IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


හඳුන්නෙත්ති විශේෂ අධිකරණයක් ඉල්ලයි


(විනීතා එම් ගමගේ)

බැඳුම්කර වංචාවේ චූදිතයින්ට එරෙහිව නඩු පැවරීම නීතිපතිවරයා විසින් සිදුකරනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැකි යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (19) ජවිපෙ පැවති මාධ්‍ය හමුවක දී  ප‍්‍රකාශ කළේය. 

තමන් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස මීට අවුරුද්දයි මාස තුනකට පෙර එනම් 2016 ඔක්තෝබර් 31 දා බැඳුම්කර පරික්ෂණ වාර්තාව යවමින් නඩු පැවරීම  පිළිබඳ උපදෙස් පැතූ නමුත් මේ වනතුරුත් ඒ පිළිබඳ කිසිවක් සිදු නොවූ බව ද හෙතෙම සඳහන් කළේය. 

ඒ නිසා විශේෂ අධිකරණයක් ඔස්සේ බැඳුම්කර ගනුදෙනුව හා බරපතල දුෂණ වංචා පිළිබඳ කොමිසමෙන් හෙළිවූ වංචා පිළිබඳ නඩු විභාග කළ යුතු යැයි රජයට යෝජනා කරන බව ද හඳුන්නෙත්ති මහතා කීය.

නඩු ඇසීම අවීචි මහනරකාදියට භාර නොදී තමන් සතු බලතල යටතේ සිදුකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් පාරිලමේන්තුව රැස්වී ගතයුතු කි‍්‍රයාමාර්ග සාකච්ඡා කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා පැවැසීය. 



අදහස් (19)

හඳුන්නෙත්ති විශේෂ අධිකරණයක් ඉල්ලයි

Nimal Friday, 19 January 2018 11:30 AM

ඉතා හොඳ අදහසක්. පසුගිය රජයේ දූෂණද ඉක්මණින් අවසන් කිරීමට විශේෂ අධිකරණ මගින් සිදුකල යුතුවේ.

:       267       669

Rohana Friday, 19 January 2018 11:36 AM

මේ ගැන ජවිපෙ විශේෂ අවධානයකින් පසුවෙන්න. මේ හොරු තක්කඩි බොරුවමයි කරන්නේ... ජවිපෙට ජය වේවා.!!!

:       161       478

Dr. Vajira FernandoSaturday, 20 January 2018 10:14 AM

අපේ රටේ මිනිස්සු හොරු දෙසීයක් විතර පාර්ලිමේන්තුවට යවලා ජේ.වී.පී. මන්ත්‍රීවරු 6 දෙනෙක් විතරක් පත්කර ගෙන දැන් ඒ 6 දෙනාට කියනවා අවධානයෙන් ඉන්නලු. හොරු අල්ලන්නලු. මේ කතා වලට හිනා වෙන්නද​? අඩන්නද​? කියලා තේරෙන්නේ නෑ

:       0       3

siri Friday, 19 January 2018 11:37 AM

එකක්මද පෙනෙන්නේ? ඇයි මහත්තයෝ අර දෙවෙනි කොමිසමේ චූදිතයින්ට එරෙහිව නඩු පැවරීමට විශේෂ අධිකරණ එපාද?

:       155       238

Ajith NissakaFriday, 19 January 2018 03:44 PM

අනේ ඔයා මොනවද මේ කියන්නේ! ඔය කොයි හොරත් අල්ලන්න තමා විශේෂ අධිකරණයක් ඉල්ලන්නේ ! අපේ හොරා අපිට හොඳයි කියන ප්‍රතිපත්ති වල කරපින්නාගෙන ඉන්නේ නැතුව මේවගේ දේවලට පොදුවේ සහයෝගය දෙන්න! බැට කන්නේ ඔයාලා, අපි විතරයි ! අඩුම ගානේ කොමිසමක් දාලා හොරු අඳුන ගත්ත එක ගැනවත් සතුටු වෙන්න පුළුවන්... සුදු වෑන් එවන්නේ නැතුව!

:       314       670

tarzan Friday, 19 January 2018 11:37 AM

දෙමල මිනිස්සුන්ට එතකොට ලංකාවේ අධිකරණය පිළිගන්න පුලුවන්ද?

:       41       122

BamunuarachchiSaturday, 20 January 2018 11:36 AM

විශ්වවිද්‍යාලයෙන් දෙන උපාධිය පිළිගන්නවානම් මොකද හිරදඬුවම බාරගන්න බැරි

:       0       0

upali Friday, 19 January 2018 11:50 AM

තමන් විධායක ජනාධිපති බව මතක් කර දීම පිළිබඳව අපගේ ගෞරවය..

