IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සුරියවැව අඩි 100 විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගයක්

(දිලීප් ජයසේකර)
 
සුරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගයේ නමඩගස්වැව දක්ෂිණ අධිවේගි මාර්ගයේ ප්‍රධාන ඉදිකිරීම් පිවිසුම හරස්කර මාරාන්තික උපවාසයේ හා විරෝධතාවයේ නිතර පිරිසට එම ස්ථානයෙන් ඉවත්වන්නැයි හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල කරුණාරත්න මහතා අද (20) නියෝග කැරණි.

ඉකුත් 18 වැනි දා සිට අඩි 100 මාර්ගයේ දෙපස පදිංචිකරුවන් විරෝධතාවයේ හා මාරාන්තික උපවාසය ආරම්භ කළේය. මේ හේතුව නිසා දක්ෂිණ අධිවේගි මාර්ගයේ නමඩගස්වැව ප්‍රදේශයේ ඉදිකිරීම් සම්පුර්ණයෙන්ම නතර කර දැමීමට අදාල කොන්ත්‍රාත්කරුවන්ටද සිදු තිබේ.



අදහස් (10)

සුරියවැව අඩි 100 විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගයක්

Ruwan Friday, 20 October 2017 09:42 AM

පව් මේ අහිංසකයෝ නරුම දේශපාලකයන්ගේ අතකොලු බවට පත්වෙලා. අන්තිමට ඔවුන් රජයෙන් අහන්නේ මොනවද කරලා තියෙන සංවර්ධන වැඩ කියලයි. මේවාට නිසිවෙලාවේදී පිළිතුරු දීමට රජයක් ලෙස පියවර ගත යුතුයි.

:       550       1022

samanFriday, 20 October 2017 12:52 PM

මේ අධිවේගී මාර්ග සම්බන්ධ ගැටළු නම් ගොඩක් ඒවා නියමිත වන්දි මුදල් මේ අසරණ මිනිසුන්ට ගෙවලා නැතිකම... නැත්නම් මුලින් කල සැලසුම් මුල්‍ය ලාභ තකා හදිස්සියේ වෙනස් කිරීම නිසා පාරසරික ප්‍රශ්න මතුවෙලා. මෙම ඉඩම් මේ මිනිසුන්ට පාරම්පරිකව ලැබුණු නීතිමය හිමිකම් ඔවුන්ට තියන ඉඩම්. ඒවා රජයට පවර ගන්නකොට නිවැරදිව තක්සේරු කරලා සාධාරණ වන්දි මුදලක් නියමිත වෙලාවට දීලා අත්පත් කරගන්න ඕනේ. මේ මිනිස්සු සංවර්ධන වැඩ වලට විරුද්ධ නෑ. ඉල්ලන්නේ තමන්ගේ ඉඩම්වලට නියමිත වන්දිය. කුරුණෑගලත් තියෙන්නේ මේ ප්‍රශ්නෙමයි. ගැටලුව තියෙන්නේ මේ රජය මේ මුදල් මේ මිනිසුන්ට හරියාකාරව නොදීමයි.

:       120       74

Jayampathi Friday, 20 October 2017 10:04 AM

රටක් සංවර්ධනය කරනකොට උද්ඝෝෂණය කරන මිනිස්සු ඉන්න රටක්... පහුගිය රජය සමයේ මේ විදියට උද්ඝෝෂණ කරලා විරුද්ධ වුනා නම්. මා දන්නා තරමට ඉඩකඩම් අහිමිවූ පිරිසට රජයේ ඇස්තමේන්තු අනුව වන්දි ගෙවලා ඉවරයි.

:       95       75

RuwanFriday, 20 October 2017 10:25 AM

උද්ඝෝෂණවලදී වන්දි ගෙව්වා. මම හිතන්නේ ඒ වන්දි තාම ලැබිල නැතුව ඇති. වැලිකඩ සිරකරුවන්ගේ වන්දියත් තාම ලැබුනේ නැහැ කියලයි මට නම් මතක...

:       0       649

Athula kSaturday, 21 October 2017 07:10 AM

තමන්ගේ ගෙයයි, ඉඩමයි රජයට අරගෙන සරිලන්නේ නැති සොච්චමක් වන්දි ගෙවනකොට මේ මිනිස්සු මොකද කරන්නේ. තමන්ට මෙහෙම දෙයක් වුණොත්. මේ මිනිස්සු සැප කාර් ඉල්ලනවා නෙවෙයි.

:       0       0

de silva Friday, 20 October 2017 02:38 PM

අධිවේගී මාර්ගයේ මාතර සිට දික්වැල්ලට හෝ බෙලිඅත්තට සම්පුර්ණයෙන් හදලා ඉවරවෙලා අනිත් කොටස් හදන්නේ නැතුව වසර 2-3 සිට මාතර සිට හම්බන්තොට දක්වා සරුසාර කෙත්වතු විනාශ කරගෙන පස් පුරවාගෙන කරන වැඩේ මහා විනාශයකි. මට පෙනෙන විදිහට මේ අධිවේගී මාර්ගය හදලා ඉවර වෙලා ප්‍රයෝජනයට ගන්න තව වසර 10-15 වත් ගතවේවි!!! මේක කොනක් ඉඳන් කොටස වශයෙන් නිම කරගෙන අාවා නම් රජයට අාදායමක් ලැබෙන අතර, කෙත්වතු වලින් ඵල ප්‍රයෝජන ගන්නත් තිබුණා.

:       222       0

Kandepola Saturday, 21 October 2017 04:09 AM

ජනතාවගේ දුක් ගැනවිලි අහන්න හරි හමන් කෙනෙක් රටේ නැති වෙලාවක ඒ ගැන උද්ඝෝෂණය කරනවා ඇරෙන්න ඒ මිනිස්සුන්ට වෙන විකල්පයක් නෑ. ඒ අයිතියත් අධිකරණය මැදිහත්වෙලා නැති කරනවා නම් වෙන කාට කියන්නද? යුක්තියෙන් තොර නීතියෙන් රටකටවත් ජනතාවටවත් වැඩක් නෑ. රට කන පාලකයන් ඉන්න රටක උද්ඝෝෂණවලට වාරණ පැනවීම අධිකරණයේ යුතුකම නෙවෙයි. අධිකරණයේ කාර්ය භාරය ඊට වඩා වෙනස්....

:       0       0

සෙනෙවි Saturday, 21 October 2017 04:13 AM

ඊලඟට සටන් කරන්න වෙන්නේ මහජන විරෝධතාවයන් මැඬලන විනිසුරුන්ට එරෙහිවයි.

:       0       403

Kumari Saturday, 21 October 2017 06:51 AM

අඩි සීයේ පාර ගැන සින්දුව කොච්චර පරණද? තාම පාරෙන් අහිමි වුණු දේවල් වලට වන්දි දීලා නෑලු. ඔය හම්බන්තොට නේද?

:       0       0

de silva Saturday, 21 October 2017 03:58 PM

මේ අධිවේගී මාර්ගය වැනි සංවර්ධන ව්‍යාපෘතියකට විරුධව උද්ගෝෂණ කරන එක වැරදි , නමුත් මේක එක කොනක ඉඳන් ටිකෙන් ටික හදාගෙන අාවනම් ලැබෙන පල ප්‍රොයෝජන වැඩි බව මගේ අදහසය ,

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 69 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 377 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 297 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 234 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 597 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1205 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1714 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site