IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාට එරෙහි පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත්.එන්.සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය හේවා වඩුගේ  සිරිල් සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරු ලෙස හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වා මහතා සහ නීතිපති නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටියේ ඉකුත් තුන් වැනි දා ජාතික එකමුතුව මගින් මරදාන ප්‍රදේශයේ පැවැත්වූ රැස්වීමකදී අදහස් පළ කළ හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.

එමෙන්ම ඉකුත් ඔක්තෝබර් මස 18 වැනි දා ද ඔහු මේ ආකාරයේ අපහාසාත්මක ප්‍රකාශයක් ඔහු විසින් සිදු කර ඇති බවද පෙත්සම්වලට සඳහන් වෙයි.

එම ප්‍රකාශ තුළින්  අධිකරණය හමුවේ පවතින කරුණක් පිළිබඳව හිටපු අගවිනිසුරුවරයා අදහස් පළකර ඇතැයි සඳහන් කළ පෙත්සම්කරුවන් එම ප්‍රකාශය තුළින් අගවිනිසුරුවරයා අපහාසයක් සිදු කර ඇති බවද චෝදනා කළේය.

හිටපු අගවිනිසුරුවරයාගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන මෙන්ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

 



අදහස් (7)

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාට එරෙහි පෙත්සමක්

Rata Perata Friday, 14 December 2018 12:30 PM

යාළුකම නිසා 'හෙල්පින් හම්බන්තොට' නඩුවෙන් මහින්ද බේරුවා කියන එකටත් නඩු දාන්න ඕනෑ. අගවිනිසුරු කෙනෙක් කොහොමද යාලුකමට තීරණ දෙන්නේ?

:       1       519

nishantha Friday, 14 December 2018 01:08 PM

තමන් දුන්නු නඩුවක් කාලෙකට පස්සේ වැරදි තීරණයක් කියලා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලපු කෙනානේ මේ. දැන් ඉන්න නීතිපතිත් නීතිය නොදන්නවා බව අපි දැක්කේ ව්‍යවස්ථා විරෝධී බවට තීන්දුව දුන් නඩුවේ පළමු හා දෙවන නඩු දිනයේදීමයි..

:       0       380

nihal Friday, 14 December 2018 08:54 PM

දියණියගේ මරණය සම්බන්ධයෙන් මහින්දව බේරුවෙත් මෙයා තමයි... පිල් මාරු කරලා පනින එක සාධාරණීය කළෙත් මෙයා තමයි..

:       0       0

rocky Friday, 14 December 2018 11:13 PM

මොහු අග විනිසුරු වශයෙන් හිටපු කාලේ අධිකරණය බොහොම බාල්දුවට පත් කළා... "ගෙදර යන ගමන්" කරපුව මතක ඇතිනේ?

:       0       0

රවින් Saturday, 15 December 2018 02:50 AM

ඔය කියන තීන්දු තීරණ ගත්තේ පාර්ලිමේන්තුව පිටිපස්සේ නිල රථය තුළදී පමණක්ම බවත් ප්‍රකාශ නිකුත් කලේ විවිධ ස්ථාන වලදී බවත් පැහැදිලියි.

:       0       8

aruana Saturday, 15 December 2018 04:13 AM

ඉතාම හොඳ වැඩක්... ලංකාවේ අධිකරණ හා නීති අපහරණය කොට දූෂණයට ලක් කල පුද්ගලයෙක්... මොහුගේ පැවති තනතුරු හා දැනුම ඔහුගේ පටු පරමාර්ථ වෙනුවෙන් ඉතා පහත් ලෙස භාවිතා කරයි.

:       108       27

lion Saturday, 15 December 2018 05:08 AM

කළ යුතුම කරුණක්... ඔබලාට අපේ ප්‍රණාමය !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 211 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 527 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 375 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 449 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 1020 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1812 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site