:       0       158

සපුමල් බණ්ඩාර Friday, 19 January 2018 11:56 AM

හඳුන්නෙත්ති මන්ත්‍රීතුමනි, මේ මහා වංචාව හෙළිකර ගැනීමට ඔබ දැක්වූ දායකත්වය පිළිබඳව සියළුම ශ්‍රී ලාංකිකයින්ගේ උපහාරය ඔබට හිමි විය යුතුයි. වෙනත් පක්‍ෂයක කෙනෙක් කෝප් කමිටු සභාපති ධුරයේ සිටියා නම් අනිවාර්යයෙන්ම බැඳුම්කර හොරුන්ගේ මුදල්වලට විකිණෙනවා. සියළුම වරදකරුවන්ට දඬුවම් දෙනතුරු ඔබේ අරගලය අත් හරින්න එපා.

:       1       1117

MuhanSaturday, 20 January 2018 03:40 AM

දැන් මේක කීවහම කට්ටිය බන්නින්න පටන් ගනී . සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා කල කාර්ය පැසසිය යුතුයි . පැවිති හැම රජයකම වැරදි නොබියව විවේචනය කරන JVP එකේ මන්ත්‍රී කෙනෙකුට COPE එකේ සභාපති කම දීපු එකට අගමැති තුමාට ස්තූති කල යුතුයි. කලින් ආණ්ඩුවලින් වගේ තමන්ගේ කෙනෙකම් COPE සභාපති වුනානම් මේ සියල්ලම යට යනවා. කලින් මහින්දගේ කාලේ, විජේදාස රාජපක්ක්ෂ , ඩිවූ ගුණසේකර COPE සභාපති කාලේ මීටත් වැඩ ලොකු වනචා ගැන හෙළි වුණා නමුත් ඒ සභාපතිවරු ඒවා යට ගහල සද්ද නැතිව සිටියා.............

:       0       3

Nalin Friday, 19 January 2018 12:02 PM

ඉතා හොඳ යෝජනාවක්. අපිත් ජනපතිතුමාට කියන්නේ ඉතිරි අවුරුදු දෙකේ පක්ෂ භේදයෙන් තොරව හොරු සේරමට දඩුවම් දෙන්න කියලයි.

:       0       231

AjithFriday, 19 January 2018 09:14 PM

විදේශීය විනිසුරුවරුන් ගෙන්වන්න...

:       0       0

Ranjith Silva Friday, 19 January 2018 12:23 PM

අවීචියට කොහොමත් යන අය යනවා. ජනාධිපති නිකම් අපායේ යන්න වෙන්න නෙමේ ඡන්දෙ දුන්නේ. අධිකරණ ක්‍රියා මාර්ග ගන්න. නැත්නම් අපි නියම ක්‍රියා මාර්ග ගන්නවා. අධිකරණ කටයුතු දැන් නම් බොරුවක් වගේ. ඇමතිනිය බෝල පාස් කරනවා පමණකි. ජනපති යටතේ විශේෂ ක්‍රියා ඉක්මනින් ගන්න. ජනතාවගේ ඉවසීමත් පක්ෂයේ මෝඩයන්ගේ වගේ නෙමේ.

:       0       122

siri Friday, 19 January 2018 01:09 PM

දෙවෙනි කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නත් බල සහිත විශේෂ අධිකරණ පිහිටෙව්වොත් නරකද? මේකේ එක්සත් ජාතික පක්ෂයේ අය... එ්කේ සන්ධානයේ අයලු නේද? දොන් නං දොන් සිමන් නං සිමන් කියල හරියන එකක් නෑ....

:       0       48

wasanyha Friday, 19 January 2018 01:28 PM

අපි කියන්නෙත් පෙර වැරදි සහ දැන් වැරදි විශේෂ අධිකරණයක් මගින් ඉක්මණින් විසඳිය යුතුයි.

:       0       91

Raveendra Friday, 19 January 2018 04:15 PM

බොහොම හොඳ අදහසක්. අපට කණගාටු මහබැංකුව මහා දවල් එළිපිටම හොරා කෑමයි. ඒ මදිවට ලෝකේ ඉන්න මහා වැදගතා කියපු "සුත්තර පුංචා" එතකොට මේ තුන් ලෝකෙටම හිටපු හොඳම හොඳ මුදල් ඇමතියත් හොරකමේ ඉහලින්ම ඉන්නවා. අනේද කියන්නේ මේ අය දැන්නම් නියම උපන් ඇදුමෙන් තමයි ගමන් බිමන් යන්නේ...

:       0       0

Chandima Saturday, 20 January 2018 02:01 AM

බලාගෙනයි ඔය විශේෂ අධිකරණ කියන ඒවා අන්තිමට බල රහිත කරනවලු. එතකොට තීන්දුත් බල රහිත වෙනවලු. එතකොට ඔක්කොම හොරු නිදහස් වෙන්න ඉඩ තියෙනවා.

:       0       0

sena Saturday, 20 January 2018 04:42 AM

බලය අයුතුලෙස ප්‍රයෝජනයට අරගෙන හොරාකාපු, සියලුම හොරුන්ට දඬුවම් දීමට විශේෂ අධිකරණයක් අවශ්‍යයි.

:       0       36

Bamunuarachchi Saturday, 20 January 2018 11:49 AM

මොනදඬුවම දෙන්නත් උසාවියකින් හොරකම සැකයකින් තොරව ඔප්පුකල යුතුයිනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 30 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 54 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1109 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1958 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2190 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1103 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site