙනා, ඉන්න කෙනාට වැඩිය හොඳටම කලුයි. ආයෙත් ඉඟුරු දීලා මිරිස් ගන්න බැහැ.. ඉඟුරුම හොඳයි.

:       0       100

සමන්ත Sunday, 18 March 2018 04:03 PM

මේ තමයි ගුණමකු මිනිසුන්ගේ ස්වාභාවය. රනිල් නිසා අද මේ දෙන්නම ලොකු තැන්වල ඉන්නවා. මෙයාලට ඡන්දෙ දුන්නේ යූ.එන්.පී. කාරයෝ. එ්ත් අද කඩේ යන්නේ හොරුන්ටයි. පරාජිතයෙක්... මිනිස්සු ප්‍රතික්ෂේප කරපු මිනිහෙක්. ඒ ඇයි කිව්වොත් එයාටත් චෝදනා තියෙනවා බරපතලවම. එ්ත් ඒවා වහගෙන ආයෙත් හොරු බලයට ගේන්න හදන්නේ රටට ආදරේට නෙමෙයි කියලා මිනිස්සු තේරුම් ගන්න ඕනේ..

:       0       222

Chandra Sunday, 18 March 2018 04:22 PM

මෙතුමාත් අර රට ණය කරපු කට්ටියේ සාමාජිකයෙක්නේ. මදැයි එකතු වෙලා රට හදන්න හැදුවා. රටක් අවශ්‍ය නැහැ. බඩයි අවශ්‍යය. මෙහෙමත් දේශපාලකයෝ ඉන්න රට ශ්‍රී ලංකාවයි.

:       0       379

saliya Monday, 19 March 2018 03:52 AM

ඊළඟට එන දෝෂාබියෝගයට ලැහැස්ති වෙන්න .

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 216 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 482 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 578 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 359 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 441 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 163 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site