IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සුගතදාස ක්‍රීඩාංගණයේ සහකාර අධ්‍යක්ෂකවරයකුට නඩු පවරන්න යයි

(ජයන්ත සමරකෝන්)
 

කොළඹ සුගතදාස ක්‍රීඩාංගන පරිශ්‍රය තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන රැසක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහි සැකකාර අධ්‍යක්ෂවරයාට(පාලක) මෙම 13 වන දින මාලිඟාකන්ද දිසා අධිකරණයේ නඩු පවරන බව, කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසීය.
 
මෙම උවදුර හේතුවෙන් ඉකුත් 25-28 යන දිනයන්හි එහි නවාතැන් ගෙන සිටි සාග් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් 13දෙනෙකුට ඩෙංගු උණ රෝගය වැළඳී කත්මන්ඩු නුවර රෝහලක පසුවීම හේතුවෙන් මෙම ස්ථානය දැඩි පරීක්ෂාවකට ලක් කළ බවද, ප්‍රධාන වෛද්‍යවරයා කීය.
 
එහිදී ස්ථාන 10කදී අබලි ද්‍රව්‍ය ගොඩගසා තිබූ ස්ථාන රැසකින් ඩෙංගු මදුරු කීට හමුවූ බවද, අපිරිසිදු ලෙස එම ස්ථානය පවත්වාගෙන යාම පිළිබඳව පසුගිය ඔක්තෝබර් මාසයේ සිට කිහිපවතාවක්ම එහි පාලනාධිකාරිය දැනුවත් කර තිබූ බවද හෙතෙම සඳහන් කළේය.
 
මෙම සිද්ධිය දැනගත් වහාම අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ  කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ නිලධාරීන් කණ්ඩායමට ඊයේ(09) එම ස්ථානය පරීක්ෂා කර අබලි ද්‍රව්‍ය ඇතුළු අපිරිසිදු ස්ථාන පිරිසිදු කිරීමටත්, එහි අධ්‍යක්ෂකවරයාට අබලි ද්‍රව්‍ය ඉවත්කිරීමටත් නියෝග කර තිබේ.
 



අදහස් (9)

සුගතදාස ක්‍රීඩාංගණයේ සහකාර අධ්‍යක්ෂකවරයකුට නඩු පවරන්න යයි

Kamal Tuesday, 10 December 2019 06:51 AM

ක්‍රීඩකයෝ නේපාලයට ගිහිල්ල දවස් ගානක් නේද..? නේපාලයේදී ලෙඩ බෝවුනට මේ මනුස්සය මොනවා කරන්නද..?

:       106       0

PerakumTuesday, 10 December 2019 08:09 AM

කමල්, නොදන්නා දෙයක් ගැන කතා කරනවා වගෙයි. ඩෙංගු වෛරසය ශරීරයට ඇතුල් වී රෝග ලක්ෂණ පහල වීමට නියමිත කාලයක් ගත වනවා. මේ ගැන තව දුරටත් අධ්‍යයනය කර අවබෝධ කර ගන්න.

:       1       57

Prabha Tuesday, 10 December 2019 09:45 AM

පොඩ්ඩක් ඔලුව අතගාලා බලන්න මොනවහරි මතුවෙලාද කියලා.

:       1       43

මුණසිංහTuesday, 10 December 2019 03:02 PM

ඩෙංගු ගැන දැනුම අති විශිෂ්ටයි. දෙවියන්ගේම පිහිටයි.

:       0       0

eresh S kumara Tuesday, 10 December 2019 07:30 AM

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන රැසක් (පවත්වාගෙන යාම )තමයි වැරැද්ද.

:       0       54

Mahee Tuesday, 10 December 2019 07:49 AM

ලංකාවේ වැඩක් හරියට සිද්ධ නොවෙන්න හේතුව මොකක්ද? වැඩේ කරන්න නියමිත කිසිම කෙනෙකුට "වගකීමක් (Accountability) " පැවරිලා නැතිකමයි. ඕනෑම අතපසු වීමකදී, පැහැර හැරීමකදී, වැරදි දේ කිරීමේදී, මොකක් හෝ නිදහසට කරුණක් කියල මග හරින්න පුළුවන්. මේක රජයේ නිලධාරීන්ට විතරක් නෙමෙයි දේශපාලනයේත් උඩ සිට පහළට තියෙන දෙයක්. සමහර රටවල් කෝච්චියක් පෙරලුනහාම ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙන්නේ ඔය වගකීම පිලිබඳ සිද්ධාන්තය නිසයි. ඒකට අපේ ගොයියලා.

:       0       16

isurandi Tuesday, 10 December 2019 08:23 AM

අවිධිමත් ලෙස ඩෙංගු කීටයන් වර්ධනය වෙන ස්ථාන හා එය පවත්වා ගෙන යන පුද්ගලයන්ට එරෙහිව නඩු පවරනවා ඇරෙන්න රජය පැත්තෙන් මෙය මර්ධනය කිරීමට ගත්ත පියවරක් නැද්ද තවම ?

:       14       3

sampath Tuesday, 10 December 2019 09:33 AM

මුව හමට තඩිබෑම, සහකාර අධ්‍යක්ෂ මොනවා කරන්නද. ඊට ඉහලින් කී දෙනෙක් ඉන්නවද නඩු පවරන්න.

:       45       0

Perakum Tuesday, 10 December 2019 11:57 AM

සුගතදාස ක්‍රීඩාංගනය අවට වාසය කරන අයගේ සෞඛ්‍ය තත්වය සොයා බැලීම වටී.

:       0       21

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 88 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 112 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 103 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 295 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 661 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 132 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site