( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
විවාහ මංගල්‍ය කඩාකප්පල් කරන බව පවසා තරුණයෙකුට දුරකතනයෙන් මරණ තර්ජනය කර රුපියල් ලක්ෂ දහයක කප්පම් මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා ගැනීමට පැමිණි ගස් කපන්නෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු බණ්ඩාරගමදි අද (15) අත්අඩංගුවට ගෙන තිබේ.
කප්පම්කරුවන් පැමිණි ත්‍රිරෝද රථයද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකරු හා සැකකරුවන් කාලයක් ඉතා කුළුපඟ මිතුන් ලෙසින් ඇසුරුකර ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම සිදුවීම කිසිවකුටත් පවසා තිබුණොත් ඔහු මරා දමන ලෙස පැවසූ බවත් එම තරුණයා කළ පැමිණිල්ලේ සඳහන්ය.
බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත එම තරුණායා සහ ඔහුගේ ඥාතීන් කටයුතු කර මුදල් රැගෙන ගොස් ඔවුන් මුදල් ලබාගැනීමට පැමිණි මොහොතේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හොඳම මිතුරා කප්පම්කාරයෙක් වෙයි
Amila Thursday, 15 August 2019 09:09 AM
මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා.. කියලා සුනිල් එදිරිසිංහ මහත්මයා කිව්වේ කට කහනවට නෙමේනේ...